ආකාශ් හමුවෙ තමා දත් සියලුම තොරතුරු අයිශා කියා සිටියේය..
අයිශා …ඔයා ඔය කියන දිවුල් කොටුව අපිට එහෙම චෙක් කරන්න බෑ සාක්ශි නැතිව…
ඉතින් යාරා කිව්වනේ…..
අනේ අයිශා …ඔයා හදන්නේ මාවත් විහිලුවට ගන්ම…අපිහොයන්නෙ යාරාව.නැති උනු යාරා ඔයාව හොයන් ඇවිත් කිව්ව කියල කව්ද විශ්වාස කරන්නේ….හැබැයි මම ඒ ඉඩමෙ අයිති කාරයා හැන විස්තර හොටන්නම්….
අයිශා ඔයා ඕනට වඩා හිතනව වැඩි දරුවෝ….
ආකාශ් සර් මම හිතනැතිව කොහොමද…මම නිදාගන ගියත් යාරා ගෙ ඉකිබිදුම් හඩ ඇහෙනව මොන දේ කරත් තෙතබරිතව ඉන්න යාරාව පේනව…හීනෙන් යාරා මට එක එක ඒව කියනව…
අයිශා ඔයාගෙ සිතට එන මායාවල් ඔය….ඕව ගනන් ගන්න එපා….මම ශෙවෝන් ගැනත් විස්තර ගොඩක් හොයා ගත්තා…
මට ත් දැනගන්න පුලුවන් ව ආකාශ් ශෙවෝන් ගැන….
ඔව් සාමන්යෙන් පොලොසිය ලද තොරතුරු කාටවත් කියන අපි බැදිලා නෑ…ඒත් අයිශා යාරා වෙනුවෙන් කරන කැප කිරීම නිසා මට අයිශා ට බෑ කියන්නත් බෑ
ශෙවෝන් කියන්නේ…සුප්‍රසිද්ධ සිනමා නලු ආතර් ගේ එකම පුතා…
මොකක් ශෙවෝන් කියන්මේ ආතර් සර් ගෙ පුතාද
ඔව් එකම පුතා ශෙවෝන්ගෙ අම්මා තම ඇමතිතුමියක් වන කැතරිනා ෆර්නාන්ඩො…
ශෙවෝන් කියන්න බැරිතරම් සල්ලි තියනවා..එයාගෙ නමින් ව්‍යාපාර ගොන්නක් තිබ්බත් ශෙවෝන් ආස නිදහස් ජීවිතයකට …ශෙවෝන් ට ගෑනු ළමයින්ගේ ආකර්ශනය තිබ්බත් ශෙවෝන් ට ආදර කතාවක් තිබිලා නෑ….ඒත් ශෙවෝම් නිතරම ඔයාලගෙ බෝඩින් හවුස් එක වටේ කැරකිලා තියනවා…යාරා ගිය හැම තැනකම වගේ ශෙවෝන්ත් ගිහින් තියනවා…මට හිතෙන්නෙ ශෙවෝන් ත් යාරට ආදරෙ කරා කියලා…
එහෙමද ….අයිශා ගෙ පරවී ගිය මුව කමල දුටු ආකාශ් ට බොහෝ දේ සිතාගත හැකි විය..
මන් යාලුවෙක් විදියට කියනම් අයිශාදෙයක්…මතුපිටින් බලලා කිසි දෙයක් ගැන තීරන ගන්න එපා…ශෙවෝන් යාරාට ආදරේ නිසා යාරා වටේ කැරකුනාද…නැත්නම් යාරාගෙ ලග තිබුනු ලග හිටපු කෙනෙක් ට ආදරෙ නිසා එයා එහෙම හැසිරුනාද දන් නෑනේ
පරවී ගිය මුව ලස්සනට පිපී ආවේය…මේ ගෑනු හිතට ශෙවෝන් ගැන දැනන අපූරු හැගීමට අයිශා ආස කරාය..නිතරම ශෙවොන් අසල ගැවසීමට…මේ හිත මෙච්චර ට ආසා වෙන්නෙ ඇයි…..ඒත් යාරාගේ අතුරුදහන් වීමට ශෙවෝන් සම්බන්ධ නම් මගෙන් කිසිදු සමාවක් නැත ඇය සිතුවාය.
