කුණාටුව ගැන පෙරනිමිති කිව්ව වළල්ල (අධ්‍යාපන)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක අලුත් දෙයක් වෙන්න පුලුවන් සමහර අයට 🤷😯🌪️
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
🤷 මොකක්ද මේ රැස් වලල්ල
-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-
ඔයාලා සමාජ ජාල වල මේ දවස් වල සැහෙන්න දකින්න ඇති මේ සද වටේ සහ ඉර වටේ තියන දේදුන්නක් වගේ වලල්ලක් ගැන කස්ටිය කතා වෙනවා. අපි අද කතාකරමු මේ ගැන 🌈❤
🌈 Intro
°°°°°°°°°°°
මේ රැස් වලල්ල අපි ඉරේ වගේම හදේ දකිනවා. මේ වලල්ලට අපි කියනවා halo එකක් කියලා. අහසේ දකින්න පුලුවන් දෘශ්යමය සංසිද්ධි වලින් මේක අයත් වෙන්නෙ ice crystal halo කියන කොටසට. මෙහි නිවැරදි නම තමා 22° halo කියන එක.
සද වටේ මේ වගේ තියෙනකොට අපි මේකට සද මඩල කියලා කියනවා. මේක අපි english වලින් moon ring / winter halo කියලා කියනවා. මේවා සාමාන්යයෙන් අවුරුද්දකට සියවතාවක් පමන පේනවා. ඔව් ඔයා හිතුවා හරි ඒ කියන්නෙ මේ winter halos දේදුනු වලට වඩා සුලබව පේනවා අවුරුද්දක් තුලදි.
🤷 කොහොමද මේක හැදෙන්නෙ ?
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මෙතන පොඩි භෞතික විද්යාව වචන ටිකක් තියනවා මම සරල කරලා කියන්නම් හොදේ….
මේ රැස් වලල්ල සෑදෙන්නෙ විශේෂ වලාකුළු විශේෂයක් ඕන. ඒවා cirrus හෝ cirrostratus clouds කියලා හදුන්වනවා. මේවා ඉහල අහසේ සෑහෙන්න උන්නතාංශයක තියෙන්නේ. ඒ නිසා මේ වලාකුළු වල ජලය ice crystals ( අයිස් ස්ඵටික ) බවට පත් වෙලා තියෙන්නෙ.
මේ අයිස් ස්ඵටික වල විශේෂ හැඩයක් තියනවා. මේවා ශඩාස්රාකාර ( hexagonal ) හැඩැති අයිස් ස්ඵටික.
👩‍🏫 අපි පැහැදිලි කිරීමට බහිමු….
දැන් සදෙන් හෝ ඉරෙන් ලබෙන ආලෝක කිරන මේ ශඩාස්රාකාර හැඩැති ස්ඵටික වලට පතිත උනාම අපි දන්නවා ආලෝකය එක් මාධ්යයක ඉදලා තවත් මාධ්යයකට යනකොට වර්තනයට ලක් වෙනවා. ආලෝක කිරනයේ දිශාව නැත්නම් කෝනය වෙනස් වෙනවා.
මේ විදිහට අයිස් ස්ඵටිකයක් තුලට ඇතුල්වෙන ආලෝක කිරනය අවස්තා දෙකකදී වර්තනයට ලක් වෙලා අයිස් ස්ඵටිකයෙන් එලියට යනවා.
අයිස් ස්ඵටිකය මත පතිත උන ආලෝක කිරනය පතන කිරනය ලෙසත් වර්තනයට ලක් වෙලා අවසානයේ එලියට ගිය ආලොක කිරනය නිර්ගත කිරනය කියලා හදුන්වනවා.
මේ පතන කිරනය සාදන පතන කෝනයත් නිර්ගත කිරනය සාදන නිර්ගත කෝනයත් අතර වෙනස අපි කියනවා අපගමන කෝනය කියලා.
මේ අපගමන කෝනය අංශක 22ට වඩා අඩුයි නම් ආලෝකය අයිස් ස්ඵටිකයෙන් වර්තනයට ලක් වෙනෙ නෑ. නමුත් අපගමන කෝනය අංශක 22ට වඩා වැඩි නම් අන්න එතකොට වර්තනය වෙලා ලස්සන රැස් වල්ලක් හදනවා ඉර හෝ හද වටේ. මෙන්න මේ කෝනයෙ වැදගත්ම නිසා තමා මේකට 22° halo කියලා කියන්නෙ.
