කූඹි කතාව ( වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න යාලුවනේ මම අද කියන්න යන්නෙ පුන්චි කතාවක් ඔන්න එක රටක ලොකු සමාගමක් තිබ්බ ..මේ සමාගමේ ප්රධානියා විදිහට කටයුතු කලේ එක තණකොල පෙත්තෙක් මේ තණකොල පෙත්තා එයාගෙ සමාගමට ගොඩක් ආදරෙයි. ඉතින් මේ ආයතනයේ පුන්චි කූඹියෙක් සේවයකරා ..මේ කූබියා හරිම කඩිසරයි. ඉතින් තමන්ට පැවරෙන ඕනේම රාජකාරියක් ඉතාමත්ම කඩිසරව මේ කූඹියා හරියාකරව ඉෂ්ට කරනවා. ඉතින් තනකොල පෙත්තාටත් මේ කූබියා ගැන අහන්න ලැබුනා ඉතින් මේ කූබියා වෙලාවක් නොමැතිව ඕනෙම වෙලාවක් ඕටිද නොගෙන මේ සමාගමේ දියුනුව උදෙසා රෑ දවල් නැතුව මහන්සි වෙලා වැඩ කරා…..
දිනක් තනකොල පෙත්තාට හිතුනා මෙ කූබියාට අලුත් ප්රොජෙක්ට් එකක් බාර දීලා බලන්න. ඒ අනුව කූබියාට අපනයන අංශය බාර දීමට තණකොල පෙත්තා කට යුතු කලා. ඉතින් කූබියාත් දක්ශ ව වැඩ කරල මේ බාරදීපු වැඩේ හරියටම කරන්න ගත්තා. මේ හේතුව නිසාම සමාගම දිනෙන් දින සීග්රයෙන් දියුනු වෙන්නත් ලෝකෙ පුරා ප්රචලිත වෙන්නත් පටන්ගත්තා.
ඉතින් තණකොල පෙත්තාටත් හරිම සතුටුයි.
ඉතින් මේ තණකොල පෙත්තාට හිතුනා තව ටිකක් මේ පරිපාලනය වෙනසක් කරලා කූබියා ගෙ දක්ශ තාවය මගින් ලොකු සේවයක් ලබාගන්න ..ඒ අනුව කූබියව සුපවයිසර් කරානම් මීට වැඩිය වැඩක් ගන්න පුලුවන් කියල කල්පනා කරල කූබියාගෙ වැඩ අධීක්ෂණය සදහා කුරුමිනියෙක් යෙදෙව්ව.. කුරුමිනියාගෙ අධීක්ෂණය සදහා තව කැරපොත්තෙක් මැනේජර් විදිහට පත් කලා.. මැනේජර් කැරපොත්තා සදහා පුද්ගලික ලේකම් වරියක් විදිහට මැස්සෙක් පත් කලා… ඊට අමතරව AC කරපු කාමරයක් පුටු මේස කොම්පියුටර් ආදි ගෙඩක් දේවල් ගන්න උනා .
ඉතින් දැන් කූබියාට ට්රෙස් එක වැඩියි සුපවයිස් කරන්න කෙනෙක් ඉන්නව.. ටාර්ගට් එකක් දෙනව හරිම වදයක්.. ඉතින් දවසින් දවසේ බිස්නස් එක පහල වැටෙන්න ගත්තා.. ඉතින් තණකොල පෙත්තාට මේක හරිම වදයක් ..තණකොල පෙත්තා වහාම කළමනාකරු වන් කැදෙව්ව ..කැදවල දිගින් දිගට ආයතන ලබන පාඩුව ගැන කතාකලා. පසුව මේ ලබන පාඩුව අවම කරගැනීමට අදහසක් යොජනා කරන මෙන් ඉල්ලා සිටියා. අවසානයේ සියලු දෙනාගෙ ඒකමතික තීරනය උනේ කූබියා ආයතනයෙන් අයින් කරන්න.. අවසානෙදි..කුබියා සේවයෙන් ඉවත් කරා…😥😥😥
මූලාශ්‍රය: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!