2018 සාමය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබු අප්‍රිකානු මහද්වීපයේ ‘‘ මහා මිනිසා ‘( චරිත )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වෛද්ය ඩෙනිස් මුක්වීගී – doctor Denis Mukwege…
==============================================
2018 ලෝක සාමය උදෙසා කල විශිෂ්ඨ මෙහෙවර සදහා වු නොබෙල් ත්යාගය දෙදෙනෙක් අතර බෙදී ගියේය. ඒ ඉරාකයේ නාදියා මුරාද් හා කොන්ගෝවේ වෛද්ය ඩෙනිස් මුක්වීගී අතරය. ඔවුන්ට නොබෙල් සාම ත්යාගය පිරිනැමූ නොබෙල් කමිටුව සිය හේතුපාඨය ඉදිරිපත් කලේ මෙලෙසය. ‘‘ යුද්ධයේදී හෝ යුධ ගැටුමි වලදී උපාය මාර්ගයක් ලෙස කාන්තාවන්ට කරනු ලබන ලිංගික ප්රචන්ඩත්වය සිය අවියක් ලෙස යොදා ගැනීම නතර කිරීමට ගත් අප්රතිහත උත්සාහය වෙනුවෙනි ‘‘ . මෙහිදී අප කතාකරන්නේ නාදියා මුරාද් ගැන නොවෙයි. වෛද්ය ඩෙනිස් මුක්වීගී ගැනයි. මක්නිසාද මෙම මිනිසාගේ හදවත තවත් හඩාවැටුණු හා කැබලි කරන ලද දස දහසක් හදවත් සහ ආත්මයන් දයාසිතින් හා ආදරයෙන් සුවපත් කළ නිසාය. වරෙක මුක්වීගී මෙසේ කියා තිබිණි. ‘‘ දූෂණය කල පසු එම ගැහැනියගේ ප්රඡනන අවයවයට ඔවුන් වෙඩිතබා කැබැලි කල, එසේත් නැත්නමි ඇසිඩි ගසා පුලුස්සා දැමු අති දුක්ඛිත දර්ශන ඔබ දැක නැතයි මම විශ්වාස කරමි. මම ඒවා දහස් ගණනක් දැක ඇතිවා පමණක් නොව ඒවා මගේ දැත්වලින් සුවපත්ද කලෙමි.‘‘
ඩෙනිස් මුක්විගී වෛද්ය උපාධිය ලබන්නේ 1983 දි බුරැන්ඩි විශ්වවිද්යලයෙනි. පසුව ඔහු නාරි හා ප්රසව රෝග පිලිබදව ප්රංශයේ University of Angers, හි 1989 තෙක් පුහුණුව ලැබිය. පෙරලා කෙංගෝවට පැමිනි වෛද්ය ඩෙනිස්ට මුලික පත්වීම ලැබුනේ කොංගෝවේ kivi නගරයේ ලෙමාරා රෝහලටය. එහෙත් 1998 සියල්ල වෙනස් කරමින් කොංගෝවේ සිවිල් යුද්ධය ආරමිභ විය. 1999 දී ලෙමාරා රෝහලට කඩා වැදුනු කැරලිකරැවෝ ඇදන්වල සිටි ලෙඩුන් 35 දෙනෙකු මරා දෑමීමෙන් පසුව ලෙමාරා රෝහල අතහැර ගිය ඩෙනිස් ඊට කිලෝමීටර් 100 ක් ඈතින් බුකාවි නගරයේ Panzi නමින් රෝහලක් පිහිටුවා ගත්තේය. එය ටෙන්ටි ගැසූ රෝහලක් වුවද ශල්යකර්ම වලට අතවශ්ය සියලු සමිපත් එහි තිබිණි. රෝහලේ ප්රතිකාර කලේ යුද්ධයෙන් දූෂණය කර ලිංග ප්රදේශවලට පහර දි වෙඩිතබා හෝ ඇසිඩිගසා තුවාල සිදුවූ කාන්තාවන්ට හා ගැහැනු දරැවන්ටය. ඒවා භයානක තුවාල විය. අවම වශයෙන් ඔවුනට මුත්රා කරගත නොහැකිව ඒවා සිය කලවා දිගේ වේදනාවෙන් හා අඩමින් වැගුරෑහ. ඩෙවිස් සිය විශ්මයඡනක ශල්ය කර්ම මගින් ඔවුහු නැවත යථා තත්වයට ගෙනාවේය. ගෙනාවා පමණක්ද ඔහු තුවාල සිදුකරන ලද සියලු කාන්තාවන් ඔවුන් මානසිකවත් ශාරිරකවත් සුවපත් වන තුරැ සිය රෝහල් කාර්ය මණ්ඩලයත් සමග රැක බලාගත්තේය. ඔබ සිතන්නේ කොපමණක්ද..? දාහක් දෙදාහක්…? නැත ඔහුගෙන් සුවපත්වූ හා නැවත ඡිවිතය දුටු කාන්තාවන්ගේ හා ගැහැනු ළමයිගේ ගණන නිවැරදි ලෙසම සංඛ්යාත්මකව අසූ දහසද ඉක්මවයි. මෙම මිනිසා එතරමි විස්මිත මිනිසෙක් වන්නේත් , මහා මිනිසෙක් වන්නෙත් එම නිසාය… ලෝකයේ ලිංගික ප්රචන්ඩත්වය නිසා ශාරීරිකව හානියට පත් අසූදහසක් සුවපත්කල ප්රථම
හා එකම විශේෂඥයා ඔහුය. කෙසේ වුවත් පනස්හතර ලක්ෂයක් සිවිල් යුද්ධයෙන් මිය ගිය කොන්ගෝවට.එය එතරමි ගානක් වුයේ නැත. එමනිසා 2012 ඔක්තෝබර් 23 දින AK47 වලින් සන්නද්ධ කැරලිකරැවෝ වෛද්ය ඩෙනිස් මුක්වීගේ නිවෙසට කඩා වැදී ඩෙනිස්ගේ දියණියන් සහ බිරිද ප්රාණ ඇපයට ගත්හ. නිවෙසට පැමිණි ඔහුගේ හිසට එකෙක් තුවක්කුව තැබූ අතර තවකෙක් ඩෙවිස්ගේ ආරක්ෂයාට වෙඩිතබා මරා දැමීය. වෛද්යවරයාගේ රථය පැහැර ගත් ඔවුහු බිරිදට සහ දියණියන්ට ආදරේනමි රටින් පලා යා යුතුයැයි අණකලෝය. අසරණ වු වෛද්යවරයා පලමුව ස්වීඩවයටත් පසුව බ්රසල්ස් නුවරටත් සිය පවුලත් කැටිව පලා ගියේය. ඉනුත් මාස දෙකක් ඇතුලත ඔහුට කොංගෝවේ දහස් සංඛ්යත ගැහැනුන්ගෙන් නැවත කොංගෝවට එන්නැයි ආයාචනාත්මක පණිවිඩ එන්නට පටන් ගත් අතර වෛද්ය ඩෙනිස් ගේ ඡිවිතය. තම දිවි දෙවැනිකොට රකින පොරොන්දුව ඒ මත තැබීය. ඔහු මෙම ගැහැනුන් කෙරෙහි 100% ක් .විශ්වාසය තැබු අතර ඔහුට අවශ්යවුයේ කොංගෝවේ මේ මිලේචිඡ කෘරත්වයට එරෙහිව කාන්තාවන් පෙළ ගැස්වීමය. ඉතිං නැවතත් 2013 ඡනවාරි මස 12 වැනි දින හේ ලිංගික ප්රචන්ඩත්වයේ අප්රිකානු ලකුණ වු කොංගෝ ගැහැනිය සුවපත් කිරීම අරභයා නැවත කොගෝවට පැමිණියේය. ඔහුට බ්රසල්ස් සිට කොංගෝවට පැමිණිමට ගුවන් ප්රවේශපත සදහා මුදල් සොයා දුන්නේ අවිහිංසක ගැහැනු අන්නාසි සහ ලුනු විකුණා ඉපයූ ඩොලරයෙන් බව හේ දැන සිටියේය. ගුවන් තොටුපලේ සිට කිලෝමීටර් 8 ක් යනතෙක් දහස් ගණන් කොංගෝ කාන්තාවන් ඔහු මැදි කර ගනිමින් නටමින් ගයමින් වයමින් රෝහල තෙක් රැගෙන ගිය අතර කොංගෝවේ කිසිදු රාඡතන්ත්රිකයෙක් එවැනි ස්වයංව ස්වෙචිචාවේන් ඉදිරිපත්වු ඡනතා උපහාරයක් කිසිදා ලබා නැකිවාට සැකයක් නැත..
එදා පටන් ස්වෙචිචාවෙන් ගැහැනු 20 දෙනෙක් ඔහුව නිරතුරැව ආරක්ෂා කලෝය. පසුව එක්සත් ඡාතීන්ගේ සාම සාධක හමුදාව එකී කර්තව්ය සියතට ගත්තෝය. මේ මිනිසා නිකන්ම නිකං වෛද්යවරයෙක් නොවෙයි ස්විඩනය, කැනඩාව,බෙල්ඡියම, ස්කොටිලන්තය, ප්රංශය හා නැවත වරක් බෙල්ඡියමෙන් ගෞරව උපාධි ලැබූවෙකි. වෛද්ය ඩෙනිස් මුක්විගී ගේ අති උත්තරීතර සේවය සදහා ඡාත්යන්තර සමිමාන 31 ක් ලැබී තිබේ. ඒ අතර යුරෝපා පාර්ලිමේන්තුව 2012 පිරිනැමූ සත්ය සහ නිදහස සදහා වු ඉහලම මානව හිමිකමි සමිමානයද . 2009 දී නයිඡිරියාව විසින් ‘ පුදකල ‘‘ අප්රිකානු මිනිසා ‘‘ සමිමානයද 2016 දී දකුණු කොරියාව පිදූ සියොල් සාම ත්යාගයද වෙයි. 2016 ටයිමි සගරාව ලෝකයට බලපෑමි කල හැකි මිනිසුන් සියදෙනා අතර වෛද්ය ඩෙනිස් මුක්විගී ගේ නමත් සටහන් කර තිබූ පසු ඔහු මෙසේ කීවේය… ‘‘ කොංගෝවේ යුද්ධය ආගමි අතර නොවෙයි…රාඡ්යයන් අතර ද නොවෙයි… ඒය හුදෙක් ආර්ථිකමය වශයෙන් භූමිය හා එහි සමිපත් අල්ලා ගැනීමට කරනු ලැබූ යුද්ධයකි. එහි ප්රධන උපාය මාර්ගය වුයේ ගැහැණුන් දූෂනය කර ඔවුන් ලිංගික ප්රචන්ඩත්වයෙන් දුර්වල කර දැමීමය. ඉතිරිවුවන් භූමිය හැරපියා පලායන්නේ ඉන් බියපත්වීමෙනි ‘‘
සටහන – Upali Jayasinghe…
මූලාශ්‍රය : Sathsara Jayanga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!