Hospital (රෝහල) (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
💀 අවසානය වන තුරු තීරණය කිරීමෙන් වළකින්න.
රංජිත් නැගිටින්න. රංජිත්..
“එක්වරම ඇසුනු හඩින් මා අවදි වූයේ සුපුරුදු කටහඩක් ඇසුනාක් මෙනි.”
නමුත් මා අවදි වුනු පසු මා අසල උන් කාන්තාව නන්නාදුනන බැවිත් මා තැතිගත්තේ ඉබේටමය.
බය වෙන්න එපා .. බය වෙන්න එපා .. “මා අසල උන් සුදු ඇදගත් කාන්තාවක් පවසද්දී යම්තාක්දුරට මා සන්සුන් වූයේ මගේ මුලු ඇගම සෙලවීමටවත් නොහැකි අයුරින් වේදනාවක් මට දැනුනු බැවිනි.”
මන් මේ කොහෙද? ඔයාල කව්ද ? හිතට නැගුනු ප්රශ්න 2ක මා ඉදිරිපත් කලෙමි.
කලබල වෙන්න එපා රන්ජිත්. ඔයා හොස්පිටල් එකේ ඉන්නෙ.
මොකක්…. ඇයි ඒ මන් හොස්පිටල් එකේ ඉන්නෙ… මට මොකක්ද උනේ. ?
ඔයාට මොකක්ද උනේ කියන එක තමයි අපිටත් තියන ප්රශ්නෙ. ඔයාට යන්තම් සිහිය ආවෙ දැන්. මාස 7කට පස්සෙ.
“සුදු ඇද උන් කාන්තාව පවසන්නට විය.”
ඇය පැවසූ දේවල් මගේ මනසට වද දෙන්නට වූයේ මට කිසිවක් මතකයට නොනැගෙන බැවිනි. මොකක්ද මට වුනේ? ඇයි මන් මාස 7ක් සිහිය නැතුව හිටියෙ.? මනස පුරා ප්රශ්න දෝලනය වන්නට වුවත් එක් ප්රශ්නයකට හෝ පිලිතුරක් මගේ මතකයට නැගුනේ නැත. ඒ වෙනුවට හිස පුරා වේදනාවක් දැනෙන්නට විය.
රන්ජිත් ඔයා මොකුත් මතක් කරන්න හදන්න එපා. ඒක ඔයාට ලොකුවට බලපාන්න පුලුවන් . ඔයාගෙ මානසිකත්වයට ඒක ප්රශ්නයක් වෙන්න පුලුවන් අපිඔයාට වුනේ මොකක්ද කියල හෙමීට මතක් කරමු දැන් ටිකක් තනියම ඉන්න. මොකුත්ම මතක් නොකර ඉන්න. “මා අසල උන් කාන්තාව මා හට පවසා එතනින් නික්ම යන්නට විය.”
මන් මේ ඉන්නෙ කොහෙද? මන් මගෙන්ම ප්රශ්න කරගනිමින් වටපිට බලන්නට විය.එය රෝහලක් මෙන් දිස්වූවත් කිසිදු ශබ්දයක් හෝ නොඇසෙන තැනක් වූ නිසා පුද්ගලික රෝහලක් යැයි අනුමාන කලෙමි.
ඒත් සමගම දොර ඇරගත් පුද්ගලයින් තිදෙනෙකු මා උන් කාමරයට ඇතුල් විය බැලූ බැල්මට ඔව්න් පොලිස් නිළධාරීන් මෙන් පෙනෙන්නට විය.
ඉතින් රන්ජිත් අබේවික්රම දැන් කොහොමද? සනීපයිද? මා අසල උන් හැඩි දැඩි පොලිස් නිළධාරියා ප්රශ්න කලේය.
ඔව් සර් සනීපයි. ඒත් මන් ඇයි මෙහෙ ඉන්නෙ මොකක් වෙලාද මට ? මන් ඔහුගෙන් ප්රශ්න කලෙමි.
මිස්ටර් ඒක අපිටත් තවම ලොකුප්රශ්නයක් . මා අසල උන් පොලිස් නිළධාරියා මා හට පැවසීය..
ඒත් සමගම ඔහු පසුපසින් කාකි ඇදුම් ඇදන් උන් උස නිළධාරියා අනෙක් නිළධාරියාගේ කනට යමක් කොදුරන්නට විය. නමුත් එය මගේ දෙසවනට යම්තාක් දුරට ඇසුනි.
