ඔබ හිතනවාද පිටසකවල ජීවීන් අපේ ලෝකයට ඇදුම් නැතුව එයී කියලා, ඔබ හිතනවාද කිසිම ආරක්ෂ ඇදුමක් නැතිව ඔහුන් අපේ ලෝකෙට ගොඩ බහී කියලා, මුලින් පරීක්ශක යානයක් යවා අපේ වායු ගෝලය පරීක්ශා කරන්නේ නැතිව ගොඩ බහී කියලා, නැත්නම් ඔහුන් කුමන හෝ සන්නිවේදනය ක්රමයක් මගින් සන්නිවේදනය නොකර ඔහුන්ගේ ආගන්තුක ග්රහලොකය වන අපේ ග්රහලෝකයට ගොඩ බහී කියලා,
ඔහුන්ට ජීවය හමු වෙන පලමු ග්රහලෝකය අපේ ග්රහලෝකය නම් අපි සමග ඔහුන් සන්නිවේදනය කිරීමට අනිවා උත්සාහ කරයී නේද, ඔහුන්ට ජීවය හමුවෙන 500 වෙනි ග්රහ ලෝකය නම් ඔහුන් අප සමග සන්නිවේදනය කරන්න කිසියම් ක්රියාපටිපාටියක් සකක් කර තිබෙන්න පුලුවන් නේද,
අනික ඔහුන්ට ආලෝක වර්ෂ බිලියන මිලියන ගනන් දුර ගෙවා පැමීණීමට ඔහුන්ට හොද දියුණු තාක්ෂණකි යානයක් තිබෙන අතර එම යානය අපේ ලෝකයේ වායු ගෝලයේදී විනාශ වෙන්න පුලුවන්ද ,
හරි කෙසේ හෝ කුමන හේතුවක් නිසා විනාශ උනා යැයී සිතන්න , එහෙනම් ඔහුන්ගේ ඒ ගවේශකයව හොයන්න ඔහුන් පැමිනෙන්නේ නැද්ද, එසේ පැමිනෙනවන්ම් ඉතා හොද සූදානමකින් නොවේද පැමිනෙන්නේ.
ඔහුන්ගේ ග්රහලෝකය විනාශ වෙනවනම් ඔහුන් කරන්නේ ලගම තියෙන ග්රහලෝකයට ගිහින් ජනාවාස ඇති කරගන්න උත්සාහ කරන එක නෙමේද,අපි අගහරු වල ජනාවස හදන්න උත්සාහ ගන්නවා වගේ, අනික අලෝක වර්ශ බිලියන ගනන් ගෙවා අපේ ලෝකයට එන්න පුලුවන් නම් ඔහුන්ට ලේසියෙන්ම ලගම තියෙන ග්රහලෝක පදිoචි වෙන්න පුලුවන් තාක්ෂණය ඔහුන් සතු නොවේද,
ඒ වගේම ඔහුන් ඉතාම දියුණු ජීවීන් නම්
( ඔහුන්ට ඔහුන්ගේ ජල ගොලය, ශිලා ගෝලය, වායු ගෝලය පාලන කරන්න පුලුවන් නම් (අපේ ලෝකයට සාපේක්ෂව, ඔහුන්ගේ ලෝකයේ වෙන දෙයක් වෙන්න පුලුවන්) )
ඔහුන්ට අපේ ලෝකෙන් ඇති වැඩේ කුමක්ද,
ඇත්තටම ඔබ හිතන්නේ කොහොමද ? අනිවා comment කරන් යන්න ආසයී දැන ගන්න
නිර්මාණශීලී තර්කානුකූල අදහස් බලාපොරොත්තුවේ
සටහනකලු ගවේශකය