Hwayi: A Monster Boy (විනෝදාස්වාද)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
Hwayi: A Monster Boy
Imdb : 7
Action thriller ගනයට අයත් මෙම චිත්රපටය කොරියාවේ බිහිවු තවත් විශිෂ්ට නිර්මාණයකි. මෙහි කතාව සාමාන්ය ඉන්දියානු චිත්රපටය ක කතාවක් ලෙස යන මෙම චිත්රපටය අවසානයේ අප සිතනවට වඩා වෙනස් විදිහට අවසන් කර මෙය සැබෑ කොරියානු චිත්රපටයක් බව අධ්යක්ෂකවරයා පෙන්නුම් කර ඇත . මෙම චිත්රපටයේ අවසන් පැය අපට හොද කුතුහලයක් ලබා දී තිබේ. මෙහි ඇති සටන් දර්ශන රූගත කර ඇති ආකාරය ඉතා තාත්ත්වික ය. Action thriller චිත්රපට නරඹන සැවොවටම මම මෙම චිත්රපටය තරයේ නිර්දේශ කරමි.
මෙහි කතාව යන්නේ අපරාද කල්ලි සාමජිකයන් විසින් ලමයෙක්ව කප්පමකට පැහැර ගෙන යයි.එවිට ඔවුන්ට ඇති අකරතැබ්බයක් නිසා එය වරදි අවසානයේ ඔවුන් එම ලමයව හදා වඩා ගනී. එම කල්ලියේ ප්රධානීයාට අවශ්ය වනුයේ මොහුව හොද ඝාතකයකු කිරීමටයි. නමුත් මොහු කොච්චර පුහුණු වීම් ලබා ඇතත් ඔහුට මිනිසුන් ඝාතනය කිරීමේදී පොඩි බියක් ඇතිවේ. ඔහු රාක්ෂයෙක් ව දකී. අවසන් වරට එම කල්ලියේ සාමාජිකයන් ට ඉඩම් ප්රශ්නයකදී එක් නිවෙස් හිමිකරුවෙකු පමණක් තමන්ට කොච්චර කරදර කරත් එම නිවෙසෙන් යන්නැති වීම හේතුවෙන් මොවුන්ව ඝාතනය කිරීමට කොන්ත්රාත්තුව ක් දෙයි. එය නිම කිරීමට එම ලමයාත් යයි නමුත් එතෙනදී ඔහු යම් දෙයක් දකී එය කුමක්ද ??? ඇයි ඒ මිනිසුන් විතරක් එම නිවසෙන් යන්නෙත්තේ??? එම ලමයා ඇයි හැම තිස්සෙම රාක්ෂයෙක් ව දකින්නේ ???? මේ සියල්ලට ම හේතු චිත්රපටය අවසානයේ බලාගැනීමට පුලුවන් . මම මෙම චිත්රපටය නැරඹු පලවෙනි පැයේ දීම චිත්රපටයේ අවසානය අනුමාන කලා නමුත් මගේ වාසනාවට මා නොසිතු අවසානයක් එහි තිබුනා. එය කොරියානු චිත්රපට වල ඇති විශේෂත්වයයි.
මූලාශ්‍රය : Fazlan Nazeer

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!