පැණි….. 1. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දිනවල ප්රසිද්ධ කතා බහ පැණි සම්බන්ධව බැවින් මටත් පැණි ගැන කියන්නට කතා බොහෝමයක් තිබේ. මේ ඒ අතරින් පළමු ලිපියයි….
පැණි සමඟ බොහෝ ලොකු ගනුදෙනුවක් මට තිබේ. මෙම ලිපිය කිසිදු විටෙක අන්තරායකර ⁣ඖෂධ ප්රවර්ධනයට නොවේ.
මත්ද්රව්යගැන අත්හදාබැලීම් ගනනාවක් මා සතුව ඇත. ඒවා අත්දැකීම්ම පමණක් වන අතර බුලත් විටට හා පොත් කියවීමත් හැර වෙනත් කිසිදු අැබ්බැහියක් මට නැත. පහත කාරනා සිනහවෙන් මතකයට නගාගත හැකි වූයේ ඒවා සීමාවකින් නවත්වා ගත හැකිවූ නිසාම බව දැඩිව අවධාරනය කරමි. මත්ද්රව්ය යනු ජීවිත කාලකන්නි කරන කාරණයක් බවට විවාදයක් නැත.
ආතල් ලෝකයේ විවිධාකාර මට්ටම් තිබේ. මගේ සාමාන්ය ගැටවර කාලයේ මම වඩාත්ම ආශා කලේ ⁣”වෙරි” යන අතිශය කරදරකාරී වියදම් අධික සහ වහා තාත්තාට හසුවනසුළු දෙයට නොව. සුළු මුදලකින් වැඩි ප්රථිපලදායී “මත” යන සාධකයටයි. එය අදටත් වෙනසක් නැති නමුත් දැනට පවතින සමාජ වාතාවරණය යටතේ වෙරියට මිස මතට තිත තබන්නට කනගාටුවෙන් උවත් සිදුව තිබේ. ආතල් මට්ටම් අනුව එකලත් අද මෙන්ම ඉහලම ස්ථානයේ පිලිකුල් සහගත හෙරෝයින් මත්ද්රව්ය විය. දෙවනි ස්ථානය මත් පෙති මෙන්ම තෙවනි තැන පැණි වශයෙන් විය.
මෙයින් දෙවනිස්ථානය දක්වා මා ස්පර්ශ කරතිබේ. හෙරෝයින් අතට ගෙන සුවද බලා සහ ඒවා පාවිච්චි කරන පුද්ගලයෙකුට වැස්සට කුඩය ඉහලාගෙන සිටීම හැර පාවිච්චියේ අත්දැකීමක් මට නැත.
“පැණි” පොල්පැණි කිතුල්පැණි මීපැණි සුදර්ශනී පැණි ධම්මිකගේ පැණි ගැන නොව මේ කතාව කැස්ස පැණිය ගැනයි. කාලයාගේ ඇවෑමෙන් කාලකන්නි බාලවයස්කාර පාසල් ශිෂ්යයන් හිතුමනාපයට අධිභාවිතය නිසා මරණයට පවා පත්වීම නිසා අභාවයට ගිය සහ ප්රසිද්ධියට පත් ගුලියත් පැණියත් එකල වැඩි ජනප්රියත්වයක් නැති ආතල් අතර ඉහලම දෙයකි. යම්යම් සිදුවීම් ලිවීමෙන් වැලකී සිටීමට සදාචාරාත්මක සීමා ඇත.
මා මුලින්ම පැණියක් දමා බලන විට මගේ වයස 16කි ( 2006 ) එනම් සාමාන්යපෙල විභාගයට ලියා නිවසේ සිටින්නට බැරිකමට මුලින්ම ආයතනයක රැකියාවට ගිය කාලයයි. සපුගස්කන්ද ලින්ඩන් කාර්මික ජනපද භූමියේ පිහිටා ඇති St රෙජිස්ට් පැකේජින් ආයතනය මගේත් ගමේ බොහෝ තරුණ පිරිසකගේත් මුල්ම රැකියා ස්ථානයයි. එකල තරුණවියේ පසුවූ ගමේ සෑම දෙනෙක්ම පාහේ ගිය එම වැඩපල පුදුමාකාර විනෝද සයුරකි. ගමේ කම නිසා ගමේ හයිය තිබූ රෙජිස් එක අත්දැකීම් අතින් සුපිරි අත්දැකීම් රාශියක් ලබාදුන් ජීවිතයේ සතුටින්ම රාජකාරි කල වැඩපලයි. වැටුප් ප්රමාණවත් නොවීම නොවන්නට මා මෙන්ම තවත් බොහෝ අය අදටත් එය හැරදමා නොයන්නට ඉඩ තිබුනි.
රොත්ත පිටින් වැඩට ගොස් රොත්ත පිටින් කෑම ගෙන රොත්ත පිටින් ගෙදර එන එම වැඩපලේ බහුතර සේවක පිරිසක් ගමේ කොල්ලන් නිසා විනෝදයත් සමගියත් ආතලුත් හිගයක් නොවීය. මාතෘකාව පැණි නිසා අනිත්වා දැනට හලා දමමු.
