ප්‍රතික්ෂේප වීම (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හෙලෝ! මේ අජිත් ද ?
ඔව්. කතා කරනවා.
මං නිහාල් . මට සපුමලී ගැන කතා කරන්න ඕනෙ .
සපුමලී , එයා ගැන මොනවාද ? එයාව කොහොමද දන්නෙ .
එයා මගේ පාසලේ හිටපු නංගී කෙනෙක් , ඔයාගෙ සම්බන්ධය ඉවරයි නේද ?
ඉවරයි ? මාස කිහිපයකින් ගිවිස ගැනීම , එහෙම ඉවර වෙන්න කොහොමද ? මං දන්නෙ නැතුව .
ඒක මං දන්නෙ නැහැ . මම එයත් එක්කත් කතා කලා. එයා ඔයාගෙන් අහන්න කියලා කියන්නේ .
එයා බේර්ක් අප් එකක් මට කියලා නැහැ . අනික මං ඔයාව දන්නෙත් නැහැ .
මාසයක් විතර මං එයා එක්ක කතා කරනවා. මං එයාට කැමතියි. එයාගෙත් මට අකමැත්තක් නැහැ . එයයි ඔයාගෙ අංකය මට දුන්නේ.
අනික් පසින් දුරකථනය විසන්ධි වුයේ දහසකුත් ප්රශ්න ඉතුරු කොටගෙනය . මොකක්ද මේ අවුල. තියෙන ප්රශ්න මදිවටය. රැකියාව අහිමිව සති තුනක් ඉක්මවා ගොස් නැත. මා අනතුරකට භාජනය වී පුරා මාස එකහා මාරකි. කකුලේ අස්ථි බිදීමක් හැර වෙනත් අමාරුවක් නොවිනි. ලොකුම අමාරුව වූයේ මාගේ සමීපතමයන් මාගෙන් වෙන්වීම පමණි . මවගේ සෙනෙහෙ හා සැලකුම් නොවන්නට මා මේ තරම්වත් ගොඩ නොඑනු ඇත. සපුමලී වුවද මා බැලීමට දෙතුන් පාරකට වඩා ආවේ නැත. සතියකට කිහිපවරක්ම මගේ නිවසට එන ඇයගේ ගමන් බිමන අඩු වී තිබිණි. එහෙත් කිසිදු සැකයක් මා සතු නොවිනි .
දෙවරක් නොසිතාම මා සපුමලී හට ඇමතුමක් ගතිමි.
නිහාල් කියන්නේ මොකාද ? මට කතා කරලා ඔයා ගැන අහන්නේ.
ඒ මං දන්න අයිය කෙනෙක්. එයා මට කැමතියි . ඉතින් ඔයාට කතා කරන්න කිව්වා .
මට කතා කරන්නේ මොකටද ? ඌ මට නෙමෙනෙ කැමති . ඇයි ඔයාට කරදර කරනවාද ?
අපෝ නැහැ . එයා එහෙම නැහැ . මගදී දැක්කත් කාර් එකේ දාගෙන එනවා. ඔයා වගේ නෙවෙයි . එයාට හොඳ අනාගතයක් තියෙනවා. රැකියාවක් මුදල් හදල් තියෙන කෙනෙක්.
මට යක්ශාවේෂ විය. ඌ එච්චර හොදයි නම් ඌත් එක්ක යන්න තියෙන්නේ . මෙච්චර කල් කරපු මට වඩා උබට දැන් ඌ හොදයිනේ.
ඔව්. මට හොදයි . ඔයා කරදර නොකර ඉන්න.
බැල්ලී. යකෝ මගේ කකුල විතරයි කැඩුනේ. ඔත්පල වෙලා නැහැ . උබලට බාල්දු වෙන්න . මා වියරු වැටීය.
