ඇය ආදරය කල අවසන් හදවත ( වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සිනහවෙන් මුව සරසා ගෙන සිටින වයසක කාන්තාවක් තරුණියකගෙ පපුවට තුරුල් වී සිටින අවස්ථාවක් ඔබට මේ ඡායාරූපය තුලින් පෙනෙනවා ඇති..
නමුත් මේ වයසක කාන්තාව මේ තරුණියව කිසිමදාක දැක තිබුණේ නෑ..ඇයගේ කිසිදු විස්තරයක් ඇය දැන සිටියේ නෑ..
නමුත් ඇය එම තරුණියට තුරුල් වී සිටියා..
ඇය ඇත්තටම කලේ තරුණියගේ පපු කුහරය තුළ ගැහෙන හදවතට ඇහුම්කන් දීපු එකයි..
ඊට දින කිහිපයකට පෙර,
වයසක කාන්තාවට මේ ලෝකයේ ඉතිරිව තිබූ අවසන් ආදරය,අවසන් ඥාතිත්වය ඇයගේ පුතා අනතුරකින් මිය යනවා..
ඔහුගේ හදවත සහ තවත් අවයව කිහිපයක් පරිත්යාග කළ හැකි මට්ටමේ තිබුණා..ඔහුගේ මව ඒ අවයව පරිත්යාග කරන්න තීරණය කරනවා…
ඒ පරිත්යාගයේදී හදවත හිමිවන්නේ වයසක කාන්තාව තුරුල් වී සිටින තරුණියටයි..ඇයට හැකි උනා තවත් වරෙක ඇයගේ පුතාට උපත ලබා දෙන්න..
තවත් වරක් ඇයගේ පුතාගේ ගැහෙන හදවතේ රාවයට ඇහුම්කන් දෙන්න..එයට ආදරයෙන් තුරුලු වෙන්නට..
බලන්න ඇයගේ මුහුණ තුළ වේදනාව ,අහිමිවීම පරදවා නැඟෙන මනුෂ්යත්වය,ආදරය,සෙනෙහස ඒ සියල්ල මවකගේ මහිමයයි…තවත් දරුවෙක් වෙනුවෙන් ම පමණක් වූ……
උපුටාගන්නා ලදි..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!