Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අඩමේ සාමාජික ජිකාවන් හිතෝවතුන් වතියන් ටික බලලා යන්න කියලා ආවා ඉතින්.
එදත් වෙනදා වගේම හරිම කාර්යබහුල දවසක්. උදේම නැගිටින්න ඕනා. උයාපිහාගෙන බත් මුල් බැදගෙන ලොකු දුවව අවදි කරවන්න ඕනා. ඒ දරුවව ඉස්කෝලෙ යවන්න සූදානම් කරන්න ඕනා. ඒ අතරතුර පොඩි දරුවගෙ උදේ කෑම එක, ස්නැක්ස්, අමතර ඇදුම් කීපයක් එක්ක එයාව කාටහරි භාර දීලා මටත් ඉස්කෝලෙට දුවන්න ලෑස්ති වෙන්න ඕනා.
මගේ අම්මා හැම පන්දරකම හිතුවෙ ඔන්න ඔහොම තමයි. ඒ කාලේ අපේ ගෙදර මන් ඇරෙන්න අනිත් හැමෝම ඉස්කෝලෙ ගියා. අති සාර්තක ලෙස අටවෙනි ගෑනු කෙනත් මාව අම්මටම බලාගන්න බාරදීල ගිහින් තිබුනා. ඉතින් දවසක් ඉවර වෙලා ඊලග දවස පටන් ගන්නකන් අම්මයි අප්පච්චියි එක එක ගෑනු අයයි නෑදෑ ගෙවල් වලටයි කතා කර මාව තියලා යන්න තැනක් හෙව්වා. මාව බලා ගැනීමේ වාසනාවන්ත අවස්තාව එදා උදේ උනේ මගෙ මහප්පටයි ලොකු අම්මටයි.
ලොකු අම්මා මාව දෝත බදලා පිලිගත්තා. මහප්පා වැඩියෙ කතා බහ කරන කෙනෙක් නෙමෙයි. එයා අප්පච්චි එක්ක කතා කරලා මන් දිහා බලන්නෙවත් නැතුව පත්තර කියවන්න ගත්තා. මන් ලගට ගිහින් මහප්පේ කියලා කතා කරාට මහප්පා හ්ම්ම් කියලා මාව ගනන් නොගෙන හිටියා. එයා පත්තර පාඩම් කරන හින්දා මන් සද්ද නැතුව ලොකු අම්මා එක්ක කුස්සියට උනා.
ඔය ගෙදර හිටියා එක එක ජාතියේ සත්තු. බල්ලො පූසො ලව් බර්ඩ්ස්ලා සහ ඌරු කොටුවකුත් තිබ්බා. ඒ වගේම ඕනෑම ජාතියේ සෙල්ලමක් හිතේ හැටියට කරන්න පුළුවන් ලොකුම ලොකු වත්තකුත් මහප්පට තිබුනා. ඉස්සරලම ඔතනින් මාත් එක්ක යාලු උනේ පූසා. මන් ඉතින් මගෙ අලුත් යාලුවාව බෞතීස්ම කරලා ගන්නම් කියලා වඩාගෙන ගිහිල්ලා ටැප් එකට අල්ලලා නෑව්වා. මූත් කරදරයක් නෑ හිටියා. ෂැම්පු බෝතලයක් තිබ්බා ඕකෙන් උට ෂැම්පු ගන්න යනකොට පෙන ලෝකයයි. ඒවගෙන් උටත් ගාලා මටත් ගාගෙන හෝදලා කරලා බලනකොට මෙකා මහ කැහැටු පූසෙක්. ලොම් සේරම ඇගට ඇලිලා කැතේ බෑ. ටක්ගාලා ගිහින් පිහදාන්න රෙද්දක් හොයනකොට වැලෙන් එකයි රෙදි. ඉතින් හිතේ හැටියට පූසයි මායි පිහගත්තා. පූසාව දුඹුරු පාට සරමකින් පිහදාලා මන් කොල පාට සරමෙන් ඇග පිහගත්තා.