වසර පහකට පෙර ඇයව මුණගැහුනේ අහම්බෙනි. එය අද වාගේ මතකය. කොතරම් ආවේගශීලි වුවත් මුහුණ සිහිවනවිට ආදරේ ඉස්මතු වේ. තරමක් කොට සායකින් හා ටී ෂර්ට් එකකින් සැරසී නැටුම් පංතිය නිමවා යහෙලියන් සමගා නිදහසේ ඈ පැමිණි ආකාරය . ඒ හිනාව. දගකාර වූවත් ලැජ්ජාශීලී ස්වභාවය , සැබැවින්ම මාගේ සිත් පැහර ගත්තේය. මසක දෙකක අසීරු මෙහෙයුමක් අවසන ඇයගේ කැමත්ත ලබා ගත් අතර නිතරම හමුවීම හා කතා කිරීම ගැටලු සහගතව පැවතින.
ඇයව මට මුණගැසෙන විට ඇය උසස් පෙළ ශිෂ්යාවකි. වසර කිහිපයක් ඇයට වඩා වැඩිමහලු වු මා එකල රැකියාවක නියලුනු අතර සතියකට පංති පැවත්වෙන දින පැමිණෙන තෙක් බලා සිටීමට සිදු විය. ජංගම දුරකථනයක් ඇය සතු නොවුවද එම පාසලේම නංගී කෙනෙකු හරහා ලියුම් හා පණිවුඩ හුවමාරු කෙලෙමු. කල් ගතවන විට අපගේ සම්බන්ධය ගෙදරට ආරංචි විය. දිනක මා ඉදිරියේදීම ඇයගේ මව කුඩයකින් ඇයට පහර දිනි. තවත් දිනයක කෝටුවක් කැඩෙන තුරාවට පහර දී තිබු අතර දින කිහිපයක් යනතුරු පහරවල් මැකී ගොස් නොතිබිණි. උසස් පෙළ අවසන් වී මාස කිහිපයක් යනතුරු තත්ත්වය එසේම වූ අතර ඇයගේ දැඩි ඉල්ලීම මත හා අපගේ නොවෙනස්වන ආදරේ නිසා ගෙදරින් කැමත්ත හිමි විය.
අපගේ සම්බන්ධතාවයේ පහසුව තකා ඇයට ජංගම දුරකථනයක් හා සිම් පතක් ලබා දුන් අතර මහ රාත්රි වනතුරුම සංවාද අවසන් නොවිනි . කල් යත්ම ඇයගේ නිවසට යාමට හා ඇයට මෙගේ නිවසට පැමිණීමට බාධාවක් කිසිලෙසකත් නොවිනි. එහෙයින් හමුවීමේ බාධා ද නොවිනි . එහෙත විවාහය සදහා පොරොන්දම් බැලීමේදී ගැටලු නැවත ඉස්මතු වුයේ එහි නොගැලපීම් නිසාය. ගෙවල් දෙක අතර සීතල යුද්ධයක් පැවතියද අපගේ නොවෙනස්වන ස්වභාවය නිසා ඔවුන් ද අසරණ විය. හදිසියේම සිදු වූ අනතුරක් සියල්ල වෙනස් කිරීමට සමත් වූයේ කෙසේද ?
පැය කිහිපයකට පසු නැවත ඇයට ඇමතුමක් ගත්තේ කතා කල විදිහ හරි නැති නිසා නොව සෙනෙහෙ නිසාමය. වැඩි යමක් නොවුවද ඇය තරහා බවක්ද නොපෙන්වීය. ඉන්පසු දිනවල ඇයට ඇමතුම් ගත් බොහෝවිට එය කාර්යබහුල විය. හේතුවක් ලෙස කීවේ යහලුවන් හෝ නැන්දා කතා කරනවා කියාය . නමුත් මා බබෙක් නොවන බව ඇයද දනී. නමුත් මා පියවරක් පසුපසට ගෙන බලාසිටියෙමි . මෙය දැන් පවුල් දෙකක ප්රශ්නයක් බවට පත් වේ. පැහැදිලි හේතුවක් නැතුව සම්බන්ධය නැවත්විය නොහැකිය. දෝෂාරෝපණය එන්නේ මටය. වැරද්දක් නැතුව ඇය ඉවත දැමීමට මටද නොහැකිය. මෙය අවුල් ජාලාවකි. ඇය මට ආදරේ නොකරන්නේ නම් මා ඉවත් විය යුතුමය. නැත්නම් ආවේගය නිසා මා කුමක් කරයිද නොවැටහේ. යන්තම් ඇවිද යාමට හැකිවන තුරු මම ඉවසා සිටියෙමි .