“බොස් මූට වෙච්ච දේවල් මතක නෑ වගේ ඒත් අපි කරන්න ආපු දේ කරල ඉමු නැත්තම් අපි තුන් දෙනාට මැරෙන්නයි වෙන්නෙ. මූට මතක නැති උනත් මූව මරල දානව ඇරෙන්න අපිට වෙන විකල්පයක් නෑ… ඔහු කෙදිරූ වදන්ය.”
මගේ ගත සීතල වන්නට වූයේ ඉබේටමය. ඇයි මුන් මාව මරන්න හදන්නෙ මන් මොකක් කරාටද ඇයි මට මේ කිසිදෙයක් මතක් වෙන් නැත්තෙ මම සිතන්නට විය . මගේ සිතුවිලි වලට බාධා කරමින් මා අසල උන් හැඩි දැඩි මිනිසා හඩ නගන්නට විය.
මොකද රන්ජිත් කල්පනා කරන්නෙ.
න් නෑ න් නෑ.. “මගේ මුවින් වචන පිටනොවන තරමට මා ගොලු වී ගොසින්ය.”
මා අසල සිටගෙන උන් හැඩි දැඩි මිනිසා එක්වරම ඔහුගේ දෑතින් මගේ ගෙල සිරකරන්නට විය.
අම්මෝ බේරගනියෝ. බේරගනියෝ. “මන් හැකි උපරිමයෙන් හඩ නගා කෑ ගසන්නට විය.”
යකෝ මුගේ කට වහපන් .. මූ කෑ ගහනව..
“ඒත් සමගම අනෙක් දෙදෙන විත් මගේ කට තද කරන්නට විය. නමුත් ඒ වන විටත් මගේ හඩ රෝහල පුරා රැව් දී හමාරය.”
රන්ජිත් ඇයි මොකක්ද? “එක්වරම දොර ඇරගෙන පැමිනි කාන්තාව පැවසූ වචන නවතා දමා ඇය කෑ ගසමින් ආපස්සටදිව යන්නට වූයේ මා අසල උන් පුද්ගලයින් කරමින් උන් දේ ඇය දුටු බැවිනි.”
ඒත් සමගම කලබල වුනු මා අසල උන් තිදෙනා දොර ඇරගෙන දිව යන්නට විය. මට හුස්ම ගන්න අපහසුවී කැස්සක් ඇති විය ඒත් සමගම මට නින්ද ගියා මෙන් දැනුනි.
නමුත් මට හීනයෙන් මෙන් යමක් පෙනෙන්නට විය.
එය රෝහලකි. මම රෝහලට ඇතුල් වන්නේ මට සෑදී තිබූ කැස්ස රෝගයට බෙහෙත් ලබාගැනීමටයි.
මෙන්න මහත්තයා බුක් කරපු නම්බර් එක. කව්න්ටරයේ උන් කාන්තාව 28ලෙසින් නම් කර තිබූ තුන්ඩුවක් මා අත තැබීය.
මා තුන්ඩුව රැගෙන ගොස් වාඩි වී උන්නේ මා හට බෙහෙත් ගැනීමට අවස්තාව උදාවන තුරුය.
නමුත් තවමත් 4 වෙනි රෝගියා ඇතුලට ගෙන්වූවා පමනි. මා හට බෙහෙත් ගැනීමට නම් තවත් වේලාවක් සිටිය යුතුය.
වාඩි වී සිටියදී මා හට මුත්රා කිරීමට අවශ්යතාවයක් හට ගත්තේය.මා වාඩි වී උන් තැනින් නැගිට ටොයිලට් එකක් සොයා රෝහල ඇතුලට ඇතුල් වුනෙමි.
ඒ මේ අත ඇවිදිමින් උන් මා හට රෝහල ඇතුලතින් ඇසෙන කෙදිරිලි හඩත් ඉකි ගසන හඩත් නිසා ඒ කුමක්දැයි බැලීමට අවශ්ය විය..
මා හෙමින් හෙමින් පය තබමින් කෙදිරිලි හඩ ඇසෙන කාමරය වෙතට පිය නැගුවෙමි..
කාමරයේ ඇදක් මත නිරුවතින් උන් කාන්තාවක් වටා වයිද්යවරු 4 දෙනෙක් වටවී සිටී.
එක් වයිද්යවරයෙන් ඇගේ පපුව අසලින් කපමින් සිටී. ඇයට සිහිය නැති කර නොමත ඈ වේදනාවෙන් ඒ මේ අත ඇඹරෙමින් සිටී.
එක් වයිද්යවරයෙක් ඇගේ මුවෙහි අත තබාගෙන උන්නේය.ඒ නිසාවෙන් ඇගේ මුවෙන් හඩක් පිටවන්නේ නැත.
