පණ පිටින් මිනී පෙට්ටියක දාලා වැළලුවොත් මොකද කරන්නෙ?

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පුංචි උපදෙස් ටිකක් මගෙන්.

1. උයනකොට හරි මොකක් හරි වැඩක් කරනකොට හදිස්සියෙ ගින්නක් පත්තු වුනොත් එකපාරට වතුර ගහල නිවන්ඩ යන්ඩ එපා. ලඟක ටවල් එකක් තියාගනින්. ටක්ගාල ඒක වතුරෙන් පොඟවල ගින්න උඩින් දාපන්. ලිපේ මාලුවක් වගේ නම් ගිනිගන්නෙ ලඟ තියෙන ඇතිලියකින් වහපන්.
තෙල්, ගෑස් වගේ ගිනිගන්නකොට වතුර දැම්මාම ඒක වැඩිපුර පැතිරෙන්ඩ පුලුවන්. ගින්න වහල ඒකට ඔක්සිජන් එන එක ලිමිට් කිරීම වඩා සාර්තකයි.

2. හදිස්සියෙ හරි උඹලගෙ ගෙදර හරි බිල්ඩිම හරි ගිනිගන්නවනම් පිස්සෙක් වගේ එලියට දුවගෙන යන්ඩ එපා. අර පොඩි උන් යනව වගේ නැවිල දනගාගෙන පලයන්. තියෙනවනම් ලේන්සු කෑල්ලකින් නහය වහන් පලයන්.
ඔය ගෙවල් ගිනිගන්නකොට හයිඩ්‍රජන් සයනයිඩ්, පොස්ජීන්, කාබන් මොනොක්සයිඩ් වගේ පට්ට විස ගෑස් හැදෙන්ඩ පුලුවන්. ඔය තියෙන රස්නෙට ඕව ගොඩක්ම සීලිම හරියෙ ඉඳන් තමයි එකතු වෙන්නෙ. හිටගෙන යනවට වඩා නැවිල දනගාගෙන යනකොට ඔය ගෑස් ඇදල තත්පරෙන් මැරෙන්ඩ තියෙන පොසිබිලිටිය අඩුයි.

3. හදිස්සියෙ හරි කොහෙ හරි යද්දි මඩක හරි වැල්ලක හරි එරුනොත් කලබල වෙලා දඟලන්ඩ යන්ඩ එපා. දැඟලුවොත් එරෙනව වැඩියි. ඔහොම ඉන්න ගමන් සේප් එකේ කොන්දෙන් පිටිපස්සට පුලුවන් තරම් නැමිලා මඩට හේත්තු වෙයන්. ඊට පස්සෙ අත් දෙක පුලුවන් තරම් පිටිපස්සට ඈතට වෙන්ඩ තියල එක කකුලක් මඩෙන් උස්සන්ඩ බලපන්. කකුල්දෙක හෙමින් මඩෙන් එලියට අරන් සේප් එකේ අනිත් පැත්ත හැරිල මඩේ පීනගෙන ගොඩට යමන්. මතක්කරල ගෙදර යන්ඩ කලින් මඩ හෝදගනින්.
හිටගෙන දැඟලුවොත් මඩේ රිටකට වෙන සීන් එකමයි වෙන්නෙ.

4. උස බිල්ඩිමක ලිෆ්ට් එක්ක ඉද්දි ඒක කඩාවැටෙනවනම් හිටගෙන ‍‍යටිගිරියෙන් කෑගහන්ඩ එපා. එහෙම්ම බිම දිගාවෙලා උඩුබැලි අතට කකුල් දෙකයි අත්දෙකයි ටිකක් ඈත්වෙන්ඩ තියන් හිටපල්ලා. හදිස්සියෙ හරි මැරෙන්නැතුව ඉතුරු වුනොත් ඕක තමයි ඇගට වෙන හානි අවම කරගන්ඩ පුලුවන් හොඳම. ඉරියව්ව. තව ඉම්පැක්ට් එකෙන් පස්සෙ විසිවෙද්දි ඔලුව බදාගනින්.

5. කන්දකින් හරි හෙලකින් හරි පල්ලෙහාට වැටෙනවනම් මොකේක හරි එල්ලෙන්ඩ බලපන්. බැරිඋනොත් අත්දෙක වැලමිටෙන් නවල ඔලුව ඉස්සරහින් අරන් ඔලුවෙ උඩත් කවර් වෙන විදිහට ඔලුවෙ පිටිපස්සෙන් අල්ල ගනින්. දැන් මුලු ඔලුවම ගාඩ් වෙලානෙ තියෙන්නෙ. ඊගාවට කොන්දෙන් කුදු ගැහිල කකුල් දෙක අස්සෙ ඔලුව ගහගනින්. අත් කකුල් කොන්ද කඩාගන්ඩ හිතහදාගනින්. ඔලුව බේරගත්තොත් ජීවිතේ බේරෙන්ඩ තියෙන් පොසිබිලිටිය වැඩියි.

6. කවුරු හරි එකෙක් උඹලව පනපිටින් මිනී පෙට්ටියක දාල වැලලුවොත් බේරගන්ඩ කියල කෑගැහුවටවත් දාපු එකාට බැන්නටවත් වැඩක් නෑ. එලියට ඇහෙන්නෑ. අනික ඕක අස්සෙ වාතය තියෙන්නෙ විනාඩි හතලිහක් වගේ ඉන්ඩ. ඒක හින්ද සේප් එකේ අනිත් පැත්ත හැරිල අත්දෙකයි කකුල් දෙකයි පොලවට සපෝට් කරල කොන්දෙන් පෙට්ටිය අරින්ඩ ට්‍රයි කරපන්. උඩ අතට ඉඳන් අත් කකුල් වලින් ඕක උස්සන්ඩ හැදුවට ලොවෙත් අරින්ඩ බෑ අනික ඇරියත් පස් ටික මූනට වැටුනොත් හුස්ම හිරවෙලා මැරෙන්ඩ වෙන්නෙ ඉක්මන්ට.

අන්තිමටම
මොකක් හරි ඔය කියන සීන් එකක් වෙලා මම කියපු විදියට උඹලගෙ පන බේරගත්තොත් මතක්කරල මට කතාකරල හොඳ හෝටලේකින් පාටියක් දීපන්. මම ඕනෙ මසක් කනවා.
ස්තූතියි..

 

අමිල විමලරත්න

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!