නිහඬ සඳයි ඈ
අකීරා කාමරෙට වෙලා කල්පනා කරේ අභී ගැන…මතක් වෙද්දිත් බයයි..අභීව තෙරුම් ගන්න බැ..වෙලාවකට බනිනවා තවත් වෙලාවකට ගාණකට වත් ගන්නේ නැ.පුදුම කෙනෙක් …
මං ඇයි එයාට බය වෙන්නේ..මට ඕන විදියට අදින්න ඉන්න බැරිද…කොහොම උනත් මං යන්නේ නැ එයා යනකම් එයාගේ ඉස්සරහට….අකීරා බැල්කනියට වෙලා හිතුවේ අභීගේ නපුරු කම..එත් නොතෙරෙන ගැගිම් ගොන්නක් තෙරපෙනවා අභීගේ අඩම්බර නපුරු මුණ මතක්වෙද්දි…
මට ගොඩාක් රිද්දුවා නපුරා..කෙල්ල තාවමත් රිදුම් දෙන කට දෙපැත්තට අත තිබ්බේ දැවිල්ලක් එද්දි.
කොච්චර වෙලා බැල්කනියට වෙලා හිටියාද කියලා දැනුනේ වත් නැ..දැන් නම් පාටි එකට ආපු ගොඩක් අය ගිහින්..ගෙදර අය විතරයි ඉන්නේ…තදින්ම බඩගින්නක් දැනුනම තමයි අකීරාට මතක් උනේ රෑට මුකුත් කෑවේ නෑ නේද කියලා..කෙල්ල හීමිහිට කාමරෙන් එලියට ඔලුව දාලා බැලුවේ අර නපුරා ඉන්නවද කියලා..කව්රුත් පෙන්න නැති නිසා හෙමිහිට පඩිපෙළ බැහැලා කිචන් එකට ගිහින් මුලින්ම ජෙනියාට කැම දාලා ,ඊට පස්සෙ ඇවිත් තමයි කෙල්ල කන්න ගත්තේ…බඩගිනි වැඩි කමට කාගන්නත් බෑ වගේ..
කාලා ඉවර වෙලා එක පිම්මට දුවගෙන ආවේ කාමරෙට යන්න ….උඩම පඩිය ලගදි කෙල්ල කාගෙද ඇගේ වැදිලා නොවැටි බේරුනේ කාගේද අත් දෙකකට හිරවුන නිසා…අකී බයටම ඇස් දෙකත් තදට පියාගෙන …
අනේ දෙවියනේ මාව බෙරගත්තට පිං..ඒ වුනාට මේ අර නපුරා වෙන්න නම් එපා..ඊට වඩා හොදයි වැටිලා අතක් පයක් කැඩුනත් ..
තමුසේ හරි ආස ඇති මෙහෙම මගේ කරේ එල්ලිලා ඉන්න..ඇස් ඇරලා යනවා දැන් වත්…ඇස් දෙක කටේ ඔබාගෙනද තමුසේ යන්නේ…ආ යනවා නෙමෙයිනේ ඉගිලෙනවා…පුදුම විසයක්නේ තමුසෙට තියෙන්නෙ …
අකීරා දඩි බිඩි ගාලා ඇස් ඇරියේ මේ ඉන්නේ නපුරා කියලා තෙරුම් යද්දි.
කෙල්ල ඇස් දෙකත් ලොකූ කරන් බලාගෙන ඉන්නවා..අභී කියන එවාට ඇස් වලට කදුලුත් එනවා…
ඇයි අනේ මේ නපුරා මට මෙහෙම කරන්නේ..ගිය ආත්මේ තරහක් පිරිමහානවද…මාව පෙන්න බැරි…
කෙල්ල අඩාගෙනම යන්න යද්දි අභී තරහින්ම ඒ අතින් ඇදලා ලගට ගත්තේ කෙල්ල ඒ වතට හිර වෙද්දි …
තමුසේගේ කට නැද්ද කතා කරන්න.මොකද තමුසේ ගොලුයිද ආ..තමුසෙගේ හේන ලොකූ සීන් තියෙන්නෙ නේද.. මං කියපු දෙවල් හොදට මතක තියාගන්නවා …මං කැමති නැ මගේ වචනේට කීකරු නැති උන්ට…
කෙල්ලගේ හිත අද හොදටම රිදුනා..ඔව් ඉතිං කෙල්ල ගොලුයි…හිතට එන දෙයක් වත් වචන කරන්නේ කොහොමද …
මං ගොලුයි තමයි අයියේ …ඔයා දැන ගත්තොත් මට අනුකම්පා කරයි..ඒ කියන්නත් බෑ ඔයා ඒ තරම් නපුරුයි…ඔයා ඇවිත් මේ ටික වෙලාවට මට කොච්චර නම් රිද්දුවද…මං කැමති නැ ඔයා මං ගොලුයි කියලා දැනගන්නවට.මං ගොලු නොවුනා නම් අහනවා ඔයාගෙන් මට මෙහෙම කරන්නේ මොන අයිතියකටද කියලා…
හ්ම් යනවා දැන්…මෙතන ඇස් දෙකත් උඩ තියන් ඉන්නෙ..