දැන් ඉතින් එදා සෙල්ලම පටන් ගත්තා. මායි පූසයි යනවා දූපතක් හොයාගෙන. අර රොබින්සන් අන්දරේ කතාව වගේ. පූසට නම් තිබ්බා කිටියා කියලා. මන් තමයි කෲසො. ගත්තා ලස්සන පච්ච තියෙන සරමක් වැලෙන්. කිටියව ගැට ගැහුවා ඒ සරමෙන්. සරම එල්ලා ගත්තා කරෙන්. දැන් ඉතින් මන් පීනනවා මූදේ. ඔව් ඔව්ව් පීනුවෙ පොලවේ තණකොල ගොල්ලෙ. නිකන් ඉන්න වෙලාවට කරලා බලන්නලාකෝ. දැන් ඉතින් තණකොළ හාර හාර ටික දුරක් යනවා. පීනුව තරම් කොච්චරද කියනව නම් තව ටිකක් වෙලා එතන පීනුවා නම් උල්පත් දිය දානවා.
ඊටපස්සෙ අපිට කුණාටුවකට මූන දෙන්න වෙනවා. දැන් මන් හිතින් මවා ගන්නවා. අහස කලුම කලු පාටයි. ලොකූ වැස්සක් අත ලග. හුළගත් හොදටම සැරයි. මූදු රැල්ල ගහනවා හොදටම.. මායි කිටියයි විතරක් කොහොමද මේවගේ තත්වෙකට මූන් දෙන්නේ? එක්කො අපි දෙන්නටම මූදට බිලෙවෙන්න වෙයි. අපි ගිය බොට්ටුව පෙරලෙන්නයි යන්නේ. කිටියට හොදටම අමාරුයි. මටත් අමාරුයි. මූදු වතුර මට පෙවෙන්න එනවා. රැල්ල වැදිලා අපේ බෝට්ටුව කැඩිලා යන්නයි හදන්නයි. ඒ වෙනකොට දවස් ගානක් අපි මූදේ. අපි දෙන්නගෙ එකම අභිප්රාය ගොඩබිමක් හොයාගන්න එක. ඒත් පේනතෙක් මානෙකට එනකන් පේන්නෙම මුහුද වතුර විතරයි. ඇස් දෙකට වෙන කිසිම දෙයක් පේන්න නෑ. නිල්ම නිල් පාටම මුහුද විතරයි. ජීවිතේ ගැන තවදුරටත් බලාපොරොත්තු තියාගන්න බැරිබව මට කිව්වේ මේ කුණාටුවත් එක්ක එන හුළග.
මගේ හිතින් මේ බැරෑරුම් කම මන් තේරුම් ගත්තට පොලවෙ බඩගාන මගෙ පිට උඩ හිටිය කිටියට මේ ගමනෙ කිසි බැරෑරුම් කමක් නැති පාටයි. ඌටත් මේ ආස්වාදජනක මුහුදු කුනාටුවේ බැරෑරුම්කම තේරුම් කරවන්න ඕනා නිසා ඌව ගැට ගහලා තිබ්බ සරම අරන් මට පුළුවන් උපරිම වේගෙන් කෑ ගහගෙන වත්ත වටේට දුවන්න මන් තීරණය කරා.
“”” ඔන්න කිටියො බෝට්ටුව හයියෙන් අල්ලගන්ඩො…… අපි ගිලෙන්නයි යන්නේ…..”” කියලා සරම අල්ලලා කිටියා එක්ක ඈතට විසි කරනවා. ආයෙ දුවලා ගිහින් කිටියව අල්ලගෙන ආයෙත් සරමෙ ගැට ගහනවා.. ආයේ වට දෙකක් විතර දුවලා..
