වැකේසම් (රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපිට එක පාරටම උණක් හැදුනා සතියක් විතර නිවාඩු දාලා නිවාඩු පාඩුවේ වැකේශන් එකක් ගත කරන්න යන්න. ඉන්න පුලුවන් හැම ඉරියව්වෙන්ම කල්පනා කරලා, ලංකා සිතියම් ලෝක සිතියම්, පුරාණ මිසර සහ මෙතපොතේමියානු සිතියම් සේරම බලලා කියවලා අපි හැදුවා ප්ලෑනක්. නිවාඩුවට යන්න තැනක්. කොටින්ම පැපිරස් පත්රිකා විතරයි බැලුවේ නැත්තේ මොකද ඒවා හොයා ගන්න අපහසු නිසා. හරි ඕං දැන් රූට් එක මෙහෙමයි. කෝච්චියෙන් අනුරාධපුරයට, එතනින් ත්රිකුණාමලේට. දවස් හතක්.
ගමන ප්ලෑන් කරද්දි තුන්සීයක් විතර සෙනඟ හිටියට අන්තිමේ උන්නේ හතර දෙනයි. කට්ටියකගේ ආච්චි ලොකු ලමයෙක් වෙලා තිබුණා, තව කට්ටියකගේ අක්කා එක්බිලියන දෙමිලියන අසු පස් වෙනි වතාවට කසාඳ බඳිනව කිව්ව. සමහරුන්ගේ සීයට අකුරු කියවන දවස, මුත්තට ඉඳුල් කටගාන දවස වගේ ඒව යෙදිලා තිබ්බ.
අපි සැලුණද… නෑ අපි කෝච්චියෙන් ගියා අනුරාජපුරේට. ඊට පස්සෙ නිවාඩුව ගත කරන්න අවශ්ය කලමනා දැල් කඩේකින් අරගෙන, එකී නොකී මෙකී සේරෝමත් එක්ක අපි ආවා තවත් ඇතුලකට.
අවංකවම කියන්න ඕන ලංකාවේ ඉන්න සුන්දරම ලස්සනම මිනිස්සු තාමත් ඉන්නේ ඒ ගම්තුලානවල් වල. අපිව පිලිගන්න තොරණ ගහලා නැතුව විතරයි. අපේ කාන්ඩේ එක යාලුවෙක් ගේ උපන් ගම.මිනිහගේ මහ ගෙදරට අපි පලවෙනි දවසේ දවල් සම්ප්රාප්ත උනා. ලඟ තිබ්බ ඇනිකට් එහෙකට පැනලා ඇති පදම් නාලා, බුරිය උල් වෙන්න කාලා අපි ලෑස්ති උනා පලවෙනි දවසේ රෑ ගත කරන්ඩ.
කොහෙද
හේනක.
හේන අපේ මිත්රයාගේ මස්සිනා කෙනෙක්ගෙ. මනුස්සයත් ආයේ නෑ දේවාලයක් වගේ මනුස්සයා මල් සුවඳ දුම් අල්ලනවා කොයි වෙලෙත්. හේනෙනේ… ආයේ මොකා එනවද.
හවස හතරට විතර හේනට ගාටල, මඤ්ඤොක්කා පඳුරු දහයක් විතර ගලවලා කොටහක් පුච්චලා, තම්බලා කොච්චි පොල් තලලා දාලා හැදුව මතකයි…. කවිදෝ ගිනි මැලයක් ගැහුවා මතකයි, තවත් කෙනෙක් කාපං කාපං කියලා මොනාද කැව්ව මතකයි ….
මිත්රවරුනි මේං ඊලඟ දවසේ උදේ පාන්දර හයට විතර ඇහුරුණාම හේනේ අයිති අයියා ඔලුවේ අත්දෙක ගහන් ගිනිමැලේ ලඟ ඉන්නවා .උදේම සුවඳ දුම් පූජාවක් මැද්දෙන් මිනිහා සාන්ත දාන්තව කල්පනා කරනවා.
