මනමේ නාට්‍ය සම්පූර්ණයෙන්ම දන්න අය මේක කියවන්න එපා.(අපරාදේ කාලේ) අර මනමේ කුමාරයයි වැදි රජයි ෆයිට් කරන එකයි, කුමාරි කඩුව දෙන එකයි, වැදි රජා දිනන එකයි විතරක් දන්න අය මේක කියෙව්වට කමක් නැහැ.
———————————————————————————
හැමෝම දන්න ටිකෙන්, ඒ කිව්වේ හැමෝම කියන නිසා දැනගත්ත දෙයින් පොඩ්ඩක් එහාට යමු ද?
………………………………………………………………………………………
මේකයි කතාව, සරත්චන්ද්‍රයන්ගේ “මනමේ” තමයි කතාව.
මොකක් ද මේ හැමෝම කියන නිසා දැනගත්තයි කියන කතාව,මනමේ නාට්‍ය කවදාවත් ටී වී එකෙන්වත් බැලුවේ නැති,නිකමටවත් පොත අරන් කියෙව්වේ නැති අය දන්න කොටස තමයි හැමෝම දන්න කොටස.
ඒ තමයි, මනමේ කුමරියයි,කුමාරයි කැලේ යද්දි වැදි රජෙක්ට අහු වෙනවා,මේ වෙලාවේ කුමාරයයි වැදි රජයි දෙන්න අතර සටනක් යනවා.ඔය සටනේ අතරෙදි කුමාරයා වැදි රජාව මරන්න මනමේ කුමාරියගෙන් කඩුව ඉල්ලනවා. මනමේ කුමාරිය කඩුව අරන් කුමාරයට නොදී වැදි රජාට දෙනවා.වැදි රජා කුමාරයට කඩුවෙන් ඇනලා මරලා දානවා..ඊට පස්සේ කුමාරිකාව අරන් වැදි රජා යනව යන්න.. ඕක තමයි ඉතින් දන්න කතාව..
ඉතින් ඔතනින් පස්සේ මනමේ කුමාරිය ස්ත්‍රී සන්හතියටම නිග්‍රහයක් වුනා, ඒ වගේම මනමේ කුමාරය බොරු ආදරයක් නිසා නිකරුනෙ ජීවිතෙන් වන්දි ගෙව්වා.
වැදි රජා දුෂ්ඨ අයෙක් වුනා.. වැදි රජා….. දුෂ්ඨ….යෙක් වුනා….
ඔතනින් පස්සේ සිද්ද වෙච්ච කෑල්ල තමයි මරු.
වැදි රජා කුමරියට කියනවා මේම
“මනමෙට සෙනෙහස- ඉවත දමාදෝ
වනයේ වැදි රජ- කෙනෙකු පතා දෝ”
එතකොට කුමරිය කියනවා
“දිරියෙන් යුධ කළ ඔබ දුටු වේලේ
මොහොතින් මා සිත පිරුණයි ආලේ”
ගැහැණියෙක් මොන තරම් දේවල් හිතනවද? නේ ද ?වැද්දෙක් ගේ දහිරිය සම්පන්න බවට ආදරෙ ත් කලා.තමන්ගේ සැමියාත් මරන්න උදව් කරලා
කෝම වෙතත් වැදි රජා කුමරියට ආසාවෙ නේ ඉදියේ.ඉතින් වැදි රජාට හෙන සන්තෝසයි දැන් කුමරියත් තමන්ට ලැබුනා කුමාරයවත පැරැද්දුවා.
ඉතින් වැදි රජා කියනවා ඔය හරියෙදි කුමරියට
“සැමියා මැරුමට- මසිත නොදුන්නේ
ඔහු රුදු මරු මුව -වැටුනේ විහින්නේ.”
වැදි රජා කියන විදියට නම මනමෙ කුමාරය මරන්න වැදි රජට අවශ්‍ය වෙලා තිබ්බේ නැහැ..අනේ මන් දා?
කුමරියත් කියනවා..
“ඔබෙ දිවි මම ගලවා ගතිමී,වැදි රජානෙනි ඔබට ආලය නොවූයෙයි නම් කුමකට මම එසේ කරමිද?පොඩ්ඩක් සිතා බලන්න.”