“” ඔන්න කිටියෝ ලොකු රැල්ලක් එනවා අල්ලගන්ඩෝ…”” කියලා
ආයේ ඌව සරමත් එක්ක කරකවලා කරකවලා විසික් කරනවා.. ආයෙ දුවලා ගිහින් ඌව අල්ලගන්නවා. ඔය වගේ තුන් හතර පාරක් වීසි වෙලා අවසානේ ඥාව් ඥාව් කියපු පූසා ඥෑස් ඥෑස් ගාන තත්වෙට ආවම මන් තේරුම් ගත්තා රැල්ල එක්ක පොරබදලා දැන් කිටියට අමාරු බව. ඉතින් අපි දෙන්නා කොහොමහරි ගොඩබිමක් හොයාගෙන යන්න නම් මේ කුනාටුවට මූන දෙන්නම වෙනවා කියලා තේරුම් ගත්තා. මූනදෙන්න කීවට මොකද කිටියට මූන දෙන්න තියා හොම්බ උස්සගන්නවත් බැරි තරමට අමාරුයි. මටත් එහෙමයි. ටික වෙලාවකින් කුණාටු තත්වෙ ඉවර උනා. කිටියව මන් පිටේ බැදගෙන මන් ලග තිබුනු දුරේක්ෂයකින් මන් වටේට බැලුවා. සාමාන්ය එස්ලෝන් බට කෑලි දෙකක් උනු මගෙ දුරේක්ෂයෙන් මගෙ ඇසට පේන ඕනැම දෙයක් ඒ ආකාරයටම බලාගන්න පුළුවන් උනා. විනාඩි දෙකක් අපි ඉදගෙන හිටියා. ආයෙ විනාඩි දෙකක් අපි උඩ පැන පැන රැල්ලෙන් රැල්ලට ඉස්සරහට ගියා. මාන් කරන හැමදේම අකමැත්තෙන් උනත් කරන්න උනු කිටියාට තිබුනේ පුදුමාකාර ඉවසීමක්.
මෙහෙම දින සති අපි මුහුදෙ ගෙව්වා.
කොහොමහරි අපිට පීනලා පීනලා පීනලා ගොඩබිමකට එන්න පුළුවන් උනා. ආව ගමන් නැගිටලා යන්න තරම් හයියක් මටවත් කිටියටවත් තිබුනෙ නැති හින්දා අපි දෙන්නම වෙරලේ හතර ගාතේ දාලා ටිකක් වෙලා විඩා නිවන්න තීරණය කරා. ඇත්තටම අපි ඇවිත් තියෙන්නේ හරිම ලස්සන දූපතකට. වටේම කොළපාට ගස්කොලන් තිබුනා. අපි විතරක් නෙමෙයි තවත් කවුරුහරි මේ දූපතේ ඉන්න බවට සාක්ෂි තිබුනා. ඒත් නැගිටලා ඒවා ගවේෂණය කරන්න තරම් මටවත් කිටියටවත් පුළුවන්කමක් නෑ. හොද සශ්රීකව වගා කරන්න පුළුවන් දූපතක් බව මට තේරුනේ ඈතින් පේන වි ගබඩා කාමරේ දැක්කමයි. ඊටත් එහා පැත්තෙන් පොඩිවට හදපු කුකුල් කූඩුවක් තිබුනා. ඒ කියන්නෙ මේ දූපතේ එක එක සත්තු ඇති.
