කෙටි කතාවකි
‘මිස් ඔයා මිස්ටර් විජේනායකගෙ දුවද?’
‘ඔව්’
‘එහෙනම් මම හිතුව හරි. ඔයා හොයන කෙනා මම තමයි’
‘වට්’
අප්පච්චි උදේ පාන්දරම එව්වෙ මේ මනුස්සයව මීට් කරවන්නද. මම හේතුවක් අහන්නෙවත් නැතුව ආවෙ මොකක්හරි වැදගත් දෙයක් වෙන්නැති කියලා.
‘ඔයාගෙ නම කේශනී. මම හරිනෙ’
‘ඔව්’
‘මගෙ නම කවීශ. නයිස් ටු මීට් යූ’
එහෙම කියලා මගෙ දිහාවට අත දික්කරන ගමන් පුටුවෙන් ඉඳගත්තා. මම ගනන් ගන්නැතිවම හිටපු නිසා අත අයින් කරගත්තා.
‘මම හිතුවටත් වඩා මගෙ වෙන්ඩ වයිෆ් ලස්සනයිනෙ’
කවීශ කිව්වේ මගෙ කෑදර විදිහට බලල ඇහැකුත් ගහන ගමන්මයි
‘මොකක් වෙන්ඩ වයිෆ්’
මොක්කද යකූ ඒ අපබ්රන්සෙ.
‘ඇයි ඔයාට කිව්වෙ නැද්ද අප්පච්චි විස්තරේ’
‘මොන විස්තරේද’
‘ඕහ් ගෝඩ් ඔයාට ඒක ගැන කිව්වෙ නැද්ද. මම තමයි ඔයාව මැරිකරන්න ඉන්න කෙනා’
‘මොකක්. ඔයාට පිස්සුද’
‘පිස්සුද නැත්නම් මොකක්ද කියලා ඔයා දැනගන්න ඔයාගෙ අප්පච්චිගෙන්. මම කිව්වෙ ඔයාගෙ අප්ප්ච්චි මට දීපු පොරොන්දුව ගැනයි’
‘මොකක්ද දීපු පොරොන්දුව’
‘අපි දෙන්න මැරි කරනවයි කියලා’
‘මගෙ කැමැත්තක් නැතිව මන් කාවවත්ම මැරි කරන්නෑ’
එහෙම කිව්වම කවීශ මහ සද්දෙන් හිනාවුනේ වටේ පිටේ ඉන්න මිනිස්සුත් අපි දිහා බලන විදිහටයි.
‘තමුන්ට පිස්සුද මෙතන මෝඩයෙක් වගෙ හැසිරෙන්නෙ’
‘අනේ නෑ ඔයා කියන ඒවට හිනායනවනෙ මැණික’
‘මේ හලෝ තමුන් දන්නවද මගෙ වයස ගැනවත්. තමුන් මට වඩා අවුරුදු දහයක්වත් වැඩිමල් ඇති’
‘වසය කසාද බඳින්න ගැටලුවක් වුනේ කවද්ද මිස්’
‘තමුන් වගෙ පිස්සොත් එක්ක මට නාස්ති කරන්න කාලයක් නෑ’
‘මිස් ඔය යන්නද හදන්නෙ. ඔයා දැන් ගියත් අනිවාර්යයෙන්ම අපි දෙන්න වෙඩින් එකේදි මීට් වෙනවා’
‘මේ මිස්ටර් දවල් හීන දකින්නෙපා’
‘දවල් හීන නෙමෙයි මම දැකපු හැම හීනයක්ම ඉශ්ටකරගත්තු කෙනෙක්’
‘එහෙනම් ඔයා හිතාගන්න මේ තමයි ඔයාට ඉශ්ටකරගන්න වෙන්නැති පළවෙනි හීනෙ කියලා’
මම එහෙම කියලා එතනින් ආවේ මගෙ බෑග් එකත් අරගෙනමයි. අර වගෙ වනචර මිනිහෙක්වද අප්පච්චි මට බන්දන්න හදන්නෙ. ඌ මගෙ දිහේ බැලුවෙ තම්බියා හරක් දිහා බලනවා වගෙයි.
