බින්දු වලට අමතරව වෙනත් එක එක දේවල් අහසින් ඇද වැටෙන එක ගොඩක් අයට ප්‍රසන්න නැති වුණාට මේ වර්ෂාව ගැන නම් එහෙම වෙන්නේ නැහැ. 1952 අවුරුද්ද ප්‍රංශයේ වොයි නගරයට මුදල් වැස්සක් වැටුනා. මෙය ඔක්කොම frank දාහේ නෝට්ටු. මේ විදියට චිකාගෝ නුවර ඇමරිකන් ඩොලරයේ නෝට්ටු වර්ෂාවක් ඇද හැලුන 1975දී. 1968 දී එංගලන්තයේ රැම්සගේට් ප්‍රදේශයට පැන්ස වර්ෂාවක් ඇද හැලුනා. නැවතත් එරටින් එවැනිම වර්ෂාවක් 1981දී වාර්තාවුණා. මුදල් නෝට්ටු එච්චර බර නැති දෙයක් හින්දා බෑගයක් වගේ දෙයක් tornado එකකට මැදි වුනොත් මේ වගේ වර්ෂා ඇති වෙන්න පුළුවන්.
ගෙඹි වර්ශාව
1873 දී ඇමෙරිකාවේ කැන්සාස් නුවරට ගෙම්බන් සහිත වර්ෂාවක් ඇද හැලුනා මීට අමතරව 1901දී මිනසෝටා ප්‍රාන්තය ට මෙන්ම 1981 දී ග්‍රීසිය ටත් මෙවැනිම ගෙඹි වර්ෂාවක් ඇදහැලී ඇත. විශේෂත්වය වන්නේ ග්‍රීසියට ඇද වැටුණු මෙම ගෙම්බන් විශේෂය උතුරු අප්‍රිකාවට ආවේණික විශේෂයක් වීමයි. බයිබලයට අනුව ගෙම්බන් අහසින් වැටීම හඳුන්වන්නේ ප්‍රබල ශාපයක ලකුණක් ලෙසයි. කෙසේ නමුත් විද්‍යාත්මකව බලන කළ ගෙම්බන් හෝ ඉස්ගෙඩියන් ගහන වර්ෂා ස්වභාවයේ ඇති විය හැකියි. ගෙම්ඹන් එතරම් බර ජීවීන් නොවන අතර ටොනේඩෝවක් වැනි ප්‍රබල සුළඟක් ජල ප්‍රභවයක ට ඉහළින් නිර්මාණය වන විට ඇතිවන ප්රභලආකූල ප්රවාහයන් නිසා එම ජලය සමග තදාසන්නව සිටින කුඩා සැහැල්ලු වස්තුන් ඉහළ යා හැකිය. සුලගේ ප්‍රභලත්වය අඩුවන විට වැස්සක් ලෙස ඒවා නැවත පොළොවට ඇද වැටේ.
මත්ස්‍ය වර්ශාව
ඇයි ශ්‍රී ලංකාව 2014 දී මත්ස්‍ය වර්ෂාවකට මුහුණ දුන්නේය.කෙසේ නමුත් මත්ස්‍ය වර්ෂා අතරින් ඉන්දියාව වරෙක මුහුණ දුන් මත්ස්‍ය වර්ෂාව විශේෂිත වන්නේ එය ඉතා තදබල එකක් වීම නිසාය. එහිදී පොළොවට පතිත වූ සමහර මසුන් රාත්තල් අටක් තරම් බරින් යුක්ත වූ බව පැවසේ. 1861 දී භූමිකම්පාවක් සිදුවීමෙන් අනතුරුව සිදු වූ අමුතු වර්ශාෂාවක් ගැන සිංගප්පූරුවෙන් වාර්තා වෙනවා. මීට අමතරව 1948 එංගලන්තයේ 1966 ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මතස්‍ය වර්ෂා වාර්තා වී ඇත. 1989 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට මත්සය වර්ශාවක් ඇදවටුනි. මෙහිදී සාඩින් මසුන් 800ක් පමණ පොළොවට පතිත වූ බව සඳහන් වේ. සිදුවන්නේ ජලතල ආසන්න දැඩි සුළං ප්‍රවාහයක් නිර්මාණය වීම නිසාය. වෙනත් වැසි වලට වඩා මත්ස්‍ය වර්ශා සුලබ වන්නේ ඔවුන් අනාකුල හැඩය නිසා සුළං ප්‍රවාහ ඉදිරියට ඇදී යාම පහසු වන නිසාය .
