නම පේන්නේ හොට් බැටර්ඩ් කට්ල් ෆිශ් වගේද ? මේ ඒකක් නෙමෙයි. මේ වෙනින් එකක්. මං ඒ වෙද්දි එංගලන්තයේ ලිවර්පූල් නගරයේ වෙස්ට්කොට් මීට් ෆැක්ටරි කියන එකේ ඩිලිවරි ඩ්‍රයිවර්. ඒ කියන්නේ ඔබේ දෙපා මුලට මස් මාංශ සපයන්නා. ඒ වෙද්දි ශීත කාලය වගේම නත්තල් ලඟ ලඟම. කැම්පස් නිවඩු නිසා පාර්ට් ටයිම් කර කර උන්නු අපිට ඕන තරම් වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබ්බ.
නත්තල් කාලේ එංගලන්තේ මස් අලැවිසලක කාර්යබහුලත්වය අමුතුවෙන් කියන්න උවමනා නෑනෙව. ඒ මදිවට වෙස්ට්කොට් එකෙන් විවිධාකාර මාංශ නිෂ්පාදන අඩංගු හැම්පර් එකක් හදුන්වලා දීලා තිබුණා. ඕඩර් බාර ගන්න කවුන්ටරේ ට අමතර සේවකයන් දෙන්නෙක්. බෙදාහැරීම ට අපි වගේ අය, ඇසුරුම් කරන්න අමතර සේවකයන් කිහිප දෙනෙක්ම තාවකාලික පදනමට ගන්නවා .
නත්තල් කාලෙට වැඩිපුරම විකිණෙන්නෙ කලුකුමා… සිංහලෙන් කීවොත් ටර්කි. කුකුලම තමයි හැබයි අර බතික් ගවුම් අඳින නැන්දම්මා කෙනෙක් වගේ විසාලයි. කුකුල්ලු හතරදෙනෙක් ගේ සයිස් එක. හරියට අර බස්සා වෙනයි බකමූණා වෙනයි කිව්වා වගේ. ඕං ඔහොම ඉද්දි ඇසුරුම් කරන්න ටෙම්පරි එකකට ආවා පාකිස්තාන් සින්දාබාද් අයියා කෙනෙක්. මං කියන්නේ බොරුවක් නම් හෙණයක් ගහයි පාරේ යන කෙනෙක්ට … මනුස්සය බොහොම හොඳ එකා… හැබයි තමන්ගේ සංස්කුරුත්තිය හැසිරීම රටේ විස්තර හැමවෙලේම නන්ස්ටොප් කියවන චරිතයක්. අපි හලෝ බායි කීවොත්… වාලෙකුම් සලාම් කියලා මිනිහා අපිට විග්‍රහයක් කරනවා මධ්‍යතන යුගයේ ආචාර විධි ගැන. ඇසුරුම් අංශේ ස්ථීර සේවකයා වෙච්ච ඩික් හියුස් (රිචඩ් හියුස්) මිනිහව බයිට් එකට ගන්නවා. එක දවසක.
මිනිහට කුකුලයි කලුකුමයි තාරාවයි පාත්තයයි හංසයයි කොබෙයියයි ඔක්කොම එකයි. අපි මොනවා කිව්වත් ඌට ඒ සේරම ” චිකන් “.
කොහොම හරි ඩිකියා උදේම ඇහුවා උඹලගේ හලාල් ක්‍රමය කියන්නේ මොකද්ද කියන එක. අහමඩ් ඒක අපූරුවට විග්රහ කරලා .සත්වයා මස්පිණිස ඝාතනය කරන වෙලාවෙදි ඔවුන් කියන වාක්‍ය කීපයත් කිව්ව. ඩික් අයියත් ඕක පාඩම් කරගත්තා. ෆුල් සීරියස් මූඩ් එකෙන්. ඊටත් පස්සෙ දවල් වැඩ අස්සෙ ඩිකියා ප්‍රශ්න අහන්න ගත්තා ..
” දැන් උඹලා හලාල් කරද්දි සත්තු සීයක් හිටියොත් අර වාක්‍ය සිය වතාවක් කියනවද? “
අහමඩ් කාරයත් බෝදිලිමා වගේ ඔලුව හොලවනවා ගැම්මෙන්.
” ඔන්න බලහං මම ඒක කියනවා.. හරිද බලපං “
ඩික් ඒ වාක්‍ය කීපය කියනවා… කියන ගමන් බෙල්ට් එකේ එන තඩි කලුකුම් රාජයෙක්ගේ බෙල්ල කපන බව අභිනයෙන් පෙන්නනවා… ඊලඟට බෙල්ට් එකේ එන්නෙත් කලුකුමාලා සෙට් එකක් පෝලිමට.
“අහමඩ් …උඹලා මෝඩයි බං.. ඕක හැම වෙලේම කියන්න ඕන නෑ…. පලවෙනි සතාට කිව්ව…. ඊලඟ,එකාට…කියපං….මෙන්න මෙහෙම”
එහෙම කිව්ව ඩික් හියුස් මහත්තයා ඊලඟට ආපු කලුකුමාට අතේ තිබ්බ පිහිය තියලා… උගේ බෙල්ල කපනවා වගේ රඟපාන ගමන් මෙහෙම කිව්වා…
” සේම් සේම් චිකන්…. “
තව පොඩ්ඩෙන් හියුස් කාරයා ඔන් ද ස්පොට් දිවංගත වෙනවා… වෙලාවට අහමඩ් කාරයට විහිලු තේරෙන නිසා මිනිහා තාම වෙස්කොට් එකේ වැඩ කරනවා.
ඊලඟ කතාව ඊට පහුවදා උනේ. නත්තල් වලට ඩිස්කවුන්ට් දෙන නිසා ගොඩක් ඉන්දියන් අයත් මස් ඕඩර් කලේ වෙස්කොට් එකෙන්. මං ඩිලිවරියක් ඉවර කරලා සල්ලියි බිල් ටිකයි කාඩ් රීඩර් එකයි ආපහු දෙන්න යද්දි ඕඩර් ගන්න පෙනිලොප් අක්කට කවුරු හරි මොනා හරි කරලා වගේ රතු වෙලා කන් වලින් දුන් දාන සයිස් එකට ඉන්නව. ඒ මදිවට කෝල් එකක. කාත් එක්කට වචන හුවමාරුවක්.
මං දැක්කා විතරයි ගෑණිට නිවන් ගියා වගේ හිනාවක් ගිහින් , අනෙක් පස කතා කරන කෙනාට මෙන්න මෙහම කියලා මට රිසීවරේ දුන්නා.
” හෝල් ඔන් එ සෙකන්ඩ් ප්ලීස්… අයි විල් ට්‍රාන්ෆර් දිස් ටු අවර් කස්ටමර් ලියේසන් ඔෆිසර්…”
මේක කියලා මේ ආලපාලු ගෑණි පස්සට පැට්රල් ගහපු හරකා වගේ දිව්වා.
මඤ්ඤං සෝරු මල් පපඩම් කිව්වට පැයට පවුම් හයට හතට ඩිලිවරි කරපු මං කස්ටමර් ලියේසන්…. වෙච්ච දේට එන්න සෙයියදු වා නම් වා පෝනම් පෝ කානම් කා බීනම් බී කියලා මං
හලෝ කිව්වා.
මෙන්න මිත්‍රවරුනි පරම්පරාවෙන් ඉංග්‍රීස් වෙච්ච පෙනිලොප් ට වගේම සත පණහේ ඉංග්‍රීසි වලින් ජාමේ බේරං උන්න මට ඇහුණ වචන මාලාව.
හැලෝ….. සා….ර් මී කෝලින් පරවිදර් සිං දූප්තා… ෆොරොම් වේවේ ට්‍රීඊඊඊ ටෙකනව්ලජි පාර්ර්ර්ර්ක් (මේක වේව් ට්‍රී ටෙක්නොලොජි පාක්))
අයි නීඩ් සම් ෆයිව් කේ.ජී ඔෆ් කම්ප්ලීට් චිකන් බර්ඩ්ස්
ටූ එල් බීස් බෙස්ට් ඔෆ් චිකන්
ෆෝ එකස් ෆෝ ඩෑශ් ෆයිව් ඕ.ඉසෙඩ් ඔෆ් චිකන් සොසෙජස්
ඇන්ඩ් සා…ර් කුඩ් යූ ප්ලීස් ඩිලිවරි මී හෝම් ඇඩ්ර්ස් ප්ලීස්.
අර ගෑණි දිව්ව එක පුදුම නෑ හිතවතුනි මොකද ගැට ගහගා ඇහින්දාස්,ඉංග්‍රීසි කතා කරපු මටත් ඒකෙන් තේරුනේ පලවෙනි එක විතරයි.
ඒ සම්පූර්ණ කුකුලන් ගෙන් කිලෝ පහක් කියන එක විතරයි. ඊට පස්සෙ පිටි පස්සෙ උන්න අහමඩ් කාරයවා ගෙන්නලා ඌ ලව්ව ආපහු කෝල් බැක් කරවලා උන්ගේ බාසාවෙන් අහගත්තම හප්පටසිරි
ටූ එල්බීස් බ්‍රෙස්ට් ඔෆ් චිකන්…
ඒ කියන්නේ චිකන් බ්‍රෙස්ට් රාත්තල් දෙකක් ( lb ) ඉංග්‍රීසියෙන් lb කියවන්නේ පවුන්ඩ් විදියට සිංහලෙන් රාත්තල.
හත්වලාමේ ඊලඟ එක මොකද්ද
4 x 4 5oz චිකන් සොසේජස්
ඒ යකා ඒක කියවලා තිබ්බේ ෆෝ එක්ස් ෆෝ ෆයිස් ඕ ඉසෙඩ් චිකන් සොසේජස්
ඕ ඉසෙඩ් නොහොත් oz කියන්නේ අවුන්ස.
ඕං මිත්‍රවරුනි ielts එහෙම කරලා හෙන හෙන ලොකු බෑන්ඩ් වලින් ලකුණු අරන් එන ඉන්දියන් වාසීන් බහුතරයක් ගේ ඇත්ත ඉංග්‍රීසි කතාව.
එඤ්ඤං
උපුටා ගැනීම : කුෂාන් ප්‍රේමසිරි