මම එහෙම හිත හිතම ගෙදර ආවා. මගෙ අප්ප්ච්චිට තියෙන්නෙ මගෙ සීයගෙන් උරුම වුනු රෙදි සාප්පු සංකීර්ණයක්. මේ හැමදේමත් තියෙද්දි මගෙන් අහන්නෙවත් නැතිව අප්පච්චි මාව මනුස්සයෙක්ට බන්දලා දෙන්න හදන එකයි මට හිතාගන්න බැරි.
‘කේශණි’
‘ඇයි අප්පච්චි’
‘තමුන් මොකක්ද අර දරුවට කියලා තියෙන්නෙ. තමුන්ට මම මේ දැන් කිව්වයි කියලා හිතාගනින්. උබ බඳින්නෙ කවීශමයි. ඒකෙ ආයෙ දෙකක් නෑ’
‘අනේ අප්පච්චි මම එයාට කැමති නෑ’
‘දැන් කවුද මෙතන උබේ කැමැත්ත අකමැත්ත ඇහුවේ. අම්මත් නැති උබව හදාගත්තෙ උබට ඕන ඕන විදිහට වැඩකරන්න නෙමෙයි’
‘අම්ම අපිව දාලා ගිය එක මගෙ වැරැද්දක් නෙමෙයි අප්පච්චි’
මම අඬ අඬම කිව්වෙ හැමදාම කරන මේ චෝදනාව මට ඉවසන්න බැරි නිසයි.
‘කටවහපන් උබ. මගෙ ගෑණි මැරුනෙ උබේ කාලාකන්නි කමටයි’
මම අඬ අඬම කාමරයට ගියා. මම අම්මව දැකලා තියෙන්නෙ ෆොටෝ වලින් විතරයි. මම ඉපදුනු දවසෙම මගෙ රත්තරන් අම්ම මාව දාලා ගිහිල්ලා.
ඒ වේදනාව අඩුකරගන්න අප්පච්චි එක එක දේවල් වලට හුරුවලා සල්ලි ගොඩක් නාස්තිකරගත්තා.මට හිතෙන්නෙම මාවත් බන්දලා දෙන්න හදන්නෙත් ඒ මොකක්මහරි හේතුවක් හින්දයි.
දවස් එකින් එක ගෙවිල ගියේ මගෙ වෙඩින් එක හැමදේම ලෑස්තිවෙද්දියි. එක දවසක් මම බලාපොරොත්තු වෙච්චි නැති විදිහටම මම අකමැතිම මනුස්සය අපේ ගෙදර ආවා හැබැයි තනියම නෙමෙයි.
‘ආහ් කේශි මේ ඉන්නෙ මගෙ යාළුවෙක්. පොටෝග්රැපි කරන්නෙ. අපේ වෙඩින් එකේ ඔක්කොම ෆොටෝ ගන්නෙ මෙයා තමයි’
‘වෙඩින් එකේ නෙමෙයි මළගමේ තමයි ෆොටෝ ගන්න වෙන්නෙ’
‘තමුසෙ ඔක්කොටම කලින් ඔය කතාකරන විදිහ හදාගන්නවා. නැත්නම් මම දන්නවා ඕක හදන විදිහ’
‘ඉතින් මාව මොකටද බඳින්නෙ. ගිහිල්ල තමුසෙට හරියන ගෑණියෙක්ව හොයාගන්නවකො’
‘උබට මමහ්’
කවීශ මගෙ කට දෙපැත්තෙන් අල්ලලා තද කලා.
‘ඒ ඒ උබට පිස්සුද අයියෙ ඔය කෙල්ලව අතාරින්න’
කවීශ අත මුදවගන්න මැදිහත්වුනේ ඔහුගෙ යාළුවයි. මම ඉක්මනින්ම ඔවුන්ගෙන් මිදී මගෙ කාමරයට ගියා.
ටික වෙලාවක් ගෙදර ඔවුන් දෙන්න ඉඳලා මොහොතකින් ගියා. ඊටපස්සෙයි මම කාමරෙන් එළියට ආවේ.
මම අහම්බෙන් දැක්කා සාලෙ මේසෙ උඩ පුංචි කාඩ් එකක් තියෙනවා. මේ කවීශගෙ යාළුවගෙ විසිටින් කාඩ් එකක් කියලා මම දැක්ක ගමන් අඳුනගත්තා.
‘කේශව රණතුංග. කේශනී-කේශව. ඒකත් පුදුමයි’
මම හේතුවක් නොමැතිවුනත් ඒ කාඩ් එක ගෙන මගෙ පර්ස් එකෙන් දාගත්තා.
