සහේලි අනුත්තරා විජේසූරිය,මීගමුව නගරාශ්‍රිත ධනවත් පවුලක එකම දියණිය…විවිධ නවීන ඇඳුම් විලාසිතා වලට කුඩාකාලයේ සිටම ඇය මහත්සේ ආශාකලා….ධනවත් නිසාම අැයගේ ඉල්ලීම් ඇයගෙ පියා වූ සුනන්ද විජේසූරියත් ,මව ජනනි විජේසූරියත් කියන පරක්කුවට ඉෂ්ඨකලා…ඒත් දෙදෙනාටම ඇය හා කාලය ගතකිරීමටනම් අවස්ථාවක් නොලැබුනෙ ව්‍යාපාර කටයුතු නිසාමයි…ඒත් අසල්වැසි යෙහෙළියන් තිදෙනෙක් සෑමවිටම ඇයත් සමඟමයි සිටියෙ.
“දූ ඔයා කිවුවනෙ ඩ්‍රයිවර් කෙනෙක් ඕනි කියලා ඔයාගෙ කාර් එකට…ඔන්න ඩැඩී කෙනෙක්ව එක්කගෙන ආවා…”
” ඕ මයි ගෝඩ්…මෙච්චර ඉක්මනට.!!!ඒත් එයා ශුවර් කෙනෙක්ද මමී…කොහෙන්ද හොයාගත්තෙ….?”
සහේලිගෙන් ඉදිරිපත්වුනේ එකදිගට ප්‍රශ්නම විතරයි.
“ඩැඩීගෙ යාලුවෙක්ගෙ ගෙදර සර්වන්ට්ගෙ ළමයෙක්…..
මේ ඔය ළමයා එන්න ඇතුලට…..”
මිගාර මේ සුවිසල් නිවස තුලට ඇතුල්වුනේ තරමක චකිතයකින්…..මිගාරට මේ ගෙවෙන්නෙ 24 වන උපන්දිනයට පසුදිනය.පුදුමයකට මෙන් සහේලිගේ 24 වන උපන් දිනය තවත් දිනදෙකකින් මේ නිවසේදී සැමරීමට සියලු දේම මේවන විටත් සැලසුම් කර අවසානයි.ඒ නිසාමයි මේ දිනවල සහේලි කාර්යබහුලවුනේ….ඒනිසා නිතරම කාර් රථය පැදවීම අපහසු නිසාමයි ඇය පියාට පැවසුවෙ රියදුරෙක් ගෙනත්දෙන ලෙස….
මිගාර සිටියෙ සහේලිගෙත් මවගෙත් ඉදිරිපිට….සහේලි නිවසට ඇඳ සිටියේ දණහිසටත් වඩා කෙටි ගවුමක්…..මිගාර නිවසට අඩිය තැබූ සැනින් ඇය දෙස බැලුවා මිසක් ඊටපසු ඔහු සිටියේ බිම බලාගෙනමයි…
“මොකක්ද තමුන්ගෙ නම?”
සහේලි ඇහුවෙ තරමක් තදින්…ඒ හඬට මිගාර ගැස්සුනේ ඉබේමයි.
“මිගාර…”
“මිගාර විතරද?”
” මිගාර දේශාන් රත්නායක….”
“හ්ම්…මීටකලින් කොහේහරි වැඩකරලා තියෙනවද?”
“නෑ මිස්…..”
“එහෙනම් ඩ්‍රයිවින් කරන්න ආවෙ?”
“ඩ්‍රයිවින් පුලුවන් මිස්….වෙනතැනක වැඩකරලා නෑ….”
“මොකද බිම බලාගෙන කතාකරන්නෙ…තමුන් බොරු කියන හින්දද….ආ…..”
මිගාර මෙතෙක් සිටියෙ බිම බලාගෙනමයි….ඇයගේ වදන් හමුවේ මිගාර සහේලිගෙ දෑස් දෙස ඍජුවම බැලුවා….ඔහුගෙ දෑස් තියුණුයි….ඒත් ඇයදෙස වැරදි බැල්මක් ඒ දෑස්වල නෑ කියලා සහේලිට තේරුණා…..නමුත් ඒ තියුණු දෑස්වල බැල්ම නිසාම සහේලිට නොහැකි වුනා ඔහුගෙ දෑස් දෙස තවත් බලා සිටින්නට.
“හරි යන්න.අපේ මමීට සේරම ඩීටේයිල්ස් දෙන්න.අයි මීන් ඔයාගෙ තොරතුරු…..”
