අම්මලා මන් දාල ගිහින්. (හැන්සල් ඇන්ඩ් ග්‍රේටල් මයි වර්ශන්) (රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක තමයි මන් මතක ඇති පොඩිම වයසක කරපු නසරාණිම වැඩේ. ඒ කියන්නෙ මෙතුවක් කාලෙකට කරල තියෙන වැඩවල ආරම්භය තමයි මේ.
මට ඒ කාලෙ තිබ්බ ලොකුම බය තමයි ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට ගෙදර කවුරුත් නැති එක.
“අම්මලා මාව දාල ගිහින්”
පළවෙනියටම එන සිතිවිල්ල ඒක. එතනින් එහාට ඔලුව වැඩ කරන්නෙම නෑ.මන් කොහොමද තනියෙන් ජීවත් වෙන්නෙ.
එතකොට මන් හතර වසර.ඒ එක්දාස් නමසිය අනූ හය. හෑන්ඩ් ෆෝන් තබා ලෑන්ඩ් ෆෝන් එකක් අහල ගම් හතක නෑ.එදා දොලහටද කොහෙද ඉස්කෝලෙ ඇරල මන් ගෙදර ආවා. ගෙදර කවුරුත් නෑ. ඔන්න මට අර බය දැනුනා.
මේ කාලෙ අපිට ඉඩමක් තිබ්බා අරලගංවිල පැත්තෙ. ගෙදර ඉඳන් බස් දෙකක දුර. කිලෝමීටර් තිහකට වැඩියි. අප්පච්චියි අම්මයි අපියි නිතර එහෙ යනව බයික් එකේ. “අදත් එහෙ ගිහින් ඇති.” මගේ හිත එහෙම කිව්ව. ඇයි මන් විතරක් ඉන්නෙ. මාත් යනව. මට බයයි තනියෙන් ඉන්න…
ගේ අස්සක් මුල්ලක් නෑර හෙව්ව. මාරු කාසි ගොඩක් හොයාගත්ත. ඇඳුමක් දාගත්තා. බැස්ස පාරට. ගිරාඳුරුකෝට්ටෙට ටිකක් එහායින් බෙලගන් වැව. මෙතන ඉඳන් දෙහි අත්තකණ්ඩියට එක බස් එකක් කිලෝමීටර විස්සක්. පාරෙ ඉද්දි ආව ලොරියක්. නැවත්තුවා මන් ගාව එකපාරට. අම්මටසිරි රාජා මාමා.
“පුතා කොහෙද යන්නෙ”
“ඉඩමට යනව. අම්මලා ගියා මට එන්න කියල.”
මගේ මීටරේ නිසා වැඩේ වන නොකර බේරගත්තා. මන් හතර වසරෙ ඈ..
ලොරියෙන් ආව සඳුන්පුරට. එතන ඉඳන් දෙහි අත්තකණ්ඩියට තව පොඩි දුරක් බස් එකේ. ඉතුරු ටික ආය අරලගංවිල බස් එකේ.
වාහන තුනක ගමනින් පස්සෙ ඉඩම ගාවින් බැස්සා. ඒ ඉඩමෙ පොඩි කාමර දෙකක ගෙයක් තිබ්බා. ඒකෙ තමා අපි ඉඩමෙ වැඩට ආවම ඉන්නෙ. මන් එතනට ගියා. අනේ වාසනාවන් මොකෙක්වත් නෑ ඇවිල්ලා. දැන් හිතට පොඩි බයක් දැනෙනව. ආයි යන්න සල්ලිත් නෑ.
මේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර ගම ඇතුලට අපිට කුඹුරකුත් තිබ්බ. එහෙ ඇති. මට හිතුනා. පයින්ම ගියා ගාට ගාට. දැන් තුනත් පහුවෙලා.
හැබැයි බයක් නම් හිතේ නෑ ඒ වෙනකොට. මොකද එන දේට මූණ දෙනව මිසක් ඉස්සරහ ගැන ප්ලෑන් එකක් හිතේ තිබ්බෙ නෑ. ඈතින් කුඹුර පේනකොටම හිසේ මල් පිපුනා. අප්පච්චි කුඹුරෙ කොටනව. මන් ළඟට ගියා. විස්තරේ අප්පච්චිට කිව්වා. මට මුකුත් කිව්වෙ නෑ එයා.
හවස හයට විතර අපි එතනින් ආව ගෙදර එන්න. බයික් එකේ ආවෙ.තැපැල් නයින්ටිය. හෙල්මටුත් නැතිව ආපහු ආවා.
ගෙදර එනකොට හවස හතයි.
බයික් එකේ සද්දෙට අම්ම එලියට ගේන් ආව . අතේ කෝටුවක්. එනපොට හොඳ නෑ කියල තේරුනා. බහින ගමන්ම මන් කිව්වෙ
“ගහන්න නම් එපා…මට බය හිතුනා තනියෙන් ඉන්න. ඒකයි ගියේ” කියලා
මොනා උනත් අම්මට තිබ්බ කේන්තිය නිවෙනකන් මන් ගෙට ගියෙ නෑ. ඔය අතරෙ තමයි අප්පච්චිට අම්ම ගෙදර දොර පෙන්නුවේ..
අඟුරු කෑල්ලකින් ඒක ලියල තිබ්බ මෙන්න මෙහෙම
“අම්මා. මන් කුඹුරට ආවා. අම්මා නැත්තන් ගෙදර එන්නම්…”
ඒක දැක්ක අප්පච්චිට හිනා .
“දැන් තමුසෙට ගෙදර එන්න උනානන් සල්ලි තිබ්බද එන්න? හොහ් හොහ් හෝ”
“නෑ”
එහෙනන් කොහොමද මෝඩයෝ ආපහු එන්නෙ?”හොහ් හොහ් හෝ”
ඒක මන් දැනන් හිටියෙ නෑ.ඒත් මන් දැනන් හිටිය මගේ ග්රහයා එච්චරම නීච නෑ කියල
(මේක ලියන්න හිතුනෙ අද දහයෙ එකොලහේ ළමයෙක්ට උනත් ස්වාධීනව පාරක බැහැල යන්න, බස් එකක යන්න, කඩේකට යන්න බෑ. ගෙදරින් ඉඩ දෙන්නෑ දෙයක් තනියෙන් කරගන්න.)
වැරැද්ද දරුවගෙද, දෙමව්පියන්ගෙද, සමාජෙද?
උපුටා ගැනීම : Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!