මට හැමවෙලේම තේරුනා කවුරුමහරි අපි දිහා බලන් ඉන්න බවක්. මුහුදු රැල්ල එක්ක පොරබදලා දවස් ගානක් නොකා ඉදලා හාමත් වෙලා හිටපු මටත් කිටියටත් කාගෙම හරි ගොදුරක් වෙන්න වෙයි කියන බයක් තදින්ම හිතට දැනුනා. නමුත් ජීවිතේ කියන්නෙ මේයැයි. එනවිදියකට මුනදීලා ජීවිතේ බේරගන්න සටන් කරන බවට මන් හිතා ගත්තා. ඒකට මගෙ තනියට හිටියෙ කිටියා විතරයි. මට කිටියත් කිටියට මමත් හැම වෙලාවකම අපි දෙන්නා අපි වෙනුවෙන් පෙනි ඉන්න බවට පොරොන්දු උනා. මඩ අහුරකින් කිටියගෙ මූනෙන් මොස්තර රටාවක් මවලා මන් ඒ බව සනාත කරා. ඊට සමාන මෝස්තර රටාවකින් මමද මගේ මූන සරසාගෙන පරිසරයේ සුන්දරත්වය විදීම මොහොතකට කල් දාලා මමත් කිටියත් පොළවේ තණකොල ගොල්ලක උඩුබෙලි අතට වැතිරිලා ඇස් දෙක පියාගෙන හිටියා. නමුත් කිටියා ජීවිතේ කටුක බවෙන් උපරිම මිරිකිලා හිටිය බව මට තේරුම් ගියේ ඇග එහාට මෙහාට පෙරල පෙරලා සරමෙන් මිදෙන්න දැඩි උත්සාහයක යෙදෙන හැටි දැක්කමයි.
විනාඩියයි තත්පර අරික්කාලක් මගේ ඇස් පියවෙන්න ඇති. අදුරු සෙවනැල්ලක් මගෙ මූනට උඩින් වැටෙන බවක් මට තේරුනා. මන් හිතුවා හරි. අපි විතරක් නෙමෙයි මේ දූපතේ ඉන්නේ. මගෙ හිත පුදුමාකාර විදියට නොසන්සුන් උනා. ඇස් අරිනවද නැද්ද කියලා මන් කීපවරක් මගේ හිත එක්කම තර්ක කරා. කිටියා “”ක්රෑස්….””” කියලා කෑ ගහනවත් එක්කම ඌ එතනින් එහාට දිව්වා කියලා මට තේරුනා. කිටියා මොකේකට හරි භය වෙලා. නැත්නම් කීයටවත් ඒ තරම් හයියෙන් කෑ ගහගෙන දුවන්න විදියක් නෑ. ආයෙමත් ඕනෑම දේකට මූන දෙනවා කියලා හිතාගෙන ඇස් අරින්න මන් තීරණය කරා. නමුත් මොහොතකට මන් හොදින් ඇහුම්කන්දුන්නා. එතකොට මට ඇහුනා අඩි සද්දයක් මගෙන් ඈතට යන බව. කවුරුමහරි මන් ලගටම ඇවිත් ආයෙත් ගියාවත්ද? එහෙනම් ඒ කවුද? කිටියව ඒ තරමට බිය ගන්වන්න පුළුවන් මොන වගේ දේකටද? මනුස්සවාසයෙන් තොර දූපතක් නම් මෙහෙ ඉන්නෙ කොයි වගේ සත්තුද? මගෙ හිතේ ප්රශ්න පිට ප්රශ්න නැගෙන්න පටන් ගත්තා. මොනවා නමුත් ඉදිරියට මට මූන දෙන්න වෙන සිදුවීම් ගැන දන්නේ උඩ ඉන්න දෙවියො විතක්ම බවත් ඉදිරි කාලය අපිට කීයටවත් හිතුව තරම් ලේසි නොවන බවත් මන් තේරුම් ගත්තා.
කිටියා හා කෲසෝගෙ වීර වික්රමයේ ඉතිරි කොටස මතුවට බලාපොරොත්තු වන්න!