ඉතා සූක්ෂම දෙනෙතක් හිමි ආකාශ්ටත් අයිශාගෙ මුහුනෙ ඉරියව් හොදින් තේරුනි…
සර්….නුවර ප්‍රදේශයේ ලිදකින් ගැහැනු කෙනෙක්ගේසිරුරක් හම්බෙලා ගෝපාල් සර් වාහාම සර්ට එතනට අපේ කන්ඩායමක් අරන් යන්න කිව්වා..පොලිස් නිලදාරියකු රැගෙන ආ ඒ පුවතින්…අයිශා තැතිගතේය..
අකාශ් වාහාම පොලිස් ස්තානයෙන් පිරිස සමග පිටව යනු අයිශා දුටුවේය…ඒත් අයිශා ට තම සිටින තැනිම් අඩියක් ඉදිරියට තියාගන්න බැරිව සිටියේ දැඩි කම්පනයෙනි….
ඇට අසල තිබූ මේසේ මත හිස තබාගෙන හැඩුවේ යාරා ගැන උපන් වේදනාවනි…එවිටම තමබාහුව මත කවුරුන් හෝ අතක තබනවා ඇයට දැනුනි..
ශෙවෝන් ඔයා……
ඔව් අයිශා සමාවෙන්න ඔයාව ෆලෝ කරගෙන ආවට..ඒත් මට ඔය ගැන බයයි ඔයා මීශා ගැන බලන්න කිව්වට…මට බලන්න ඕන ඔයාගැනයි..අපි යමු ගමනක් එන්න..ශෙවෝන් අයිශා ගෙ අතින් අල්ලා ඉස්සර විය..
ශෙවෝන් ගේ ඒ ගොරෝසු පිරිමි දෑතේ හරිඅපුරුවට අයිශා ගෙ දිගැටි අත්ල සිරවී තිබුනි…..අයිශා ගේ කන අසලින් ඇහුනේ ශෙවෝන් මගේ අයිශා …එයාව මට ඕන කියන යාරාගේ ඉකිබිදුම් හඩයි…
ශෙවෝන් ඔහුගෙ නවතම මාදලියේ මෝටර් රියෙන් අයිශා ව නන්වාගෙන නුවර ට පිටත් උනි















නුවර දිවුල් කොටුව ප්‍රදේශයේ ….එකම කාලගෝට්ටියකි…අනේ මගෙ දරුවනම් වෙන්න එපා….මේ ලිද ඇතලෙ ඉන්නෙ….
ගම්වාසින් රැසක් රැස්ව උන්හ.පොලිස් කන්ඩායම් විසින් ලිද වටකරගෙන මිනිය ගොඩ ගැනීමට මහත් වෙහෙසක් දැරීය…දිවුල් වත්ත මැද්දට වෙන්න තියන…පැරනි මෙම ලිද දුටු ගමන් මහත්මූසල හැගඅක් දැනිනි…
මම උදේ දිවුල් ටිකක් ඇහිදගන්න කියලා මේ වත්ට්ගට ආවෙ ඒත් එක්කම මාග්‍රට් ත් මේ වත්තට ආව…අපි ඉතිම් ආ ගිය විස්තර කියව කියව දිබුල් ඇහිද්දා….මගේ කකුලු පෑගුනු බලු අසූචි හෝදගන්නයි ලිදෙන් වතුර බාල්දියක් අදින්න හැදුවෙ එතකොට තමා සර්…මේ විපැතිය දුටුවේ…පැක්ට්‍රික් මහතා පොලිසිය හමුවේ දුන් කට උත්තරයේ එසේ සටහන්ව තිබුනි.
හැමෝම දන්නවා මාග්‍රට් ගෙයි පැක්ට්රික්ගෙයි හොර මගුල උන් මගුල් නටන්න මේ දිවුල් කැලේට එන බව ගම්මුන් කුටු කුටු ගානු අයිශා ටද ඇසුනි …..
ටිකකින් කහ සලුවක් ලිදෙන් මෙගොඩ ගත්තේය..අවට පුරා පැතිරුනේ දැඩි ගදකි….
