කංකුන් / කංකුං – Ipomea aquatica / Kankun (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සිංහලෙන් කංකුන් , ශත පර්වි , ශක පර්වා ලෙසටද සංස්කෘතෙන් කාලම්බි , කරෙමු නමින්ද දෙමලෙන් සර්කරීවල්ලී , නාලිකාම් , වල්ලිකොටි ආදී නාමයන් ගෙන් හදුන්වන කංකුන්වලට ඉංග්රීසියෙන් River Spinach , Water Morning Glory , Water Spinach කියයි. Convolvulaceae කුලයට අයත් කංකුන් ශාකය ඖෂධීය බවින්ද යුක්තයි.
ජලයේ හො තෙතමනය හොදින් ඇති ස්ථානවල පහසුවෙන් හා මනාව වැඩෙන ශාකයකි කංකුන් කියන්නේ. කද මීටර් 2-3ක් හො ඊට වඩා දිගු වන අතර කදේ මැද හිස් බවින් යුතුය. කංකුන් කොල ඊතල ( සැජිටේට්) හැඩයක් ගන්නා අතර යම් වෙනස් වීම්ද යුතු පත්රද දැකිය හැකිය. මෙහි මල් සුදු පැහැති අතර හොරණැ හැඩයට සමාන බවක් වන අතර කරල් සැදි බීජ හැදෙනවා. ඒ බීජ තුලින් වගාවන් සරිකර ගත හැකි එක් ක්රමයක් වෙයි. ලංකාව , ඉන්දියාව , වියට්නාමය , ඉන්දුනීසියාව , පිලිපීනය ආදී බොහො රටවල කංකුන් දැකිය හැකි අතර පත්ර හීං වර්ගයක් හා පත්ර පළල් වර්ගයක් සේ දැක්වෙයි.
ශරීර ශක්තිය වඩන හා ඇට මිදුලු වඩන වගේම ලේ සහ ශුක්ර ධාතු වඩන පෝෂණ ගුණ සපිරි කංකුන් ගැබිනි මවුවරුන්ට වාගේම දරුවන්ටද විශේෂයෙන් ගුණදායක වෙනවා.
මවුවරුන්ට මවුකිරි වඩන්නට මෙන්ම දරුවන්ගේ ඇස් පෙනීමට , වර්ධනයට ,
කෙස්වල වර්ධනයටද සමේ ශක්තිය ඇතිකිරීමටද කංකුන් වඩාත් හේතු වෙනවා.
ශරීර ශක්තිය දුර්වල වු අයගේ ශක්තිය වැඩිකරලීමටද කංකුන් වඩාත් ගුණදායක වන අතර නිතර අහාරයට ගැනීම තුළින් ශරීර වර්ධනයද සිදු වෙනවා. ශාරීරික විෂ සමනයටද ලේ පිරිසුදු කරලීමටද කන්කුන් විශිෂ්ට ඖෂධාහාරයක් වෙනවා.
* ලේ විෂ වූ විට කංකුන් කොටා මිරිකා යුෂ මේස හැදි දෙකක් පමණ බීම ගුනදායකය.
* ශක්තිය වර්ධනයට එලගිතෙලින් බැද ආහාරයට ගැනීම සුදුසුයි.
* පීනසටද කංකුන් මැල්ලුමක් ලෙසට හො එලගිතෙලින් බැද ආහාරයට ගැනීම සිදුකරයි.
* කන්කුන් කොළ අඹරා දෙහි ඇඹුලෙන් අනා ගෑමෙන් කුෂ්ඨ ද සුව වෙනවා.
* මලබද්ධයට ගුණ දෙන කන්කුන් බඩේ අමාරු අවස්ථාවල ආහාරයට නොගත යුතුමයි.
* පනු රෝග සදහා අක්මා රෝග සදහා මෙන්ම දියවැඩියාවටද ආහාර ලෙස ගැනීම සුදුසුයි.
* අර්ශස් , දියමැටියන් කෑම , පීනස හා පාසානම් විෂ ශරීරගත වූ පසු ආහාර සේ ගැනීම ඖෂධීය බවක් වෙයි.
ඔසු විසිතුරු හා අන්තර්ජාලයෙන් තොරතුරු ගෙන සැකසුනකි …
උපුටා ගැනීම :  Rms Sudarshani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!