කැන්ටිම…. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ස්ථානය මහරගම අපේක්ෂා රෝහල කැන්ටිම…..
උදේ ඉඳලා සායනයට ආපු රෝගීන් බලලා ඉවර වෙලා උගුර කට වේලිලා තියෙන නිසා කැන්ටිම පැත්තට ඇවිදගෙන ගියේ තේ එකක් බොන්න කියල.
තේ එකයි හපන්න වඩේ එකයි අරගෙන වාඩිවෙලා වටපිටාව බැළුවේ දන්න කියන කවුරුවත් ඉන්නවද කියල කතාවක් දාගන්න.
එතකොට දැක්කෙ සාමාන්යයෙන් දකින්න නොලැබෙන ඒත් මේ රෝහලේ නිතර දකින්න පුලුවන් වෙන සිද්දියක්.
හිසේ කෙස් ගස් එකක්වත් නැති වයසක තාත්තා කෙනෙක් බැලූ බැල්මට පිළිකාවට ප්රතිකාර අරගෙන ඉවරවෙලා සායනයකට ඇවිල්ලා ඉන්න කෙනෙක් කියලා හිතුණා.
දුර ඉඳලා උදේ පාන්දර ඇවිල්ල හින්ද වෙන්න ඇති බඩගින්නට ලොකු බත් එකක් දිගෑරගෙන අමාරුවෙන් අමාරුවෙ කනවා. එයාගේ ඉස්සරහ වාඩි වෙලා එයා දිහා බලාගෙන ඉන්නෙ එයාගෙ පුතා කියල හිතුනා.
ඒ පුතා අනුකම්පාව මිශ්ර වෙච්ච සතුටු මූනකින් තාත්තා කෑම කන දිහා බලාගෙන ඉන්නවා.
ඒක දැකපු මට එකපාරටම හිතුණේ, මීට අවුරුදු තිහකට විතර කලින් මේ තාත්තා මේ පුතා මොනා හරි කෑමක් රස කර කර කන දිහා මේ විදිහටම බලන් ඉන්න ඇති කියලා. කාලෙත් එක්ක සිද්ධ වෙච්ච දේවල් නිසා සිදුවීම අනිත් පැත්ත හැරිලා තිබුනත් හැඟීම් දැනීම් ඒවගේම ඒ විදියටම මිනිස්සුන්ගෙන් මතුවෙනවා.
අනිත් පැත්තෙන් මේසේ ඉන්නේ නම් නෝනයි මහත්තයයි වෙන්න ඕන. එතනත් නෝනා පිළිකා ප්රතිකාර අරගෙන ඉවර වුණු කෙනෙක් කියලා දැක්කම හිතෙනවා. දෙන්නගෙම වයස අවුරුදු පනහකට වැඩි වගේ සමහරවිට ජීවිතයේ පහුගිය දවස්වල වෙච්ච හැලහැප්පීම් එක්ක පමණට වඩා වයස පේනවා ඇති. එතන ටිකක් වෙනස් ව තිබුණේ ඒ මහත්තයා කැන්ටිමෙන් ගත්ත පැස්ටා පිඟානක් පොඩ්ඩ පොඩ්ඩ නෝනට තමන්ගේ අතින්ම කවනවා . අවුරුදු විස්සකට තිහකට කලින් කසාද බැඳපු දවසේ මගුල් කෑම මේසෙදි ඉස්සෙල්ලාම ආදරෙන් කෑම කටක් ඒ මහත්තයා නෝනට මේ විදිහටම කවන්න ඇති. කෑම කන්න අමාරු බව පෙනුනත් පොඩ්ඩ පොඩ්ඩ ඉවසගෙන ඒ නෝනට කන්න පුළුවන් තරං ඒ මහත්තයා කෑම එක කවනව.
දුක මහන්සිය පිරිච්ච ඒ ඇස් දෙක ඇතුලේ ආදරයත් යන්තම් හරි පොඩ්ඩක් තුළ තියෙනවා තාමත්….
උපුටා ගැනීම :  Thilina Chathuranga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!