සහේලි සිතුවෙ ඔහුට පලමුව කියූ දේ තේරුණේ නෑ කියලයි.ඒ නිසයි ආයිත් සිංහලෙනුත් ඒකම කිවුවෙ.
“තේරුණා මිස්….මිස් මට…..අද කොහෙවත් යන්න එහෙම තියෙනවද?”
“නෑ….අපේ ගෙදර එළියෙ රූම් එකක් ඇති.ඒකෙ තමුන්ට ඉන්න පුලුවන්…හෙට ඉඳන් ටිකක් වැඩ වැඩිවෙයි…..”
සහේලි එහෙම කියන්මයි උඩුමහලට ගියෙ.ජනනිත් මිගාර පසුපසින් ගියෙ ඔහුට ඔහුගේ නවාතැන පෙන්වීමට….බොහෝ අවස්ථාවල ජනනිවත් සුනන්දවත් නිවසේ සිටියෙ නෑ…ඒත් තරමක් වයෝවෘධ ආරක්ෂක නිලධාරියෙක් මේ සිව්මහල් නිවස ආරක්ෂා කලා පැය 24 ම.සහේලිත් උසස් පෙළින් පසු වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වීමටයි බලාපොරොත්තුවෙන් සිටින්නෙ…
“හෙලෝ චානු…..මේ අද ෂොපින් යන්”
“සොරි සහේලි මට අද ඩැඩී එන්න කිවුවා ඔෆිස් එකට…මම මේ රෙඩිවෙන ගමන් ඔෆිස් යන්න….අනේ සොරි කෙල්ලෙ..අපි හෙට යමු….පාර්ටි එක ලඟයිනෙ…ඒකට ඕනි දේවලුත් හෙට ගේමු….ආ නැත්තම් හදිස්සිනම් රිශීට හරි අයේෂාට හරි කෝල් කලේ නැද්ද…..?”
“එයාලටත් අදනම් බෑ කිවුවා….ඕකේ ඕකේ….මම ගිහින් එන්නම්කො….”
“තනියම?”
“අපේ ඩැඩී ගෙනාවා ඩ්‍රයිවර් කෙනෙක්…එයා වාහනේ අරන් යයි….”
හිතුන සැනින් ගමන් යාම සහේලිගෙ දඟකාර පුරුද්දක්….සහේලිගෙ දුඹුරු හා කලු මිශ්‍ර ස්ට්‍රේට් කලාමෙන් ඇති කොණ්ඩය දණහිස දක්වාම දිගුයි.නිතරම ඇය අැන්දෙත් කෙටි ස්කර්ට් හෝ ඒ හා සමාන ගවුම්.කලුපැහැ ලෙදර් වැනි ඇඟටම හිර වූ කෙටි ඇඳුමත් කලුපැහැ අඩිඋස සපත්තු දෙකත් පැළඳි ඇය දෙස ඕනෑම පිරිමියෙක් ඇසිපිය නොගසා බලා සිටිනවා නොඅනුමානයි…ඒ ගැන සහේලිට තිබුණෙ ආඩම්බරයක්….
“මිගාර…..”
“මිස්….”
“ගමනක් යන්න තියෙනවා යමු…..”
“ඒත් මිස් කිවුවනෙ අද කොහෙවත් යන්නෑ කියලා….”
“මේ අහනවා….මට ඕනි ගමන මට ඕනි වෙලාවට යන්නෙ…අනික තමුසෙ මගේ ඩ්‍රයිවර් මිසක් මම තමුසෙගෙ ඩ්‍රයිවර් නෙවෙයිනෙ….”
සහේලි කතාකලේ කෝපයෙන්….මිගාරත් තිගැස්සෙන තරම් ඒ වචන තරමක් දරුණුයි….මෙච්චරම ලස්සන කෙල්ලෙක් මේතරම් දරුණු වෙන්න පුලුවන්ද කියලයි මිගාර කල්පනා කලේ…..
“සොරි මිස්…..”
මිගාර කිවුවෙ බිම බලාගෙන….මිගාර බොහෝවිට ඇයගෙ සුන්දර දෑස් මගහැරියා…ඒත් ඇය කොතරම් සරාගී බවින් දිස්වුනත් මිගාරට ඒ ගැන හැඟීමක් තිබුණෙ නෑ…මිගාර උනන්දු වුනේ නෑ අැයගේ සුන්දර ශරීරය දෙස බලන්න….ඇයගැන ඔහුටවත් නොතේරෙන මොකක්දෝ ගෞරවයක් ඔහුගෙ හිතේ තියෙනවා…ඒ ඇයි කියන්නනම් ඔහු දන්නෙත් නෑ…..ඒ වගේම තවමත් මිගාර දන්නෙ නෑ සහේලි ඔහුගේ වයසේම බව…..
