Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගොඩ කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක් ඊයේ ආපහු බැලුවා. 1993 දී රිලීස් වුණු මේ ෆිල්ම් එකේ නම Alive. පියර්ස් පෝල් රීඞ් කියන ලේඛකයා 1974 දී ලියපු Alive: The Story of the Andes Survivors පොත ඇසුරෙන් නිර්මාණය වුණු ෆිල්ම් එක රිලීස් වෙන්නේ biographical survival drama කියන කැටගරි එක යටතේ.
ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ සත්ය කතාවක්. උරුගුවේ රග්බි කණ්ඩායමක් ගමන්ගත් ගුවන්යානයක් 1972 ඔක්තෝබර් 13 වැනිදා අන්දීස් කඳුවැටියට කඩා වැටීම සහ ඒ හා බැඳුන සිදුවීම් මාලාවක් තමයි ෆිල්ම් එකෙන් කතා කරන්නේ. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
1972 ඔක්තෝබර් 13 වැනිදා උරුගුවේ ගුවන් හමුදාවට අයත් Flight 571 කියන යානය මොන්ටෙවීඩියෝ නගරයේ ඉඳලා චිලී රාජ්යයේ සන්තියෝගෝ දක්වා පියාසර කළා. මේ දවසේ ගුවන් යානය කුලියට අරගෙන තිබ්බේ Old Christians Club rugby union කියන රග්බි කණ්ඩායම. ඔවුන් චිලී රාජ්යය වෙත ගියේ රග්බි තරගයකට සහභාගි වෙන්න.
මේ අවසානාවන්ත ගමනට මගීන් සහ කාර්ය මණ්ඩලය 45 ක් සහභාගි වුණා. ඉන් 19 දෙනෙක් Christians Club රග්බි කණ්ඩායමේ ක්රීඩකයෝ. අනෙක් අය ඔවුන්ගේ ඥාතීන් සහ ආධාරකරුවෝ.
ගුවන් යානය අන්දීස් කඳුවැටියට ඉහළින් පියාසර කරද්දී සහායක නියමුවා කරපු අත්වැරැද්දක් නිසා යානය පහළට ඇද වැටිලා හිමි කන්දක් මුදුණේ වදිනවා. ඉස්සෙල්ලම කන්දේ වදින්නේ යානයේ අත්තටු දෙක. ඊට පස්සේ ටේල් එක. යානයේ ඉතිරි බඳ කොටස මීටර් 725 ක් (අඩි 2,379) ක් උස කඳු මුදුනකට පතිත වෙලා අයිස් ග්ලැසිරයක හිර වෙනවා.
ආර්ජෙන්ටිනාවට බටහිරට වන්නට පිහිටා තිබෙන අන්දීස් කඳුකරය කොහොමත් පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 3,570 ක් (අඩි 11,710) ක් ඉහළින් චිලී දේශසීමාවට ආසන්නයේ. යානය කඩා වැටෙන කොටම කාර්ය මණ්ඩලයේ 3 ක් සහ මගීන් 8 දෙනෙක් මිය යනවා. බරපතල තුවාල ලබන තවත් මගීන් කීප දෙනෙකුම අධික සීතල නිසා පසුව මියයනවා.
අනතුරෙන් පැයකට විතර පස්සේ ඒ ගැන දැනගන්න බලධාරීන් ගළවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළත් අධික හිම පතනයා නිසා සුදු පාට ගුවන්යානයේ සුන්බුන් ඔවුන්ට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා දිනට 8 කට පස්සේ ගළවාගැනීමේ මෙහෙයුම් නවතා දමනවා.
ඊට පස්සේ ගතවුණු තවත් දින 72 ක කාලය තුළ තවත් මගීන් 13 දෙනෙක් මියයනවා. යානය කඩා වැටුණු ප්රදේශයේ කිසිම ගහක් වත් සතෙක්වත් නැති නිසා ඉතිරි වුණු අය හාමත් වෙනවා. ඉතින් අවසානයේදී අකමැත්තෙන් උනත් අනතුරෙන් මියගිය තම යහලුවන්ගේ මස් අනුභව කිරීමට ඔවුන්ට සිදුවෙනවා. අධික හිම පතනය නිසා මියගිය අයගේ මිනී නරක් නොවී තිබීමත් ඔවුන්ට වාසියක් වෙනවා.
අවසානයේදී නැන්ඩෝ පැරාඩෝ සහ රොබෙර්ටෝ කැනේසා කියන තරුණයෝ දෙන්නා කිසිදු කඳු නැගීමේ උපකරණයක් හෝ කෑමක් බීමක් නැතිව දින 10 ක් තිස්සේ මීටර් 4,650 ක් (අඩි 15,260) උසැති කන්දක් තරණය කරලා චිලී රාජ්යයට ඇතුළු වෙලා උදවු අරගෙන එනවා. ඒ අනුව අනතුරෙන් දින 72 කට පස්සේ 16 දෙනෙක්ගේ දිවි බේරාගන්නවා.
මේ සිද්ධිය ලෝකය පුරාම ප්රසිද්ධියට පත්වුණේ Andes flight disaster සහ The Miracle of the Andes කියන නම්වලින්. ඒ ගැන ෆිල්ම් කීපයක්ම ආවා. ඒ අතුරින් Alive කියන්නේ හොඳම චිත්රපටයක්. මම කියනවට පුලුවන් නම් හොයාගෙන බලන්න… ඉවර වෙනවා තේරෙන්නේ නැහැ.
Alive ෆිල්ම් එකේ නැන්ඩෝ පැරාඩෝ ට ඉන්නේ අපි කවුරුත් දන්න ඊතන් හෝක්.
(ඔය කලර් පොටෝ දෙක ෆිල්ම් එකට අදාළ ඒවා. කලු සුදු ඒවයින් එකක තියෙන්නේ අනතුරට පත් යානාව වගේ යානාවක්. අනික් පොටෝ එකේ ඉඳගෙන ඉන්නේ සැබෑ නැන්ඩෝ සහ රොබෙර්ටෝ කැනේසා)
උපුටා ගැනීම :Anil Karunarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!