ඇලිසන් ඩිග් බී ( චරිත )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
1944 ගිම්හාන සෘතුව
නෙදර්ලන්තය.
ගිනිගෙන දැවෙන නටබුන් නගරයක වේදනාබර දර්ශනයක් කතන්දරකාරයගේ ඉස්සරහ දිස් වෙනවා. මේ මුළු නගරයම එහෙම් පිටිම්ම අමු අපායක් බවට පත් වෙලා ඉවරයි. පහුගිය දවස් කීපය පුරාම මිත්ර හමුදාවට අයත් B12 යානා වලින් මේ නගරයට දිගට හරහට බෝම්බ ප්රහාර එල්ල කලා. විනාශ වෙන්න තරම් කිසිම දෙයක් තවදුරටත් නගරයේ ඉතුරු වෙලා නැහැ. කතන්දරකාරයා දුම් පයිප්පය කටේ ගහගෙන උගුරක් ඇදලා දුම් වළල්ලක් පිට කලා. කලු පැහැති නිළඇඳුමෙන් සැරසුනු නාසි හමුදා අණුකණ්ඩ, නගර පුරාම එහේ මෙහේ දුවන ආකාරය දුම් වළල්ල ඇතුලෙන් කතන්දරකාරයාට දර්ශනය වුනා. පැන්සර් ටැංකි සහ ටයිගර් රථ පාර දෙපැත්තේ නතර කරලා. හැමෝම කඩි මුඩියේ මොකක් හෝ දෙයකට සූදානම් වෙන බව පැහැදිලිය. කතන්දරකාරය වීදියක් දිගේ හෙමින් හෙමින් ඇවිදගෙන ගියා. පොස්පරස් වලට දැවී අලු වෙලා තියෙන මළ සිරුරු වීදි පුරාම විසිරිලා. අතරින් පතර තවමත් යන්තමට පණ ගැහෙන සිදුරු දිය පොදක් ඉල්ලා ආයාචනා කරනවා. ඒ අතරින් බිත්ති පුරා දෝංකාරදෙන වේදනාවේ අඳෝනා කතන්දරකාරයගේ කන් දෙක වෙහෙසට පත් කලා.
මේ ගෙවෙන්නේ දෙවනි ලෝක යුද්දයේ උච්චම අවස්ථාවයි. මේ වෙනකොට මිත්ර හමුදාවන් යුරෝපයේ නාසි බලය බිඳ දැමීම වෙනුවෙන් දැවැන්ත ප්රහාරයක් එල්ල කරමින් සිටිනවා. කතන්දරකාරයා දැන් ඉන්නේ නෙදර්ලන්තයේ Nijmegen කියන නගරයේ. තවමත් මේ නගරයේ බලය තියෙන්නේ නාසි හමුදාව යටතේ. මිත්ර හමුදාව ගොඩබිමෙන් අහසෙන් මුහුදෙන් හැම පැත්තකින්ම, ජර්මන් හමුදාවට දැවැන්ත ප්රහාරයක් එල්ල කරනවා. මේ ආනම් කියන ප්රදේශයේ බලය ලබා ගැනීම මිත්ර හමුදාවට ගොඩක් වැදගත්. මොකද ජර්මනියට ඇතුල් වෙන්න තියෙන හොඳම දොරටුවක් තමයි මේ නෙදර්ලන්තයේ ආනම් කියන ප්රදේශය. ආනම් වල මෙහෙයුම් කරන්න ප්රධානම වශයෙන් අනියුක්ත කරලා තියෙන්නේ බ්රිතාන්ය පැරශුට් රෙජිමෙන්තුව. මේක මිත්ර හමුදාවට තියෙන දරුණුම රෙජිමෙන්තු වලින් එකක් විදියට ප්රසිද්දයි. කතන්දරකාරයා දැන් රැඳිලා ඉන්න මේ නගරය උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් නගරයක්. මේ නගරයට ඇතුල් වෙන්න