අයිශා සග ශෙවෝන් යාරාගෙ නිවසේ එදින රැය ගත කරන්න තීරනය කලේය…ශෙවෝන් ට ස්තෝප්පුවෙ කාමරයක්ති අයිශා ට යාරාගෙ කාමරයත් හිමි විය….
අයිශා යාරාගේ යහන මත නිදාගන්න විය.අයිශා ගේ දුරකතනයට නාදුනම අන්කයකින් කෙටි පනිවිඩයක් හිමි විය..
යෙහෙළිය ගිය මාවතේ නොයන්න …ඔබටත් නිසැකව මරනය හිමි වෙයි….යෙහෙළිය ට වඩා ඔබේ රුව මා වසග කර ඇත….මගේ මාර්ගයෙන් ඉවත් වීම..ඔබට යහපත උදා කරවයි..
මොකක් ද අපපා මේ මැසේජ් එක…අනික මම යාරා ගිය පාරක ගියේ නෑනේ..මගේ ඔලුවත් විකාරයි…අනේ යාරෝ මාව මොන අමාරුවකද මේ දැම්මේ….මට අගක් මුලක් තේරෙන් නෑ….
අයිශා එසේ සිතමින් නිදන්න විය…
.අයිශා …..මගේ මිතුරිය…
මාව ඇහෙනවද. දිවුල් වත්තක් මැද පාලු ලිදක හිදිමිමම මග බලා….අයිශා …ශෙවෝන් ගෙන් ඈත් වෙන්න…නැත්නම් ඔබටත් කුනුවී ගිය දිවුල් ගද සීතල ලින් පතුලක විදගන්න වේවි..
ශුවර් එකටම ශවෝම් ගේ මේ සියල්ලටම සම්බන්ධ යක් තියනවා….අනේ මන්දා….මට තේරෙන් නෑ….ඒත් ශෙවෝන් හරිම හොද කෙනෙක් එයා ලග ඉන්නකොට මට මහ අමුතු හැගීමක් තියන්වා…මම ආරක්ශිතයි දැනෙනවා…අනේ මන්දා..
පසිදා උදෑසන අයිශා වෙත…යාරාගෙ අම්මා දිවුල් පානයක් ගෙන දුනේ…
ආන්ටි මෙහෙ දිවුල් ගස් තියන්වද..
අපෙ වත්තේ නෑ ළමයෝ මේ එහා පැත්තේ නම් දිවුල් කොටුව කියලා දිව්ල් වත්තක් තියන්ව දිවුල් සාරෙට තියනවා…..
අයිශා උගුරට ගත් දිව්ල් පානයපිටි උගුරේ ගියේය
.
බලාගෙන දරුවෝ …හිර කරගන්න එපා…
ආනිටි ඒ දිවුල් කොටුව කාගෙද
ඒක ඉස්සරනම් අයිති ගමේ ඉදපු එඩ්වින් මුදලාලිට…පස්සේ ඒක පිට රට ඉන්න පවුලකට වික්කා මයෙ හිතේ…
අයිශා වහා ගිහින් සටහන් පොත රැගෙන අන්ක එක දෙක තුන යොදා මෙසේ සටහන් කලේය
අන්ක එක රට කාසි
අන්ක දෙක නිසැදස
අන්ක් තුන දිවුල් කොටුව
අන්ක හතර කෙටි පනිවිඩය
මේ හැම දේම එකට එක සම්බන්ධ යි..මම අදම ආකාශ් සර් ව හම්බෙලා මේ ගැන කතාකරන්න ඕනි…ඒත් මේ දේවල් ශෙවෝන් ට කියන්න නරකයි..තියන හෝඩුවාවල් එක්ක මට ශේවෝන් වත් සැකයි….ඒත් මට එකදෙයක්දැනගන්න ඕනි යාරාගේ අම්මගෙන්..