‘පොඩ්ඩක් හොඳින් කතාකලාම එනවා කරේ නගින්න….’ සහේලි එහෙම හිතමින් රතුපැහැ බෙන්ස් කාර්රථයට නැඟුණා…
මිගාර අත්දිග ටීෂර්ට් එකක් හා සාමාන්‍ය ඩෙනිම් කලිසමක් ඇඳ සිටියෙ…..
“බලනවා තමුසෙගෙ හැටි….තමුසෙ මගේ ඩ්‍රයිවර් කියන්නත් ලැජ්ජයි….තර්ඩ් ක්ලාස් වුනාට කමක් නෑ ඒගති පෙන්නන්න එපා….මම මෙච්චර ලස්සනට යනවා.ඒකට තමුසෙ…මගේ ලඟකින්වත් ඉන්න එපා මිනිස්සු ඉන්න තැන්වල.ෂිට්….මටත් එක්ක ලැජ්ජාව….”
සහේලි මගදිගටම කලේ මිගාරට බනින එක…මිගාරගෙන් ප්‍රතිචාරයක් නෑ…..වෙන කෙනෙක් සිටියානම් මැද කණ්ණාඩියෙන් දෑස් දුවන්නෙ සහේලි ලඟටමයි.ඒ නිසාමයි සහේලි කීප සැරයක් ඒ කණ්ණාඩිය දිහා බැලුවෙ…ඒත් ඔහුගෙ දෑස් හමුවුණේ නෑ….
“මිස් මම දෙයක් අහන්නද?”
“අහනවා බලන්න….”
“මි….ස්…ඔහොම ගොඩක් කොටට ඇඳලා ගමන් යන්නෙ ඇයි?”
“ආ….දැන් ඒකද තමුසෙට ප්‍රශ්නෙ…මේ අයිසෙ, ඒවා අඳින්නෙ මම..අපි තමුසෙලාවගේ ගොඩේ නෙවෙයි….අනික තමුසෙ කොල්ලෙක්නෙ…තමුසෙට තේරෙනවද අපි මේ ඇඳුම්වලට කොච්චර ආසද කියලා…..බලනවා පොඩ්ඩක් කීදෙනෙක් මං දිහා හැරිලා බලනවද කියලා…..”
“ඇයි ඒ…..?”
“ලස්සන හින්දනෙ….ලස්සන කෙල්ලෙක්ව දැක්කම මිනිස්සුන්ට ඇස්පිල්ලම් ගහන්නත් අමතක වෙනවා…ඉතින් ඒ මිනිස්සු බලනවා තමයි….”
“මිස් හිතනවද ඒ බලන්නෙ ලස්සන නිසාම කියලා…..”
“ඔව්….ලස්සන හින්දා තමයි….”
මිගාරට හිනාගියේ ඉබේමයි….ඒ සමච්චල් සිනාවක්….ඒ බව සහේලිටත් දැනුණා….
“මොකද තමුසෙ හිනාවෙන්නෙ….නොකිවුවට තමුසෙත් කීසැරයක් බලන්න ඇතිද මං දිහා…..”
“මම!!!!!නෑ මිස් වැරදී……මම මිස්දිහා බැලුවෙ නෑ….මිස් පිලිගත්තත් නැතත්. සමාවෙන්න මිස් මෙහෙම කියනවට මිස් ඔහොම ඇන්දම ලස්සන බලන මිනිස්සු දැන් නෑ…..ඔය හැරිලා බලන අය මිස්ගැන මොන මොන හීනදකිනවද කියලා මිස්වත් දන්නෑ…”
“මිගාර තමුසෙ මගේ ඩ්‍රයිවර් මිසක් උපදේශක නෙවෙයි….මට තමුන්ගෙ උපදෙස් ඕනි නෑ…..ඔය ඉස්සරහා සී අයි බී එක ළඟ නවත්තනවා…..මම එනකල් කාර්එකට වෙලා ඉන්නවා…මම එද්දි වාහනේ නොහිටියොත් බලාගන්නම් මම….”