තියෙන්නේ විශාල පලමකින්. රයින් ගංඟාව හරහා වැටිලා තියෙන මේ පාලමේ බලය තවම තියෙන්නේ නාසි SS ඩිවිශන් එක යටතේ. පහුගිය දවස් කීපය පුරාවටම පාලමේ බලය ලබා ගැනීම වෙනුවෙන් දැවැන්ත සටනක් ඇවිලුනා. බ්රිතාන්ය පැරශුට් රෙජිමෙන්තුව නොනැවතීම පහර දීම සිද්ද කලා. ඒත් අනිත් පැත්තෙන් නාසි හමුදාව, පාලමේ එක අඟලක්වත් අතාරින්න ලෑස්ති වුනේ නැහැ. දෙපැත්තෙන්ම අසමසම සටනක් සිද්දවුනා. කතන්දරකාරයා ඇවිදගෙන ආපු පාර මෙතනින් ඉවරයි. කතන්දරකාරයා පාරෙ අයිනේ තියෙන නටඹුන් වුනු ගෙදරක් ඇතුලට රිංගුවා. ගෙදර බිත්ති කීපයක් සහ ඉහළ මහලට යන පඩිපෙල තවමත් ඉතිරි වෙලා තියෙනවා. බිම වැටිලා බිඳිලා ගිය චායාරූපයක් හදිස්සියේම කතන්දරකාරයගේ ඇස ගැටුනා. මේක මීට බොහෝ කාලයකට කලින් පුංචි පවුලක් ලස්සන ජීවිතයක් ගෙවපු ගෙදරක් විය යුතුයි. නමුත් යුද්ධය මේ හැමදෙයක්ම ඔවුන්ගෙන් උදුරගෙන අවසන්. කතන්දරකාරයා පඩිපෙල දිගේ ඉහළ මහලට නැගලා ජනෙල් කවුලුවක් අසලින් නතර වුනා. මෙතනට පාලම බොහොම හොඳින් දිස් වෙනවා. හදිස්සියේම පැන්සර් ටැංකි වල එන්ජින් සද්දය පරදවමින් ට්රම්පට් එකකින් නිකුත්වෙන බියුගල් නාදයක් කතන්දරකාරයට ඇහෙන්න ගත්තා. මේ මොන මගුලක්ද මේ වෙන්නේ. මුළු පාලමම ඝන දුමාරයකින් වැහිලා ගිහින්. ගඟෙන් එහා පැත්තේ ඉන්නේ බ්රිතාන්ය පැරශුට් හමුදාව. මෙහා පැත්තේ ඉන්නේ නාසි SS හමුදාව. බියුගල් නාදයෙන් තත්පර කීපයකට පස්සේ ලොකු ඝෝෂාවක් පාලමේ එහා පැත්තෙන් එන්න ගත්තා. මුළු නාසි හමුදාවම අන්දුං කුන්දුං වෙලා පාලම දිහා බලාගෙන ඉන්නවා. තවමත් ඝන දුමාරයෙන් පාලම වැහිලා තියෙන නිසා කිසිම දෙයක් හරියට පේන්නේ නැහැ. ඝෝශාව එන්න එන්නම ලං වුනා. ජර්මන් භටයන් පිස්සු බල්ලෝ වගේ එහා මෙහා දුවනවා. ටයිගර් රථ වේගයෙන් වීදි දිගේ ගමන්කරනවා. ඊළඟ මොහොතෙදී ඝන දුමාරය දෙබෑ කරමින් බ්රිතාන්ය සොල්දාදුවන් රෑනක් එක පෙළට දුවගෙන එන දර්ශනය කතන්දරකාරයගේ ඇස ගැටුනා. බ්රිතාන්ය සොල්දාදුවන් බයිනෙත්තු එදිරියට දික් කරගෙන බෙරිහන් දෙමින් ජර්මන් හමුදා කණ්ඩ දිහාවට දුවගෙන එනවා. ආරංචි මාර්ග වල හැටියට දවස් ගණනාවක් තිබුනු සටන නිසා බ්රිතාන්ය හමුදාව පතුරොම් හිඟයකට මුහුන දීලා තියෙනවා. ඒ නිසා