අයියා මොකුත් අවුලක්ද?
අයියා බලාපු බැල්මට් එකට තව පොඩ්ඩෙන් මං දැවී අලූ වී යනව.
“නෑ මල්ලි මං මේ කල්පනා කලේ…. ගිනිමැලේට දර දාපං කිව්වම ,උදලු ටිකයි කැති දෙකයි, හිරමණෙයි දාපු වල් pකයා කවුද කියලා …”
හත්තිලව්වකි ….ගිනිමැලේ වටේට ලස්සනට අහුරලා වගේ උදලු තල හතරයි, කැති තල දෙකයි තඩි හිරමණ තලේකුයි අහුරලා වගේ තියනව… ඒ විතරක් යෑ ඒවගේ ලීමිටවල් පිච්චිලා අඟුරුවෙලා ගිය පාරත් ලස්සනට තියනවා.
හැබයි අදවෙනකන් දාපු එකෙක් නෑ….
උදේ එහෙම උනාට හවස් අතේ අපි ගියා යාලුවගේ ලොකු මාමගේ ගෙදර. එයා පාරම්පරික සිංහල වෙදමහත්තයා. හරි නිවිච්ච මනුස්සය ඒ වගේම ප්රසිද්ධ කෙනෙක්. අපි එහෙට ගියා. ඒ යද්දි බයිසිකලේ හප්පගෙන එක්තැන් වෙච්ච කොල්ලෙක් අර ඉස්පිරිතාලෙන් දාන ගල් ප්ලාස්ටර් පිටින්ම ඇඳක බාවලා බේත් ගානවා.
හැම ගැන්සියකම වගේ අපේ එකෙත් හිටියා ඕනම ගෙදරකට ගියාම කුස්සියට පැනලා පොල් ගාණ, බෝංචි කඩන, මකුලු දැල් කඩන. කොටින්ම් ගෙදර පුතෙක් වහේ ඇක්ටිං එක දාන ඩයල් එකක්. මේ යකත් අර වෙද මහත්තයා ලඟට සෙට්වෙලා අර කොල්ලට බේත් කරන තැනට හොට දාං ඉන්නවා. අපි එලියේ මිදුලේ තිබ්බ පැණි දොඩම් ගහකට වග කියන්න කල්පනා කර කරා එහෙට මෙහෙට වෙවී ඉන්නවා. ඒ අස්සෙ උණු හැලපයි, මහසොහොන් ගුලි වගේකුයි පත කෝලිකුට්ටු ඇවරියකුයි එක්ක අරන් ආවා වෙදමහත්තයා මාමගේ එකම දුව. අපි විනීතකමෙන් පෙරලා තේ බොනවා. කොච්චර විනීත උනාද කියනවා නම් එකෙක් කෙහෙල් ලෙල්ලයි හැලප කොලෙයි දෙකත් සාක්කුවේ දාගත්ත. අර ලමයට පේන්න.
විනාඩි දහයක් ගියේ නෑ මිත්රවරුනි ගේ අස්සෙන් මහ බයානක ඇඟකිලිපොලා යන විලාපයක් ඇහෙන්න ගත්තා. අපි කඩාගෙන දිව්වා ගේ අස්සට.
මේං යකෝ අර ඇඳේ බාවලා ගල් ප්ලාස්ටර් දාං හිටිය එකා ඉන්නවා දෙපයින් හිටගෙන වැනි වැනී….
බලන්න වෙදකමේ හාස්කම්…නේද…. නෑ හිතවතුනි… වෙද මහත්තයා ලෙඩා තවන්න කීවම අපේ අර පණ්ඩිතයා
ලිපේ උණු උණුවෙන් තිබ්බ තැවිලි පොට්ටනි දෙක උණු උණුවෙන්ම අරූහේ පිටේ තියලා….
ලෙඩා නැඟිටලා….වෙදමහත්තයා එකතැන් වෙලා
එඤ්ඤං
  උපුටා ගැනීම :  කුෂාන් ප්රේමසිරි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!