නිහඬ සඳයි ඈ
කෙල්ල බයෙන් බයෙන් කාමරේ ලගට ගිහින් තට්ටු කරත් සද්දයක් නැ…කමරේ දොර ඇරන් ඇතුලට ගියේ පපුව එකසිය ගාණකට ගැහෙද්දි…
කෙල්ල යන්නේ හොරෙක් යන්න වගේ..නිදාගෙන ඉන්න නපුරාව දැක්කම කෙල්ලට ඉන්නෙ කොහෙද කියලත් අමතක උනා…උඩුකය නිරුවත්ව නිදාගෙන ඉන්න අභීගේ මුණ හරිම නිවිච්ච පාටයි..අර නපුරු කම් පේන්න වත් නැ.. හැඩි දැඩි ශාරිරය .මෙහෙන දකිද්දි කෙල්ලගෙ හිතේ තිබුන හැගිම ආයෙත් උඩට එන්න වැඩි වෙලා ගියේ නැ….
විනාඩි ගානක් ඒ මුණ දිහාම බලාගෙන ඉදලා කිරි එක තියලා යන්න හැරේනකොටම………
අභී කෙල්ලගේ අත තද කරලා ඇල්ලුවේ රිදන තරමට…
තමුසේ මොකද මේ කාමරෙට ආවේ ආ….ඊයේ කියපුවා අමතක උනාද තමුසේට…කතා කරනවා …උඹට මං කිව්වා මගේ ඉස්සරහට එන්න එපා කියලා ..එහෙම එකේ මොන හයියකටද ආවේ…
අභී නැගිටලා ඇවිත් තව තවත් අත තද කරගෙන ඇල්ලුවේ අකීරා බයේ වෙව්ලද්දී…
මොකද තමුසේ දැන් බොරුවට කිබුල් කදුලු හලන්නේ ආ…එපා කියන දෙවල් කරාම රිදෙනවා තමයි.. මීට වඩා රිදෙයි මං එපා කියන දෙවල් කරාම…දැන් යනවා ….
කෙල්ල අඩ අඩාම කාමරෙට ගියේ අභී දඩාස් ගාලා දොර වහාගනිද්දි…අභී අත මිටිමොලවලා වෙගෙන් බිත්තියට ගහගෙන ගියේ අතේ ඇගලි පුරුක් වලින් ලේ පනිද්දි…අභීට අත ගැන වගක් වත් නෑ..අතේ වෙදනාවට වඩා හිතේ වෙදනාව වැඩි.
උඹ මාව පිස්සෙක් කරලා නතර වෙන්නේ…උඹව දකින වාරයක් ගානේ මං මැරි මැරි ඉපදනවා.. උඹව දකිද්දි මට මාවම පාලනය කරගන්න බෑ..උඹට රිදෙයි කියලා බයටමයි උඹ මගේ ඉස්සරහට එනවාට අකමැති ..බටු ඇටේ….
අභී කොණ්ඩේ පිටිපස්ස්ට ඇද ඇද හිතුවේ ඔහු ගැනම උපන් තරහකින්…
අනේ ඇයි අම්මේ අභී අයියා මට මෙහෙම කරන්නේ…මං මොනවා කරාටද…මං මගේ උවමනාවට එයා ඉස්සරහට ගියේ නෑනේ..මෙච්චර තරහක් ඇයි මං ගැන…
උඹට මොන මළ යකා ගහලද බං…උදේ පාන්දර කදුලු පෙරන්නේ..මං බැලුවා කිරි එක දිලා එන්න කිව්වාම කොහේ පැල උනාද කියලා ..
අඩ අඩා හිටපු කෙල්ල ගැස්සිලා ගියේ වත්සලාගෙ සද්දෙට….
හ්ම්ම්..ඇඩුවා කියලා බඩ පිරෙන්නැ…වරෙන් යන්න උදෙට කන්න හදන්න…ආපු දවසෙම මගේ කොල්ලා බඩගින්නේ තියන්න බෑ….
කෙල්ල කදුලු පිහිදගෙන වත්සලාගෙ පස්සෙන් ගියේ උදේට කෑම හදන්න…යන ගමන් බැලුනේ අභී ඉන්න කාමරේ පැත්ත..තාම දොර වහාලා ..කෙල්ල හිතුවේ අභී තවම කාමරේ වෙන්න කියලා…එකයි සැනසිමෙන් කුස්සියට යන්න ගියේ….එත් අකීරාගෙ කකුල් දෙක පණ නැතුව ගියේ සාලේ සොෆා එකේ වාඩි වෙලා ෆොන් එකට මුණ ඔබාගෙන ඉන්න අභීව දැකලා…එත් අභී නිකමට වත් ඔලුව උස්සලා බැලුවේ නැ ..එත් එක්කම කෙල්ලගේ ඇස් ගියේ කොල්ලගේ අත දිහාවට, අත බැන්ඩෙජ් කරලා…අකීරා වත්සලාගෙ පස්සෙන්ම ගියේ අභී දිහා හොරාට බලන ගමන්…
කොච්චර නපුරු කම් කරත් අකීරාගේ හිතේ අභී ගැන තියේන නොතෙරෙන ගැගිම තව තවත් දළු දාලා ඇවිත්…කෙල්ල හිතුවේ අභී කෙල්ල දිහා බලයි කියලා…එත් නෑ අභී නොදැක්ක ගානට හිටියේ …
කෙල්ලේ මෙ..පොල් ටිකක් ගාපං..උදේට කිරිබත් හදමු…කෙල්ලා හරි ආසයි..අර උඹ හදන ලුණු මිරිසත් හදලා ගනිං..