උන් අවසානයේදී බයිනෙත්තු ප්රහාරයක් එල්ල කරන්න තීරණය කරලා. ඉදිරියට එන බ්රිතාන්ය හමුදා කණ්ඩායමේ ඉස්සරහින්ම ඉන්න අමුතු ජාතියේ මිනිහෙක්ගේ රූපයක් හදිස්සියේම කතන්දරකාරයගේ ඇස ගැටුනා. කළුපාට පැණි කුඩයක් අතින් අරගෙන, චාලි චප්ලින් දාන ජාතියේ කළුපාට බෝලර් තොප්පියක් ඔළුවේ පැළඳගත්ත අමුතුම මිනිහෙක් ජර්මන් හමුදා ඉන්න දිහාවට පිස්සුවෙන් වගේ දුවගෙන යනවා. මොකාද යකෝ මේ තරං දරුණු යුද්ධයක් අස්සේ තඩි කුඩයකුත් උස්සගෙන ඒ මදිවට අමුතු ජාතියේ තොප්පියකුත් දාගෙන යුද්දෙට යන එකා?? කතන්දරකාරයගේ කුතුහලය එන්න එන්නම වැඩි වුනා. මිත්රවරිණි ඔහු තමයි බ්රිතාන්ය දෙවන පැරශුට් බැටෑලියන් එකේ, A බලඝනයේ ප්රධානම අණ දෙන නිළධාරියා. වෙන විදියකින් කියනවනම් මේ මුලු ප්රාහාරයම තනියෙන් මෙහෙයවන්නේ මේ කියන පිස්සු මිනිහා විසින්. ඔහු බය කියන දේ අහලවත් නැති යක්ශ මිනිහෙක්. ඔහු අතිශයින්ම එඩිතරයි. ඒ වගේම අසමසමයි. ඔහු තමයි මේජර් ඇලිසන් ඩිග්බී. අද කතාව යන්නේ අමුතුම ජාතියේ කෙනෙක් ගැන.
ඇලිසන් ඩිග් බී ඉපදෙන්නේ 1917 වේල්ස් ප්රාන්තයේ ග්රාමීය ප්රදේශයක. ඔහුගේ තාත්තා පළවෙනි ලෝක යුද්දයේ සටන් කරපු දක්ශ නිළධාරියෙක්. අවුරුදු දහ අට පිරුණු ගමන් ඩිග්බී බ්රිතාන්ය පාබලා හමුදාවට බැඳෙනවා. තමන්ගේ පුහුණුව අති සාර්ථකව ඉවර කරන ඇලිසන් ඩිග්බී ඊළඟට අනියුක්ත කරන්නේ බ්රිතාන්ය ඉන්දියා හමුදා රෙජිමෙන්තුවට. හැබැයි මේ වෙනකොටත් දෙවනි ලෝක යුද්දය පටන් අරගෙන තිබුනා. ඔය අතරෙදී ඇලිසන් ඩිග් බී ගේ සහෝදරයා උතුරු අප්රිකානු සටනේදී මිය යනවා. මේ සිදුවීම ඇලිසන් ඩිග්බී ගේ ජීවිතයට ගොඩක් දරුණු විදියට බලපානවා. මේ නිසා ඇලිසන් ස්වේච්ඡාවෙන්ම බ්රිතාන්ය පැරශුට් රෙජිමෙන්තුවට බැඳෙනවා. සටන් බිමේ ඉස්සරහටම ගිහිල්ලා නාසි හමුදාව එක්ක සටන් කරන්න, ඇලිසන්ට ලොකු ඕන කමක් තිබුනා. ඒ වෙනකොටත් ඇලිසන්ට යුද හමුදාව ඇතුලේ ලොකු තැනක් සහ නමක් හැදිලා තිබුනා. ඇලිසන් කියන්නේ නාහෙට අහන්නේ නැති මරුමුස්ම පොරක් විදියට හමුදාව ඇතුලේ ලොකු ප්රසිද්දියක් තිබුනා. එක දවසක් තමන්ගේ මිත්ර නිලධාරියෙක්ගේ පාටි එකක් ලන්ඩන් නගරයේ තියෙන ප්රසිද්දම හෝටලයක් වන රිට්ස් හෝටලයේ පැවැත්වෙනවා. මේ පාටි එකට ඇලිසන්ටත් ආරාධනාවක් ලැබිලා තිබුනා. ඇලිසන් මුළු ලන්ඩන් නගරයම අන්දුං කුන්දුං කරමින් එදා මේ පාටි එකට එන්නේ දැවැන්ත ඇමරිකන් ඩෙකෝටා වර්ගයේ භාන්ඩ ප්රවාහනය කරන ප්ලේන් එකකින්. මේ යකා තඩි ප්ලේන් එකක් ලන්ඩන් නගරය මැද තියෙන ප්රධානම හෝටලයක පිට්ටනියට බාලා, කාර් එකෙන් බැස්සා වගේ කිසි ගානක් නැතුව පාටි එකට ගිහින් තියෙනවා. මේ සිද්දිය නිසා ඇලිසන්ව හමුදාව අතුලේ තරුවක් බවට පත් වුනා. ඇලිසන් කියන්නේ අති දක්ශ නිළධාරියෙක් කියලා හමුදා ප්රධානීන්ට ටිකෙන් ටික තේරුම් යන්න යන්න ගත්තා. මේ මිනිහා බය කියන්නේ මොකද්ද කියලවත් අඳුනන්නේ නැහැ. ඒ වගේම ඇලිසන්ට අනිත් සොල්දාදුවන්ගේ මොරාල් එක උස්සන්න පුදුමාකාර හැකියාවක් තිබුනා. හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් ඇලිසන් ඉතාම තද නිළධාරියෙක් වුනා. ඔහු නිතරම වගේ ගෞරවය සහ අවනතභාවය බලාපොරොත්තු වුනා. සුලු වැරැද්දකටවත් ඇලිසන්ගෙන් කිසිම සමාවක් ලැබුනේ නැහැ.
1944 සැප්තැම්බර් මාසෙදී බ්රිතාන්ය හමුදාව මේජර් ඇලිසන් ඩිග්බී ව ඔපරේශන් මාකට් ගාඩ්න් සඳහා අනියුක්ත කරනවා. නෙදර්ලන්තයේ ආනම් කියන ප්රදේශයේ බලය මිත්ර හමුදාව අතට ලබා ගැනීම තමයි ඔපරේශන් මාකට් ගාර්ඩන් වල ප්රධානම අරමුණ වුනේ. ඇලිසන් කියන්නේ අමුතුම ජාතියේ අදහස් තිබ්බ මිනිහෙක්. ඒ වගේම ඕනම විදියේ බරපතල තත්වයකට කිසිම ප්රෙශර් එකක් නැතුව මුහුන දෙන්න පුළුවන් හැකියාවක් ඇලිසන්ට තිබුනා. මේ හැකියාවන් නිසාම ඇලිසන්ව A බලඝනයේ අණදෙන නිළධාරියා විදියට පත් කරනවා. මේ මුළු ඔපරේශන් එක පුරාවටම ඇලිසන්ට එකම එක ප්රශ්ණයක් තිබුනා. ඒක තමයි සන්නිවේදනය දුර්වලතාව. ඔවුන්ට පාවිච්චි කරන්න හම්බවෙලා තිබුනු රේඩියෝ උපකරණ ගැන ඇලිසන්ට කිසිම විදියක විශ්වාසයක් තිබුනේ නැහැ. ඒ නිසා ඇලිසන්, භට කණ්ඩායම් අතරේ සන්නිවේදනය පවත්වගෙන යන්න අමුතු ක්රමයක් පාවිච්චි කලා. ඇලිසන් තමන්ට අයිති හැම භට කණ්ඩයකින්ම වෙනම මිනිස්සු කීප දෙනෙක්ව අරගෙන උන්ට බියුගල් ගහන්න පුරුදු කලා. මේක නැපෝලියන් බොනපාට් විසින් පාවිච්චි කරපු ක්රමයක්. ඇත්තටම මේ වැඩේ අති සාර්ථක වෙනවා. භටකණ්ඩායම් අතරේ සන්නිවේදනය සිද්ද වුනේ බියුගල් නාද මහිනි.