හොදයි ඔයාලගෙන් සමහර අයට මෙලෝ සන්සාරයක් තේරුනේ නෑ වෙන්න පුලුවන්. ඒකට අවුල් ගන්න දෙයක් නෑ. මම මේක සරලවම කිව්වොත්…
අහසේ තිබෙනවා විශේෂ වලාකුළු වගයක්. ඒවා cirrus හෝ cirrostratus clouds කියලා හදුන්වනවා. ඒ වලාකුළු වල තිබෙන ශඩාස්රාකාර හැඩැති අයිස් ස්ඵටික වලින් ආලෝකය වර්තනයට ලක් වෙලා තමයි මේ රැස් වලල්ල නැත්නම් halo එක හැදෙන්නෙ.
දැන් මම හිතනවා මේ සංසිද්ධිය කස්ටියගේ මීටරේට වැටෙන්න ඇති කියලා.
🌈 රැස් වලල්ල දැක්කම එන ප්රශ්න……
1. වලල්ල ඇතුල අදුරුයි පිටත එලියයි…
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේකට හේතුව තමා අර අංශක 22 කෝනය. අපගමන කෝනය අංශක 22ට වැඩි කොටස මම හරියටම කිව්වොත් 22 ° – 55 ° දක්වා අපගමන වෙන ආලෝක කිරන තමා වර්තනයට ලක් වෙන්නෙ. ඊට අඩු ඒවා වර්තනයට භාජනය වෙන්නෙ නෑ. ඒ නිසා ඇතුල අදුරුයි වටේට යම් වපසරියක කොටසක් විතරයි ආලොකමත්. කෝමද වැඩේ 😯
2. වලල්ල ඇතුල රතු පිටත නිල් ??????
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ඔව් ඔයාලා හොදින් නිරීක්ශනය කරොත් රැස් වලල්ලේ ඇතුල රතු පාට පිටතම කොටස් නිල පාටට හුරුයි.
මේකට හේතුව තමා….
දැන් ආලෝකය එන්නෙ සුදු පාට කිරන විදිහට. නමුත් අපි දන්නවා සුදු කියන්නෙ වර්න හතක එකතුවක්. මේ එක් එක් වර්නයට තිබෙනවා එයටම ආවේනික උන තරංග ආයාමයක්.
අපි ඉස්සර කවියක් පාඩම් කරේ රතු තැබිලි කඩන් කොල්ලා……. අන්න එහෙම එකක්. ඒකෙන් කියවෙන්නෙ තරංග ආයාමය වැඩිම එකේ ඉදන් අඩුම එක දක්වා වර්න ටික පිලිවෙලින්. ඒ වර්න පිලිවෙලින් ,
රතු , තැබිලි, කහ, කොල, ඉන්ඩිගෝ, නිල් , දම්
ඉතින් මේ සුදු ආලෝකය වර්තනයට භාජනය වෙනකොට සුදු ආලෝකයේ එක් එක් වර්නය එයාලගේ තරංග ආයාමය අනුව තමා වර්තනයට ලක් වෙන්නෙ.
මෙහි සම්බන්ධතාව තමා තරංග ආයාමය අඩුයි නම් එය වැඩිපුර වර්තනයට ලක් වෙනවා. ඒ කියන්නේ කෝනය වැඩී ඈතින් තමා පිහිටන්නෙ. තරංග ආයාමය වැඩි නම් එය වර්තනයට ලක් වෙන්නෙ අඩුවෙන් කෝනය පොඩි ඒ කියන්නෙ ලගින් තියෙන්නෙ.
අන්න ඒ නිසා තමා රතු , මෙය තමා තරංග ආයාමය වැඩිම වර්නය. ඒ නිසා අඩුවෙන් වර්තනය වෙලා ලගින් නැත්නම් රැස්වලල්ලේ ඇතුලෙන් පිහිටනවා.
එතකොට නිල් මෙහි තරංග ආයාමය අඩුයි ඒ නිසා වර්තනයට ලක් වෙනවා වැඩිපුර. එතකොට කෝනය වැඩී දුරින් පිහිටන්නෙ.
ඔන්න ඔය නිසා තමයි රතු වලල්ල ඇතුලේ සහ නිල් වලල්ල පිට තියෙන්නෙ.
