පුංචි කතාවක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කාලකණ්ණි සත්තු… එනවා මෙතන අපිට වද දෙන්නම
ගන්න දෙයක් නෑ ,හැමතැනම ජරා කරනවා… ශික් විතරක් …
දුප් යන්න ජරා බල්ලා….
එහෙම කියලා ඔයා මට ලීයකින් දමලා ගැහුවා… ඒ ලීය ඇවිත් වැදුණේ මගේ කකුලක…
මට ගොඩක් රිදුනා… කකුල උස්ස ගන්නත් අමාරුයි…ඒ තරම් රිදෙනවා..මම ආවේ සල්ලි ඉල්ලගෙන නෙමෙයි..ඔයාලා කාලා ඉතුරු වෙච්ච දෙයක් තියනවා නම් ඒ ටික කාලා බඩ පුරව ගන්න විතරයි ..
ඒත් මෙහෙම ගුටි කකා මට තවත් එතන ඉන්න බැරි නිසා මම හෙමිහිට හෙමිහිට පාර දිගේම ආවා..
එහෙම එද්දි මම දැක්කා කෑම ජාති ගොඩක් තියෙන කඩයක්.. ඒ කඩේ දි ගොඩක් අය කෑම කකා හිටියා …එක්කෙනෙක් හරි මට කන්න දෙයක් දෙයි කියලා හිතුන නිසා මම එතන ටිකක් වෙලා බලාගෙන හිටියා… මට ගොඩක් බඩගිනි වෙලා හිටියේ..
මම දැක්කා මිනිසුන් දෙතුන් දෙනෙක් මම දිහා බලනවා. අනේ මට හිතුණා කරුණාවන්ත මිනිස්සුත් ඉන්නවා නේද කියලා …
ඒත් මම හිතුවෙ නැති දෙයක් උනේ. එතන හිටිය එක මනුස්සයෙක් මට බැන ගෙන බැනගෙන ගිහින් ඒ මනුස්සයා බිබි හිටපු තේ එක මගේ ඇඟට දැම්මා… දෙයියනේ මම අනූ නවයෙන් බේරුනෙ …ඒත් ඒ තේ වතුර පොඩ්ඩක් මගෙ ඇඟට වැටුණා ..
පුදුම රස්නයක් නේ තිබුණේ … ඉතින් තවත් අනතුරක් වෙන්න කලින් මම එතනින් දුවගෙන ගියා.
ඇවිදලා ඇවිදලා හරිම මහන්සියි….බඩගිනියි.. වතුර තිබහයි …
මේ දවස් වල වැස්ස නිසා පාරේ තිබුන වලකින් වතුර ටිකක් බීලා පිපාසය නිවා ගත්තා…මට ඕනේ උනේ බඩට මොනවා හරි දා ගන්න…
මට ඉන්න තැනක් නැහැ …කන්න දෙන්න කෙනෙක් නැහැ …ඒ විතරක් ද මට කතා කරලා ඉල්ලන්නත් බැහැ… ඔහොම හිත හිත මම පාර දිගටම ගියා. එහෙම යනකොට මම දැක්කා එක ගෙදරක කෑම වගයක් එළියේ තියනවා ..ඉතින් මම එතන නතර උනා. මට යන්නත් බයයි.ඒත් බඩගින්න ඊට වඩා වැඩියි …ඒ නිසා මම හෙමින් හෙමින් එතෙන්ට ගිහින් බත් කටක් කන්න හදන කොටම ඒ ගෙදර හිටපු මම වගේ එකෙන් මාව පන්නගෙන ආවා. ඌ මට හැපුවා.මට තුවාල උනා.කොහොම හරි මම උගෙන් බේරිලා ආයෙමත් පාරටම ආවා.
මම මොන තරම් පවුකාරයි ද ? මට එපා වෙලා හිටියේ … හති දම දමා මම ආයෙත් ගමන පටන් ගත්තා …කොහෙන්වත් කන්න ලැබුණේ නෑ . ඔහොම ඉද්දි මම දැක්කා කඩේකට පාන් දාන මනුස්සයෙක්… ඒ මනුස්සයා පාන් අරන් කඩේ ඇතුළට යද්දි එක පාන් එකක් බිමට වැටුණා …මම දුවලා ගිහින් ඒ පාන් ගෙඩිය අරගෙන පණ එපා කියලා දිව්වා. පාන් ගෙනාපු මනුස්සයා මට බැන්නා ..මාව පස්සෙ එලවගෙන ආව. ඒත් මාව අල්ල ගන්න බැරි උනා. මම ගොඩක් දුර ගිහින් මිනිස්සු නැති තැනක් බලලා පාන් ගෙඩිය කන්න හැදුවා… එතකොටම කොහෙදෝ ඉදලා ආපු මම වගේ උන් ටිකක් මාව පන්නන්න ගත්තා …මම පාන් ගෙඩිය අතෑරලා දිව්වෙ පන බේර ගන්න …
එහෙම ගිහින් මම නතර උනේ ගෙදරක් ළඟ …
ආ… උඹලා ආවද ? එනකම් තමයි මම බලන් හිටියේ …
එහෙම කියපු මනුස්සයෙක් මම දිහා බලලා ගේ ඇතුළුට ගියා.
