මම දවසක උදේ දුව ඉස්කෝලෙ බස්සලා වැඩට යන්න, ඉස්කෝලේ පාරේ ඉඳලා ප්රධානපාරට වාහනේ දාන්න ඉන්නවා. එතන ට්රැෆික් ලයිට් නෑ, වාහන කඩාගෙන එනවා අසූව තමයි ලිමිට් එක. හැම එකාම ඉතින් වැඩට යන්න හදිස්සිය නේ. ඊට එහා ට්රැෆික් ලයිට් එකේ රතු වැටුනම අනතුරක් නැතුව දාන්න පුලුවන් නිසා මම කලබලයක් නැතුව හිටියා.
මගේ පිටිපස්සෙනුත් වාහනයක් නවත්තලා තිබුනා. ඒකේ හිටපු ඩ්රයිවර්ට ඉවසීමක් නැතුව, ඔන්න හෝන් එක ගැහනවා හිටලා. මෙහේ එහෙම හෝන් ගහන්නෙ නෑ, ඒක ටිකක් රූඩ් නිසා. මම බෝ පැලේ වගේ හිටියට සමහර දේවල්වලට තරහ යනවා. අසාධාරණයන් දුටු තැන, මෙතන අසාධාරණයි එහෙම කරපු එක. එයාට හදිස්සියි කියලා මම මැරෙන්නද කඩාගෙන එන වාහන ඉස්සරහට මගේ වාහනේ දාන්නේ.
අර ඊට එහා ට්රැෆික් ලයිට් එකේ රතු වැටුනා, ඒ නිසා දැන් වාහන නෑ. මම ඒත් සිංදුවක් දාගෙන රිලැක්ස් එකේ ඉන්නවා. මම දැක්කා අර කාර් එකේ දොර ඇරෙනවා මගේ කන්නාඩියෙන්. ඒකෙන් බැස්සේ සුදු නෝනා කෙනෙක්. එයා ඇවිල්ලා මගේ වීදුරුවට තට්ටු කරාම මම වීදුරුව පාත් කලා. එයා රකුසු මූනක් දාලා, ඇස් රෝල් කරලා
‘What are you doing (මොනවද ඔබ කරන්නේ?)’
කියල ඇහුවා
‘me? (මම), I am a dog trainer (මම බල්ලො පුහුන් කරන කෙනෙක්)’ කිව්වෙ හිනා වෙමින්
‘No, I asked what you are doing now? (නැහැ, මම ඇහුවෙ මේ දැන් මොකද කරන්නෙ)’
‘I am trying to train a female dog how to be patient now (දැන් මම උත්සාහ කරන්නේ ගැහැනු සුනකයෙක්ට ඉවසිම පුරුදු කරන්න)’
අර නෝනා වචනයක් කියන්නෙ නැතුව ආපහු කාර් එකට ගියා. මමත් ඊලඟ පාර අර ට්රැෆික් ලයිට් එකේ රතු වැටිලා වාහන නැවතුනාම මහ පාරට දාලා වැඩට ගියා.
කේස් ක්ලෝස් කියල ද හිතුවේ.
ඊට මාස දෙකකට විතර පස්සේ දුවගේ යාලුවෙකුගෙ උපන්දින පාටියකට දුවව බස්සන්න ගියා. මම ඉතින් දුව ගෙදර ඇතුලටම එක්කගෙන ගියාම, ගේ ඇතුලට ආපු මෝඩකම කියල හිතුනේ අපව පිලිගත්තු ගෑනු එක්කෙනාව දැක්කම. ඒ අර සුනක දේනුව. මම ඉතින් අඳුර ගත්තෙ නැතුව වගේ
‘හලො මම දේව්, ඩැනීගේ තාත්තා’
කියලා පොඩ්ඩක් ඔසී ඇක්සන්ට් එක දාලා කිව්වා. අර තරහ ගිය වෙලාවේ කතා කලේ සීයට සීයක් ලාංකික ඇක්සන්ට් එකෙන් නිසා, එයාව නොමග හරින්න.