අයිශා ගැහෙන දෙපයින් ඒ අසලට ලන්විය..ශෙවෝන් ද අයිශා අසලින්ම සිටියේය..
මුහුන විරූපිව…කහ පැහැ ගව්මෙන් සැරසී උන්නේ යාරා බව අයිශා හදුනගතේය…සිරුර ඉදිමී ඇත් ..ඇගේ සුදු මුහුනේ මස් දියවී ඇත.ඇගෙ පාදයෙ තිබු පා සගල තවමත් එලෙසම ඇත.
අනේ යාරා……අයිශාගෙ විලාපය දිවුල් කොටුව පුරාවට විහිදී ගියේය.
අනේ මගෙ කෙල්ල අනේ මගේ දරුවා…යාරාගෙ අම්මගෙවිලාප හඩ අයිශා ට ඇසුනි…
ශෙවෝන් අයිශා ව අමාරුවෙන් වත්තම් කරගත්තාය ශෙවෝන් ගෙ පුලුල් පපුතුරේ අයිශා හඩා වැටුනාය..
ශෙවෝන් ටද මේ කිසි දෙයක් හිතා ගන්න බැරි විය..යාරා තමාව හමුවෙන්න ආවනම් කොහොමද නුවරට ආවෙ…අනික… මම එයාට හයයි තිහ වෙනකොට කිව්වනෙ පනිවිඩේ…මට එන්න වෙන් නෑ කියලා.ශෙවෝන් සිතිවිලි අතරේම තමාගෙ හදවතේරැජින අයිශා ව තවතවත් තුරුලට ගතේ අයිශා වත් කව්රු හෝ උදුරගනී කියා ඇතිවී අනියත බියෙනි……
මේ සිරුර අයිති කෙනා ගෙ සිරුර සෑහෙන සීරීම්වලට ලක් වෙලා තියනවා තොල් ගෙල පියයුරු සපා කෑම් වලට ලක් වෙලා තියනවා….මැයව අතවරයට ලක් වුනු සලකුනු තියනවා පිටතින් …වැඩි දුර පරීකශම පවත්වන්න සිරුර රෝහලට ගෙනියන්න ඕන..
යාරාට කව්ද මෙහෙම දෙයක් කලේ…..අයිශා නැවත සිහිකලාය එකිනෙක මිතුරු වෙසින් ආ හතුරන් බොහෝ ඇත…ඇයගෙ නිසදැස් පොතේ නිසදැස ඇයට මටක් විය…
තමා හැරුනු කොට ඇයට සිටි එකම යෙහෙළිය මාශා ….වහාම අයිශා නිමාශා ගෙ ගේ සොයා යාමට තීරනය කලේය.
ආකාශ් ප්ලීස් මට උදව් කරන්න මට හිතෙනව නිමාශා කියන යාලුවා මේකට සම්බන්ධ ඇති කියලා ප්ලීස් ආකාශ්..
යාරා ඔයාට පිස්සුද…පදනමක් නැති සාක්ශි පස්සෙ යන්න මට බෑ මම වගකියයුතු නිලයක් දරන නිලාදාරියෙක්.
ප්ලීස් ආකාශ් යාරා මට දුන්නු හැම ඉගියක්ම වගේ මේ නිසදැස් පොතේ මේ ඉගියෙනුත් මොකක් හරිම ඇති …
ඕක් මම ඔයා එක්ක එනම් හැබැයි සා අයි ආකාශ් වගෙ නේවෙ ඔයාගෙ යාලුවෙක් විදියට හරිද මැඩම්
.
තැන්ක් යු ආකාශ්
අකාශ් ශෙවෝන් අයිශා යාරාගෙ යෙහෙලිය නිමාශා ගෙ නිවස සොයා ගියේය..අමාශාගෙ නිවස ඉදිරිපිට සුදූ පාට වෑන් රතයක් නවත්වා තිබුනි…
කාවද මේ මහ්ත්වරු හොයන්නෙ…
අපි ආවෙ නිමාශව හම්බෙන්න අපි යාලුවෝ හොද කෝ මාශා නැද්ද…