මේක කියවන්න…..
මම ඊයේ කිව්වනේ cotard syndrome එක ගැන අදත් මම කියන්නේ ඒ වගේම සින්ඩ්රෝම් එකක් ගැන. මේක අනිත් සින්ඩ්රෝම වලට වඩා ගොඩක් වෙනස් කියවන්න…
________________________________________________
මේ Syndrome එකට කියන්නේHyperthymesia Syndrome කියලා. ඒවගේම super memory නැත්නම් සුපිරි මතකය කියලත් කියනවා.
මේක හරියට සුපිරි බලයක් ලැබුන වගේ කියලා හිතෙනවැති නේද? මොකද අපිට කොච්චර දේවල් අමතක වෙනවද ? ඇත්තට ම මේක රෝගයක්
මේ Hyperthymesia Syndrome කියන රෝගය ඉතාමත් දුර්ලබයි. මේ මුලු ලෝකෙන්ම Hyperthymesia Syndrome රෝගය තියෙනවා කියලා හදුනාගෙන තියෙන්නෙ 60 ක් විතරයි
මේ රෝගය තියෙන කෙනෙක්ට තම්ගේ ජීවිත කාලය තුල සිදුවන කිසිම දෙයක් අමතක වෙන්නැ. ඒ කියන්නේ ඕනම දවසක වෙච්ච දෙයක් ඕනම වෙලාවක වෙච්ච දෙයක් පුදුම මතකයකින් කියන්න පුලුවන්.කියවපු පොතක් වුනත් අකුරක් නැරම මතකයෙ රදවාගන්න පුලුවන් හැකියාව තියෙනවා ඒක මොන කාලෙදි කියෙව්ව වුනත්.
Rebecca Sharrock කියන්නෙත් Hyperthymesia Syndrome රෝගි තත්වයෙන් පෙලෙන ඕස්ට්රෙලියානු ලේඛිකාවක්.’
BBC නාලිකාව එක්ක තිබුන සම්මුඛ සාකච්චාවකිද ඇය කියලා තියෙනවා.
තමන්ට හැරි පොටර් කතා පොත් සියල්ලගෙම සෑම වචයක්ම දෙබසක්ම ඒ ආකාරයෙන්ම පාඩම් බව. (ඒ බව ඔප්පු කරලත් තියෙනවා)
ඒ වගේම තමන් ඉපදිලා දින 7 න් ඇයව රෝස පැහැති බ්ලැන්කට් එකක ඔතපු ආකාරයත් මතකයට නගන්න පුලුව්න් කියලා ඇය කියලා තියෙනවා.(උදේට කාපුව මතකද ඔයාලට)
මේ Hyperthymesia Syndrome ය සුපිරි බලයක් වගේ දැනුනත් මේ රෝගි තත්තවයෙන් පෙලෙන අයට සාමාන්ය පුද්ගලයන්ට වඩා මහන්සිය ඇති වීමත් අධික හිසරදයත් තම ජීවිත කාලෙදිම අත් විදින්න වෙනවා.
_________________________________________________________
හෙට තවත් සින්ඩ්රෝම් එකක් ගෙන්න බලන්නම්..
උපුටා ගැනීම : #සිත්_රූ