ටිකෙන් ටික වෙඩින් එකට දවස් ළංවෙද්දි මට පිස්සු වගේ. මට ඕනි වුනේ කොහොමහරි මේක කඩාකප්පල් කරන්න වුනත් මට ඒකට අදහසක් පහළවුනේ නෑ. හදිස්සියේම මට කේශව අයියව මතක් වුනා.
මම එයාගෙ නම්බර් එක ඩයල් කලා.
‘හෙලෝ කේශව පොටෝග්රැපි’
‘හෙලෝ කේශව අයියේ මම කේශනී කතාකරන්නෙ’
‘කේශනී කිව්වෙ කවුද’
‘අර ඔයා එක දවසක් කවීශ එක්ක අපේ ගෙදර ආවේ’
‘ආහ් කවීශ මැරි කරන්න ඉන්න කෙනාද’
‘එයා එහෙම හිතුවට ඒක කවදාවත්ම වෙන්නෙ නෑ’
‘හරි හරි දැන් මට කතාකලේ ඇයි’
‘මට ඔයාගෙන් උදව්වක් ඕනෙ අයියෙ’
‘උදව්වක් ඒ මොකක්ද’
‘මම කැමති නෑ කවීශව මැරි කරන්න. ඉතින් මේක නවත්තන්න මට උදව් කරන්න’
‘ඉතින් ඔයා අකමැතිනම් ඒක කියන්න. එතකොට හරිනෙ’
‘මම ඉහේ කෙස් ගානට කියල තියෙන්නෙ වැඩක් නැති හින්දයි ඔයාගෙන් උදව් ඉල්ලුවෙ’
‘ඉතින් ඔයා කියලවත් ඕක නවත්තන්න බැරිවුනානම් මම කොහොමද නංගි ඔයාට උදව් කරන්නෙ’
‘ඔයා මට කියන්නකො කවීශගෙ වැරැද්දක්. එහෙම හොයාගන්න පුලුවන් වුනොත් ඒක කියලා අප්පච්චිට කියලා නවත්තන්න පුලුවන් වේවි’
‘මම හිතන්නෑ නංගි ඒක හරියයි කියලා’
‘ඇයි ඒ’
‘මෙහෙම කිව්වට තරහගන්නෙපා ඔයාගෙ අප්පච්චි කවීශ ගැන දැන දැනමයි ඔයාව මැරිකරවන්නෙ. මොකද කවීශගෙ නරකම මිසක් හොඳක්නම් මම කවදාවත් අහල නෑ’
‘අනේ දෙවියනේ මම මොකද කරන්නෙ’
‘කවීශව මැරිකරන්න නංගි. සමහරවිට ඔයාව බැන්දම උගෙ ඔය ගති හරියන්න ඉඩ තියෙනවා’
‘මම තියන්නම් අයියෙ’
කේශවට කතාකරලත් හරියන්නෑ. අනේ ඌ දන්න ඉටිගෙඩිය. මිනිහෙක්කෙ ඕනම දෙයක් හදලා ගන්න පුලුවන් වනචරකම වෙනස්කරන්න පුලුවන්. මට අදටත් මතක් වෙන්නෙ ඌ මගෙ දිහේ බලපු විදිහයි.
කාලය ටිකෙක් ටික ගෙවුනා. මගෙයි කවීශගෙයි වෙඩින් එක තියෙන්නෙ හෙටයි. මම තීරණයක් ගත්තා. ඔව් මම දැන් හදන්නෙ ඒක ක්රියාත්මක කරන්නයි. පාන්දර එක හමාරයි වෙලාව.
මම අතට අහුවෙන ඇඳුම් ටිකකුයි ඉතුරුකරගත්තු සල්ලි ටිකකුයි බෑග් එකකට දාගෙන සද්දයක් ඇහෙන්නැතිවෙන්න ගෙයි පිටිපස්සෙන් එළියට ඇවිත් පාරට ආවා. ටික දුරක් ආවාම ත්රීවිල් එකක් ආපු නිසා ඒකෙන් බස් ස්ටෑන්ඩ් එකට ආවා.
මට හදිස්සියෙම කේශව අයියව මතක් වුනු නිසා එයාට කෝල් එකක් ගත්තා.