කොහොමහරි ඇලිසන්ගේ A බලඝනයට, හැතැප්ම අටක දුර ප්රමාණයක් දවස් හතක් වගේ කාලයකින් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. මේ දවස් හත ඇතුලේ ජර්මන් සොල්දාදුවන් 150ට අධික පිරිසක් ඇලිසන්ගේ යුනිට් එකට යටත් වෙලා තියෙනවා. දැන් ඔවුන් ඉදිරියේ තියෙන්නේ එකම එක අභියෝගයක් විතරයි. ඒක තමයි නගරයට ඇතුල් වෙන්න තියෙන ප්රධානම පාලමේ බලය ලබා ගැනීම. සාමාන්යයෙන් මේ පැරශුට් රෙජිමන්ට් එක දාන්නේ රතු පාට බෙරස් එකක්. එහෙම නැත්තම් යුද්දයේදී අනිවාරයෙන්ම හැම සොල්දාදුවෙක්ම හෙල්මට් එකක් පළඳිනවා. හැබැයි ඇලිසන් කිසිම වෙලාවක හෙල්ම්ට් එකක් පාවිච්චි කලේ නැහැ. ඒ වෙනුවට මිනිහා අර චාලි චප්ලින් දාන විදියේ කළු පාට රවුම් තොප්පියක් කොයි වෙලෙත් දාගෙන හිටියා. ඒ වගේම ඇලිසන් මේ මුලු සටන පුරාවටම කුඩයක් අතේ තියාගෙන හිටියා. පොර මේ කුඩේ ගෙනල්ලා තියෙන්නේ එංගලන්තයෙන්. ඇලිසන් මේ විදියට කුඩයක් තියාගෙන ඉඳලා තියෙන්නේ, තමන්ගේ සොල්දාදුවන්ට තමව වෙන් කරලා අඳුනගන්න පහසු වෙන්න. මොකද බට කණ්ඩායම් අතරේ පාවිච්චි කරන රහස් වචන හැම තිස්සෙම වගේ අමතක වෙන අවුලක් තිබුනා ඇලිසන්ට තිබුනා. ඒ නිසා තමයි මිනිහා මේ විදියට අමුතු තොප්පියක් දාගෙන කළු කුඩයකුත් උස්සගෙන යුද්දෙට ගියේ. එතකොට ඕනම දුරක ඉඳන් ඇලිසන්ව පහසුවෙන් වෙන් කරලා හඳුනගන්න පුළුවන් වෙනවා.
හතර වටෙන් ජර්මන් මෝටාර් වැටෙද්දී, හතර වටෙන් දිගට හරහට ජර්මන් මැශින් තුවක්කු වලින් වෙඩි වරුසා එල්ල වෙන අස්සේ, ඇලිසන් ඩිග්බී කිසිම ගානක් නැතුව කුඩෙත් ඉනේ ගහගෙන, රතුපාට බෙරස් එකකුත් දාගෙන තමන්ගේ බට කණ්ඩායම් මෙහෙයවමින් නගරයයේ පාරවල් දිගේ ඇවිදින ආකාරය නිතරම වගේ දකින්න ලැබුනු දර්ශනයක් වුනා. එක්තරා අවස්තාවකදී ජර්මන් ස්නයිපර් වරයෙක් ඇලිසන්ගේ යුනිට් එකට දරුණු ප්රහාරයක් එල්ල කරනවා. අනිත් භටයන් සියළුම දෙනා තැන් තැන් වල හැංගිලා ඉන්න අතරේ, ඇලිසන් විතරක් තනියෙම, කුඩෙත් වන වනා හිස් පළතුරු කූඩයක් උස්සගෙන, පාරේ තැනින් තැන වැටිලා තිබුනු පතුරොම් ඇහිඳින්න ගිහින් තියෙනවා. පුදුමයකට වගේ ඇලිසන්ට ස්නයිපර් ප්රහාරයක් එල්ල වෙන්නේ නැහැ.
