පහන කිවුවහම මතක් වෙන්නෙ මොනවද? ඔයාට මතක් වෙන්නෙත් මට මතක් වෙන දේ ම තමයි නේද ?ඔව් අර තෙල් දාලා පත්තු කරන එක තමයි . ඉතින් එහෙනම් ඇයි වෙන ඒවටත් අපි පහණ කියන්නේ? සඳකඩ පහණ කියයි ඔලිම්පික් පහන කියයි මොකක්ද මේ……..
භූමි තෙල් දාලා පත්තු කරන ඒවට නම් ලාම්පුව කියලා කියනවා ඇති යන්තම්……… හෝ….මේ .. මං මැද කින් ද කොහෙද තමා කතාව කියන්න පටන් ගත්තේ නේද? තේරෙන්නෙත් නැතුව ඇති අනේ මේ මේකයි වුණේ මුල ඉඳන් පටන් ගන්නම් කෝ…………
අපේ ඔෆීසියේ ඉන්නේ 6 හය දෙනාටම වගේ වයර් පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් මෙව්වා යි මෙව්වා යි ඉතින් ඈ… ඊයේ අපි ඉතින් දවල්ට කකා ඉද්දි ඉතින් ඉස්කෝල වල ස්පෝර්ට්ස් මීට් ගැන කතා කර කර හිටිය… කොහෙන්දෝ ඔය ස්පෝර්ට් මීට් වල දී අර ග්රවුන්ඩ් එක මැද ඉස්තරම් විදිහට තියලා ඉස්තරම් විදිහට පත්තු කරන ඔලිම්පික් පහන ගැන කතාවක් ඇදිලා ආවා එක සැරයක් සර්ගෙ ඉස්කෝලේ ඒ පහන පත්තු කරන්න යද්දි ගෑස් ලීක් වෙලා වෙච්ච වැඩක්………. මම ඒ ගමන්ම අහපි ඒක පත්තු කරන්නේ තෙල් හරි දර හරි දාලා නෙවෙයිද කියලා……. ඉතින් පහනක් නේ……….
එතකොට අනිත් අය අහපි එතකොට අර ඇත්ත ඔලිම්පික් වල පහන පත්තු කරන්නේ කොහොමද කියලා……. ඔවු යාලුවනේ………. ඉතින් මං කිවුවා ඒක ඔලිම්පික් තියන කම්ම පත්තු වෙන්ඩ වෙන්ට එපායැ ඉතින් අර අපේ තියෙන දොළොස් මහේ පහන වගේ ඒකටත් තෙල් දාන්න පොඩි මෙව්වා එකක් තියෙනවා ඒකට බලන්ඩ එන මිනිස්සු තෙල් ගෙනත් දානවා කියලා…… අර දළදා මාලිගාවේ තියෙන්නේ දොළොස් මහේ පහනක් අන්න ඒකට වගේ ඔව් අනේ…… නෑ විහිළුවට නෙවෙයි මිතුරේ මම ඇත්තටම ඒක කිව්වා අර ඔෆිස් එකේ හෙන සීරියස් පිට මම ඒක කිව්වා ඔව් පින්වතුනි කකා හිටපු ඒවත් පිට උගුරේ ගිහින් එතන රතිඤ්ඤා පිපිරිලා වහලේ උඩ ගිහින් භූමිකම්පාවක් ඇවිත් මටත් mini හාට් ඇටෑක් එකක් ආවා මේ මිනිස්සු හිනා වුන හිනා විල්ලට……
නෑ ඉතින් පහන කියන්නේ තෙල් දාලා පත්තු කරන එකට නෙවෙයිද? ඔව් පින්වත් උපාසක උපාසිකාවන් මේ විසි එක් වියැති මම හිතාගෙන හිටියේ ඇත්තටම ඔලිම්පික් පහන එන මිනිස්සු ගේන තෙල් වලින් පත්තු කරනවා කියලයි……. නෑ ශ්රද්ධාවන්ත පින්වතුනි බොරුවට නෙවෙයි…….. ඇත්තටම නෑ මේකයි මම කියන්නේ මේ සිස්ටම් එක change වෙන්න ඕනේ olympic torch කියලනේ කියන්නේ ඉතින් එහෙනම් සිංහලෙන් ඒක ඔලිම්පික් පන්දම වෙන්ඩ එපායැ…… අර ඉතින් ධනිත් ශ්රී කියනවා වගේ………. පන්දම රැගෙන යන්න එන්න මගේ හද හදවත ට………. හදවතට යන්න එන්නද? එන්න යන්න ද ? හරියට මතක නෑ අප්පා!!!!!!!! මේක මතක් වෙද්දි මට වැලලෙන්ඩ හිතෙනවා……..
විදුලි පහන වෙන්ඩත් බෑ තෙල් දාලා යෑ පත්තු කරන්නේ………. අනේ මන්දා සිංහල ඉන්වෙන්ට් කරපු මනුස්සයට මොනා වෙලාද කියලා කොහොම හරි ඔයාල කැමති එකක් කියා ගන්ඩ. හැබැයි මතක තියා තියා ගන්ඩ විසි එක් වියැති මම තාම හිතන්නේ අර විදිහට තමා ………………….😁😁😁
රන්දිකා සමරකෝන්