සහේලි සී අයි බී ෂොපිං සෙන්ටර් එක තුලට යනවිට මිගාර වාහනය පාර්කින් එකට දැමීමටයි සූදානම් උනේ…..එක් පුද්ගලයෙක් සහේලි පිටුපසින් ඇයගෙ ශරීරය දිහා බලමින් ඇය අසලින්ම සී අයි බී එක තුලට ඇතුල් වෙන ආකාරය මිගාර දැක්කෙ අහම්බෙන් පැති කණ්ණාඩියෙන්….ඉක්මනින්ම පාර්කින් එකේ වාහනය නතරකළ මිගාර සහේලිගේ අණ පවා අමතක කර ෂොපිං සෙන්ටර් එකතුලට ඇතුල් වුනේ ජීවිතයේ පලමු වතාවට….
යමෙක් තමන් පසුපස එන බව සහේලිට තේරුණ නිසයි ඇය නැවතී පිටුපස හැරුණෙ…
ඇය ඉදිරියෙ සිටියෙ කඩවසම් තරුණයෙක්…ජෙල් ගා ඉහලට කර ඇති කොණ්ඩයත්,සන්ග්ලාසුත් ,කෝට් කිට් එකත් ඔහුට එක්කලේ වැදගත් පෙනුමක්….
“සොරි….වැරදියට හිතන්න එපා මංගැන….මම ඔයාව දැක්කෙ අහම්බෙන්….මට දැනුණා ඔයාව මීටකලින් කොහේදි හරි දැකලා තියෙනවා කියලා….ඒවගේම යු ආ සෝ බියුටිෆුල් ගර්ල්…..ඔයා නිගම්බු ටවුන් එකේමද?”
ඔහු අැහුවෙ හුරු පුරුදු බවකින්….සහේලිත් ඒ වචන වලට හසුවුනේ නොදැනුවත්වමයි….ඒ වගේම ඔහුගේ කඩවසම් බව සහේලිගෙ දෑස් වශිකලා…
“ඔව් ටවුන් එක කිට්ටුව…එතකොට ඔයා….?”
“ඕ සොරි මාව අඳුන්වලා දෙන්න බැරිවුනානෙ…මම සහස් විමුක්ති….එතකොට ඔයා?”
“මම සහේලි.සහේලි අනුත්තරා…..”
“මිස්….මිස්ට කරදරයක් නෑනෙ…..මූ….අද….මගෙන්….”
මිගාර දුවගෙන ආවෙ හතිදමමින්…ආව සැනින් කලේ සහස්ගේ කොලරයෙන් අල්ලා ඔහුට පහරදීමට සූදානම් වීමයි…..
ඒ සැනින් සහේලි මිගාරගේ ටීෂර්ටයේ ගෙල ප්‍රදේශයෙන් අල්ල ගත්තේ දෙගුණ වූ කෝපයකින්…..ඔහුව දැන් සහේලිගෙ හුස්ම පවා දැනෙන තරම් ඇයගෙ මුහුණට සමීපයි.
“තමුසෙ….තමුසෙ…..මම හිතුවෙ නෑ….තමුසෙ මෙච්චර තර්ඩ් ක්ලාස් එකෙක් කියලා….”
“කවුද සහේලි මේ…..”
“ඕ….සොරි සහස්….අයිම් රියලි සොරි….මේ මගේ ඩ්‍රයිවර්….
මම තමුසෙට කිවුවා නේද මගේ පස්සෙන් එන්න එපා කියලා…..සිංහල තේරෙන්නෙ නැද්ද ආ….මේවගේ වැදගත් මනුස්සයෙක්ට මෙහෙම කරන්න තමුසෙට ඔච්චර හයියක් ආවෙ කොහෙන්ද?”
“ඒත් මිස්….මිස් දන්නෑ මූ……”
මිගාරට එපමණයි කිවහැකිවූයේ….සහේලිගේ දකුණත නැවතුණේ වේගවත් පහරක් සමඟින් මිගාරගේ කම්මුලක…..
“මිස්….මිස්….”
“ඉනෆ් අයිසෙ ඉනෆ්…..යනවා එලියට….ගිහින් කාර්එකට වෙලා ඉන්නවා…මම තමුසෙ ගැන බලාගන්නම්……..”
මිගාර තවත් මොහොතක්වත් එතන රැඳුනෙ නෑ…..ඔහුගේ වෙලාවට ඒ මෙහි සෙනඟ නොසිටින දවසක්…..ඒ නිසා ඔවුන් අසල සෙනඟක් ගැවසුනේ නෑ…..සහේලිත් ඒ නිසාමයි මිගාරට මේ තරම් දරුණු විදියට කතාකලේ මෙවැනි තැනකදි වුවත්……..