‘මම සූ, හේලිගෙ අම්මා. එන්න මොනව හරි බීල යන්න. අනික් තාත්තලා බාබකියු එක ලඟ’
කිව්වෙ හොඳ හිනාවක් දාලා.
ඇති යන්තම් එයාට මාව මතක නෑ. ඩැනී හේලි එක්ක ගියා, මම සූ එක්ක ගේ මැදින් ගිහිල්ලා වත්තේ තිබුනු බාබකියු එක ලඟට ගියාම, එයා මාව කාටත් හඳුන්වා දීලා ගියා.
හේලිගේ තාත්තා ගැරී මට බියර් එකක් දීලා ඉතින් කතාවට වැටුනා. කැන්බරා රග්බි ටීම් එක ගැන කතා වෙලා, ඒ එක රගර් ක්රීඩකයෙක් බීලා ගිහිල්ල පොලිසියට අහුවෙලා ටීම් එකෙන් අස් කරපු එක ගැන සාකච්ඡාව.
ඔහොම ඉන්නකොට සූ ආපහු ඇවිල්ලා දෙමව්පියන්ගෙ සෙට් එකත් එක්ක කතාවට වැටුනා. ඔන්න ඉතින් හැම එක්කෙනාම කැන්බරා කාර් එලවන අයගෙ වැරදි යන මාතෘකාවට බැස්සා අර යකාගේ කෙලිය නිසා. ඉතින් සූ ගේ වාරය ආවම එයා කියාපි අර මමයි එයයි අතරෙ වුනු සිද්ධිය.
‘ඉන්දියානු ජාතිකයෙක් ඒ මිනිහා. ඒ මිනිහ මට කිව්වෙ ගැහැනු බල්ලෙක් කියලා බැල්ලි නොකියා’ කියල මහ හයියෙන් හිනා වුනා.
‘Really? ඇත්තට?’ තව නෝනා කෙනෙක් හිනා වෙවී අහනවා.
එයාගෙ හබීත් කියනවා හිනා වෙවී ‘හොඳ වැඩේ ඔයාට ඉවසීම නැති එකට. ඔයා රූඩ් වෙලා හෝන් එක ගැහුවත්, ඒ මිනිහ රූඩ් නොවී නේ ඔයාට එහෙම කිව්වෙ’ කියලා.
‘මම නම් ආයේ එහෙම හෝන් එක ගහන්නෙ නෑ. ගැහුවත් කාර් එකෙන් බැහැලා ගිහිල්ලා ගේමට නම් යන්නෙ නෑ’
‘හොඳ වැඩේ ගේමට ගියාට’ තව කෙනෙක්.
මම ඉතින් ඉවර වුනු බියර් එක මේසේ උඩින් තියලා, එස්කි එකෙන් තව බියර් එකක් අරගෙන, ඒක අරින ගමන්
‘ඔව්, ඔය ඉන්දියන්කාරයො කමකට නැහැ, කිසි කෙනෙකුට ගෞරවකරලා කතා කරන්න දන්නෙ නෑ’
කියලා අල්ලපු රට පාවලා දීලා ලංකාවෙත්, දුවගෙත් මගෙත් ගරුත්වය රැක ගත්තා. ඒ මනුස්සයත් ඒ වෙලාවෙ එහෙම උනාට නරක කෙනෙක් නෙවෙයි කියල හිතිලා මට ලැජ්ජාවක් ඇති නොවුනෙත් නෑ.
(ඒත් සූ මාව අඳුර ගත්ත ද දන්නෙ නෑ අද වෙනතුරු. අපිට චීන්නු එක වගේ සුද්දන්ටත් සේරම ආසියාතිකයෝ එක වගේ සමහර වෙලාවට. ඒකත් නරක නෑ වෙලාවකට)
උපුටා ගැනීම : Devapriya Siriwardena