හැමෝටම හම්බ කරන්න පුලුවන් හැබැයි මේක බෑ……. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හැමෝටම හම්බ කරන්න පුලුනවන්. ඒත් ඉතුරු කරන්න බෑ. මොකද හම්බෙන සල්ලි කළමණාකරනය කරන්න පුලුවන් කෙනා විතරයි දියුණු වෙන්නේ. අපි හැමෝටම අත් කකුල් ඇස කන නාසය ඔක්කම තියනවා. කිසිම අඩුවක් නැතුව. අපි දන්නවා එහෙම අඩු පාඩු තියන අයත් ලොකු ලොකු තැන් වල ඉන්නවා. එහෙනම් අපිට ඇයි බැරි. පොඩ්ඩක්වත් හිතුවද ඒ ගැන. අපි හැමෝටම තියෙන්නේ එකම විනාඩිය. එකම පැය. එකම දවස..ඉතින් ඇයි අපි ඉස්සරහට යනකොට එකිනෙකා වෙනස් වේගෙකින් යන්නේ.
ඇත්තටම මේකට හේතුව ආත්ම විශ්වාසය නැතිකම. අපේ අරමුණ අතරමඟදි වෙනස් වීම. අපි කොච්චර උනන්දුවෙන් දෙයක් පටන් ගත්තත් ටිකක් කල් යනකොට අපිට ඒ උනන්දුව නෑ. ඉතින් අපි වෙන පාරකට හැරෙනවා. කාලයක් යද්දි අපේ අරමුණ අමතකම වෙලා යනවා. ඒත් එකම අරමුණෙන් වැඩ කරන කෙනා හරිම වෙලාවට තමන්ගේ අරමුණට ගිහින් ගොඩ යනවා.
ඊයේ විවිද්ර සාකච්චාවෙදි මගෙන් කිහිපදෙනෙක් ප්රශ්න ඇහුවා. අරමුණ එකම විදියට තියාගන්නේ කොහොමද කියලා. ඔයාට යම්කිසි අරමුණකට යන්න ඕන නම් ඉස්සලම මනස නිදහස් කරගන්න. ඒක ටිකක් අමාරුයි. ඒත් ඔයා දවස් 21ක් ඒක practice කලා නම් ඔයාට ඒක habbit එකක් වෙනවා. negative vibes අයින් වෙලා හැමදේම හොඳ විදියට දකින්න හුරු වෙනවා. එහෙම උනාම ඔයාට ඔයාගේ මනස නිදහස් කරගන්න පුලුවන්. ඊට පස්සේ අරමුණට යන එක හරිම පහසුයි.
ව්යාපාරයක් පටන්ගෙන කරගෙන යන්න නම්, අදාල විශය ගැන ඉගෙනගන්න. ඊට පස්සේ ඒක ගැන අත්දැකීම් ලබාගන්න. ඒ අතරෙම තමන්ට සුලු හෝ ආදායමක් ලබන්න පුලුවන්. ඒත් එක්කම තමන්ට ව්යාපාරයක් පටන්ගන්න අවශ්ය capital එක හදාගන්න.
ගොඩක් අය සල්ලි හම්බෙන්න පටන් ගත්තාම show off එකට මිනිස්සුන්ට පේන්න දේවල් කරනවා. ඒත් බිස්නස් එක මුල් කාලේ බිස්නස් එක වෙනුවෙන් වියදම් කරනවා මිසක් කිසිම දේකට මුදල් යොදවන්න එපා. අපිට අපේ අරමුණට යන්න නම් අපි අපේම බිස්නස් එක ගොඩදාගෙන ඉන්න ඕන. ඒ වගේම ඊට පස්සේ අපේ ව්යාපාරයට related දේවල් වලට invest කරන්න. ඒ හැමදේම හදාගත්තාට පස්සේ අපිට පුලුවන් අපි ආස දේවල් ගන්න වියදම් කරන්න. හැමදේම අපි කරන්න ඕන plan එකකට.
ගැහැණු ළමයින්ට පොඩි කාලේ ඉඳලම අරපිරිමැස්ම කියන එක පුරුදු කරනවා. ඒ නිසා පිරිමි
ළමයින්ටත් වඩා අපිට මුදල් කළමණාකරනය කරලා දියුණු වෙන්න පුලුවන්. හිතේ හැටියට වියදම් කරන්න නම් ඉස්සල්ලම හම්බ කරන්න. passive income එකක් එන විදියට බිස්නස් එක හදාගෙන ඊට පස්සෙ තමන්ට ඕන ජීවිතේ ගෙවන්න.
මනස relax කරගෙන අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. අතරමඟදි එන බාදක වලට යොමු කරන වෙලාව තමන් වෙනුවෙන් වෙන් කරන්න. හැමෝටම එකම වේගෙකින් ඉසසරහාට යන්න පුලුවන්.
මාශි නෙහන්සා…✍

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!