වාතයෙන් ජලය???? (විද්යා හා තාක්ෂණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔව් ඒක හිතා ගන්නත් අමාරුයි තමයි. හැබැයි ඔන්න වාතය ජලය බවට පරිවර්තනය කරන්න හැකි උපකරණය කුත් ලෝකයට එළි දක්වලා තියෙනවා. ඒ ගැන කියන්න කලින් ලෝකයේ ජල ප්රශ්නය ගැන බලලා ඉන්න එක හොඳයි කියලා තමයි කියල තමයි මට හිතෙන්නෙ.
වර්තමාන ලෝකයේ බිලියන සංඛ්යාත ජනයා පානීය ජල හිඟයෙන් පීඩා විඳිනවා. ජල දූශණය අධික වීමෙන් ජල මූලාශ්ර දූෂණය වීම ජලය ලවනීකරනය වීම වැනි හේතු නිසා ලෝක ජනගහණයෙන් විශාල සංඛ්යාවකට පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි දිගටම ජල දූෂණය සිදු කළහොත් අපිටත් මේ ගැටළුවට මුහුණ දෙන්න වෙන දවස වැඩි ඈතක නොවේ.
ඒත් අපිට පානීය ජලය හදන්න පුලුවන්නම්??????
ඔන්න ඊශ්රායලයේ විද්යාඥ වරු පිරිසක් පානීය ජල ප්රශ්නයට විසඳුමක් සොයාගෙන තිබෙනවා. මෙම උපකරණයෙන් සිදුවන්නේ අපට වාතයේ පවතින ජල වාෂ්ප අවශෝෂණය කර එය පිරිසිදු කිරීමයි. දෙවනුව එය ජලය බවට පරිවර්තනය කරයි ඉන්පසු ඛනිජ ලවණ ජලය ද එක් කරන අතර ජලය ශීතනය කර පානය සඳහා මුදාහරිනු ලබයි. මෙම ඊස්රායලයේ විද්යාඥයන් මෙම උපකරණය නිපදවා ඇත්තේ වසර 11 ක අඛණ්ඩ පරීක්ෂණවල ප්රතිඵලයකින් වීම ද විශේෂත්වයක්.
මෙම තාක්ෂණයට ලෝකයේ ඉතා වැදගත් වෙනසක් සිදුකළ හැකිය. මෙම උපකරණය පානීය ජල හිඟතාව පවතින ස්ථාන ස්වභාවික ආපදාවලින් අවතැන් වූ ජනයා හට ජලය ලබා දීම වැනි දේ සඳහා භාවිතා කරන්න පුළුවන් මෙම උපකරණය ඉතා අඩු මිල ගණන් යටතේ නුදුරු අනාගතයේම වෙළදපොලට නිකුත් වීමට නියමිතයි.

 

 

Valley News - Clean water from humid air

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!