‘හෙලෝ කවුද මේ පාන්දර’
‘හෙලෝ අයියේ මම කේශණී’
‘ඇයි නංගි මේ’
‘අයියෙ මම ගෙදරින් පැනලා ආවා’
‘මොකක්’
‘ඔව් අයියෙ මම කිව්වනෙ මට අර ජරා මිනිහව බඳින්න බෑ කියලා’
‘දැන් කොහෙද ඉන්නෙ’
‘බස් ස්ටෑන්ඩ් එකේ’
ඒත් එක්කම මම හිටපු හරියට බීපු කොල්ලො ටිකක් ආවා. උන් මගෙ දිහේ බලපු විදිහටම මට හිතුන අපරාදෙ මම ආවෙ කියලා.
‘ආහ් නංගි කාත් එක්කද කෝල් එකේ ඩීල් එකක්ද’
එකෙක් මහ ජරා විදිහට මගෙ දිහේ බලාගෙන ඇහුවා.
‘ඔතන කවුද නංගි ඉන්නෙ’
‘දන්නෑ අයියෙ බීපු මිනිස්සු ටිකක් මම එතනින් ආවා ඒත් උන් මගෙ පස්සෙන් එනවා’
මම කෝල් එක කට් කරල අඩිය ඉක්මන් කරල ගියා. පැය කාලක් විතර මම උන්ගෙන් බේරෙන්න දිව්වා. එකෙක් ඇවිල්ල මගෙ අතින් අල්ලපු ගමන් එතනට ආවේ මම හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්.
‘කේශව අයියේ’
‘ඒහ් උබල මොකද මේ මගෙ වයිෆ්’
‘හරි හරි මචන් අවුලක් නෑ’
උන් එහෙම කියලා ගියා. කේශව අයියා කේන්තියෙන්ම මගෙ අතින් බෑග් එක අරගෙන බයික් එකට නගින්න සන් කලා. මම ඔහුගෙ උරහිසින් අල්ලගෙන නැග්ගා. ඔහු දිගටම ඇවිල්ල ගෙයක් ගාවින් නැවත්තුවා.
මට නිශ්ශබ්ද වන ලෙස දන්වා මගෙ අතින් අල්ලගෙන ගෙයි පිටිපස්සෙන් ඇතුළට එක්කගෙන ඇවිල්ලා කාමරයකට එක්කගෙන ආවා. ඔහු මාව එක්කගෙන ආවේ තරමක් විශාල නිදන කාමරයකටයි. මේ ඔහුගෙ කාමරය කියලා මට හැඟුනා.
ඇටෑච් බාත් රූම් එකකුත් ඇඳුම් ඇසුරුම් කිරීමට හා ඇඳීමට වෙනම කාමරයකුත් තිබුනා. ඔහු මාව එය තුළට එක්කගෙන ඇවිත් දොර වැහුවා.
‘මේ මගෙ ගෙදර මගෙ කාමරෙ. මට තැනක් හම්බෙනකන් මෙතන ඉන්න. මම උදේ ගියාම ආයෙ එන්නෙ හවසට. මම හැමදාම යන්නෙ මේ පොඩි කාමරේ ලොක් කරල. ඒ හින්ද ඔයත් ලොක් කරන් ඉන්න මොකද අම්ම ඇවිල්ල හැමදාම කාමරේ අතුගානවා’
‘අයියෙ ප්රශ්නයක් වෙයිද’
‘ඔයා පරිස්සම් වුනොත් අවුලක් නෑ. හෙට මනමාලි නැතිවුනාම කොහොමත් එහෙ ඇවිලෙයි. ඔයාට බඩගිනිද?’
‘නෑ අයියෙ’
‘දැන් එන්න එළියට ඔයා නිදාගන්න එන්න ඇඳට මම ගියාම පොඩි කාමරේට යන්න. කාමරේ දොර හැමතිස්සෙම වහන් ඉන්න. දැන් එන්න නිදාගන්න’
මම ඔහුගෙ ඇඳේ නිදාගත්තා. ඔහුත් අප අතරේ කොට්ට පේළියක් තබා හරස් කරමින් නිදාගත්තා. උදේම ඔහුගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒ සද්දෙට අපි දෙන්නම ඇහැරුනා.
‘හෙලෝ කවීෂ කියන්න’
‘මොකක් කෙල්ල ගෙදර නෑ’
‘හරි ඉඳහන් මම එන්නම්’
ඔහු කෝල් එක කට් කර මගෙ වෙතට හැරුනා.