අනෙක් දෙදෙනා ඇයට දැගලීමට නොහැකි වන ලෙසින් තදින් අල්ලාගෙන සිටී.
මේ රෝහල බෙහෙත් ලබාගැනීම සදහා තිබූ රෝහලක් මිස එහි කිසිදු රෝගියෙකුට නැවතී ප්රතිකාර ගැනීමට සෑදූ රෝහලක් නොවූ බැවින් මගේ හිතේ තිබූ කුතුහලය තවත් වැඩි වන්නට වූයෙන් මා සාක්කුවේ තිබූ ජංගම දුරකථනය ගෙන වීඩියෝ කරන්නට විය.
ඇගේ පපුව අසලින් කපමින් උන් වයිද්යවරයා ඇගේ පපුව ඇතුලට අත දමා ශරීරයේ කොටසක් එලියට ගන්නට විය.ඒ කොටස ගැහෙමින් තිබුනි. මා බියෙන් බලා උන්නත් මා හට මෙය මගහැර යාමට අවශ්ය නොවුනි.
සර් අපි කොහෙටද දැන් බොඩි එක ගිහින් දාන්නෙ.
“එක් වයිද්යවරයෙකු අනෙකාගෙන් ඇසීය”
ඕක අපිට අමුතු දෙයක් නෙවෙයිනෙ. අපි කාල්ටන් හොස්පිටල් එකේ මෝචරි එකට දාල කේස් එක යට ගහමු.
ඒකනෙ ඉතින් අද වෙනකන්ම කරේ.
හහ් හහ් හා. ඇතුලත උන් සිව් දෙනාම හඩ නගා සිනාසුනි.
මේ පාර නම් ලොකු ගානක් අතට එනව අපි මේ 30ට කලින් වකුගඩු 50ක් එක්ක හදවත් තිහක් යවන්න ඕන..
ඒක නම් ඇත්ත ඒත් මේ දේවල් මෙතනදි කතා කරන්න බෑ කව්රු හරි එන්න කලින් වැඩේ ඉක්මන් කරානම් නේද හොද.”ඒ කාමරයේ ඇතුලත සිට පැමිනි වයිද්යවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකු පැවසීය.”
සමාවෙන්න සර් යැයි පැවසූ අනෙක් සිව්දෙනා යලිත් ඔව්න්ගේ රාජකාරිය කරන්නට විය.
මේ දේවල් හමුවේ මගේ ඇගේමයිල් කෙලින් වී තිබුනේ අපි දෙවිවරුන් යැයි සලකන වයිද්යවරුන් ජීවිත බේරනවා වෙනුවට ජීවිත නැතිකර ශරීර අවයව ජාවාරමේ නිරත වන බව දුටු බැවිනි.
මාහට තවත් බලා සිටිය නොහැකි බැවින් මා දුරකතනය සාක්කුවේ දමාගෙන ආපසු හැරුනේ පොලීසියට ගොස් මේ සදහා ක්රියාමාර්ග ගන්නවා හැර මා හට තනිව කිසිවක් කිරීමට තරම් හැකියාවක් නොමැති බැවිනි.
නමුත් නොසිතූ දෙයක් සිදුවූයේ මේ අවස්තාවේදීය. මගේ අත අසල තිබූ බෝතලයක වැදී බිම වැටී සලාං හඩත් සමග බිදී ගියේය.
මා හට කිරීමට වෙනත් දෙයක් නොමැත. හැකි ඉක්මනින් මා දිව යන්නට විය.
කාමරයේ උන් වයිද්යවරුන් කලබලවී මා පසුපසින් දිව එන්නට විය..
මා ඉක්මනින් දිව ගොස් රෝගීන් වාඩි වී උන් තැනින් ප්රධාන මාර්ගයට දිවවිත් මගේ යතුරුපැදියේ නැගී වේගයෙන් නිවස කරා ධාවනය කලේය.
මා නිවසට ගිය වහාම මගේ ලග තිබූ ජංගම දුරකථනයෙන් ගත් දර්ශන නරඹන්නට විය. ඒ දර්ශන දුටුවත් හදවත වේගයෙන් ගැහෙන්නට වූයේ හිත බියෙන් පුරවමිනි.
ජංගම දුරකතනය සාක්කුවේ දමාගත් මා දෙවරක් නොසිතා පොලීසිය වෙත යන්නට සැරසුනේ මේ අවස්තාවේ ගත යුතු හොදම තීරණය මෙය යැයි මා සිතූ බැවිනි.