මේ වෙලාවෙදි වැදි රජාට කුමාරිය මේම කියන එක විශ්වාසයක් නැතුව යනවා..ඊටත් වඩා වැදි රජා මේම හිතෙන්න ඇති මම දින්නේ කුමාරිය කඩුව දුන්න නිසානේ නැත්නම් මම පරදිනවා නේ වගේ හැගීමක් වැදිරජාට එන්න ඇති.මොකද වැදි රජා ඊට පස්සේ කුමරියට මේම කියනවා.
“සොදුර මම දිනුයේ මගේ දක්ෂතාවය නිසා මිසක, ඔබේ උපකාරයෙන් නොවේ,ඔබ සැමියාගේ අණ පරිදි කඩුව ඔහුට දී මගේ ගෙල සිදීමට තැත් කල බව මම දුටුමි..”
එතකොට කුමාරිය කියනවා.මොන පිස්සු ද මම ඕන කමින්ම තමයි වැදි රජුට කඩුව දුන්නේ කියලා.
එතකොට වැදි රජා අහනවා කුමාරිගෙන්
“කුමක් කියන්නෙ ද බිසවුනි,මෙක සත්‍යක් ද?මෙතරම් ඔබට ප්‍රේම කල ඔබගේ සැමියා, මා නිසා මරන්නට තැත් කළා ද?
කුමරිය කියනවා.සැමියා කඩුව ඉල්ලුවත් මම ඒක දෙන්න කැමැත්තෙන් ඉදියේ ඔබට තමයි ඔබට දීමට පෙර ඔබ ඒක උදුර ගත්තා කියලා.
මෙන්න මේ කතාව ඇහුවට පස්සේ වැදි රජා හොල්මන් වෙලා ගියා.වැදි රජා කුමාරිට ආසාවෙන් ඉදිය වුනත් කුමාරිකාව කිව්ව මේ කතාව නිසා වැදි රජා විකාර වෙලා ගියා.කොටින්ම කීවොත්,කුමාරිකාව එපාම වෙලා යනවා වැදි රජාට.
සින්දවු ගෙල සැමියා-කවර සෙනේ
යන්ට යව වනේ නොසිටා
අමන ගති ඇති මෙවැනි අඟනක්
ම වැනියන්ට කුමන සරණක් ද?
වැදි රජා ,කුමාරිගේ මේ කීම අහලා කුමාරිකාවට කියන්වා කැලයෙන් යන්න කියලා,ඒ මදිවට කුමාරිට අමන ගෑනිත් කියනවා.
නොතකා බිසව කළ දුක් ගැනවිලි අදෝ නා
ගිය සද වැදි රජු බිසෝ වනයේ තනි වූ නා
විද නොමද පසු තැවිලි දරා ගත නොහෙ නා
ළය පැලී බිසෝ සඳ මරු මුවට පැමිනු නා
කුමාරිගේ අමන ගතිය නිසා වැදි රජ.මට තෝ වගේ එකියක් නම් එපා. කියලා කුමරිව දාලා යන්න ගියා.
අන්තිමට පසු තැවීම දරාගන්න බැරි වෙච්ච මනමේ කුමරිය පපුව පැලිලා මැරිලා ගියා..
ඔන්න ඔය ටික තමයි හැමෝම නොදන්න කතාව..
නාට්‍යයේ හරය,මේම ලිපියකින් කියන්න බැරි තරම් වූ ප්‍රේමය ගැන ගැඹුරු දාර්ශනික අදහසක් රැගත් දෙයක්. ගැහැණියකගේ සිත,පිරිමියෙකු සිත ගැන විශාල චේදනයක් සහිත මහා විශාල තේමාවක් තමයි මනමේ කියන්නේ.. ඒ නිසා ඒක පුළුවන් නම් ආයෙත් බලන්න.ඒම නැත්නම් කියවන්න. ඒ මදි තේරුම් ගන්න. හැබැයි හැමෝම දන්න කතාව නෙවෙයි.නොදන්න කතාව.
මන් දැන් පොඩි දෙයක් අහන්න ද?
ඇත්තටම
වැදි රජා දුෂ්ඨයෙක් ද? මනමේ කුමාරී අමන යි ද?
උපුටා ගැනීම : -දිනුක අශාන්-