හරිම පුදුමයි…ඒ මනුස්සයා … පත්තරයකට දාල මට බත් ගොඩක් දුන්නා…
ඉඳා කාපන්…
එහෙම කියලා බත් එක තියලා ඒ කෙනා ගේ ඇතුළුට ගියේ හිනා වෙවී… ඒ හිනවෙ හැංඟීලා තිබුන දේ මට තේරුම් ගන්න බැරි උනා…
අනේ පින් සිද්ද වෙනවා… මම එහෙම හිතින් හිතලා ඒ බත් ඔක්කොම කාගෙන කාගෙන ගියා… පුදුම රසයි…
මම හිටියේ ලොකු බඩගින්නක…ඒ බඩගින්න නිවපු මේ මනුස්සයා කොයි තරම් නම් කාරුණිකයි ද කියලා මට හිතුණා …
ඒත් බත් එක ඔක්කොම කන්න බැරි උනා. මට ලොකු අමුත්තක් දැනුණා … ඇස් දෙකත් මොකක්දෝ වෙන්න ගත්තා … එතකොට අර ගේ ඇතුළේ ඉඳලා ආපු කෙනා මට බනින්න පටන් ගත්තා …
තොපි නිසා හැමදාම කරදරයි… ජරා කරලා ගන්න තැනක් නෑ … පුදුම කරදරයක් තියෙන්නෙ …කාපන් කාපන් …උඹ ඔය කන්නේ උඹේ ජීවිතයේ අන්තිම කෑම …
ඔහොම දේවල් කිය කිය මට බනිනවා …
මම එතනින් යන්න ගියා. මට යන්නවත් පණ නැහැ …ඒත් හෙමිහිට මම කැලේ තිබුන පැත්තකට ගියා… මට හුස්ම ගන්න අමාරුයි ..
මට වෙච්ච දේ හොඳටම තේරුනා … ඒත් මම පරක්කු වැඩියි …ඒ මනුස්සයා මට ඒ තරම් රස කෑම එකක් දීලා තිබුණේ වස දාලා…
දන්නවා ද ? මගේ කුස ඇතුළේ පැටවු හිටියා කියලා …
අනේ දෙවියනේ මගේ බඩේ හිටපු පැටවු ටික…
මම මොකද කරන්නේ…මට කරන්න කිසිම දෙයක් නැහැ ..මම අසරණයි …
ඇයි මිනිසුනේ ඔහොම අපරාධයක් කලේ…. ඔව් ඇත්ත මම හොරෙන් කාලා තියනවා තමයි …ඔයාලා කෑම කන දිහා බලන් ඉන්නවා තමයි …ඒ බඩගින්න වැඩි කමට මිසක් පෙරේතකමට නෙමෙයි … ඔය විසි කරන කෑම ටිකක් අපි වගේ අයට දුන්නා නම් කොච්චර පින් ද ? සතෙක්ගෙ උනත් කුස ගිනි නිවන එක ලොකු පිනක්..
මම ගොඩක් පරක්කුයි ….මගේ හුස්ම ටික යන්න තව ටික වෙලාවයි…තව ටිකකින් මම මගේ පැටවු එක්කම මේ ලෝකයෙන්ම සමු ගන්නවා… ආයේ කවදාවත්ම මගෙන් ඔයාලට කිසිම කරදරයක් නැහැ …😢 😢
මැරෙන්න කලින් එක දෙයක් කියන්නම්…
මනුස්ස ජීවිතයක් ලබන්න ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ..ඉතින් පිනට ලැබුණු ඒ උතුම් මනුස්ස ජීවිතය කවදාවත්ම පවට යොදවන්න එපා…එහෙම උනොත් ඔබට සංසාරය පුරාවටම විඳවන්න වෙයි…
එහෙනම් මම යන්නම්…. 😢 😢
ප්රාර්ථනා කරනවා..මේ වගේ දුශ්ට මිනිස්සු ඉන්න ලෝකෙක ආයේ ඉපදෙන්න එපා කියලා …
….නිල්මි වික්රමසිංහ ….
මූලාශ්‍රය: Rms Sudarshani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!