හදිස්සියේ හරි මට මගදි මොකක් හරි උනොත්. මට මුන් කරදර කරල වීඩියෝ එක ගත්තොත් මන් මොකක්ද කරන්නෙ.? මගේ සිත ප්රශ්නයක් නගන්නට වූයෙන් මා ලැප්ටොප් එක ඔන් කලේ වීඩියෝවේ කොපියක් එහි තැබීමට සිතමිනි.
ජංගම දුරකතනයට ලබාගත් වීඩියෝව ලැප් එකට කොපිකර පෙන් එක්කට දමා ගෙදර ඉස්සරහ තිබූ මල් පෝච්චිය ඇතුලත සැගවූ මා මෝටර් බයිසිකලයේ නැගී පොලිස් ස්ථානය වෙත පියනගන්නට විය.
මා පොලීසියට ඇතුල් වූ වහාම ඕ අයි සී වරයා සිටින කාමරය වෙත යන්නට විය.
ඕයි කොහෙද ඔය යන්නෙ.
සර් ලොකු හදිස්සියක් මට ඕ අයිසී මහත්තයාව හම්බවෙන්න ඕන.
ඔහොම පොඩ්ඩක් ඉන්න . මන් ඕ අයිසී මහත්තයාට කතා කරල ඇතුලට යවන්නම් යැයි පැවසූ නිළධාරියා ඕ අයි සී වරයා අසලට ගියේය.
ටික වෙලාවකින් ඔහු එලියට පැමින මා හට ඕ අයි සී වරයා අඩගැසූ බව පැවසීය.
මා ඇතුලට ගමන් කලෙමි. නමුත් ඕ අයි සී වරයා හමු වූ අනෙක් නිළධාරියා මා දෙස හෙලූ බැල්ම මා හට එතරම් හොද විදිහට පෙනුනේ නැත.
සර් එක්ස්කියුස්මී…..
ඔව් මිස්ටර් වාඩිවෙන්න….”ඕ අයිසී වරයා පැවසීය.” මොකද මේ හදිස්සියෙන් වගේ මහත්මයා.
සර් මන් ලොකුදෙයක් ගැන ඔබතුමාට කියන්න ආවෙ.
ඔව් මිස්ටර් කියන්න බලන්න මොකක්ද ප්රශ්නෙ.
සර් මන් අද හවස බෙහෙත්ගන්න ගියා ඇමේසන් හොස්පිටල් එකට.මන් එතනදි අමුතු දෙයක් දැක්ක.
ඒ මොකක්ද.?
සර් එතන මොකක් හරි වැරදි දෙයක් වෙනව වගේ මන් හිතන්නෙ.
ඒ කිව්වෙ.
මේ බලන්න සර් මන් ඒ වෙච්ච හැම දෙයක්ම ෆෝන් එකෙන් වීඩියෝ කරා.
“මා අත තිබූ දර්ශන සියල්ල ඕ අයිසී වරයාට මා නැරඹීමට දුරකතනය ලබාදුනි.”
මයි ගෝඩ් මේ හොස්පිටල් එකේ මේ වගේ දෙයක් හිතන්න වත් බෑනෙ.මොකක්ද මිස්ටර් ගෙ නම කිව්වෙ.?
සර් මම ආනන්ද.
හරි ආනන්ද මට මේ වීඩියෝ එක ඕන මන් මෙමරි කාඩ් එක ගන්නව.ආනන්ද ලග මේකෙ කොපි එහෙම තියෙනවද ?
නෑ සර් මන් එතනින් මේක අරන් කෙලින්ම ආවෙ පොලීසියට.
බොහොම හොදයි. මට මිස්ටර් ආනන්දගෙ ඇඩ්රස් එකයි ෆෝන් නම්බර් එකයි දෙන්න. අපි අදම මේ දේ වටලනව මොකක් හරි දේකට මන් කෝල් එකක් දුන්නොත් මිස්ටර් ආනන්දට පොඩ්ඩක් පොලීසියට ඇවිත් යන්න පුලුවන්ද?
පුලුවන් සර්…
මොකක්ද ආනන්ද ඇඩ්රස් එක.
අංක 23, කෙවින් වීදිය , රෝස් වේට්.
හොදයි. මහත්තයාගෙ ෆෝන් නම්බර් එක.?
071××××××× ……..
මිස්ටර් ආනන්ද එහෙනම් දැන් යන්න. අපි මේ සම්බන්ධව අදම ක්රියාමාර්ග ගන්නව. පොලිස් නිළධාරියා මා හට පැවසීය.
