ආදරණීය මිත්‍රත්වය (2 වන කොටස.. ) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මිගාර ගිය ගමන්ම වාහනයට නැග දොරත් ලොක් කරගත්තේ කේන්තියටමයි….මිගාර අහිංසක වුනත් දරුණු වූ විට ඔහුගේ කෝපය ඔහුටවත් පාලනය කරගැනීමට නොහැකියි.ඒත් සහේලි ඉදිරියෙදි ඒ බවක් මිගාර පෙන්වූයෙ නෑ…ඒ ඇය යටතේ තමන් සිටින නිසා…..
පැය භාගයක් පමණ ගතවුනත් සහේලි පැමිණියෙ නෑ….ඒ නිසයි මිගාර යලිත් කාර්රථයෙන් බිමට බැස්සෙ.ඒ අසල තිබූ තැඹිලි විකුණන පුංචි කඩයට මිගාර සෙමින් ගියේ ⁣සහේලි පැමිණේදැයි වරින් වර බලමින්මයි.
“මුදලාලි තැඹිලිගෙඩියක් කපන්නකො…”
“අා මෙන්න මහත්තයා…..බීමබටයක් ඕනිද?”
“ඕනිනෑ මුදලාලි…..”
“අද හරි රස්නයක් නේද තියෙන්නෙ මහත්තයා.”
“ඒකනෙ මුදලාලි…..මේවා තමයි හොඳ මේ වෙලාවට….”
මිගාරගෙ සුහදත්වය නිසයි මුදලාලිත් ඔහු එක්ක කතාවට වැ⁣ටුනෙ…..ඒත් එක්වරම තමන් ඉදිරියෙ සිටි දසුන දැක්ක ගමන් කලබල වූ මිගාරගේ ඇගපුරාම හැලුනෙ බීමටගත් තැඹිලි වතුරටික….
ඒත් මිගාර නොසිතූ ලෙස ඇය ඒ සිද්ධියට සිනාසුනා….ඒ ඔහු ඉදිරියෙ සිටියෙ සහේලි….ඒනිසයි මිගාර කලබල වුනෙත්.ඇයගෙ සිනාවත් ඇයතරම්ම සුන්දරයි…ඒත් ඒ ගැන හිතන්න මිගාරගෙ කලබලකාරී සිත මේ මොහොතේ සූදානම් නෑ….
“ස⁣…සහේ…ලි මි….ස්…..”
ඔහුට වචනත් පැටලුනේ ඇය ඔහු ඉදිරියේ සිටින නිසා…..ඇය පැවසුවේ වාහනයට වී සිටින්නට කියායි.ඒ නිසයි මිගාරට බයක් දැනුනෙ….ඒත් ඔහු බලාපොරොත්තු නොවූ ලෙස ඇය කිසිවක් නොපවසා ඔහු දෙස බලන් සිනාසුනා….ඒ මුවේ ඇඳෙන සිනා රැල්ලක් ගානෙ ඔහුට බියක් දැනුනෙ ඉදිරියෙදි කුමකින් කුමක් සිදුවේවිද කියා නොදන්නා නිසයි.
“හරිද ?බීලා ඉවරද?”
“ඔ..ඔව් මි…ස්….”
“කීයද මුදලාලි….?”
“රු.පනහයි නෝනා…”
“ආ මෙන්න සල්ලි….ඉතුරු සල්ලි තියාගන්න….”
මුදල් ගෙවුවෙ ⁣සහේලි.ඒනිසා ඔහු⁣ට තවත් පුදුමයි….
“ඒ…ත් මිස් මම සල්ලි…..”
මිගාරට කිවහැකිවුනේ එපමණයි….සහේලි ඔහුදෙස රවා බැලූ බැල්මට මිගාර ඉබේම නිහඬ වුනා….දෙදෙනාම ගොස් වාහනයට නැගුණත් කලින් තිබූ බියත් පුදුමයත් මිගාරගේ හිතේ ඒවිදියමයි.
නිවසට යනතුරු දෙදෙනාගෙන් කෙනෙක්වත් වචනයක්වත් පැවසුවේ නෑ….ඒත් සහේලිගේ මුවේ සතුටු සිනාවක් රැඳීතිබුනා.ඇය සිටියේ වෙනත් කල්පනාවක…මේ ගැන කිසිවක් මිගාර දැනන්හිටියෙ නෑ….නමුත් ඇය සිටින්නේ සතුටින් බවනම් මිගාරට වැටහුණා….