දිනයක උදෑසන මා ලක ලෑස්ති වී ඇයගේ නිවසට ගියේ ඇයට නොදන්වාය. මාස දෙකකට පමණ පසු මා ඇය දැකීමට සුදානම්. මා යනවිට ඇයද ලක ලැහැස්ති වී මල් බෑගයක් අතින් ගෙන සූදානම් වී සිටී. මා දැක ඇය පුදුම විය.
අයියේ ඔයා මට කිව්වෙත් නැහැනෙ
මං කිසිත් නොකියා කොහෙද යන්නේ ඇසුවේ සැකයෙනි.
මං පන්සල් යනවා යැයු ප්රසිද්ධ පන්සලක නමක් කිව්වේය.
මේ වෙලාවේ කොහොමද එච්චර එහෙ යන්නේ ?
මාව එක්කන් යන්න එනවා. කවුද එන්නේ. මොකටද එන්නේ.
අනේ මට කරදර කරන්න එපා. මං ඒ අයියට කැමතියි . අම්මත් කැමතියි .අපිට පාඩුවේ ඉන්න දෙන්න .
වේදනාවට වඩා දැඩි කෝපයක් මා වෙත විය. මුහුණ පොඩි වෙන්න ගසන්නට සිතුනු වාර අනන්තය . බැන්නෙමි. හිතේ දුක යන්නම බැන අවසන් තීරණය කියන ලෙස කීවෙමි. ඇය ඔහු හා යන බව පැවසීය. එහෙනම් මෙය මෙතකින් අවසන් කල යුතුය . නමුත් ඇයගේ දෙමව්පියන්ට මෙය කියන්නේ කෙසේද ? ඇයගේ අයියා කෙනෙකුට කතා කර විස්තර කියා ඇයගේ මවට පවසන ලෙස ඉල්ලීය. දැන් මගේ අම්මට මොකද කියන්නේ. කල්පනා කරමින් සිටිද්දී ඇයගේ මව දුරකථනයෙන් මා හා විස්තර කතා කලේය. අපහසුවෙන් වුවත් විස්තරය ඇයට කියා සමුගතිමි. නිවසට පැමිණි පසු ගෙදර අයටද සම්බන්ධය අවසන් කල බව පැවසීය.
නමුදු හිතේ ප්රශ්නය ලෙහෙසියෙන් විසදුනේ නම් නැත. සිය දහසක් වර කල්පනා කලෙමි. පසුගිය වසර පහම ආපස්සට ගොස් මතකාවර්ජනය කලෙමි. කොතනද වැරදුනේ. ඇයි වැරදුනේ . සමාජය නගන ප්රශ්න සදහා මුහුණ දෙන ආකාරය සිහි කලෙම් . මා නිවරදි දේ කලාදැයි සිතිමි. ආදරේ කියලා කියන්නේ අල්ලා ගැනීම නොවෙන නිසා සතුටින් සිටීමට ඇයට ඉඩ හලෙමි. සිතුවිලි පාලනය සදහා තවත් මාස කිහිපයක් වැය කලෙමි. ආදරය කියලා කියන්නේ හැගීමක් . ඒක කොච්චර වෙලා තියෙනවා ද කියන්න නම් දන්නේ නැත. එහෙත් සම්බන්ධතාවයන්හි එකිනෙකාට කැපකිරීම් කිරීමට සිදුවේ . එයයි පරම සත්ය . නැතහොත් අනවබෝධය නිසාම වෙන් වීමට සිදු වේ. පුරා වසර පහක් ගසට පොත්ත සේ සිට ප්රතික්ෂේප වීම සොදුරු අත්දැකීමක් ලෙස.
නිමි
උපුටා ගැනීම : සුරේෂ් ප්රභාෂ්වර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!