ටයිටැනික් නැව ඇත්තටම ගිලුනද?

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ටයිටැනික් නැව අනතුරට පත්වෙන්නේ එක්දහස් නවසිය දොළහේදී. ටයිටැනික් චිත්රපටිය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වුණත් ටයිටැනික් නැවේ ඇත්ත කතාව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
ඇත්තටම ටයිටැනික් නැව ගිලුනෙ කොහොමද? අපි දන්න විදියට නම් ටයිටැනික් නැව ගිලෙන්නේ විශාල අයිස් කන්දක හැපීමෙන්. ඒත් ඇත්තටම ටයිටනික් නැව එහෙම අයිස් කන්දක හැප්පිලා ගිලෙන්න පුළුවන් ද? ඇත්තටම මේ නැවට මොකද උනේ?
පරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ නැවේ ගල් අඟුරු වල ඇතිවෙච්ච ගින්නක් හින්දා ඒ පැත්තෙ වානේ කොටස දුර්වල වෙලා තියෙනවා. ඒ වෙලාවෙම නැව iceberg එකේ වැදිලා තියෙන්නේ. කොහොම වුණත් මේක නැව ගමන් කරපු හැමෝගෙම නරක වෙලාව කියලා තමයි ගොඩක් අය කියන්නෙ. මොකද අයිස් කුට්ටියක හැප්පුනා කියලා ටයිටැනික් නැව වගේ නැවක් ගිලෙන්නෙ නෑ. ඒ වගේම ගිනි අරගෙන වානේ කොටසක් දුර්වල වුණා කියලා නැවක් ගිලෙන්නේ නෑ. රාත්රියේදී අධික මීදුම හින්ද නැව මෙහෙය වූ කෙනා අයිස් කුට්ටිය දකින්නේ පරක්කු වෙලා. ඒ වෙලාවෙදිම නැව ඉතා වේගයෙන් හරවන්න උත්සහ කරද්දි තමා නැවේ දුර්වල වෙච්ච කොටස ගිහින් අයිස් කුට්ටියේ වදින්නේ.
මේ නැවේ ගල් අඟුරු ගිනි ගැනීමේ ප්රශ්නය නැව පිටත්වීම ටත් කලින් තිබ්බ කියලා සඳහන් වෙනවා. නැව පිටත්වීම ටත් කලින් නැවේ ලොකු කළු පැල්ලමක් දකින්න තිබුණා තිබුණා ලු. ඒත් නැවේ කාර්ය මණ්ඩලය එය එතරම් ගණන් අරගෙන නැහැ. තවම අවසන් වෙලාවේදී නැවේ ලොකු ගින්නක් දැක්කා කියලා කීප දෙනෙක්ම ප්රකාශ කරලා තියෙනවා. බයුරේට් කියන පුද්ගලයා මෙසේ පවසන එක් පුද්ගලයෙක්. ඔහුට ඒ වෙද්දී අවුරුදු විසිපහයි. මේ අතරින් මේ අනතුරෙන් දිවි ගලවාගන්න මේ පුද්ගලයා සමත් වෙලා තියෙනවා. ගිනි ගැනීම හින්දා නැවේ වානේ කොටස දුර්වල වීම ඒ දුර්වල මූලස්ථානය ම iceberg එකේ හැප්පීම හින්ද නැව දිගට ගැනුනා කියලා කියන්න පුළුවන්.
ඒ වගේම ටයිටැනික් නෞකාව හිතාමතාම ගිල්ලුවා කියලා කතාවක් තියෙනවා. ඊට හේතුව රක්ෂණ මුදල් ලබා ගැනීම. 1907 දී වයිට් ස්ටාර් ලයින් සමාගම නැව් කීපයක් ඉදි කිරීමට පටන් ගන්නවා මුලින්ම හදා නිම කරන්නේ ඔලිම්පික් නෞකාව. එක පාරක් මේ ඔලිම්පික් නෞකාව තවත් නැව්ක ගැටී අනතුරට පත් වෙනවා. ඒත් මේ නෞකාවට රක්ෂණ මුදල් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. හේතුව ඔලිම්පික් නැවේ වරදක් හින්දා අනතුර සිද්ධ වීම. ඔලිම්පික් නැව ප්රතිසංස්කරණ කටයුතු පරක්කු උනහම ටයිටැනික් නෞකාව නිපදවීමත් පරක්කු වෙනවා. ඒවගේම මේ සමාගම ටයිටැනික් නැව හදන්න ගොඩක් මුදල් වියදම් කරලා තිබ්බා. ඒ හින්ද ටයිටනික් නැව හදන එක කල් දාන්නබෑ. එහෙම කළා නම් වයිට් ස්ටාර් ලයින් සමාගම ලොකු මූල්ය අර්බුදයකට ලක් වෙනවා. ඉතින් මේ සමාගම ඒ මූල්ය අර්බුදයෙන් බේරෙන්ඩ හොඳ master plan එකක් ගහනවා.