ඊට ටික වෙලාවකට පස්සෙ ලොකුඅම්මා ඇවිදින් මගෙ මූනට එබිලා මට කතා කරේ සිහිය නැතුව මන් වැටිලා ඉන්නවා කියලා හිතලා. ඊටපස්සෙ මාව දූපතෙන් එක්කන් ගියා තේ බොන්න. ඒ වෙලවෙ බිස්කට කකා හිටපු මහප්පා ලගට ආව කිටියා මහප්පගෙ කකුලෙ දැවටි දැවටි ඌට පුළුවන් උපරිම හයියෙන් උව්ච සා අල්ලලා කෑගලා බිස්කට් ඉල්ලුවත් ඒ වෙනුවට ඌට ලැබුනේ මහප්පාගෙන් හයේ පහරකි. දූපතේදි දුන් පොරොන්දුව ලෙස මට කිටියාත් කිටියාට මාත් ලෙස පෙනීසිටිය යුතුම වෙලාව මේ වෙලාව තමයි කියලා හිතලා වහාම ක්රියාත්මක වෙන පරිදි ඌරන්ට කන්න දාන්න එකතු කරපු පරණ ව්යාංජන දාලා තිබුනු පිගාන මහප්පාට දෙසට පා කරන්න මට වැඩිවෙලාවක් ගත නොවීය.
මහප්පාගෙ මූන බලන්න ලස්සනයි. තැනින් තැන් තිත් තියපු පරිප්පු මුවෙක් වගේ. පරිප්පු ඇට මූන පුරා. අතරින් පතර තිබුනු කැරට් කෑලි වලින් ලස්සන තවත් වැඩිවෙලා. ඔක්කොටම වඩා ලස්සන මහප්පගෙ මූනෙ ඉරියව්ව. මහසොනට හදිසි අවශ්යාතවයට ටොයිලට් එකකට දුවන්න ඕනා වෙලා වගේ අමුතුම ඇක්ශන් එකකින් මහපා ලොකු අම්මා දිහා බලාගෙන හිටියා. ඒත් වචනයක්වත් කිව්වෙ නැති මහප්පා ලග තිබ්බ බඩු වගේකට හයියෙන් පයින් ගහලා එතනින් නැගිට්ටා. මන් හිතන්නෙ මහප්පා ජැකිචෑන්ගේ හාඩ් ෆෑන් කෙනෙක් වෙන්න ඕනා. ඒ පා පහර දැක්ක මට හිතුනේ කොයිවෙලාවක හරි ඒක ප්රයෝජනයට ගන්න ඕනා කියලා.
කොහොමහරි මහප්පා තේ බොන එක පැත්තකින් තියලා බාත් රූම් එකට යන්න ගියත් දන්න වැඩ කෑලි සෙරම දාලා ලොකුඅම්මා ඒ ගමන වැලැක්වුවා. මන් දන්නැ ඒ ඇයි කියලා. සමහරවිට ලොකු අම්මාගෙ තිබුනු පතිභක්තිය නිසම වෙන්න ඇති. මොකද මහප්පාට මූන හෝදන්න වතුර බේසමක් මහප්පා ලගටම ගෙනත් දෙන්න ලොකු අම්මා කටයුතු කරා. ඊටපස්සෙ මහප්පගෙ කමිසෙ ඉල්ලලා ඒක හෝදන දාන්න බාත් රූම් එකට යනකොට ලොකු අම්මා පස්සෙන් මාත් ගියා. ඒ යනකොට දැක්ක දෙයින් මාත් විස්මිත උනා. ලොකු අම්මා මොකද මේ වැලේ තිබ්බ සරන් ටික ආයෙ පාරක් හෝදන්න දාලා තියෙන්නේ ?? ආ අර ෂැම්පු කියලා ගාලා තිබ්බෙ මහප්පා රැවුල කපද්දි ගාන මොකක් හරි.
ටී ටයිම් එකෙන් පස්සෙ ආයෙත් දූපතේ ජීවිතේට ගියා. එතනදි මට විශාල සේවයක් කරන්න පුළුවන් උනා. හරිම ත්රාසජනක අත්දැකීම් වලට මුහුන දුන්නා. දෙවනි කොටස හෙට.
* ඉල්ලංකනසිංහ*
උපුටා ගැනීම : Prabhashwari Ilangasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!