මේ ලෝකේ බහුතරයක් දෙනා ඔබ මම ඇතුලුව Heart break නැත්තම් දරුණු විදියේ හදවත් බිදීමකට මුහුණ දීලා ඇති.ඒ බිදීම නිසා කී දෙනෙක් අද වෙද්දී සාර්තක වෙලා තියෙනවද?එහෙම සාර්තක වෙන්න පුලුවන්ද ? මම කියනවා ඔව් පුලුවන් ඔබට මට මේ හැමෝටම දරුණුම හදවත් බිදීමක් ජීවිතේ කඩාගෙනම වැටුන සිදිධියක් ඇති අවස්තාවක් ඇති.ඒ බිදුනු තැනින් බිදුන හදවතින් ශක්තිය ගන්න තමා මම කියලා දෙන්න යන්නේ.
මේ පුංචි කතාවක්.Onkar Kishan Khullar මහතා ටික කාලෙකට කලින් Tedx එකකදී කිව්ව කතාවක්.අවුරුදු දහස් ගනනකට පෙර මිනිස්සු හැමෝම දෙවියන් වෙලා ඉදලා තියෙනවා මේ හිටපු කාලයේදී ඔවුන් ලග ලොකු බලයක් තිබිලා තියෙනවා නමුත් ඔවුන් ඒ බලය වැරදියට භාවිතා කරන්න පටන් අරන් තියෙනවා කාලයක් යද්දි අධිපති දෙවියා මේ ගැන දැනගෙන ඒ මිනිසුන්ගෙන් බලය ලබා ගෙන තියෙන්වා.ඔහු උපදේශක වරු තිදෙනෙක්ගෙන් අහනවා මම මේ බලය ශක්තිය කොහෙද හංගන්නේ කියලා.පලවෙනි උපදේශක වරය කියනවා පොලොව යට හංගන්න කියලා හැබැයි අධිපති දෙවියා කියනවා ඒක මිනිස්සු හොයාගනී කියලා.දෙවෙනියා කියනවා මුහුද යට හංගමු කියලා.ඒත් මිනිස්සුන්ට ඒක හොයගන්න ලේසි බව තේරෙනවා අවසානම උපදේශක වරයා කියනවා කදු මුදුනක මේ ශක්තිය හංගමු කියලා නමුත් මිනිස්සු කදු තරණය කරලා මේක හොයාගනී කියලා මේ දෙවියා කියනවා.අවසානයේ ඔහු තීරණයක් ගන්නවා ඒ බලය ශක්තිය මිනිස්සුන්ගේ හදවත් තුලම සගවන්න.හැබැයි මේ ශක්තිය ක්‍රියාත්මක කරන්න භාවිතා කරන්න යතුරු දෙකයි තියෙන්නේ,
1) ආදරය
2) හදවත් බිදීම්
ඉතින් අද මම කියන්න හදන්නේ හදවත් බිදීමකින් ඔයාගේ ශක්තිය එලියට ගන්න විදිය.හදවත් බිදීමක් නැත්තම් heart break එකක් වෙන්න නම් එක්කෝ, ඔයා ආදරය කරන කෙනෙක් ඔයාව දාල යන්න ඕනේ,ඔයාට වංචාවක් කරල වෙන්න ඕනේ,නැත්තම් දරුණු පරාජයක් වෙන්න ඕනේ ඔයාගේ ජීවිතේ එහෙමත් නැත්තම් ඔයා තනි වෙලා වටේ ඉන්න හැමෝම ඔයාව කොන් කරලා වෙන්න ඕනේ.මේ කොයි දේ උනත් ඕනම කෙනෙක් බිද වැටෙනවා,මානසිකව ආතතියකට විශාදය තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්.මේ තමා ඔයාගේ ශක්තිය ඔය කඩාවැටීමම තමා ඔයාගේ බලය.මේ බලය ශක්තිය පවිච්චි කරලා ඔයාට පුලුවන් ඔයාට මෙච්චර කාලයක් බැරි උන හැබැයි හීනයක් උන දේකට ලගා වෙන්න.ඔබ ඇතුලේ මේ වැටීම් නිසා තුවාල උන හදවතක් තියෙන්නේ ඒ වේදනාව ඔබට පුලුවන් එලියට ගේන්න ඒ ඔබේ ශක්තියක් විදියට.කලාකරුවෙක් නම් ඔබේ කලාකෘතියක් තුළින් , ඔබ ශිෂ්‍යයෙක් නම් ඔබේ අධ්‍යාපනය තුළින් මේ ශක්තිය එලියට ගෙන්න අවසානයේ මනසට සැහැල්ලුවක් දැනෙයි ඔබ සාර්තක පුද්ගලයෙක් වෙලා ඉදී.
ඔබ ඔබටම ආදරය කරන්න පටන් ගන්න හොදම වෙලාව තමා ඒ.ඔබ ඔබව සතුටු කරන්න පටන් ගන්න.ඔබේ හීන වලට පන පොවන්න ඒ ශක්තිය පවිච්චි කරන්න.මතක අමතක වෙනකම් දුක තුනී වෙනකම් මහන්සි වෙන්න ඔබේ හීනයට යන්න.ඔබටත් නොදැනිම ඔබේ සාර්තකත්වය ඔබ ඉස්සරහ ගොඩ නැගෙයි.මනසින් කඩන් වැටෙන හැම මොහොතකම මහන්සි වෙන්න ඔබේ හීන වලට ඔබේ නිර්මාණශීලිත්වයෙන් ඔබේ වේදනාව එලියට දෙන්න.ඔබේ වේදනාව තුළින් ඔබව ගොඩ නගන්න.ඔබට බැරි නැහැ ඔබට පුලුවන්.
අවසානයේ ලෝකයම දන්න Will Smith කලාකරුවාගේ විශිෂ්ටත්වයට හේතුව මම ඔබට කියන්නම්.එයට හේතුව අභිප්‍රේරණය වෙන කිසිවක්ම නෙමෙයි අවුරුදු 15 ඔහු මුහුණ දුන් විරහවයි ඔහුගේ පෙම්වතිය ඔහුව රැවැට්ටීමයි.
ඔබත් ඔබේ බිදවැටීම් හදවත් බිදීම් ශක්තියක් කරගන්න දවසක ලෝකයම බබලන තාරකාවක් වෙන්න.