ක්‍රිස්ටෝපර් කොළොම්බස් ඇමෙරිකානු මහද්වීපයට පා තබා 400 වසරක් ගත වීම නිමිත්තෙන් 1893 දී චිකාගෝ නුවර පවත්වන ලද ලෝක වෙළඳ ප්‍රදර්ශනය වඩාත් ජනප්‍රිය වුණේ ‘කොලොම්බියානු ප්‍රදර්ශනය’ යන නාමයෙන්. එහි දී ලොව ප්‍රථම කතුරු ඔංචිල්ලාව, ගෑස් මඟින් බලය සපයා ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම මෝටර් රථය ලෙස සැලකෙන ‘ඩේම්ලර්ගේ සිව් රෝද රථය’, සහ සම්පූර්ණයෙන් ම චොකලට් යොදාගෙන නිර්මාණය කරන ලද රාත්තල් 1,500ක බරින් යුතු වූ ‘Venus de Milo’ ප්‍රතිමාව වැනි අපූරු ප්‍රදර්ශිත රාශියක් ප්‍රදර්ශනය කර තිබුණා. නමුත් මේ සියලු ප්රදර්ශිතයන් අබිබවා දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම දාම ඝාතකයා ලෙස සැලකෙන එච්. එච්. හෝම්ස් විසින් ගොඩනංවන ලද ‘මිනීමරු මාළිගය’ නම් ගොඩනැගිල්ල යි.
ෂර්ලොක් හෝම්ස්ගේ නම ගත් දාම ඝාතකයා
වෛද්‍ය හෙන්රි හොවාඩ් හෝම්ස් නැතහොත් එච්. එච්. හෝම්ස් ලෙස පසුකාලීන ව ලෝක ප්‍රකට වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම දාම ඝාතකයා උපත ලබා ඇත්තේ 1861 මැයි 16 වැනි දින නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දී වන අතර, දෙමව්පියන් ඔහුට ලබා දී ඇති නාමය වන්නේ හර්මන් වෙබ්ස්ටර් මජෙට් යන්න යි. 1885 දී ඔහුගේ තරුණ බිරිඳ සහ කුඩා දරුවා අත්හැර දැමූ හර්මන් වෙබ්ස්ටර් මජෙට්, ඉලිනෝයි ප්‍රාන්තයට සංක්‍රමණය වී තිබෙනවා. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රකට අපරාධ පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ නාමය භාවිතා කරමින් ඔහු, එච්. එච්. හෝම්ස් ලෙස තමන්ගේ නම වෙනස් කරගෙන ඇත්තේ එහි දී යි.
ඉලිනෝයි ප්‍රාන්තයේ චිකාගෝ නුවර පදිංචි වී කෙටි කලකින් ම එච්. එච්. හෝම්ස් ජැක්සන් උද්‍යානය ආසන්නයේ පිහිටි බෙහෙත් ශාලාවක සේවයට බැඳෙන අතර, එයින් 8 වසරකට පසු ව 1893 දී ලෝක වෙළඳ ප්‍රදර්ශනය පවත්වන භූමි ප්‍රදේශය ලෙස තෝරා ගන්නේ ද ජැක්සන් උද්‍යානය ආශ්රිත අක්කර 690 (හෙක්ටයාර 280)ක වපසරියකින් යුතු බිම්කඩ යි. ෆ්රෙඩ්රික් ලෝ ඔල්ම්ස්ටෙඩ් වැනි ප්‍රකට ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කරන ලද කොලොම්බියානු ප්‍රදර්ශනය සඳහා රාජ්‍යයන් 40කට අධික ප්‍රමාණයකින් ප්‍රදර්ශිත ඉදිරිපත් වූ බව යි වාර්තා වන්නේ.
හෝම්ස්ගේ ‘මිනීමරු මාළිගය’
ලෝක වෙළඳ ප්‍රදර්ශනය නැරඹීම සඳහා චිකාගෝ නුවරට පැමිණි මිලියන 27ක් පමණ වූ දෙස් විදෙස් සංචාරකයින් අයුතු ලෙස භාවිතා කරමින් තමන්ගේ කුරුරි අදහස් මුදුන්පත් කරගන්නට එච්.

උපුටා ගැනීම : Nadeesha Shiromini