මකුලු වර්ශාව
බ්‍රසීල ජාතිකයෙකු වන එරික් එක් වරෙක මකුලු වර්ෂාවක් අත්දුටුවේය. ඔහු එය රූපගත කර ගෙන අන්තර්ජාලයට මුදා හරින්නට කටයුතු කළේය. මෙම වර්ෂාව පතිත වී ඇත්තේ එක්සිමස් ස්පයිඩර් නම් ඉතාකුඩා මකුළු විශේෂ යයි. බ්‍රසීලයේ සමහර ප්‍රදේශවල මොවුන් බහුලව වෙසෙන අතර මොවුන් රාශියක් ජීවත්වන ප්‍රදේශයක් ඔස්සේ හමා ගිය හමාගිය බලවත් සුළං ප්‍රවාහයක් හේතුවෙන් ඔවුන් ගුවන්ගත වී නැවත පතිත වන්නට ඇති බව විශ්වාස කෙරේ.
රුධිර වර්ෂාව
මස් කැබලි හා සමහර විටෙක රුධිරයද අහසින් වැටුණු අවස්ථා ගැන ඉතිහාසයේ සඳහන් වේ.1876 මාර්තු 3 ඇමරිකාව කෙන්ටකි ප්‍රාන්තය තුළ පිහිටි olinpiya spring නම් කුඩා නගරයට හදිසි මස් කැබලි වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගත් අතර එහිදී අඟල් දෙකක් හතරක් පමණ දිග පළලකින් යුත් යුත් මස් කැබලි රාශියක් වැටී තිබේ. පසුව ඒවා මිනිස් ළදරුවෙකුගේ හෝඅශ්වයකුගේ පෙනහැල්ලක් බවයි. මේ අමුතු වර්ෂාව පිළිබඳව කෙරුණු පරීක්ෂණ වලදී නිගමනය කෙරුණි. මාංශ භක්ෂක කුරුලු රෑනක් විසින් මියගිය අශ්වයකුගේ කොටස් අනුභව කොට ඉතිරිය රැගෙන යාමට තැත් කිරීමේදී ඒවා බලවත් සුළං ධාරාවකට මුසුවී ගිලිහී යාම නිසා මෙම වර්ෂාව පතිත වී ඇති බවයි .1890 වසරේ ඉතාලියෙන් රුධිරය සහිත වර්ෂාවක් වාර්තා විය. මෙම රුධිරය පක්ෂි රුධිරය බැව් හඳුනා ගැනුණි. මීට අමතරව 1869 දී කැලිෆෝනියාවේ ද ද 1841දී ප්‍රාන්තයේ ද රුධිරය හා මිශ්‍ර වර්ෂා වාර්තා වී ඇත.
පනු වර්ෂා
2001 මාර්තු මස 04 වැනිදා එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාකරමින් සිටි කිහිප දෙනෙකුට පණු වර්ෂාවක් අත්දැකීමට හැකි විය. මෙහිදී බිම් පණුවන් කැදලි පිටින් පොළොවට පතිත වී තිබේ. සත්වයින් වැනි ද්‍රව්‍ය ඇදහැළුණු අනිත් අවස්ථා මෙන් නොව මේවා වර්ෂාව නොමැතිව පැහැබර කාලගුණයක් තිබූ දිනයන්හිදී පොළවට පතිත වී තිබේ. 2007 දී මෙවැනි ම පණු වර්ෂාවක් ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයෙන් වාර්තා විය. මේ ආකාරයෙන් පණු වර්ෂා වියලි නමුත් ප්‍රබල සුළං ධාරා පණුවන් වෙසෙන එළිමහන් තැනිතලා ඔස්සේ හමා යාම නිසා ඇතිවේ. සිදුවන්නේ එය යයි අනුමාන කරන නමුත් තවමත් හරිහැටි තහවුරු කරගෙන නැහැ.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි.
ප්‍රංශයට වැටුනු වැටුණු සල්ලි වැස්ස සහ තවත් අමුතු වැසි. (පරිසරය හා ස්වභාවධර්මය )
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email