“මං හිතන්නේ මට Depression”
“මට මැරෙන්න හිතෙනවා”
ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ?
Depression තියෙන බොහොම දෙනෙක් දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ. තමන්ට මේ තියෙන තත්ත්වය depression,එහෙමත් නැත්නම් විශාදය තත්ත්වයක් කියලා දැන ගත්ත කෙනෙක්ගෙන් වුනත් ඉතාම සුළු පිරිසක් තමයි, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මේ ගැන හොයන්නේ.
ඒත් විශාදය තත්ත්වයකින් පෙළෙන කෙනෙක් බොහෝ විට මුලින්ම වගේම අවසාන පියවරේදීත් තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන විවෘත වෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක් ට. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවෙක්ට, ඔබ රැකියාව කරන තැන ඉන්න යාලුවෙක් එහෙම නැත්නම් ඔබත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුනොත් ඇත්තටම ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබ මොනවද නොකළ යුත්තේ ?
මේ සටහන ඒ ගැනයි.
කවුරුහරි දුකින් හිටිය පමණින්, තරමක් කළකිරීමෙන් හිටි පමණින්, එහෙම නැත්නම් “මට depression වගේ” , “මට සේරම එපාවෙලා තියෙන්නේ” කියලා කියූ පමණින් එයාට depression කියලා කියලා නිගමනය කරන්න බෑ. (එහෙම කරන්නත් එපා!)
උදාහරණෙකට කියමු ඔයාගේ ළඟම යාළුවෙක්, බැලූ පමණින් එයාට depression ඇති කියලා හිතෙන විදිහේ දේවල් කියනවා කරනවා කියලා. මුලින්ම බලන්න මේ කියන ලක්ෂණ ඔහුට/ ඇයට කියනවද කියලා.












මේ වගේ ලක්ෂණ ඔයාගේ යාලුවා පෙන්නනවනම් ඔයා මොකක්ද කරන්න ඕනෙ? 





ඇත්තෙන්ම අපේ රටවල ඒ තරම් ප්‍රසිද්ධ නොවුනත්, බටහිර රටවල බොහෝ දෙනා මනෝවෛද්‍ය උපදේශන වලට යොමු වෙන්නේ තමන්ට මානසික රෝගයක් තියෙන නිසා නෙවෙයි. ඉගෙන ගන්න වගේම රැකියාවක් කරන කාර්යබහුල අයට හොඳ මානසික සෞඛ්‍යය එක තියෙන වැදගත්කම දන්න නිසා, බටහිර රටවල බොහෝ දෙනා, පුරුද්දක් විදිහට Mental therapy sessions වලට යොමු වෙනවා. ඉතින් ඒ කාරණයත් එක්ක ඔයාගේ යාලුවට වක්‍රාකාරයෙන් පැහැදිලි කරන්න, මේ වෙලාවේ ඒ වගේ උපදේශනයකට යොමු වෙන එක හොඳ තීරණයක් කියලා.
යාලුවගෙ මානසික තත්ත්වයත් එක්ක, එහෙම සායනයක්, වෛද්‍යවරයෙක් හොයාගන්න පුලුවන් තත්වයක් නැත්නම්, මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහලා, මේ මේ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ගෙන් එයාට උදවු ගන්න පුලුවන් කියන එක කියන්න.