ආන්ටි එදා රෑ යාරා ආවෙ ….තෙමීලද ආවෙ එය ආවෙ කොහොමද මට දැනගන්න ඕන ආන්ටි..
එදා යාරා ආවෙ දහයට වගේ…නෑ එයා තෙමිල තිබුන් නෑ වගෙ මතකයි..එයා ආවෙ වැන් එකක ඒ සද්දෙත් මට හොදට ඇහුන …කාමරයට ගිහින් මොනවද ඇදුමක් ගත්ත .එයා ඔයා එක්ක ආව කියලයි කිව්වෙ…ඔයා වෑන් එකෙ කිව්වා නින්ද ගිහින් කිව්වා…
දෙයියනේ මම හිතුවවැරදි මම හිතුවෙ යාරා අනතුරු ට පත් උනාට පස්සෙයි යාරගෙ අම්ම බලන්න ආවෙ කියලා ඒත් නැහැ…යාර හොදට ඉන්නකොටයි මෙහෙ ඇවිත් තියෙන්නෙ ඒත් වෑන් එකකින් ඇවිත් කාමරෙන් යාරා මොන ඇදුමද ගත්තේ….
ආන්ටි යාරා මෙහෙ ඇදන් ආවෙ මොකක්ද..
යාරා ඇදන් ආවෙ නිල් පාට දිග ගව්මක් අයිශා ඒක හරි හැඩයි මගෙ කෙලීට..
ඒත් තමා වෙත එන යාරා හැද ඉන්නෙ කහ පැහැ තෙත බරිත ගව්මක් ඒ කියන්නේ…යාරා කාමරෙන් ගන්න ඇති ඇදුම කහ ගව්ම…ඒත් රෑ ඇයි යාර ඇදුම් මාරු කරේ….ඒත් මම ටික ටික ගොඩක් දේවල් විසදගතතා….
ඉතිරි ටික මට විසදගන්න ආකාශ් සර් ගේ උදව් ඕන වෙයි…
අයිශා කොහෙද යන්නේ…කොහෙදෝ සිට පැමිනිශෙවෝන් ඇසුවේ ය..
මම බෝඩිමට යනවා..මෙහෙ ඉදල තේරුමක් නෑ…
ඔව් ඒක හරි…මීශාත් පිස්සු නටනවලු එහෙ …
ඇයි මීශා පිස්සු නටන්නෙ
එයාට පිස්සු අයිශා …එයා මන් ගැන බලාපොරොතුවෙන් ඉන්නෙ…ඒත් මට එයා ගැන තියෙන්නෙ සහෝදරියක්ගෙ හැගීමක් විතරයි .
අනේ මන්දා ශෙවෝන් …මීශා ගේ වරදක් මටනම් පේන නෑ..
ඒත් අයිශා …මම ආදරෙ කරන කෙනෙක් ඉන්නවා .මම ඉස්සර ඉදන් ආදරෙ කරන්නෙ එයාට..
කව්ද ඒ …
එකා පාරටම ආ හුලගකින් ජනෙල් පියන් වැසී ගියේය…කොහෙදෝ තිබුනු වැස්සක් ඇද හැලේන්නට විය.
මම ඔයාට ලගදිම ඒ දේ කියනම් අයිශා….
මම දැන් යන්න ඕන ශෙවෝන් තනියම යන්න ඕන මේ ගමන…මම ඔයාව පස්සෙ හමුවෙන්නම්..
අයිශා යාරාගෙ නිවසින් පිට උනේ ස්පෙක්ටර් ආකාශ් ව මුන ගැසීමටයි…
මාත් එනද අයිශා …
නෑ ශෙවොන් මීශාට මම එදා කිව්වා…ඔයාව මේ ප්රශ්නෙන් ඈත් කරන්නම් කියලා…ඔයා දැන් මීශා හමුවෙන්න යන්න….
අයිශා ශෙවෝන් ට කිව්වෙ සිතකින් නම් නෙවේ