මේ ලෝකේ තියෙන
බලවත්ම මෝටිවෙශන් එක
මොකක්ද කියලා ඇහුවොත්
මං පැනපු ගමන් දෙන උත්තරය තමයි
ප්රතික්ෂේප වීම
අද වෙනකන් කිසිම හේතුවකට
හීනෙකින්වත් ප්රතික්ෂේප වෙලා නැති එකෙක්
මේ ලෝකේ හොයනවා කියන්නේ හරියට
කවුරුත්ම නොමල ගෙදරකින්
අබ ඇට හොයනවා වගේ වැඩක්
මං හිතන විදිහට මේ ලෝකේ තියෙන
නරකම ජරාම අත්දැකිමක් තමයි
ප්රතික්ෂේප වීම
හරියට ඒක කාත් කවුරුත් නැති
උසම උස කන්දක් මුදුනට අරගෙන ගිහින්
එක පාරම අතෑරලා දානවාටත් වැඩිය
දරුණු අත්දැකිමක්
___________________
ප්රේමය නිසාවෙන්
හීන නිසාවෙන්
මිනිස්සු නොසෑහෙන්න ප්රතික්ෂේප වෙනවා
කඩාවැටෙනවා මං ඕන තරම් දැකලා තියෙනවා.
සමහර මිනිස්සු පරාජය බාරගන්නවා
තව සමහර ඇට්ටර මිනිස්සු පරාජයෙනුත් ගේම ඉල්ලනවා
කඩාවැටිම් ලග ප්රතික්ෂේප වීම් ලග
කනකට අහන්නේ නැති
මුරණ්ඩු ඇට්ටරයෙක් වෙයන්
ප්රතික්ෂේප උන හේතු හොයපන්
අඩුපාඩු හොයපන්
දන්නවාද
වැරදුන හැම තැනකින්ම
ජිවිතය උබට පාඩම් උගන්නනවා
අන්න ඒ පාඩම් ඉගෙන ගනින්
වැරදුනේ උබේ හිනෙට යන
ගමනනම් වැරදුන තැනින් ආයෙම පටන් ගනින්
වැරදුනේ ප්රේමයනම්
වෙච්ච වැරදි හදාගනින්
අඩුපාඩු හදාගනින්
හැබැයි දාලා ගියපු
එවුන් වෙනුවෙන්
හුල්ලන්න ලෑස්ති වෙන්න එපා
ගිය උන්ට නටාගන්න කියලා
උඹ වෙනුවෙන් මහන්සි වෙයන්
දවසක
හැමදෙයක්ම සාර්ථක කරගත්ත
එකෙක් විදිහට
මේ ලෝකෙට කොඩියක් දාපන්
උඹේ නමින්
උපුටා ගැනීම : Ashan