ඒ විදිහට ප්‍රතිකාර ආරම්භ කළාට පස්සේ, ප්‍රතිකාර වලට යොමු වෙන එක ගැන ඒ කියන්නේ හරිම වෙලාවට එයා sessions වලට සහභාගි වෙනවා ද කියන එක ගැන සැලකිල්ලෙන් ඉන්න. අනිත් හැම හැමදේටම වගේ, තමන්ට දීලා තියෙන දවසට ප්‍රතිකාර වලට යොමු වෙන්නත් යාළුවා අදි මදි කරන්න ඉඩ තියෙනවා. එහෙම වෙලාවට “මතකද ගිය සතියේ සතියෙ session එකෙන් ඔයාට ලොකු උදව්වක් වුන බව ඔයා කිව්වා, සමහර විට මේ session එකෙනුත් හොඳ දෙයක් වෙයි..” කියලා කියන්න.
විශාදය වගේ තත්ත්වයන් සනීප කරන්න ලබාදෙන ඖෂධ නිසා සාමාන්‍යයෙන්, මුල් සති කිහිපයේ සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඖෂධවලට හුරු වෙනකන් ඒවා හරි පිලිවෙලට ගන්න එකත්, අතුරු ආබාධ තමන්ට දරාගන්න අමාරුයි නම්, prescription එක වෙනස් කරගන්න එකත් වැදගත්. හොඳ යාලුවෙක් විදිහට ඔයාට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද නිර්දේශයක් නැතුව එකවරම ප්‍රතිකාර නවත්වන එක, ප්‍රතිකාර නොගෙන ඉන්නවට වැඩිය නරක ප්‍රතිඵල ගේන්න හේතු වෙන්න පුළුවන්.
මෙතැනදී යාලුවගෙ ඔයාගෙත් දෙන්නගෙම හොඳට ගන්න පුළුවන් තවත් පුංචි පියවර කිහිපයක් තියෙනවා.
ඔයාගේ කාර්යබහුලත්වයත් එක්ක, විශේෂයෙන් ඔයත් විභාගයට සූදානම් වන අවස්ථාවක වගේ නම්, දවස පුරා එයාට ඇහුම්කන් දෙන එක කරන්න ටිකක් අමාරුයි නේ. ඒ නිසා, ඒකට වෙනම වෙලාවක් වෙන්කර ගන්න. හැබැයි එයාට ඔයාව සම්බන්ධ කරගන්න අත්‍යවශ්‍ය වුණ හදිසි අවස්ථාවක, ඒ බව ඔයාට අඟවන්න, මොකක් හරි විශේෂ සලකුණක් code එකක් වගේ දෙයක් තියාගන්න.
යාලුවට ඉන්න ලොකුම ශක්තිය ඔයා වුණත්, එයාට තියෙන ආධාරය ඔයා විතරක්ම වෙන්න ඉඩ තියන්න එපා. ඔයත්, ඔයාගේ යාලුවත් හැර, තවත් ඔයාලගේ විශ්වාසවන්ත යාලුවෙක් වැඩිහිටියෙක් එකත් එක්කත් ක්‍රමයෙන් සම්බන්ධ වෙන්න, විවෘත වෙන්න ඉඩහරින්න.
මේ අදියර වෙනකොට ඔයාගේ යාලුවා උපදේශනයකට යොමු වෙලා හිටියත්, ඔයා කියන කෙරෙන දේවල්වලිනුත් එයාට ලොකු බලපෑමක් වෙන නිසා, ඉඩක් ලැබුනු වෙලාවට Depression කියන්නේ මොකක්ද , ඒක මොන තරම් සුලභ තත්ත්වයක් ද, ලෝක ජනගහනයෙන් කොයිතරම් ලොකු ප්‍රමාණයකට මේ තත්ත්වය තියෙනවද, depression එකට හේතු වෙන්නේ මොනවද, මේ වගේ දේවල් ගැන යාළුවත් එක්කම එකතු වෙලා ස්වයං අධ්‍යයනයේ යෙදෙන්න.
යාළුවට එදිනෙදා වැඩ වලට පුළුවන් විදිහට උදව් කරන්න බලන්න. හැබැයි “උදව්වක් ඕනි නම් කියන්න” කියලා කියන්න එපා. ඒ වෙනුවට, “ඔයාට අද තියෙන වැඩ වලින් මට කරන්න පුළුවන් මොකක්ද, මම අද මේ තැනට යනවා එතනින් ඔයාට කරගන්න මොනවා හරි වැඩක් තියෙනවද?” වගේ දේවල් කියන්න. ඔයාගෙ වැඩ පාඩු කරගෙන, එහෙමත් නැත්නම් එයා වෙනුවෙන් විශේෂ කැප කිරිමක් කරන බව පෙන්වන්න යන්න එපා.
mood එක change කරන්න කියලා, ට්‍රිප් යන්න, පාටි වලට බලෙන් එක්කං යන්න උත්සාහ කරන්න එපා. ඒ දේවල් වලට එයා සූදානම් වෙනකම් pressure කරන්න එපා.
ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුරේ ඔයාගේ යාලුවා එකම එක දවසක වෙන කවරදාටත් වැඩියෙන් දුකින් ඉන්නවා දැක්කොත්, ප්‍රතිකාර සේරම අසාර්ථකයි කියලා හිතන්න එපා. ඒ වගේම තමයි, හදිසියේ එක දවසක සතුටින් විනෝදෙන් හිටියා කියලා ඔයාගේ යාළුවා සම්පූර්ණයෙන් සුව වෙලා, සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා කියලා නිගමනය කරන්න යන්නත් එපා.
මේ සම්පූර්ණ ක්‍රියාවලියේදී ඔයාගේ ඉවසීමත් ගොඩක් වැදගත් කාරණයක් වෙනවා. Depression එක සුව කරන්න ගත වෙන කාලය වගේම ඒකට පාවිච්චි කරන්න ක්රමවේදයත් එක කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෙනස් වෙනවා. ඒ මුළු කාලය පුරාම ඔයාට ඔයාගේ යාලුවත් එක්ක වෙනදට වඩා තරමක් ඉවසීමෙන් වැඩ කරන්නත්, අර කලින් කියපු විදි වලට එයාට උදව් කරන්නත් පුළුවන්නම්, ඉක්මනින්ම තමන්ගේ සුපුරුදු ජීවිතේට ආයෙමත් අවතීර්ණ වෙන්න එයාට ඒක ලොකු උදව්වක් වෙයි.
උපුටා ගැනීම : Malith Madushanka