‘අන්න අරූ ඇවිලිලා. මම දැන් යන්නම්. ඔයාට දවල්ට කන්න මොනවහරි හොරෙන්ම අරන් එන්නම්’
ඔහු එලෙස පවසා එළියට ගිය පසු මම බාත් රූම් එකට ගොස් අර පොඩි කාමරයට ගොස් දොර වසාගත්තා.
ටිකකින් ඔහු ඇවිත් දොරට තට්ටු කලා. මම දොර හැරී පසු මගෙ අතට අඩක් හිස් කල කිරිවීදුරුවක් දුන්නා.
‘ඔයාට දෙන්න තරම් දෙයක් නෑ. මම එළියට ගිහිල්ල ඔයාට බිස්කට් පැකට් එකක් හරි අරන් එන්නම් බඩගිනි වුනාම කන්න. රෑටනම් මන් කොහොමහරි බත් එකක් අරන් එන්නම්’
මම කිරිටික බීගෙන බීගෙන ගියා. ඒත් බඩගින්න නම් නැතිවුනේ නෑ. ටිකකින් පාන් රාත්තලකින් බාගයකුයි සම්බෝල ටිකකුයි අරන් ඇවිත් මට දුන්නා.
‘ඔයාට’
‘මටනම් එළියට ගියාම කන්න බැරියෑ’
ඔහු ටිකකින් එළියට ගියා. මට එළියෙන් ගෑණු ළමයෙක් කේශවට කතාකරන සද්දෙ ඇහුනා. ඒ නංගි කියලා මට තේරුනා.
‘අයියා තමුසෙ මොකද පාන් කන්න කවදාවත් නැතුව කාමරෙටම රින්ගන් ඉන්නෙ’
‘උබට ඒකෙන් වැඩක් නෑනෙ. විභාගෙට පාඩම් කරපන් ඕපදූප හොයන්නැතුව’
ළඟදිම ගෙදර කාටහරිම මාට්ටු වෙයිද කියලත් මට හිතුනා. ඔහු කාමරයට ඇවිත් මම ඉන්න කොටසට ආවා.
‘නංගි මම යනවා. මම මොනවහරි ඔයාට අරන් එන්න බලන්නම් හොදේ’
එසේ පවසා ඔහු පිටත් වුනා. ඔහු පැයකින් විතර නැවතත් පැමිණ මට හොරෙන්ම බිස්කට් වර්ගයි තවත් කෑම ජාති අරන් ඇවිත් දුන්නා. නංගි එළියෙ ඉඳන් කෑහනවා.
‘අයියා තමුසෙ කාමරේ අස්සෙ රින්ගන් ඉන්නවා වැඩියි’
‘මගෙ කාමරේ අස්සෙ රින්ගන්නැතුව උබේ කාමරේ රින්ගන්නද’
දවස ටිකෙන් ටික ගතවුනා මම කාටවත්ම අහුවෙන්නැතිවෙන්න එදා දවසත් ගතකලා. අයියත් ආවා රෑ හතට විතර. මට බත් මුලකුත් අරන් ඇවිල්ල තිබ්බා.
‘ඔයා ගැන පොලීසියෙ ඇන්ට්රියකුත් දාලා’
‘ඔයාගෙන් මුකුත් ඇහුවෙ නෑ නේද’
‘මගෙන් මොනව අහන්නද අපි දෙන්න කතාකරනවා කියන්න දන්නෙ නෑනෙ’
‘මට බයයි අයියෙ මම හින්ද ඔයත් කරදරේ වැටෙයි කියලා’
‘එහෙම වෙන්නෙ නෑ. මම ඉක්මනට තැනක් හොයගන්නම්’
‘ඇයි අයියෙ මට උදව් කරන්න හිතුවෙ’
‘ඔයාට අසාධාරණයක් වෙන්න ගියෙ. ඒකයි’
එදා රෑත් සුපුරුදු ලෙසම ගතවී කේශව පසුවදා උදෙන්ම ගෙදරින් ගියා. ඔහු ගිය පසු මම බාත් රූම් එකට ගිහින් ආපහු කාමරේට යන්න හදද්දි අමුතු සද්දයක් ඇහුනා. මම ඔලුව හරවලා දැකපු දෙයින් මගෙ කකුල් දෙකම පණ නැතිවුනා.
මගෙ වයසෙ හරි ඊට වඩා වයසින් බාල ගෑණු ළමයෙක් කාමරේ ජනෙල් වීදුරු වලින් මගෙ දිහේ බලන් හිටියා. එයත් මන් තරමටම පුදුම වෙලයි හිටියේ. ඊටපස්සෙ එය එතනින් අයින් වෙලා ගියා.
හැබැයි ටිකකින් මම හිටපු කාමරේ දොරට තට්ටු කලා. මම ටිකක් වෙලා ඉඳලා දොර හැරියා. අර ගෑණු ළමයා ඉනට අත් දෙකත් තියාගෙන මගෙ දිහේ බලන් හිටියා.එකපරටම මගෙ අතින් ඇදගෙන කාමරේට එක්ක ඇවිත් දොර වහගත්තා.
‘මොකක්ද ඔයාගෙ නම’
‘කේශණී’
‘අපෙ අයියාව කොහොමද දන්නෙ’
මම විස්තරේ ඔක්කොම කිව්වම එයාට දුක හිතුනා. පස්සෙ මගෙ දිහේ උවමනාවෙන්ම බලන් හිටියා.
‘අපේ අයිය එක්ක යාළු වුනාද ඔයා’
‘නෑ එහෙම දෙයක් අපි අතර නෑ’
‘දැන් මෙහෙම හැමදාම ඉන්නද හිතන් ඉන්නෙ’
‘දන්නෑ. කේශව අයියා කියන දෙයක් කරනවා’
‘මම මේක අම්මටවත් කියන්නෑ. හැබැයි මට අහුවුනා වගෙ අම්මටත් අහුවෙයිද දන්නෑ’
ඇය කීවා වගේම ඒ දේ පහුවෙනිදම වුනා. අම්ම කාමරේ අතුගාන්න එද්දි මම බාත් රූම් එකේ ඉඳන් එළියට ආවා. අම්ම ඒ ගමන්ම කේශවට කතාකලා.
‘උබට පිස්සුද පුතේ මේ විදිහට කෙල්ලෙක්ව හොරෙන් තියන් ඉන්න’
‘මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ’
‘උබල දෙන්න අතර සම්බන්ධයක් තියෙනවද’
‘ඔව්’
මමයි නංගියි දෙන්නම මූණට මූණ බලාගත්තා.
‘එහෙම දෙයක් තියෙනවනම් හරියාකාරව බැඳලා මේ කෙල්ලව අරන් වරෙන් රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන්නැතුව’
‘මට ටික දවසක් කල් දෙන්න අම්ම’
‘ටික දවසක් නෙමෙයි මම සතියයි කල් දෙන්නෙ. මේ හැමදේම පිළිවෙලක් කරපන්’
අම්ම ඒ විදිහට කියලා එළියට ගියා. කේශව අයියා මගෙ දිහේ රවන් බලාගෙන හිටියා. නංගි තනියම හිනාවෙනවා.
පහුවෙනිදා කේශවගෙ අම්මගෙ හිතේ තරහක් තිබුන්නෑ. නංගි මාව එක්කගෙන කුස්සියට ගියා. අම්ම මගෙන් විස්තර ඇහුවා. කේශවයි මායි අතර සම්බන්ධකමක් ඇත්තටම තිබුනනම් අම්මගෙන් අකමැත්තක් නැහැයි කියලා මට තේරුනා. ඇත්තටම එහෙම වුනානම් කොච්චර හොඳද කියලා මට හිතුනා.
එකපාරටම කේශව ගේ ඇතුළට දුවගෙන ආවා. මගෙ ඇඳුම් බෑග් එකත් අරගෙන මුකුත්ම කියන්නැතුව මගෙ අතින් ඇදගෙන බයික් එකට නග්ගගත්තා. අම්මයි නංගියි පුදුමවෙලා බලාගෙන ඉද්දි එයා බයික් එක පාරට ගත්තා.
පැයක් විතර වේගෙන් බයික් එක අරගෙන ඇවිල්ල හොටෙල් එකක් ගාවින් නැවත්තුවා. මාවත් එක්කගෙන ඇවිත් රූම් එකක් බුක් කරගෙන ඒක ඇතුලට ආවා. මම එයාගෙ අතින් අල්ලගත්තා.
‘මොකද අයියෙ වුනේ’
‘කවීශ දැනගෙන ඔයා අන්තිමට කතාකරල තියෙන්නෙ මට කියලා’
‘මොනව ඒ කොහොමද’
‘ඌට ඒවට ඕන තරම් ක්රම තියෙනව’
‘ඔයා මොකද කිව්වෙ’
‘මම ඒක නැහැයි කිව්වෙ නෑ. මම කිව්ව ඔයා කතාකරල මැරේජ් එකට අක්මැතියි කිව්ව කියලා. මම ඔයාව ශේප් කලා කියලත් කිව්වා. ඌ විස්වාස කලා වගෙ හිටියට ඌ විස්වාස කලේ නෑ කියලයි මට හිතුනෙ’
‘දැන් අපි මොකද අයියෙ කරන්නෙ’
‘එන දේකට මූණ දෙමු’
‘අපිට හැමදාම මෙහෙම කට්ටි පැන පැන ඉන්න බෑනෙ’
‘බලමුකො රටින් පැනගන්න ට්රයි එක්ක දෙමු’
‘ඇයි අයියෙ ඔයාත් අමාරුවෙ වැටිල මට උදව් කරන්නෙ’
‘ඒකට හේතුව හිතාගන්නම බැරිද’
කේශව වෙනස්ම හැඟීමකින් මගෙ දිහේ බලාගෙන කිව්වා. මම ඔහුගේ තුරුළට වැටුනා. ඔහු මගෙ මූණ ඉදිරියට ගෙන මගෙ දෙතොල් සිපගත්තා. ක්රමක්රමයෙන් මගෙ ගෙල දෙසටත් මගෙ ලැම දෙසටත් ඔහුගෙ දෙතොල් ගමන් කලා. අවසානයේ අනුරාගී හෝරාවක් අවසානයෙ මම ඔහුගේ නිරුවත් පපුතරට තුරුළු වුනා.
පසුවදා ඔහු අපට කෑම ගෙන ඒමට තනියම එළියට යන්න හැදුවත් මම ඔහුත් එක්කම එළියට ආවා. එක්වරම කේශව බයවෙලා පාරදෙස බලද්දී මමත් ඒ දෙසම බැලුවා. මගෙ කකුල් දෙකම පණ නැතුවුනේ කවීශගෙ වාහන පේළිය දැකලයි. මමයි කේශවයි බයික් එකට නැගලා කොපමණ දුරක් ආවත් අපි නැවතුනේ කවීශගෙ වාහනේ අප හරස් කර නවත්තපු නිසයි.
‘කොහෙද ප්රේම කුරුල්ලො දෙන්න යන්නෙ’
කේශවට අනතුරක් කරයි කියලා බය හිතුනු නිසා මම කවීශව හරස් කලා.
‘කවීශ උබට ඕනෙ මාවනෙ. මාව අරන් පලයන්. හැබැයි කේශවට කිසිම අනතුරක් වෙන්න බෑ’
‘එහෙම උනොත්’
කවීශ සමච්චලේට මගෙන් ඇහුවා.
‘මට මේ ලෝකෙ ඉන්නෙ කේශව විතරයි. එයාට මොනවහරි වුනොත් මම මොනව කරයිද දන්නෑ’
‘බලමුකො බලමුකො. ජෝඩුව යමුකො අපි එක්ක’
අපි ඕනම දේකට මූණ දෙන්න බලාගෙම කවීශගෙ වාහනයට නැග්ගා. වාහනය කැලයක් ඇතුලට අරන් ගිහින් නැවත්තුවා. මගෙ පපුව අසාමාන්ය විදිහට ගැහුනා. කේශවගෙත් එහෙමයි කියලා තේරුනේ ඔහුගෙ පපුවෙ ගැස්ම මගෙ පිටට දැනුනු නිසයි.
අපි හැමෝම වාහනෙන් බැස්සා. ඉන්පසු කවීශ කේශවට හොඳටම ගැහුවා. මම නවත්තන්න කියලා කොච්චර බැගෑපත් වුනත් වැඩක් වුනේ නෑ. අවසානයේ කවීශ අත තිබූ පිස්ටල් එක කේශව වෙතට දිගුවුනා. මට ඇති වුනු බියට නොදැනුවත්වම කවීශගෙ කකුල් දෙක ළඟ දණ නැමුනා.
