මම අද ඔබට කියන්න යන්නේ ලොව පිරිසිදුම කිරි සම්බන්ධවයි. මේ කිරි වල විශේෂත්වය වනුයේ එහි ලැක්ටෝස් හා කොලෙස්ටරෝල් රහිත වන අතර සතුන් මගින් ලබා නොගැනීමයි. මම මේ කියන්න යන කිරි වර්ග ලොව ප්‍රථම වතාවට සතුන්ගේ සහය නොමැතිව ලබාගත් කිරි වේ.අවීව් හා ඕරි යන විද්‍යාඥයන් විසින් මෙම නව මාදිලියේ කිරි වර්ග නිපදවීමට සමත් වී තිබෙනවා.
නමුත් නව මාදිලියේ කිරි වර්ගයක් අපට අවශ්‍ය වන්නේ ඇයි? එයට හේතුව දැනට වෙළඳපොලේ පවතින කිරි වෙළඳ දැන්වීම් වලින් පෙන්වන තරමට සෞඛ්‍යමත් හෝ පෝෂදායි නොවීමයි. මොකද ගවයින්ගෙන් ලබා ලබාගන්නා කිරි වල ලැක්ටොස් බහුලයි . 65% ක් මිනිසුනට ලැක්ටෝස් ජීර්ණය කළ නොහැක. එමෙන්ම කිරිවල ස්වභාවික කිරි වල සංතෘප්ත මේදය හා කොලොස්ට්‍රෝල් බහුලයි. එමෙන් ම කිරි නිපදවීමේ ක්‍රියාවලියේ දී විශාල සම්පත් අපතේ යාමක් සිදු වෙනවා. සෑම කිරි ලීටරයකටම වතුර ලීටර් දාහක් අපතේ යාම සිදුවෙනවා. එමෙන්ම ගවයින් ඇති කරන සත්ව ගොවිපල විශාල වශයෙන් හරිතාගාර වායු විමෝචනය කරනවා. එමෙන්ම කිරි සත්වයන්ගෙන් තබා ගන්නා නිසා සත්වයින් සඳහා විශාල ඉඩකඩක් මුදල් ප්‍රමාණයක් හා ශක්තියක් අවශ්‍ය වෙනවා. එමෙන්ම සතුන් ගෙන් කිරි ලබාගන්නවා යනු සත්ව හිංසනය සිදු කිරීමයි. එම නිසා අවීව් යන ඔරි යන විද්‍යාඥයන් දෙදෙනා නව මාදිලියක කිරි නිපදවීම සඳහා අවධානය යොමු කර තිබෙනවා එය සිදු කරනුයේ මෙසේය ගවයින්ගෙන් කිරි නිපදවීම ද අදාළ ජානය පිටපත් කරගෙන එම ජානය ක්ශුද්‍ර ජීවියකුට බද්ධ කිරීමෙන් ක්ශුද්‍ර ජීවියා කිරි නිපදවීම ආරම්භ කරනවා. එමෙන්ම ශුද්‍ර ජීවියා කිරි ප්‍රෝටීන ද නිපදවීම සිදු කරනවා. එම කිරි රසයෙන් ස්වභාවික කිරි වලට සමාන වන අතර සාමාන්‍ය කිරිවලට වඩා සෞඛ්‍ය දායිද වෙනවා එමෙන්ම කිරි නිපදවීමේ නව ක්‍රියාවලියේදී සත්ව හානියක් සිදු වන්නේ නැහැ.
එමෙන්ම සියලු කිරි ආහාර යෝගට් වැනි ආහාර ඉතා සෞඛ්‍යමත්ව හා අඩු මිලට නිපදවා ගන්න පුළුවන්. එම නිසා මෙතෙක් කල් ගවයින්ගෙන් නිවසට ආපු කිරි විද්‍යාගාරය කින් නිවසට එන දිනය වැඩි ඈතක නොවේ…………………
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි