**ෆෝන් එකෙන් කාලක් රෙස්ට් කිරීම*** (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මචන්.ෆෝන් එක ස්ටක් උනා බන්.වැඩ කරන්නෑ ගොඩක් එව්ව හිරවෙනව.”
2009 දි අති දැවැන්ත නමක් දිනාගෙන තිබ්බ සෝනි එරික්සන් w800 ෆෝන් එකත් උස්සගෙන මන් ගාවට ආව ඌ කිව්වෙ හිතේ හෙන අස්පට් එකෙන්.
“ඉතින් මොකද කරේ…”
“දන්න අයිය කෙනෙක් ඉන්නව ෆෝන් කඩේක.ඌ ආන්සර් කරේ නැති නිසා එස් එම් එස් එකක් දැම්මා.”
“ඉතින්”
“ඌ එස් එම් එස් එකක් එවල බන් කාලක් රෙස්ට් කරන්ඩ කියල”
“හෑ”
“ඔව් බන්.ඒ මොන මගුලක්ද.කාලක් අනුමත වෙන්ඩ කියලද ඌ එවල තියෙන්නෙ ආතල් එකට?”
මාත් දහාතෙ කල්පනා කරා මොකක්ද බන් ඒ හරුපෙ.ඌට වඩා මට තාක්ශණික දැනුමක් තිබ්බ ලාවට වගේ.ඒත් යකඩො එහෙම එකක්??
“කෝ බලන්ඩ එස් එම් එස් එක?”
ඌට වඩා එස් එම් එස් සම්බන්දෙනුත් දැනුමක් තිබ්බ මන් මැසේජ් එක බැලුව.ඌ මූට කරපු කෝචොක් එකක් වෙන්ඩ ඇති.
ඔව්නෙ යකඩො.හතරෙන් එකක් රෙස්ට් කරන්න කියල තමයි තියෙන්නෙ. ඒත ටිකක් බලන් ඉද්දියි වැඩේ මීටර් උනේ
“4 n 1 rst krn.”
ඌ එවල තිබ්බෙම ඔච්චරයි.වැඩක හිටි නිසා හදිසියට ඕක එව්වෙ කියල පස්සෙ මෑන් කියල තිබ්බ.
ඉතින් අර කාලක්රියා කරන්න හිතන් හිටපු ඌට මන් කියල දුන්න ඒ හතරෙන් එකක් රෙස්ට් කරන්න නෙමේ
“ෆෝන් එක රීසෙට් කරන්න” කියලයි තියෙන්නෙ කියල.
ඒත් එදවස ඌ වැරදි නෑ.අදටත් මටත් සමහර ඔය එවන ශෝර්ට් ෆෝර්ම් කියවන්න තේරෙන්නෙ නෑ
මෑතක් වෙනකන් මන් හිතන් හිටියෙ tc කියල එවන්නෙ තෙරුවන් සරණයි එකේ එස් අකුරට වැරදිලා සී අකුර ටයිප් කරල කියලා.ඒකට මන් රිප්ලයි කරන්නෙ ts කියල.
නැද්ද අත්දැකීම්?
උපුටා ගැනීම : Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!