මා පොලීසිය මත විශ්වාසය තබමින් පොලීසියෙන් පිටව මෝටර් බයිසිකලයේ නැගී නිවස කරා ඇදෙන්නට විය.
නිවසට පැමිනි මා දුරකතනය පසෙක තබා නානකාමරය වෙත ගොස් නාගන්නට විය.
ඇගට වතුර වැටෙන වාරයක් පාසා ඇග කිලිපොලා ගියේ සීතලට නොව සවස සිදුවූ සිදුවීම නිසා හිතේ ඇතිව තිබූ අදික බිය නිසාය.
නාන කාමරයෙන් එලියට පැමිනි මා රාත්රී ඇදුමෙන් සැරසී රූපවාහිනිය නරඹන්නට විය.
ටික වෙලාවකින් මගේ දුරකතනය නාද වෙන්නට වූ බැවිනි මා දුරකතනය අතට ගෙන කතා කලෙමි.
හෙලෝ.
හෙලෝ මිස්ටර් ආනන්ද.?
කව්ද මේ.
මම ඕ අයිසී ක්රිස්ටෝපර්.
අහ් සර් … කියන්න.
මිස්ටර් ආනන්ද මන් ගෙදර ගේට්ටුව ඉස්සරහ ඉන්නෙ. අද ඔයා දැකපු දේ ගැන මට පොඩ්ඩක් කතා කරන්න ඕන පොඩ්ඩක් ගේට්ටුව අරින්න.
හරි සර්.
“මා දුරකතන ඇමතුම විසන්දි කලත් හිතට අමුත්තක් නැගුනේ ඕ අයි සී වරයා අද රාත්රියේම හදිසියේ මා හමුවට පැමිනීම සැකසහිත වූ නිසාය. මා ඒ බවක් නොපෙන්වීමට වගබලාගත් නමුත් මගේ ලග තිබූ වීඩියෝ කල හැකි පෑනෙන් වීඩියෝ ඔන් කර සාලෙ සිදුවන හැමදේම වීඩියෝ කිරීමට මා වගබලාගත්තේය. මා හෙමින් සීරිවේ ගේට්ටුව වෙත ගොස් ගේට්ටුව ඇරියෙමි.”
අහ් ආනන්ද. “පොලිස් නිළධාරියා හඩ නැගීය.”
එන්න සර් ඇතුලට ගිහින් කතා කරමු . මා ඔහුත් සමග නිවස තුලට ඇතුල් වී දොර වසා දැමීය.
ආනන්ද මට ඔයාගෙන් අහන්න දෙයක් තියනව.
මොකක්ද සර්.
මේ හවස වෙච්ච සිදුවීම ගැන කාට හරි ඔයා කිව්වද ?
නෑ සර් ඇයි..
කියල තිබ්බනම් ඒක ලොකු ප්රශ්නයක්නෙ ආනන්ද මහත්තයෝ. “නිවස ඇතුලතින් ඇසුන හඩත් සමගම පස් දෙනෙකු නිවස ඇතුලතින් සාලයට පැමිනියේ මා හට හිතන්නට වත් වෙලාවක් ඉතුරු නොකරමිනි.”
ඔව්න්ගේ මූනු දෙස බැලූ මාගේ ගත වෙව්ලා ගියේ හවස හොස්පිටල් එකේ සිටි වයිද්යවරුන් කීපදෙනා යැයි ක්ශනිකව මා හට හදුනා ගැනීමට හැකිවූ නිසාය.
සර් සර්. අනේ සර් මේ අය තමයි හවස අර වැඩේ කරේ … මාගේ මුවින් පවසමින් ඕ අයිසී වරයා දෙස බැලූ මා හට ගැලවීමක් නොමැති බව තේරුම් ගියේ ඔහු සිනාසෙමින් මා දෙස බලා සිටින නිසාය.
මිස්ටර් ආනන්ද…? බොහොම හොදයි.. බොහොම හොදයි … කියමින් ඕ අයිසී වරයා නැගී සිටියේය.
අව්රුදු 5ක් අපි කරපු බිස්නස් එකට හොට දාන්නද ඕන උබට ඈ… මොකෝ මිනිස්සුන්ව බේරගන්නද උබට ඕන..
න්නෑ න්නෑ සර්. මගේ මුවින් පිටවන වචන පැටලෙන්නට විය.
යකෝ ආනන්ද.මීට කලින් අපේ බිස්නස් එකට හොට දාන්න ආපු එකෙක්වත් මේ වෙද්දි පනපිටින් නෑ. අදහන දෙවි කෙනෙක් සිහිකරගනින් උබේ ජීවිතෙත් අදින් පස්සෙ දෙවියන්ටම බාරයි.. ඕ අයිසී වරයා පවසත්ම මාගේ හිස පුරා වේදනාව ගෙන දෙමින් වැදුනු පහරින් මා බිම ඇද වැටුනි.
අනේ සර් මාව මරන්න එපා සර් අනේ බුදු සර්.. මා ජීවිතය අවදින්නට විය.
ආනන්ද ඊලග ආත්මෙවත් අනුන්ගෙ කුනු හොයන් නැතුන් ඉන්න බලන්න. හැඩි දැඩි පෙනුමෙන් යුත් වයිද්යවරයා පවසා මාගේ හිසට අත තිබූ යකඩ බටයෙන් තවත් පහරක් එල්ල කලේය..
මා ඒ මොහොතේම සිහිසුන් විය..
ආහ්හ්හ් ම්ම්ම්ම්හ්හ්හ්හ්… එක්වරම මාගේ දෑස් ඇරුනි.. මා මේ වන තුරුත් සිටින්නේ රෝහලේ යැයි මා හට හිතට නැගුනේ මා අසල තිබූ ඇදන් දුටු බැවිනි.
මන් කලින් හිටපු තැන ඇදන් තිබුන් නැහැනෙ. එතකොට මන් වෙන වාට්ටුවකට මාරු කරලද මන් මගෙන්ම ප්රශ්න කරන්නට වූයෙමි.
මා හාන්සිවී සිටිමින්ම අවට තිබූ පුවරු දෙස දෑස් යොමන්නට වූයෙමි. නමුත් එහි ඉහලම තිබූ බෝඩ් එක මගේ නෙත ගැටීමෙන් මා බිය වූයේ ඉබේටමය.
“කාල්ටන් හොස්පිටල් මෝර්චරි”
එහි තිබූ බෝඩ් එකේ එසේ සටහන් වී තිබුනි.
මා බියෙන් ගැහෙන්නට වූයේ ඇයි මාව මෝචරියට දාල තියෙන්නෙ යැයි සිතමිනි . ඒත් සමගම මා හට යම් දෙයක් මතකයට නැගෙන්නට විය.
“කාල්ටන් හොස්පිටල්” එතකොට මන් හීනෙන් වගේ දැකපු දේ ඇත්තක්ද මන් මගෙන්ම ප්රශ්න කලෙමින් ඇදෙන් බැසීමට උත්සාහ කලෙමි.
කලින් වාට්ටුවේදී මා හට ඇදෙන් බැසගැනීමට නොහැකි වුවත් මෝචරිය තුලදී මාහට ඇදෙන් බැසගැනීමට හැකි විය. මා ඒ මේ අත ඇවිදිමින් එහි තිබූ මරන පරීක්ශා කරන්නට විය.
ඒ මරන තුල පපුව කොටස කැපූ සහ යටිබඩ හරියෙන් කැපූ මරන කීපයක් මා දුටු නිසා මා දුටු හීනය හීනයක්ම නොවන බව මා හට අවබෝද විය.
මා ඇවිදගෙන ගොස් ලොක් ජර නොතිබූ දොර හැරගෙන මෝචරියෙන් පිටව යන්නට විය. මා කාටත් නොපෙනෙන අයුරින් ප්රධාන පාරට ගොස් හීනෙන් මාගේ නිවස වෙත ඇවිද යන්නට වූයේ මා හීනයෙන් මෙන් දුටු දේ සත්යක් දැයි 100%ක්ම තහවුරු කරගැනීම සදහාය.
මා නිවස අසලට ගොස් ගේට්ටුවෙන් ඇතුල් වී නිවසට ඇතුල් වන ප්රධාන දොරටුව අසලට ගියත් ප්රධාන දොරටුව වසා තිබුනි.
මා යතුර තබන තැන බැලූ පසු මා හට යතුර හමුවිය. මා යතුර ගෙන දොර ඇරගෙන නිවසට ඇතුල් වුනෙමි.
මා ඇතුල් වූ විගසම මල් පොඉච්චිය දෙස බැලුවේ මා සැගවූ පෙන් ඩ්රයිව් එක එහි ඇත්දැයි බැලීමටයි.
මල් පෝච්චිය ඇතුලත පෙන් ඩ්රයිව් එක තිබුනි. මා සැගවූ වීඩියෝ කල හැකි පෑන සොයන්නට විය. එය සැගවූ තැන නොතිබුනත් සොයන්නට වූ නිසා බිම වැටී තිබියදී මා එය සොයාගත්තෙමි.