දවස් කීපයක් පුරාවටම දරුණු සටන් ඇවිලුනා. අවසානයේදී ජර්මානු SS බටයම් විසින් ඇලිසන් ඇතුළු A බලඝනය සම්පූර්ණයෙන්ම වගේ වට කරනවා. ඒ වෙනකොට ඇලිසන්ගේ සැපයුම් මාර්ග ඔක්කොම අවහිර වෙලා ගිහින් තිබුනා. එක්කෝ යටත් වෙන්න ඕනි. එහෙම නැත්නම් මැරෙනකන් සටන් කරන්න ඕන. ඇලිසන් කියන්නේ යටත් වෙන ජාතියේ මිනිහෙක් නෙවෙයි. ඒ නිසා අවසාන වශයෙන් බයිනෙත්තු ප්රහාරයක් දියත් කරන්න ඇලිසන් තීරණය කරනවා. මේ සටන සිද්දවෙන්නේ නගරයට ඇතුල් වෙන්න තියෙන ප්රධාන පලම උඩදී. ඇලිසන් තමන්ගේ බට කණ්ඩායම පාලමෙන් එහා රැකවල් බැඳගෙන ඉන්න ජර්මන් SS හමුදාවන්ට පහර දෙන්න මෙහෙයවුවා. එක අතකින් කුඩය තියාගෙන, අනිත් අතින් පිස්තෝලයක් දික් කරගෙන, තමන් ඉදිරියට කෑ ගහගෙන දුවගෙන එන මේ අමුතු මිනිහගේ දර්ශනය දැකපු ජර්මන් සොල්දාවෝ අන්දුං කුන්දුං වුනා. ඇලිසන් මෙහෙයවපු බයිනෙත්තු ප්රරහාරය අති සාර්ථක වුනා. මේ ප්රහාරය නිසා SS බටයන් තාවකාලිකව පාලම අත් හැරලා පසු බසින්න සිද්ද වුනා. ඇලිසන් කියන්නේ කොහොම මිනිහෙක්ද කියනවනම්, මේ සටන සිද්දවෙන මොහොතේ, එක්තරා අවස්ථාවකදී ජර්මන් පැන්සර් ටැංකියක් සටන් බිමට එක වරම කඩාගෙන පනිනවා. මේ වෙලාවේ ඇලිසන් වහාම ක්රියාත්මක වෙලා පැන්සර් ටැංකිය උඩට නැගලා ටැංකිය ඇතුලේ ඉන්න ඩ්රයිවර්ගේ ඇහැට තමන්ගේ කුඩෙන් ඇනලා ටයිගර් ප්රහාරය වලක්වනවා. නිරීක්ශන කලුවුවෙන් අත දාලා අතුලේ ඉන්න එකාගේ අහැට කුඩේකින් අනිනවා කියන්නේ මූ කොහොම එකෙක්ද කියලා ඔයාලම හිතාගන්නකෝ.
කොහොමහරි දවස් හතරක් තිස්සේ දෙපාර්ශවය අතරේ දරුණුම විදියට සටන ඇවිලිලා යනවා. ජර්මන් හමුදාවෙන් එල්ලවෙන ප්රහාරය එන්න එන්නම දරුණු වෙන්න ගත්තා. ඒ වෙනකොටත් SS බටයන් විසින් ඇලිසන්ගේ A බලඝනය සම්පූර්ණයෙන්ම වට කරලා පහර දෙමින් හිටියා. සැපයුම් මාර්ග අවහිර වීම නිසා ඇලිසන්ගේ යුනිට් එකට බරපතල පතුරොම් සහ අනෙකුත් අත්යාවශ්ය ද්රව්ය හිඟයකට මුහුන දෙන්න සිද්ද වුනා. අවසානයේදී දැවැන්ත ජර්මන් ප්රහාරය හමුවේ ඇලිසන් ඇතුලු බ්රිතාන්ය භටයන්ට අකමැත්තෙන් හෝ යටත් වෙන්න සිදුවෙනවා. SS බටයන් කණ්ඩායමක් ඇවිත් ඇලිසන්ව අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගන්න වෙලාවේ ඇලිසන් ඇඳගෙන හිටපු කලිසම සම්පූර්ණයෙන්ම වැරහැල්ලක් බවට පත් වෙලා තිබිනා. ශරීරයේ හැම තැනකම තුවාල. ඒ මදිවට ඒවගෙන ලේ ගලනවා. හැබැයි ඇලිසන්ට ඒ ගැන තුට්ටුවකටවත් මායිම් කලේ නැහැ. බෝලර් තොප්පියක් දාගෙන කුඩයකුත් අතේ තියාගෙන ලේ පෙරි පෙරී ඉන්න මේ මිනිහා දැකපු ජර්මන් අණදෙන නිළධාරියා ඔළුව අත ගහගෙන තියෙනවා.