ඊටපසුව ගෙවුනේ කාර්යබහුල දිනයක්…⁣සහේලි සමඟ මෙන්ම ඇයගේ මිතුරියන් සමඟත් සාදයට අවශ්ය දේවල් ගෙන ඒමට මීගමුව නගරයට යාමට මිගාරට සිදුවුණා….
“ඒ සහේලි…..ඔයාගෙ ඩැඩීගෙ චොයිස් එකනම් නියමයි හොඳේ….”
“ඒ මොකක්ද චානු…..අපේ ඩැඩීගෙ චොයිස් එක…..?”
“ඔයාගෙ ඩ්රයිවර්…..”
“අැයි මොකද එයා ස්පෙෂල්…..මටනම් පේන්න බෑ…කොයිවෙලාවෙත් උපදෙස්……මට කොටට අඳින්න එපාලු…ස්ටයිල් කරනකොට පරිස්සම් වෙන්නලු….රෑට පාටිවලට යන්න එපාලු….තව එක එක නීති….
මිනිහා මගේ ඩ්රයිවර් වෙලත් ම⁣ට නීති දානවා…කොච්චර බැන්නත් එකම දේ ආයි ආයිත් කියවනවා…පිස්සෙක් ඒකා….මේ පාටියෙ වැඩ නිසයි මිනිහා මෙතන තවත් ඉන්නෙ…හෙට පාටියෙන් පස්සෙ මිනිහව යවනවා මම ඩැඩීට කියලා….”
“පිස්සුද සහේලි ඔයාට…මම කිවුවෙ ඒ කොල්ලා සුපිරි කොල්ලෙක්….මම තනියම හතරපාරක් ටවුන් එකේ ඇවිද්දා ඔයාගෙ පාටියෙ ඩෙකරේෂන් වලට බඩු හොයන්න….එයා එක සැරයක්වත් මං දිහා වැරදියට බැලුවෙ නෑ…ඒත් ටවුමෙ ඇවිදිනකොට මං ලඟින්ම ගියා….ඒත් මගේ ඇඟේ එකපාරක්වත් එයා ගැවුනෙවත් නෑ…
කවුරුවත් ඇඟේ හැප්පෙන්න ආවෙත් නෑ…වෙනදට එහෙමද …..මීටර් දහයක් පයින් ගියොත් විසිදෙනෙක්වත් ඇඟේ ගැවිලා යනවා…මාර බොඩිගාර්ඩ් කෙනෙක් මෙයා…උඹට මාර සේෆ්ටි එකක් හම්බවෙන්නෙ එයාගෙන්…දන්නවනෙ කාලෙ හැටි…..ඔහොම කොල්ලො නෑ හැමතැනම සහේලි….”
“ඒක ඇත්ත…ඒත් මගේ ස්ටයිල් ගැන එයාට මොකක්ද තියෙන ප්රශ්නෙ…මම දැන් ඇඳුම් එහෙම අඳින්න ඕනත් එයා කියන විදියටද?”
“එතකොට ඔයාගෙ පලමු ප්රේමවන්තයා මොකද කියන්නෙ….”
“එයානම් ම⁣ට නිදහස දීලා තියෙන්නෙ කැමති දෙයක් අඳින්න.කැමති දෙයක් කරන්න….”
“වාව්…මාරයි….එහෙමනම් ඔයාගැන වැඩිම ආදරයක් තියෙන්නෙ,ඔයාගැන වැඩියෙන්ම හිතන්නෙ කවුරු කියලද ඔයා හිතන්නෙ….”
“සහස්….මගේ පණ එයා තමයි ඉතින්….එයා මගේ නිදහස මට දීලා තියෙනවා…සෝ….”
“බට් යු ආ නොට් රයිට් සහේලි….මම ඔයාව පොඩිකාලෙ ඉඳන්ම ආශ්රය කරන හින්දමයි මේ කියන්නෙ…තේරුම් ගන්න එක නොගන්න එක ඔයාගෙ වැඩක්….ඒත් ඔයා මේක තේරුම් ගන්නම ඕනි….”