මා රූපවාහිනිය ඔන් කර පෙන් ඩ්රයිව් එක එයට සවි කොට බැලුවේ මා වීඩියෝ කල දර්ශන එහි ඇත්දැයි බැලීමටයි. එහි මා වීඩියෝ කල දර්ශන තිබූ බැවින් මා හීනයෙන් මෙන් දුටු සියල්ල සත්ය ක් යැයි මා තහවුරු කර ගතිමි.
මේ වන විට වෙලාව රාත්රී 11 පමන වී තිබුනි. නමුත් මට මේ සිදුවූ අපරාධය ට නීතියේ පිහිට නොලැබුනත් මාධ්යය ආයතනයන්හි පිහිට හෝ ලැබේයැයි විශ්වාස කරමින් මා නිව්ස් 24 ආයතනය වෙතට යන්නට පිටත්වුනි.
මාගේ යතුරුපැදිය නිවසේ නොතිබූ බැවින් මා පයින්ම ගමන් කරන්නට විය.
නිව්ස් 24 ආයතනය අසලටම ගිය මා හට ඇතුලට ගමන් කරන්නට අවශ්ය නිසා මා එහි උන් මුරකරුට කතා කලත් ඔහු තද නින්දෙ උන් නිසා මා කාටත් හොරෙන් ගේට්ටුවෙන් ඇතුල් වී මාධ්යය ආයතනයට ඇතුල් වූයෙමි.
මාධ්යය ආයතනය ඇතුලට ඇතුල් වූ මා එහි එලියෙන් උන් මාධ්යයවේදියෙකුට කතා කලෙමි. මහත්තයා මහත්තයා.
නමුත් ඔහු කිසිවක් නෑසුනා මෙන් උන් නිසා මා ඔහුගේ ශරීරයට අත තබා කතා කරන්නට විය.
ඔහු පිටුපස හැරී බලා ආපහු කරමින් උන් දේ කලා මිස මා කොපමන හඩ නැගුවත් මා නැගූ හඩට සවන් යොමු කලේ නැත.
මා ඔහුට එහා පැත්තෙන් උන් මාධ්යයවේදිනියට කතා කලත් ඇයත් කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ බැවින් මගේ හිතේ ප්රශ්න ගනනාවත් දෝලනය වන්නට විය.
මන් මැරිලද? මා හට හිතට නැගුනු ප්රධානතම ප්රශ්නය මෙය විය..
මා සාක්කුවේ දමා තිබූ පෙන් ඩ්රයිව් එකත් කැමරා පෑනත් ගෙන මා අසල උන් නිළධාරියා අසලට දැමීය.
ඔහු වටපිට බලා ඒ දෙක ඇහිදගෙන අනෙක් නිලධාරිනියට ඒ දෙක පෙන්වූ නමුත් ඔහු මා දුටුවේ නැත.
මගේ නෙතගට කදුලක් නැගුනේ ඉබේටමය. මන් මැරිල… මගේ ජීවිතෙන් මන් සමුඅරන් මගේ … මගේ හිත පුරා ඒ සිතුවිල්ල දෝලනය වන්නට විය.
නෙතගට නැගෙන කදුලු පිසිමින් මා මාධ්යයවේදියා දෙස බලා උන්නෙමි. ඔහු පෙන්ඩ්රයිව් එකත් කැමරා පෑනත් රැගෙන මාධ්යය ආයතනයට ඇතුල් වුනේය.
මා ඔහු පසුපසින් ඇතුල් වුනෙමි.
ඔහු ඇතුල් වූ වහාම පෙන් ඩ්රයිව් එක කම්පියුටර් එකට සවි කර වීඩියෝ පටය පරීක්ශා කරන්නට විය.
වීඩියෝ පටයන් 2කම පරීක්ශා කල ඔහු ලොකු නිව්ස් එකක් හම්බවුනාම මාධ්යයව්වෙදියෙකුට හිතට නැගෙන සතුට පිටකරමින් ඔහුගේ ඉහල නිළධාරියාට ඇමතුමක් ලබාගත්තේය.
සර් හෙලෝ … හෙලෝ සර්.
ඔව් කියන්න.
සර් මට අලුත් නිව්ස් එකක් හම්බවුනා.හොස්පිටල් එක්ක කරන අවයව ජාවාරමක් ගැන. ඒක බ්රේකින් නිව්ස් එකක් කරල දැන් දාන්නද.?