ඒ අවසරෙන් අකී අඩ අඩාම කාමරෙට ඇවිත් දොර වහාලා ඇදට වැටුනේ පාටියට ඇදන් උන්නු ගවුම පිටින්මයි….ගොඩාක් වෙලා අඩ අඩා ඉදලා නින්ද ගියේ පාන්දර වගේ..
කෙල්ලට ඇහැරුනේ දොරට ගහන සද්දෙට ..
අකිරා අඩියට දෙකට ගිහින් දොර ඇරියේ භාගෙට නිදාගෙන …
මොකද කෙල්ල මෙ…හිටගෙන නිදි…අනෙ අනේ හොදයි ගෑනු ළමයි හැදෙන විදිය..තාව ඊයේ ඇදුම පිටින්…මේ බලනවා මං මොනවාද ගෙනාවේ කියල…
යුවාන් කියද්දි කෙල්ලගෙ නින්ද කොහේ ගියාද කියලා නැ..කෙල්ල වරදක් කරා වගේ යුවාන් දිහා බැලුවෙ…එත් එක්කම අකී දැක්කේ යුවාන්ගේ අතේ තියෙන්නෙ ලොකු ටෙඩියාව..කෙල්ලට ඉහේ මලක් පිපුනා වගේ…
තමුසෙට ගෙනාවේ…මං දන්නවානේ තාම තමුසේ පොඩි එකා වගේ කියලා…ආ මෙකෙ තව ජාති තියෙනවා…හෙමිහිට බලනවා…දැන් ඉක්මනින් ගිහින් වොශ් දාගෙන පහලට යන්න..අම්මා හෙව්වා තමුසෙව…
කෙල්ල හා කියන්න ඔලුව වනලා කොල්ලට තුරුලු උනේ සතුටින් ..කෙල්ලට හිතට සතුටක් ගෙනාවනම් එ යුවාන්…
යුවාන් කෙල්ලගේ ඔලුව අතගාලා හිනා වෙලා එලියට ගියේ..
කෙල්ල ඉක්මට වොශ් දාලා පහලට ගියේ වත්සලාගෙන් බැනුම් අහන්න වෙයි කියලා…
යනකොටත් වත්සලා කිරි හදනවා..
යසයි ගෑනු ළමයි හැදෙන හැටි…යුවාන් පුතා ඉන්න නිසා හොදයි ත්ස්මුන්ට…ආ මේ කිරි දෙක අර දරුවො දෙන්නට දිලා එනවා…
යුවාන් නම් ටීවි බලනවා…එත් අභී පේන්න නැ…කෙල්ල කිරි දෙකම ගිහින් යුවාන් ලගින් තියලා යන්න හැදුවේ..නපුරට දෙන්නේ කොහොමද මට පෙන්න එන්න එපා කිව්වානේ…
නංගී මේ කිරි එක අභීට දිලා එනවාකො…ඌ නිදි තවම…
කෙල්ල ඔලුව වැනුවේ බැ කියලා..
මොකක්ද හලෝ දිලා එනවා ඌ තමුසෙව අල්ලන් කන්නැ…ඇරත් බය වෙන්න එපා ඌට කෙල්ලො පේන්න බෑ…කෝ යනවා..ආහ් තමුසෙගේ කාමරේට අල්ලපු කාමරේ ඇත්තෙ…
කෙල්ල බයෙන් බයෙන් කාමරේ ලගට ගිහින් තට්ටු කරත් සද්දයක් නැ…කමරේ දොර ඇරන් ඇතුලට ගියේ පපුව එකසිය ගාණකට ගැහෙද්දි…
කෙල්ල යන්නේ හොරෙක් යන්න වගේ..නිදාගෙන ඉන්න නපුරාව දැක්කම කෙල්ලට ඉන්නෙ කොහෙද කියලත් අමතක උනා…උඩුකය නිරුවත්ව නිදාගෙන ඉන්න අභීගේ මුණ හරිම නිවිච්ච පාටයි..අර නපුරු කම් පේන්න වත් නැ.. හැඩි දැඩි ශාරිරය .මෙහෙන දකිද්දි කෙල්ලගෙ හිතේ තිබුන හැගිම ආයෙත් උඩට එන්න වැඩි වෙලා ගියේ නැ….
විනාඩි ගානක් ඒ මුණ දිහාම බලාගෙන ඉදලා කිරි එක තියලා යන්න හැරේනකොටම………