අත්අඩංගුවට පත් වෙන ඇලිසන් සහ තවත් නිළධාරීන් කීප දෙනෙක්ව ජර්මානු පාලන ප්රදේශයට අරගෙන යනවා. ඉන් පස්සේ ඔවුන්ව රෝහල්ගත කරලා ප්රතිකාර ලබා දෙනවා. එක දවසක් මහ රෑක ඇලිසන් ඇතුලු නිලධාරීන් කීප දෙනෙක් රෝහලෙන් පැනලා ගිහින් කැලෑවක ගැංගෙනවා.කැලෑව ඇතුලේ දවස් කීපයක් රැඳිලා ඉන්න අතරතුරේ ඔවුන්ට අහම්බෙන් වගේ නෙදර්ලන්ත කැරලිකරුවන් පිරිසක් මුන ගැහෙනවා. මේ කැරලිකරුවන් අතරේ සිටි බොහෝ දෙනෙක් ඇමෙරිකන් සහ බ්රිතාන්ය හමුදා සෙබලුන්. ඔවුනුත් ජර්මන් පාලන ප්රදේශයේ හිර වෙලා ඉන්නේ. කොහොමහරි මේ කැරලිකරුවන්ගේ උදව්වෙන් අලුත් නෙදර්ලන්ත හැඳුනුම් පතක් ලබාගන්න ඇලිසන්ට පුළුවන් වෙනවා. පීටර් ජෙනිංස් කියන අළුත් නමින් තමයි ඇලිසන් පෙනි ඉන්නේ. පොරගේ මේ අලුත් ප්රොෆයිල් එකේ හැටියට පීටර් ජෙනිංස් කියන්නේ ගොලු බිහිරි නෙදර්ලන්ත ජාතිකයෙක්. පීටර් ජෙනිංස් ජීවත් වෙලා තියෙන්නේ අසල තියෙන පුංචි නගරයක. හැබැයි මේ කියන නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයිති වෙලා තිබුනේ ජර්මන් හමුදාවට. අනිත් බොහෝමයක් කැරලුකරුවන් හංගිලා හිටියේ කැලෑබද කඳවුරු වල. මේ කැරලිකරුවන් පුළුවන් හැම වෙලාවකම නගරබද ප්රදේශ මගහැරියා. හැබැයි ඇලිසන් මේකේ අනිත් පැත්ත. පොර කිසිම ගානක් නැතුව හොරකම් කරපු බයිසකලයකුත් පැදගෙන ෆුල්ම ආතල් එකේ, ජර්මානු හමුදා බටයන් පහු කරමින් නගරයේ එහේ මෙහේ ගමන් කලා. කිසිම ජර්මන් බටයෙක්ට ඇලිසන් ගැන සැකයක් ඇති වුනේ නැහැ. එක වෙලාවක මේ විදියට බයිසිකලයෙන් නගරය වටේ රවුම් ගහන අතරේ ඇලිසන් දකිනවා ජර්මන් ටයිගර් රථයක් කානුවකට වැටිලා හිරවෙලා තියෙන ආකාරය. ඇලිසන් තමන්ගේ බයිසිකලය ටයිගර් ටැංකිය අසල නතර කරලා ජර්මන් බටයන් කීප දෙනෙකුත් එක්කාසු කරගෙන ටයිගර් රථය තල්ලු කරලා කානුවෙන් උඩට අරගෙන දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇලිසන් තමන් රැඳිලා ඉන්න නිවසේ අනිත් කාමර, ජර්මානු බටයන්ට නවාතැන් වශයෙන් ලබා දීලා තිබුනා. ඇලිසන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම සාමාන්යයෙන් හැසිරීමක් නිසා කිසිම සැකයක් මතු වුනේ නැහැ. හැබැයි මේ අතරතුරේ ඇලිසන් සහ අනෙත් මිත්ර හමුදා සෙබලුන් හොර රහසේම විශේෂ මෙහෙයුමක් සැලසුම් කරමින් හිටියා. මේ මෙහෙයුම හැඳින්වුනේ ඔපරේශන් පෙගසස් කියන නමින්. මේ ප්රදේශයේ හිරවෙලා ඉන්න බ්රිතාන්ය බටයන් එක්කාසු කරගෙන නැවතත් මිත්ර හමුදාවට අයිති බල ප්රදේශ වලට පලා යෑම තමයි මෙහෙයුමේ අරමුණ. සති කීපයකට පස්සේ ඔපරේශන් පෙගසස් ක්රියාත්මක වෙනවා. මිත්ර හමුදා සොල්දාදුවන් 138 දෙනෙක් නිරුපද්රිතව මිත්ර හමුදා පාලන ප්රදේශයට ලඟා වෙනවා. මෙහෙයුම අති සාර්ථක වෙනවා.
