මගේ පුංචි දරුවා දකින්න පුළුවන්ද….?
මෙහෙම ඇහුවේ අලුතෙන් උපන් තමන්ගේ පුංචි සිඟිත්තාගේ මුණ බලන්න කැමති අම්මා කෙනෙක්….
ඒ වේලාවේ ඇයගේ අතට දරුවාව ලැබුණා.ඒ පුංචි මුණ වැහිලා තිබ්බ රෙදි කඩ ඈත් කරලා ඒ මුණ දිහා බලපු අම්මා පුදුම වුනා….
වෛද්‍යවරයා රෝහල් කවුළුවෙන් ඉවත බලා ගත්තා….
මොකද එයා මේ ලෝකෙට ඇවිත් තිබ්බේ කන් දෙකම නැතුව.කාලයත් එක්ක දරුවාගේ ඇසීමේ ප්‍රශ්ණයක් නැති බව දැන ගත්තා.වෙනස වුනේ කන් පෙති නැති නිසා ඔහුගේ පෙනුමේ වූ විකෘති ස්භාවය විතරයි…..
දැන් ඒ පුංචි දරුවා පාසල් යන වයසේ….
එක් දිනක් පාසල නිම වී ආපසු නිවසට ආපු ඔහු තම මවට මෙසේ කිව්වා …..ඒ වන විටත් ඔහුගේ හිත හොඳටම රිදිලා තිබ්බේ….
” අම්මේ, පිරිමි ළමයෙක් මට අමුතු කෙනෙක් කියලා කිව්වා…..” ඒ කතාව අහපු අම්මා දිග සුසුමක් හෙළුවා….
ඔහු හැදී වැඩුණේ ඔහුගේ අවාසනාවට අභියෝග කරමින්…. ඉතා කඩවසම්ව සිටියානම් ඔහුගේ සිසු සිසුවියන් අතර ඔහු ප්‍රසාදයට පත් වීමේ හැකියාව ඔහුට තිබ්බා….
ඒ විතරක් නෙවේ ඔහුට පංති නායකයා වෙන්න හැකියාව පවා තිබුණා….නමුත් ඔහුට දෙවියන් තෑග්ගක් දීලා තිබ්බා ඔහු සංගීතය,සාහිත්‍ය කෙරෙහි උපන් හැකියාවක් ලැබිලා තිබ්බා.
“නමුත් ඔබ අනිත් සිසුන් සමග ඉන්න ඕනි “කියලා ඔහුගේ මව ඔහුට අවවාද කළත් ඇගේ සිතේ නිතරම තම දරුවා ගැන ලොකු කරුණාවක් දුකක් තිබුනි….
දවසක් මේ දරුවාගේ තාත්තා මේ රෝගයට ප්‍රතිකාර කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් මුණ ගැසුනා…. ඒ වෛද්‍යවරයාගේ අදහස වුණේ බාහිර කන් පෙති පරිත්‍යාග කිරිමට කෙනෙක් සොයාගන්න පුළුවන් නම් ඒ සැත්කම සිදු කළ හැකි බවයි……
ඉතින් ඒ ළමයා වෙනුවෙන් එවැනි කැපකිරීමක් කළ හැකි පුද්ගලයෙකු සෙවීම ආරම්භ වුණා….වසර දෙකක් ඔය විදියට ගත වුණා…..
ඊට පස්සේ දවසක තත්තා මෙහෙම කිව්වා…..
” පුතේ දැන් ඔයා රෝහලට යනවා.,ඔයාගේ අම්මාටයි මටයි කෙනෙක් හම්බවුණා. එයා කැමතියි ඔයාට උදව් කරන්න….හැබැයි පුතේ ඒක රහසක්…”
සැත්කම හිතුවේවත් නැති විදියට සාර්ථක වුණා…..
අලුත් පෙනුමත් එක්ක ඔහු වෙනස්ම කෙනෙක් වුනා. උපතින් ලැබුණ දක්ශතාවය එක්ක ඔහු ජය පිට ජය ලැබුවා….. ඉක්මනින්ම පාසලේ වගේම සමාජයෙත් ජනප්‍රිය කෙනෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා….
පසුව ඔහු විවාහ වූණා…. ඉන් පස්සේ ඔහුට රාජ්‍යතාන්ත්‍රික සේවයටත් ඇතුලත් වෙන්න පුළුවන් වුණා….මේ හැම දේකටම පස්සේ ඔහු ආයෙත් වතාවක් තාත්තාගෙන් මෙහෙම අහනවා….
“ඒත් මම දැනගන්න ඕනේ තාත්තේ මට මේ උදව්ව කරේ කවුද….? මම ඒ කෙනාට කවදාවත් ස්තූති කරන්න වුණේ නෑ…
” මම විශ්වාස කරන්නේ නැහැ ඔබට ඒ දේ කරන්න පුළුවන් වේවි කියලා “යනුවෙන් තාත්තා කිව්වා…..
ඒ වගේම ඔහු තවදුරටත් මෙහෙම කිව්වා.” නමුත් මේ ගිවිසුමේ හැටියට ඔයා මේ දේ දැන ගන්න දවසක් ඒවි…..එතකම් මේ දේ රහසක් පුතේ.” ඔන්න ඔහොම අවුරුදු ගණනාවක් ගත වුණා….
දවසක් ආවා. ඒ තාත්තාගෙයි පුතාගෙයි ජිවිතේ අදුරුම දවසක්…තාත්තයි පුතායි ඒ වෙලාවේ හිටියේ අම්මාගේ මිනී පෙට්ටිය ළග…..
ඉතින් අම්මාගෙ දිග ඝණ කොන්ඩේ එහාට කරපු තාත්තා පුතාගෙන් ඇහුවේ “අම්මා කවදාවත් එයාගෙ කොණ්ඩේ කපන්න කැමති වුණේ නැත්තේ මේ නිසා පුතේ….. ”
පුතා පුදුම වුණා…
ඒ අම්මාට කණ් දෙකක් තිබ්බේ නෑ. පුතා අන්තිමට කිව්වේ “මගේ අම්මා ලස්සන අඩු කෙනෙක් කියලා කිසි කෙනෙක් හිතන් නෑ නේද ….?” කියලා….
….ධනුෂ්ක චතුරංග ….
පසු සටහන :-
සැබෑ සුන්දරත්වය තියෙන්නේ බාහිර පෙනුම තුළ නොවෙයි…. සැබෑ ආදරේ කියන්නේ අපිට පෙනෙන දේ විතරක් නෙවේ සමහර වෙලාවට අපිට ඒක දකින්න බෑ.. සැබෑ ආදරය කියන්නේ පෙන්න දැනෙන්න කරන හැමදේමත් නෙවේ , ඒ අපිට අනිත් කෙනා නොදැන ඒ කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් පරිත්‍යාගය…..
අම්මලාගේ තාත්තලාගේ ආදරය මහාමෙරක් වගේ .වෙලාවකට අපිට හිතා ගන්නත් අමාරුයි . මේ කතාව ඔබට සමීප වුණා නම් තවත් කෙනෙක්ට බලන්න ශේයාර් කරන්න …..හිතට දැනුනු දේ කොමන්ට් එකකින් කියාගෙන යන්න..
උ.ගැනීමකි
මූලාශ්‍රය : Ranjani Indi