‘අනේ කවීශ ඕක කරන්නෙපා. මාව මරන්න. ඕනම දෙයක් කරන්න එයාට මුකුත් කරන්නෙපා. එයා අහිංසකයි’
‘බැල්ලි උබ පලයන් පැත්තකට. උබ පාහරය කන්න දීපු අත හපාකාපු එකා. උබ මොන හයියකටද යකෝ මගෙ කෙල්ලව ඉස්සුවෙ’
ඒත් එක්කම මට ඇහුනේ කන ළඟින්ම වෙඩි හඬකි. මම දැක්කේ කේශවගෙ පපුතුර හරහා ගලාඑන ලේ ගංගාවයි. මම මොහොතක් බලාහුන්නෙ කිසිවක් සිතාගත නොහැකිවයි. මම දුවල ගියේ ඔහු ළඟටයි.
‘කේශව මගෙ අයියේ. නැගිටින්න රත්තරන්. මාව දාලා යන්නෙපා වස්තුවේ. මන් කොහොමද ඔයා නැතුව ඉන්නෙ’
‘ම…න්…ආ…ද…රෙ…යි….මැ…ණි….ක’
මම කොච්චර හැඬුවත් ඒක නිශ්ඵල වුනා. අවසානයේ ඔහු මගෙ කම්මුල මත අත පිරිමැද ආදරය පවසා මගෙ ඔඩොක්කුවෙම අවසන් හුස්ම හෙළුවා.
මගෙ පිටුපසින් ඇහුනේ වියරු හිනා හඬකි.
‘දැන් ඉතින් උබව ආරක්ශා කරන්න එකෙක් නෑ. උබ වරෙන් මා එක්ක’
කවීශ මගෙ අතින් ඇද යන්න හැදුවත් හිතට ආපු ආවේගෙට මම ඔහුගෙ අත රැඳි පිස්ටල් එක උදුරගෙන ඔහු වෙත ඉලක්ක කලා. මගෙ ඇස් වල තිබුනු ක්රෝධයට වෙන්නැති උගෙ ඇස් ගැස්සුනා.
‘කේශනී උබට පිස්සුද’
‘ඔව් යකෝ මට පිස්සු. උබ මැරුවේ මම ආදරය කරන පිරිමියවයි. මම කිව්වා එයාව මැරුවොත් උබට මගෙන් සමාවක් නෑ කියලා’
මම ඇස් දෙක පියාගෙනම පිස්ටල් එකේ කොකා ගැස්සුවා.
ඇගේ කතාව මට අවසන් කලේ ඒ ලෙසයි. සමූල ඝාතනය කිරීම යටතේ නඩු පවරා වසර දහයකට සිරදඬුවම් නියම වුනත් කේශව ඝාතනයෙන් ඇය නිදොස් වීමත් කල්කිරියාව හොඳවීම හේතුවෙන් දඬුවම් කාලය වසර පහකට සීමාවුනා.
ඇය නිදහස් වූ අද දිනයේම ඇගේ කතාව මට අහගන්න ලැබුනේ වැලිකඩින් එළියට ආ සැනින්මයි.
‘කේශනී දැන් වයස කීයද’
‘මට දැන් වයස විසිපහයි. දහයම ඉන්න වුනානම් එළියට එන්න වෙන්නෙ තිහෙන්’
‘දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ’
‘ස්තිර අදහසක් නෑ. දුර කොහෙහරි ගිහිල්ල ජීවත් වෙනවා’
‘බඳින්න අදහසක් නැද්ද’
ඇය මොහොතක් මගෙ දෙස බලාහුන්නා.
‘මගෙ ජීවිතේ වෙනුවෙන් කැපකරපු කේශව වෙනුවෙන් මම මුලු ජීවිත කාලෙම බලාගෙන ඉන්නවා’
‘එයා දැන් එන්නෙ නෑ’
‘නෑ එයා එනවා. එයා මාව බලාගන්න එනවා. මම යනවා’
ඇය එය පමණක් පවසා මගෙන් නික්මුනා. මාධ්යවේදියෙක් වූනු අවුරුදු විසිඅටක් වූ මගේ ජීවීතයට හමුවුනු ඒ වෙනස් සොඳුරු තැනැත්තිය තවදුරත් ඇගේ පෙම්වතා වෙනුවෙන් බලාහිඳිනු ඇත.
නිමි.
කතාව නම් ගම් සියල්ල මනඃකල්පිතයි.
උපුටා ගැනීම : Chathurya Sithumini