ඒක තමයි ඔලිම්පික් නැව ටයිටැනික් නැව කියලා නම් කරලා මුහුද මැදදි එක ගිල්වා දැමීම. ඊට පස්සේ වන්දි මුදල් ලබා ගැනීම. ඒත් මෙයාල ළඟ කිසිම අදහසක් තිබිලා නෑ මිනිසුන් මරා දැමීමට. මෙයාලගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ ආරක්ෂක බෝට්ටු මගින් සියලු දෙනාගේ ජීවිත බේරාගැනීම නමුත් ඔවුන්ගේ ඒ අදහස ව්යවර්ථ කරමින් 1500කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වෙනවා ඒ වගේම මේ අතුරින් පස්සේ මේ අනතුරින් පස්සේ white star line සමාගමේ අධිපති ජේ. පී. මෝර්ගන් ලොකු කෝටිපතියෙක් වෙලා තියෙනවා. හැබැයි මේ ගැන විවිධ මත තියෙනවා.
කොහොම වුණත් ටයිටැනික් නෞකාව ගිලී යාමට අත්භූත හේතූන් ද පවතින බව සමහර අය කියනවා. කෝටිපති පුද්ගලයකු විසින් මේ නැවේ වසර 3000 ක් පැරණි මමියක් අරං ගිහින් තියනවා. ඒ මමියේ ශාපය නැවට වැදිලා නැව ගිලුන කියලත් සමහරු කියනවා. කොහොම උනත් අර කෝටිපති පුද්ගලයා මේ අනතුරින් මිය යනවා. ඉතින් සමහර අය නම් පවසන්නේ ටයිටැනික් නැව අනතුරට පත්වෙන්නේ ජර්මානු සබ්මැරීනයක් එල්ල කළ ප්රහාරයක් හින්දා කියලයි. නමුත් තහවුරු කරන්න සාක්ෂි නැහැ. මොකද ටයිටැනික් අනතුරට පත්වෙන්නේ එක්දහස් නවසිය දොළහේදී. ඒ කියන්නේ ලෝක යුද්ධය ආරම්භ වෙලා වත් නැහැ. එතකොට මේ රටවල් හැම එකක්ම සාමකාමීව තිබුණේ. ඒ වගේම මේ කාලේ සබ්මැරින් තාක්ෂණය දියුණුවෙලා තිබ්බෙත් නැහැ.
ඒ වගේම මේ නැවේ ගමන් කරපු හෙදියක් ගැන කතාවකුත් අන්තර්ජාලයෙ සැරිසරනවා. වයිට් ස්ටාර් ලයින් සමාගම විසින් නිර්මාණය කරනු ලබන ඔලිම්පික් ,බ්රිට්නිකා ,ටයිටැනික් යන නැව් තුනම ගිලී යනවා. මේ තුනම ගිලී යද්දි Violet Joseph කියන හෙදිය ඒ නැව් වල වැඩ කරමින් ඉඳලා තියනවා. ඒ වගේම මේ අනතුරු තුනෙන්ම දිවි බේරා ගන්න මේ හෙදිය සමත්වෙලා තියෙනවා.
ඉතින් මේ වගේ කතා ගොඩක් නැව ගිලී යාමෙන් පසු කරළියට එනවා. මේ ගැන ඔයාගේ අදහස පල්ලෙන් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එකට like කරනවට thankyou.😊
රන්දිකා සමරකෝන්
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!