හරි ඒක දාන්න…
“එහා පැත්තෙන් ඇසුනු හඩ එසේ විය.”
මාධ්යයවේදියා වීඩියෝ පටය නිකුත් කිරීම සැලසුම් කරද්දී මා නිදහස ලැබුනාක් මෙන් සතුටින් නිවස කරා ඇවිද යන්නට විය.
නිවසට ගොස් රූපවාහිනිය ඔන් කර බලා උන්නත් උදෑසන 8 පමන වන තුත් ප්රවෘතිය විකාශනය වූයේ නැත.
නමුත් උදෑසන 8.10 පමන වෙත්ම රූපවාහිනියේ බ්රේකින් නිව්ස් එක විකාශනය වන්නට විය..
” පුද්ගලික රෝහලක මුවාවෙන් වයිද්යවරුන්ගේ වෙස් ගනිමින් කල ශරීර අවයව ජාවාරමක් හසුවේ. මේ සදහා කාල්ටන් රෝහලේ අයිතිකරු වන ජොහැන්නස් සහ කේවියට් පොලීසියේ ඕ අයිසී වරයාද ඇතුලුව ප්රධාන වයිද්ය නිළධාරීන් 15 දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබෙමින් පවතී. මේ සදහා සම්බන්ද සියලුම නිළධාරීන් මේ වන විටත් අත් අඩංගුවට ගෙන තිබේ. “
විශේශ පුවත විකාශනය වීමෙන් පසුව මගේ නෙතගට කදුලු නැගුනේ හිතේ තිබූ ආශාව ඉටුවීම නිසා මා මරනින් මතු යා යුතු ලොවට යාමට කාලය එලඹ ඇති නිසාත්ය.
නමුත් මගේ සිතේ නැගුනු ඒ සිතුවිල්ලට බාධා කරමින් නිව්ස් 24හි තවත් ප්රවෘතියක් විකාශය විය.
එහි සටහන් වූයේ. මෙසේය…
” රෝහලක මුවාවෙන් කල ශරීර අවයව ජාවාරම පිලිබද තොරතුරු සොයාගත් නිසා ජාවාරම්කරුවන් විසින් ඝාතනය කල ආනන්ද නම් 26 හැවිරිදි පුද්ගලයා ඝාතනය කිරීමට උත්සාහ කල වීඩියෝ පටය මෙසේය.
එහි මා හට හිසට යකඩ පොලු පහරවල් එල්ල කරන වීඩියෝ පටය විය.
මේ ආනන්ද නම් පුද්ගලයාගේ මළ සිරුරත් කාල්ටන් රෝහලේ තිබී හමුවී ඇත ඔහුගේත් ශරීර අවයව ගෙන තිබූ බවට අප හට තොරතුරු අනාවරනය වී තිබේ.
අනෙකුත් පුදුමදනවන වීඩියෝ පටය නම් ආනන්ද නම් පුද්ගලයා ඊයේ රාත්රියේ නිව්ස් 24 වෙත පැමින අප ආයතනයේ මාධ්යයවේදියෙකුට ඔහු සතුවූ පෙන් ඩ්රයිව් එකත් කැමරා පෙන් එකත් ලබා දී තිබුනි. එහි සීසීටීවී දර්ශන මෙසේය..
එහි මා සාක්කුවෙන් පෙන් එක ගෙන බිමට දමන වීඩියෝව විය..
මොහු මියගියත් මොහුගේ ආත්මය නිව්ස් 24 වෙත පැමින රටේ ඇති ජාවරමක් හෙලි කිරීම වෙනුවෙන් ඔහුට හිස නමා ආචාර කරනවා. මම ඉන්දික රත්නසිංහ නිව්ස් 24 වෙනුවෙන්..
ප්රවෘති විකාශය නිමා විය.
මුලු රටේම කතා බහට මා ලක්වී හමාරය . ඔව් මන් මැරිල තමයි . ඒක මගේ හදවත හොදාකාරවම දන්නව…. මන් ඒක පිලිගන්නව .. ඒත් අපරාධයක් වෙන හැම වෙලාවකම මන් මිනිස්සු වෙනුවෙන් ඉන්නව ….
මට ඔයාලට පේන්න එන්න නම් බැරිවෙයි. ඒත් අමතක කරන්න නම් එපා. හොල්මන් අවතාර වගේ ඒව මන් විශ්වාස කරෙත් නැති කෙනෙක්. ඒත් මාත් ඒ හොල්මන් කියන කොට්ටාසෙටම එකතුවෙලා ඔයාල අතරෙම ඉන්නව.
මම …… ආනන්ද…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!