නෑ………… විහිලුවට නෙවෙයි ඇත්තටම තමයි මම කිව්වේ. චුට්ටක් නැවතිලා guess කරන්න මොනවා වෙන්න ඇතිද මේ කෑම වර්ග කියලා. ඔයා හැමදාම කන processed pie වර්ග ක්ෂනික ආහාර වර්ග වල පවතින බනිස් කොටස් වල මිනිස් කෙස් ගස් අඩංගු වෙනවා කියලා හීනෙකින්වත් හිතුවද? හොඳට ඉඳගෙන බර්ගර් එකක් රස කර කර කද්දී නිකමටවත් හිතුවද මේ රස බලන්නේ තව මනුස්සයෙකුගේ කෙස් කියලා? ඔව් මේවා හදන්න ගන්න L Cysteine සංයෝගය හදන්නේ මිනිස් කෙස් ගස් වලින් . නවතම අධ්යයනවලින් පෙන්වා දෙන විදිහට මෙය නිපදවා ගන්න කෙස් ගස් ප්රධාන වශයෙන් පැමිණෙන්නේ චීනයෙන්. ඒවා චීනයේ salones හා රූපලාවණ්යගාර වලින් පැමිණෙන ඒවා. ඉතින් ඔයා කැමතිනම් හිස කෙස් ගස් නැති පාන් හෝ බනිස් වර්ග කන්න නැවුම් පාන් වර්ග ආහාර සඳහා තෝරාගන්න. ආයෙ කන්න හිතෙන්නෙ වත් නෑ නේද?
හරි එහෙනම් අපි දැන් ඔයාට තියන අයිස්ක්රීම් කෑමේ ආශාවත් නැති කරමු ඔයා ස්ට්රෝබෙරි වැනිලා හෝ රාස්බෙරි අයිස්ක්රීම් කනව නම් ඒ කියන්නේ ඔයා බීවර් සතුන්ගේ ලිංගේන්ද්රියන් ආහාරයට ගන්නවා කියන එකයි. නෑ මම විහිළුවට කියනවා නෙවෙයි මේ අයිස්ක්රීම් ජාති වලට එකතු කරන Castoreum කියන සංයෝගය හදන්නේ බිවර් සතුන්ගේ ලිංගේන්ද්ර භාවිතා කරලා. ඒ වගේම මේක FDA විසින් අනුමත කරන ලද විශාල වශයෙන් අයිස්ක්රීම් නිපදවීමට භාවිතා කරන ආහාර පරිරක්ෂකයක්. ඒ වගේම එය ලේබලයේ සඳහන් කරද්දි ස්වභාවික රසකාරක කියලා සඳහන් කරන්නත් අනුමැතිය ලබා දීලා තියෙනවා. එතකොට අපි හිතන්නේ ඇත්ත ස්ට්රෝබෙරිවලින් හදලා කියලා නේ……. ඒත් ඉතිං ඇත්ත කතාව ගොඩක් වෙනස්.
ඊට පස්සේ මම කියන්න යන්නේ chicken nuggets ගැන මේවා හදන්න ගන්නෙ silicone breast implant fillers. ඔව් chicken nuggets වල chicken තියෙන්නෙ 50% යි. ඉතිරි 50% තියෙන්නෙ silicone breast implant fillers හදන්න ගන්න synthetic සංයෝගය.
ඊට පස්සේ කියන්නේ හොට් ඩෝග්ස් ගැන. Hotdogs වල තියන සොසේජස් වල පිටත ආවරණය හදන්නේ සතුන්ගේ අන්ත්රය නැත්නම් බඩවැල යොදාගෙන. ඒ වගේම ඇතුළත සඳහා ඌරෙකුගේ සියලු කොටස් හොඳින් අඹරා යොදා ගන්නවා. ඒ කියන්නේ ඌරු මුඛය, කකුල් වගේ හැම කොටසක්ම අඹරලා තමා මේවා හදන්නේ.
ඒ වගේම ඔබ හිතන්නේ ම නැති උනත් වුණත් ඇතැම් බියර් ජාති සත්ව කොටස්වලින් නිපදවා ගන්නවා Guinness වගේ සමහර බියර් වලට එහෙම්පිටින්ම මසුන්ගේ මුත්රාශය එක්කරනවා. විශ්වාස කරන්නත් අමාරු වුණාට උනාට ඒක තමයි ඇත්ත.
ඊළඟට කියන්න ගන්නෙ රතු පැහැ කෑම ගැන. එළවළු පලතුරු නෙවෙයි. රතු පැහැ ක්ෂණික ක්ෂනික ආහාර ගැන. රස පාටයි නම් තමා…….. හැබැයි ප්රශ්නෙ තියෙන්නෙ මේ රතු පැහැ කෑම වලට Carmine කියන සංයෝගය එකතු කළේ නැත්නම් ඔච්චර රතුපාට නෑ. ඒ වගේම Carmine හදන්නේ කෘමි සතුන්ගේ පිට සැකිල්ල කැල්සියම් කාබනේට් එක්ක රත්කරලා. මේ වර්ණකයන් එක අවුන්සයක් නිපදවන්න කෘමීන් හැත්තෑ දාහක් පමණ පිට සැකිලි අවශ්ය වෙනවා.
මේ කියපු ඔක්කොම ආහාර වල ඒ කියපු දේවල් තියෙනවා කියලා තියෙනව කියල හිතන්නත් අමාරුයි තමයි. හැබැයි මේක තමා ඇත්ත. අයිස්ක්රීම් ක්ෂණික බනිස් වර්ග රතු පැහැ ක්ෂණික ආහාර , හොට් ඩෝග්ස් වැනි මේ හැම එකක්ම වෙනස් වර්ග වල කෑම ජාති වුණත් එක දෙයක් මේවා වලට පොදුයි. ඒ තමයි මේ හැම කෑමක් ම හංගගෙන එන්න ජුගුප්සාජනක රහස්.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි