අත්වල හෝ පාදවල නිය මුල හට ගන්නා රෝගී අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැක. ලිංග භේදයකින් තොරව කාටත් පොදුවේ මෙම රෝගය හටගැනීම පෙන්නුම් කරන අතර කාන්තාවන් හට රෝගය බහුලව පවතී.

විශේෂයෙන් පුද්ගලයන් සමඟ කතා බහ කිරීමේදී සුහදතාව පලකිරීමට අත ට අත දීමේදී මෙවන් රෝගීන් මහත් වූ අපහසුතාවකට පත් වනු පෙනේ.
ඔවුන් තමන්ගේ අත් වැඩිපුර සමාජය ඉදිරියේ පෙන්නුම් කරන්නට ලැජ්ජා වේ. මෙම නියබිරිත්තාව රෝගය අත් වල හෝ පාදවල එක් ඇඟිල්ලක හෝ ඇඟිලි කිහිපයක එක්වර හට ගැනීම ද පෙන්වයි.
විශේෂයෙන් අපගේ නොසැලකිලිමත්කමද මෙයට මූලික හේතුවක් වනු ඇත.
නියබිරිත්තාව නැතිනම් නිය මුල ප්රදාහයට බලපාන හේතු ලෙස
*
අනවශ්ය ලෙස නිය අලංකරණය සඳහා නිය මල ආශ්රිත අධික ලෙස පිරිසිදු කිරීම.

*
සබන් කුඩු වර්ග සබන් වර්ග වලින් අනවශ්ය ආකාරයට (අවශ්ය ප්රමාණයට වඩා) යොදා අත් සේදීම (නියබිරිත්තාව රෝගයට සබන් ඇල්ලීම රෝගය උත්සන්න කරනු ඇත.)

*
නිය අලංකරණ ද්රව්ය ක්යුටෙක්ස්, ක්යුටෙක්ස් ඉවත් කරන පිරිසිදු කරන දියර) දිනපතා හෝ අධික ලෙස භාවිතා කිරීම.

*
නිය පොතු කැපීමේදී නිය මල ආශ්රිත තුවාල වීම (මෙහිදී විෂබීජ ඇතුළු වීමෙන් නිය මල ප්රදාහයට පත් වේ.)

*
එසේම අධික ලෙස ජලය ආශ්රිත කටයුතුවල නිරත වන අය (කෘෂිකාර්මික කටයුතුවල නිරත වන අත් ආවරණ නොදා අතින් කටයුතු කරන අය) පලතුරු යුෂ මිරිකන, එළවළු නිතර සේදීමේ ආදියේ නිරත අය.

*
ශාරීරික උෂ්ණතාවය හෙවත් රක්ත දෝෂ පාරම්පරික රක්ත දෝෂය ද ප්රධාන හේතුවක් වේ.

ඉහත සඳහන් කළ හේතු නිසා හට ගන්නා නිය මුල ප්රදාහ රෝගයේ රෝග ලක්ෂණ ලෙස,
*
නිය මුල අසල රත් පැහැ ගැනීම

*
නිය මුල සම සිනිදු වී ඉවත් වී යාම

*
ප්රදාහ වීම (ඉදිමීම) ඇඟිලි අග දැවිල්ල

*
නිය මල අසල සැරව සහිත වීම

*
නිය පොතු අවපැහැ ගැනීම

*
ඇඟිලි අග නිය පොතු දෙපැත්ත කළු පැහැ වීම

*
නිය පොතු කැඩී යාම

*
අධික වේදනාවක් ඇති වීම ඇඟිලි තුඩු ඇල්ලීමට අපහසු ගතිය සහ ඇදුම්කන ස්වභාවය යනාදිය හැක්විය හැක.



අප අපගේ නියපොතු ආරක්ෂා කර ගන්නට සැමවිට උත්සාහ ගත යුතුය. තවද අනවශ්ය ආකාරයට නිය මුල ආශ්රිත ක්රියා නිසා පසුකාලීනව නිය මල මෙන්ම නියපොතු අභ්යන්තර ඇඟිලි අග පිළිකා තත්ත්ව මතුවීම ද, සුව නොවන දරුණු රෝග ඇතිවීම වැලැක්විය නොහැකි වේ.
මෙම රෝගය නිට්ටාවට සුව කර නොගත හොත් එවන් රෝගීන් නිතර නිතර රෝගයට ගොදුරු වීම පෙන්වයි.

ඇඟිලි කිහිපයකට හෝ සියල්ලටම ආ විට කාන්තාවන්ට එදිනෙදා නිවසේ වැඩකටයුතු කර ගන්නට බාධාවක් වේ.

අප දිනපතා නා පිරිසිදුව සිටියද දෑත් දෙපා පිරිසිදුව තබා ගැනීමට පුරුදු විය යුතුමය. එසේම ඇතැම් අය දෑත් වල නිය පොතුවලට දෙන සැලකිල්ල දෙපා නියපොතුවලට නොදෙයි. ඒ ගැන එතරම් සැලකිල්ලක් ද නොදක්වයි. එවිට සිදුවනුයේ පාදවල නිය ආශ්රිත රෝග මතුවීමයි. බොහෝ අයගේ පාදවල මාපටැඟිලි ආශ්රිත මේ තත්ත්වය වඩාත් දැකගත හැකි වේ.

කතාබහ කිරීමේදී අත් සඟවා ගෙන මිට මොලවා ගෙන ඇඟිලි සඟවාගෙන කතා කරන්නට එවිට අවශ්ය නොවේ. දෑත් එකට එකතු කර සිතේ සතුට ප්රීතිය ඇතිව කෙනකු හා ආයුබෝවන් කීමට සුහදතාවය පලකිරීමට ඔබට හැකිවනු ඇත. මුවින් කතා කරනවාට වඩා දෑතින් කතා කරන්නට එවිට ඔබට අවකාශය සැලසෙනු ඇත. එය සුහදශීලී බව මිත්රශීලී බව වඩාත් තීව්ර කරන්නට සමත් වනවා නොඅනුමානය.
මෙවන් රෝගීන්ට ප්රථමයෙන් රක්ත ශෝධනය කළ යුතු අතර ඒ සඳහා සුදුසු කෂාය වෛද්යවරයකු හමුවී ලබා ගත යුතුමය.

නිය ආශ්රිත පෝෂණීය ප්රතිකාර තුළින් ක්රමිකව අපට එහි ඇතිවන්නා වූ විකෘති හා රෝග තත්ත්ව වලක්වා ගත හැකි වේ.
නිය මුල ප්රදාහ රෝගීන්ට සෝදන ද්රව්ය ලෙස
*
වෙනිවැල්ගැට තැම්බූ වතුර

*
අමු කහ වෙනිවැල්ගැට තැම්බූ වතුර

යොදා ගත හැක.
විශේෂයෙන් මෙම රෝගීන් මතක තබාගත යුතු කරුණක් වනුයේ “අතේ ඇඟිලි තුඩු නිය මුල සේදීමේදී ඇඟිලි අධික ලෙස අතුල්ලා සේදීම නොකළ යුතුය.
එසේ කිරීමේදී නිය මල ආශ්රිත සම තවත් ප්රදාහ තත්ත්වයට පත් වීමට ඉඩ තිබේ.


නියබිරිත්තාව රෝගයේදී ඖෂධීය ද්රව්ය වලින් සේදීමට ප්රථම නියපොත්ත මුල සම ආශ්රිත ඇති විෂ සැරව ඉවත් කිරීම ශෝධනය කිරීම සඳහා මුලින් ප්රතිකාර කළ යුතු වේ. ඒ සඳහා නිය මල ආශ්රිත බෙහෙත් බැඳීම කරනු ලබයි.
ඇතුළත සැරව ඉවත් වීමෙන් අනතුරුව ඖෂධීය ද්රව්ය වලින් සෝදා තෙත වියැලුනු පසුව සර්වවිෂාදිය ආදී තුවාල වේලීමට තෛලයක් ආලේප කිරීම යෝග්ය වේ.

උපුටා ගැනීම : Suwa arana