“ඕ කේ…ටෙල් මී දිස් චානු….”
“මෙහෙමයි…ඔයා හිතනවා සහස් ඔයාගැන ගොඩාක් හිතනවා කියලා….ඒත් එයා ඔයාට එච්චරටම ආදරේ නම් එහෙම කරයිද?මම දන්න විදියට ආදරේදි නීති දාන්නෙ වැඩියෙන්ම ආදරේ අය…ඒ අනිත් කෙනාව නැතිවෙයි කියන බයට…ඉතින් නීති දාන්නෙ නෑ කියන්නෙ, එයාට එහෙම බයක් නෑ…ඒ කියන්නෙ එයාට ඔයාව නැති වුනත් ප්රශ්නයක් නෑ කියන එක…”
“අනේ මන්දා චානු….ඔයාටත් මිගාරගෙ ලෙඩේ බෝ වෙලා….අපි ඕවා කල්පනා කරමු පාටි එකෙන් පස්සෙ….”
සහේලි අකමැතී චානු වුවත් මිගාර දෙන උපදෙස්ම දෙන නිසා…ඇයට කෙසේ හෝ ඇත්ත වටහා දෙන බවට චානු තමන්ටම පොරොන්දු වුනා….ඒ මිගාර ඇයගෙන් කල එකම එක ඉල්ලීමක් නිසා……
මේ වෙද්දි සහේලි සහස්ට උපන්දින සාදය ගැන පවසා තිබුණා….ඔහුට ඇයගෙන් ඇරයුමක්ද ලැබුණේ බලාපොරොත්තු වූ ලෙසමයි….සහේලි තමන් යටතට ගතහැකි බව සහස් තේරුම් ගත්තේ ඇයහා කතාකල පලමු වචන කිහිපයෙන්මයි…..ඒ නිසා ඔහුගේ සිතේ තිබූ ආශාවන් හෙට දිනට පෙර සැබෑ කරගැනීමට පහසු වේවි කියා සහස් තහවුරු කරගත්තද ඔහුට මිගාරගෙන් බාධා වන බවත් ඔහුට දැනුණා…
ධනවත් බව පිටතට පෙන්වා සිටියත් සහස් සතුව කිසිදු වත්කමක් ⁣තිබුණෙ නෑ….ඔහුගේ වත්කම වූයේ ඇඳුම් පැළඳුම් ඇතිතරම් ලබාදෙන මිතුරාත් ඔහු සබඳකම් ඇති කරගන්නා ධනවත් පවුල්වල තරුණියනුත්.ඔහු නවීන ඇඳුම් ලබාගන්නා මිතුරා ඒවා සහස්ට ලබා දීම සිදුකළේ සහස් මිතුරු කර ගන්නා තරුණියන් අවසානයේ ඔහුට ලබාදීමේ පොරොන්දුව මතයි….ඒ කායික ආශාවන් ඉටුකර ගැනීමට…නමුත් ඊටපෙර සහස් ඒ උවමනා ඉෂ්ඨකරගත්තේ හිත්පිත් නැති ලෙස…..ඔවුන්ගේ සතුට වූයේ ඒ අහිංසක තරුණියන්ගේ කඳුළු……කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙනුත් තරුණියන්ව සහස් ලංකරගත්තත් ඒ සියලු දෙනාටම අත්වුනේ එකම ඉරණමමයි…එය මුදලට එහා ඔවුන් ලැබූ ප්රතිලාභයයි.
ඔවුන් දෙදෙනාගේ රැකියාව එයයි….කාලයක් තිස්සේ අපහසුවකින් තොරව එය ඔවුන් දෙදෙනා සිදුකළේ රව⁣ටා ගත් ධනවත් තරුණියන්ගේ සියලුම දේ ඔවුන් දෙදෙනා උපක්රමශීලීව ලබාගත් නිසයි…..ඒ නිසා කිසිදු තරුණියක් ඔවුන්ට විරුද්ධව කතාකලේ නෑ…..කතාකිරීමට ශක්තියක් ඔවුන්ට තිබුණෙත් නෑ….
                                                                      පුබුදු දිසානායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!