වත්සලාගේ අණ පරිදි කෙල්ල පොල් ගාන්න ගත්තේ අභී ගැන හිත හිතාම..එතකොටම අකීට මතක් උනේ අභීගේ අත,
අභී අයියාගේ අතට මොනවා වෙලාද…උදේ මූකිත් වෙලා තිබුනෙ නෑනේ…තුවාල උනේ කොහොමද …
ඈ බං අකීරා උඹ මොන ලොකේද ඉන්නේ..ඔය පොල් ටික ගාපං…
***************
කිරිබත් මේසේට ඇරලා ..වත්සලා ගිහින් හැමොටම කන්න කතා කරත් අකීරා නම් ඒ පැත්තට වත් ගියේ නැ…කට්ටියම කෑම මේසේ ඉදන් කද්දි අකීරා හැදුවේ කුස්සියේ ඉදන් කන්න..අභීගේ ඉස්සරහට යන්න කෙල්ල බයයි….
අම්මා කෝ අකීරා…කන්නෙ නැද්ද …
එයා කාවී..කුස්සියේ හිටියේ…කනවා ඇති…මගේ පුතා කන්න…කෝ මේ අභී පුතා කන්නෙ නැද්ද …බෙදාගෙන වත් නෑ…
අකීරා….
අභී හිටියේ කුස්සියට යන දොර දිහා බලාගෙනම…
අකීරා….
යුවාන් ටිකක් සද්දෙට කතා කරෙ අකීරා ආවේ නැති නිසා…
කෙල්ල හිමිහිට කෑම මෙසේ ලගට ආවත් ඔලුව උස්සලා නම් බැලුවේ නැ…
තමුසේ කවදා ඉදන්ද කුස්සියේ ඉදන් කන්න පුරුදු උනේ ආ…ඉදගන්නවා මෙතනින්..ඉදගෙන බෙදාගෙන කනවා…
අකීරා …අනේ අභී පුතාට කිරිබත් ටිකක් බෙදලා ඉන්න..
අකීරා අභීගේ මුණ බැලුවේ බයෙන්…එත් මොනවා කරන්නද …අකිරා වත්සලාට ඔලුව වනලා හැන්ද අතට ගත්තෙ අත වෙව්ලද්දි..කිරිබත් කෑලි දෙකක් බෙදලා ලුණු මිරිස ටිකක් බෙදලා ඇවිත් වාඩි උනත් අභී නෙමෙයි අකීරා දිහාවත් බැලුවේ…අකීරාට අභීගේ මේ හැසිරීම හිතට ගෙනාවේ දුකක්…
අභී අනිත් අය එක්ක හීනා වෙවි කතා කරනවා දැක්ක්ම කෙල්ලට දුකයි…
මේ අභී අයියා මට විතරයි නපුරුකම් කරන්නේ ඔක්කෝම ..හැමොම එක්ක හිනා වෙලා කතා කරනවා..ඒ හිනාවට ඕන කෙනෙක් වශී වෙනවා…
අකීරා තනියම කන්නේ කටක් කවනවාකො…
යුවාන් කියද්දී අකීරාට බැලුනේ අභී දිහා ..අභී ඇස්පිල්ලමක් වත් නොගහා අකීරා දිහාම බලාගෙන ඉන්නවා..ඒ මුනේ තියෙන හැගිම් තොරලා බෙරලා ගන්න බෑ…
මොනාද කල්පනා කරන්නේ කවනවකො….
කෙල්ල යුවාන්ට කැව්වේ බයෙන්..එත් ඇයි කියන්න කෙල්ල දන්නේ නැ..වෙනදටත් කෙල්ල යුවාන්ට කවනවා..එත් අද…ඇයි..මේ…අභී ඉන්න නිසාද…ඒ පස්සෙන්ම යුවාන් අකීරට කවද්දි අභීගේ අතමිට මෙලවෙනවා අකීරා දැක්කා…
ඒ මුණ තරහට රතු වෙලා…ඇස් රතට හැරිලා…අකීරා හොරාට ඒ මුණ බැලුවේ…අභී අකිරා දිහා බැලුවේ මං උඹව පස්සේ අල්ලගන්නම් කියන්න වගේ…
එත් එක්කම අභී අතහොදගෙන කාමරේට ගියේ කන්න බෑ කියලා…
අභී අඅයියා ඇයි එහෙම..එච්චර තරහක් ඇයි…ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ…අනේ මටත් පිස්සුනේ අභී අයියා මගේ කව්ද…මං ඇයි එයාට බය වෙන්නෙ…
අකීරා හිටියේ අකීරගේ හිතත් එක්ජ වාද කරන ගමන්….
කාලා ඉවර වෙලා කාමරෙට යන්න ගියපු අකීරා දැක්කේ ………