මේ මෙහෙයුමෙන් අවුරුද්දකට පස්සේ දෙවනි ලෝක යුද්දය අවසන් වෙනවා. හැබැයි ඇලිසන් ඩිග්බී යුද හමුදාව අත් හැරියේ නැහැ. අලුත් ත්රාසජනක වීර ක්රියා හොයාගෙන යෑමට ඇලිසන්ට නොසංසිඳෙන ආසාවක් තිබුනා. ඒ නිසාම පස්සේ කාලෙකදී ඔහු අප්රිකාවට යනවා. අප්රිකාවෙදී ඔහුව කෙන්යාවට මාරු කරනවා. ඇලිසන් කෙන්යාවේ තිබුනු සුන්දරත්වය එක්ක පෙමින් බැඳෙන්න ගත්තා. ඔහු කෙන්යාවෙන් වශාල වශයෙන් ඉඩම් මිලදී අරගෙන ජීවිතයේ සැදෑ කාලය කෙන්යාවේ ගත කිරීමට තීරණය කලා. 1993 මාර්තු 21 වෙනිදා මේජර් ඇලිසන් ඩිග් බී කෙන්යාවේදී මිය යනවා. හැබැයි ඔහුගේ වීරත්වය සහ නිර්භීතකම අදටත් අමරණීයයි.
The Bridge too Far කියන ලෝක ප්රසිද්ද චිත්රපටය නිර්මනය වෙන්නේ නෙදර්ලන්තයේ ආනම් සටන පාදක කරගෙන ලියවුනු නවකතාවකින්. ඔය ෆිල්ම් එකෙන් මේජර් ඇලිසන් ඩිග් බී ව බලාගන්න පුළුවන්. ටිකක් පරන ෆිල්ම් එකක්. අනිවාර්යයෙන්ම හොයාගෙන බලන්න. ක්ලැසික් වුනත් සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම කතන්දරකාරයගේ මතකය හරිනම් පොඩි කාලේ පිස්සුවෙන් ගහපු Call of duty 1 ගේම් එකේ තියෙනවා පාලමක් අල්ලගන්න කරන මෙහෙයුමක්. අන්න ඒ මෙහෙයුම තමයි ඔය ආනම් සටන. හැබැයි ගේම් එකේ විදියටනම් පාලමේ සටන මෙහෙයවන්නේ කැප්ටන් ප්රයිස් විසින්. ඕකේ ගායිස් කතන්දරකාරයට දැන් යන්න වෙලාව හරි. පුලුව්න් තරම් ඉක්මනට ආයේ සෙට් වෙමු. බොහෝවිට ඊළඟට අපි ගැනගැහෙන්නේ ඉතිලියේදී. කෙනෙක්ව බේරගන්න තියෙනවා. හම්බවෙමු. පරිස්සමෙන් ඉන්න.
උපුටා ගැනීම : Sathsara Jayanga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!