ෆයිසර් එන්නත (සෞඛ්‍ය හා යෝග්‍යතාවය )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජාත්යන්තර Forbes සඟරාව කියන විදිහට එංගලන්තයේ ෆයිසර් එන්නතේ එක ඩෝස් එකක මිල ඇමෙරිකන් ඩොලර් 19.50 යි. ඒ වගේම ඔවුන් කියන විදිහට එක් අයෙකුට අවම වශයෙන් ඩෝස් 2 ක් විදින්න ඕනෙලු. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුට යන වියදම ඇමෙරිකන් ඩොලර් 39 යි.
අද විනිමය අනුපාතයට අනුව ඩොලර් එකක වටිනාකම රුපියල් 186 යි. එතකොට එක් පුද්ගලයෙකුට යන වියදම 186×39=7254 යි (මේක දළ වශයෙන් 7250 යි කියලා ගමු). ලංකාවේ මුළු ජනගහණය දළ වශයෙන් මිලියන 21 යි. එතකොට ලංකාවේ හැමෝම වෙනුවෙන් ආණ්ඩුවට දැරීමට සිදුවන වියදම බලන්ඩ නම් 7250×21,000,000 එතකොට උත්තරය 152,250,000,000 යි. ඒ කියන්නේ රුපියල් බිලියන 152.25 යි. සරළව කිව්වොත් රැපියල් කෝටි 15,225 යි. (මේ ගණන් කියවන්න හරිම අමාරුයි. ඒ නිසා වැරැද්දක් තිබ්බොත් පෙන්නලා දෙන්න).
සාමාන්යයෙන් ලෝකේ කිසිම රටක් එක පාරම රටේ මුළු ජනගහණයටම එන්නත ලබාදෙන්නේ නැහැ. මූලිකත්වය දෙන්නේ වැඩිහිටියන්, දරුවන් සහ වෙනත් නිදන්ගත රෝග සහිත රෝගීන් වැනි අවදානම් සහිත පුද්ගලයන්ට. ඒ විදිහට උපකල්පනය කළොත් මුල් වටයේදී රටේ ජනතාවෙන් සියයට 25 කටවත් එන්නත් ඇණවුම් කරන්න වෙනවා. ඒකට විතරක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 38 ක් යනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 3,800 ක්.
මීට අමතරව දැරිය යුතු තවත් වියදම් ගොඩාක් තියෙනවා. ෆයිසර් එන්නත ප්රවාහනය කරන්න ඕනේ සෙල්සියස් අංශක ඍණ 80 ක උෂ්ණත්වයක් යටතේලු. ඒ කියන්නේ ඒ වෙනුවෙන්ම සකස් කළ Super Cool නැවු කුලියට ගන්න වෙනවා. එන්නත ලංකාවට ගෙනාවට පස්සේ ඒවා රටේ විවිධ පළාත්වලට ප්රවාහනය කරන්න ඕනේ Super Cool container වල දාලා. මම දන්න තරමින් ඒවා ලංකාවේ නැහැ. ඒ කියන්නේ එන්නත එක්ක ඒවත් ලංකාවට ගේන්න ඕනේ.
ලංකාවේ වර්ථමාන නීති රිතිවලට අනුව රෝගියෙකුට එන්නතක් විදීමට අවසර තියෙන්නේ වෛද්යවරුන්ට සහ හෙදියන්ට පමණයි. ඒත් මහා පරිමාන එන්නත් කිරීමේ වැඩසටහනකට ප්රමාණවත් තරම් වෛද්යවරු සහ හෙදියෝ ලංකාවේ නැහැ. එහෙනම් කරන්න ඕනේ පවුල් සෞඛ්ය සේවිකාවෝ සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරු වගේ වෙනත් අංශවලට එන්නත් විදීමට පුහුණු කරන එක. ඒකටත් ලොකු වියදමක් යාවි. තව එන්නත ලබාදීමට අවශ්ය කරන උපකරණවලටත් වියදම් කරන්න වෙනවා. මේ ඔක්කොම එකතු වුණාම අපේ වගේ රටකට මේක අතිශය දුෂ්කර කාර්යයක්.
ඔය ඔක්කොම දේවල් හොයාගත්තත් එන්නත ඇණවුම් කිරීම සහ ඇණවුම් කරන එන්නතින් කොමිස් කුට්ටියක් ගහ ගන්නේ කොහොමද වගේ දේවලුත් කල්පනා කරලා බලන්ඩ වෙනවා. මොකද මේ වගේ ලොකු බිස්නස් එකකින් කොමිස් කුට්ටියක් ගහ ගත්තේ නැත්නම් උන් ශ්රී ලාංකිකයෝ නෙමෙයි.
මේ ඔක්කොම දිහා බැලුවාම ශ්රී ලංකාවට තියෙන හොඳම විකල්පය තමයි එක්කෝ නාහෙන් අඬලා ලෝක සෞඛ්ය සංවිධානයෙන් නොමිලේ එන්නත් ටිකක් ඉල්ල ගන්න එක. නැත්නම් වර්ථමාන ශ්රී ලංකාවේ පරම අයිතිකරුවා වෙන චීනය මොකක් හරි එන්නතක් හොයාගෙන ඒක ණයට හරි නිකන් හරි අපිට දෙනකම් බලන් ඉන්න එක. කරුමෙට චීනය හොයාගත්තයි කියන එන්නතට තාම හරිහමන් අනුමැතියක් ලැබිලා නැහැ.
ඒක වෙනකම් ඉතින් අපිට ඉතිරි වෙලා තියෙන හොඳම විකල්පය තමයි ඒලියන්ත වයිට් වගේ මිනිස්සු ඉස්සරහට දාලා ගංඟාවලට මුට්ටි අතහරින එක. නැතිනම් කපුවන්ට හීනෙන් පෙනුනැයි කියන වට්ටෝරුවලට අනුව හදපු එක එක පැණි වර්ග හොඳයි කියලා ප්රචාරයක් යවලා රටේ මිනිස්සුන්ව ටික දවසකට චූන් කරන එක. ඔය දැන් වෙන්නේ ඒක තමයි…
උපුටා ගැනීම : Anil Karunarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!