හම්මේ….. ඔන්න අවසාන ටික…
🌪️ කාලගුණය ගැන පෙරනිමිති !!!!.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ලොකු කුනාටුවක් එන්න කලින් මේ වගේ රැස් වලලු ඇති වෙනවා. ඔයා හිතුව හරි කුනාටුවක් එනවා කියලා කලින් warning එකක් දෙනවා මේවගෙන්. අපි කලින් කතාකරපු cirrus / cirrostratus කියන වලාකුළු විශේෂ සෑදෙන්නෙ කුනාටු කාලගුණයක් අතලග තියෙනවා නම්.
මේ වලාකුළු නිසා රැස්වලලු ඇති වෙනවා.
සමහර අවස්තාවලදි මේ රැස් වලලු ලොකු වැස්සක් එන්න කලින් ඇතිවෙනවා කියලා ගොවිතැන් කටයුතු කරන අය විශ්වාස කරනවා. ඒ වගේම සමහර අය කියනව ශීතකාලයක් ඉදිරියට එනබව මෙමගින් කියනවා කියලා.
හැබැයි මෙය 100% සත්ය නෑ !!!!!!
සත්ය නෑ කියන්න හේතුව තමයි….. මේ වලාකුළු කුනාටුවක් එන්න කලින් සෑදුනාට විවිද වායුගෝලීය තත්වයන් නිසා හැදෙන්නත් පුලුවන්. ඔව් මේ වලාකුළු නිකනුත් හැදෙනවා කුනාටුවක්ම එන්නම ඕන නෑ. ඒ නිසා අපිට නිශ්චිතවම කියන්න බෑ මේ වලාකුළු සෑදුනේ කුනාටුවක් අතලග නිසා කියලා.
ඒ නිසා කවුරුත් මේ රැස්වලලු තියෙනවා කියලා කුනාටුවක් එනවා කියලා 100% විශ්වාසය කරන්න එපා. මොකද රැස් වලල්ලට හේතු උන වලාකුළු කුනාටුවක් නෙවෙයි වෙනයම් වායුගෝලීය තත්වයක් නිසා ඇති උනා වෙන්න පුලුවන්. නමුත් කුනාටුවක් එනවා කියලා යම් සම්භාවිතාවයක් තියනවා.
නමුත් විද්යාත්ඥයෝ මේ වලාකුළු හෝ රැස් වලල්ලෙන් කාලගුණ අනාවැකි පලකරන්නෙ නෑ. මොකද ඊට වඩා ඉහල තාක්ෂණික ක්රම මේ වෙනකොට තියෙනවා. මේ රැස්වලලු සහ කුනාටු මතය විද්යාත්ඥයෝ නම් එයාලගේ උපකල්පනයන්ට එලබෙන්න භාවිත කරන්නෙ නෑ හොදේ.
මට හිතුන දේ !!!!
°°°°°°°°°°°°°°°°°°°
මට මේ පෝස්ට් එක ලියනකොට හිතුන දේ තමයි…
ගිය මාසය පුරාවටම ගොඩාක් දෙනෙක් මේ රැස්වලලු දැකලා තිබ්බා. මේ රැස් වලල්ල මගින් දුන්නෙ අපිට මේ දැන් අතිවෙලා තිබෙන Burevi සුලි කුනාටුව ගැන අනතුරු ඇගවීමක්ද !!!!! 😯🤷
( විද්යාත්මකව මට හිතුන දේ නම් වැරදී වගේ හැබැයි 🤭😅 )
🌪️🌈😯🤷🌪️🌈😯🤷
හම්මේ.. ඔන්න ඕක තමා අද කතාව. මම හිතනවා අලුත් දෙයක් හැමෝම ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මොකක්ද මේ වලලු ගැන හිතන්නේ. කාලගුණය අනාවැකි යම් ආකාරයට සත්යද ? ඔයාලට මේ පිලිබදව විශේෂ අත්දැකීම් තියෙනවද ?
මොකක්ද මේ ගැන ඔයාලගේ අදහස අනිවා කමෙන්ට් සෙක්ශන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ 😋❤
එහෙනම් අපි තව මේ වගේ පෝස්ට් එකකින් සෙට් වෙමු 🤗
✍️…. Praveen Nisanga Randunu
From The Page
දැනුම් සාගරය-The Ocean Of Knowledge Official

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!