මා වැඩට ගොස් දින කීපයක් ගිය තැන පසු කලෙක ජීවිතයේ දුෂ්කරම අවස්ථාවක හතරගාතෙන් සිතින් වැටුන මොහොතක එකම අවවාදයකින් කෙලින් නගා සිටවූ ගෝනවල “සංජීව අයියා” ( ඔහුගේ කැමැත්ත ලදොත් දිනකදී ලියන්නට ඔහුගැන ඉතාම සුපිරි පන්නයේ ආන්දෝලනාත්මක කතාවක් මාසතුය )
මා අසලට පැමින
“මල්ලි පඩි දවසට පස්සෙ පැණියක් දානවා එනවද…?”
“මොකක්..? අනේ මන් දන්නෑ දාල නෑ…”
“හරි හරි තමුසෙ පඩි දවසට දාහක් ලෑස්ති කරගන්නවකො”
පඩි දින මා රුපියල් දහසක් ඔහු අත තැබීය. පඩි දිනය 25 වූ අතර පැණිය දමන දවස නිවාඩු දිනයක් වූ ඊලඟ මාසයේ 15 විය.
පහලොස්වෙනිදා උදාවිය. උදෑසන 6ට සංජීව අයියාත් තවත් 13 දෙනෙකුත් මා කැදවාගෙන ගිය අතර සියළු දෙනාම “මින්සිබල් කන්ද” නම් වනගත හුදකලා කන්දට නැග එය මුදුනේ විශාල බුළුගහ යට සෙවනට ලගාවිය. විශාල බුළුගහ වැල්වලින් වැසී තිබීම නිසා ඒ යට මද අදුරක් තිබූ නමුත් යටි රෝපනයක් නොමැති අතේ දුරින් දුරින් ඉදගැනීමට පුටුමෙන් උස කළුගල් කිහිපයක් සහිත කදිම ස්ථානයකි. සියල්ලෝම තම තමන්ට ඉදගන්නට කැමති කැමති ස්ථාන තෝරාගත් අතර මා නිවසින් ගෙන ගිය ඝණකම් අඩි 10×10 කළු ඉටිකොලයත් බිම එලා ඒ මත ගෙනගිය ද්රව්ය කාටත් පෙනෙන්නට තැබීය.
ජීවිතයේ එක් ප්රථම අත්දැකීමක් බැවින් මට එ්වා අද මෙන් මතකය.
“කොරෙක්ස් D” පැණි බෝතල් ලොකු සයිස් එකෙන් 13ක්, පත්තර පිටුවක එතූ අත්ත පිටින් පිරිසිදු කංසා 100g , නෙක්ටෝ 1L බෝතල් 2ක් සහ පෝටෙලෝ බෝතල් 2ක්. බෝල කඩල ග්රැම් 250ක්. ගොල්ඩ්ලිෆ් වර්ගයේ සිගරට් 20ක් අඩංගු පැකට් 5ක්, තෝරා වර්ගයේ පොඩි බීඩි මිටි 10ක්, බූන්දි 1Kg සමපෝෂ ලොකු පැකට්ටුවක් සහ සීනි 500g, බේසමක් පි⁣රෙන්නට සෑදූ පැණි බේරෙන වටලප්පමක්, මේස හැන්දක්, ගිනිපෙට්ටි 5ක් සහ ලයිටරයක්, ලොකු ප්රමාණයේ සැර දුම්කොලයක්, සුදු සව්කොලයක් සහ කතුරක්, මදුරු කොයිල් 4ක් සහ ස්ටෑන්ඩ්, වතුර බෝතල් 6ක්, ලොකු චොකලට් 3ක්….. ආදී දේ අතර මගේ මතකයෙන් ගිලිහුනු ඒවාද තිබෙන්නට ඇත.
මදුරුකොයිල් 2ක් පත්තුකොට ඒවා ගස් අතර රැදවූයේ මදුරු කරදරය නිමා කරන්නටය. පෙට්ටි වලින් එලියට ගත් පැණි බෝතල් දෙදෙනා දෙදෙනා බැගින් සහ තම තමන්ගේ ලිමිට් අනුව අතට ගන්නට පෙර හැම දෙනාටම බෝල කඩල අහුර බැගින් බෙදාදෙන ලදි. ප්රථම වතාව බැවින් භාගයක් මට අනුමත මාත්රාව ලෙස බොහෝ අය කියද්දීත් මම D බෝතලයක්ම “ක්රරස්” නැවුම් සද්දය එන්නට කරකවා එක හුස්මට හිස්කර එයට පෝටෙලෝ පුරවා සෝදා පානය කර බෝලකඩල අහුර කටේ දමාගෙන වාඩි විය. ඒ වනවිට වෙලාව යන්තම් උදෑසන 7 වූවා පමණි.
මා අසලම “ලලියා” නම් මිතුරා වූ අතර විනාඩි 15කින් පමණ පසු……………….
youtube වීඩියෝවක් නරඹන විට සංඥා නැතිව යනවා මෙන් කාලය මදක් නතර වනවාත් නැවත පියවි සිහියට එනවාත් නැවත නතර වනවාත් වශයෙන් නොනවත්වා සිදුවන්නට විය. “ඒ බං සිග්නල් එනවා යනවානෙ බං මොනෟත්තක්ද මේ යකෝ මළවදේ” කියමින් මම නොනවත්වා කියවන්නට වීම නිසා “ශික් පැණි ගහලත් මුගෙ කියවිල්ල නවත්තන්නෑ මෙන්න මූට තවේකක් දෙනව ඕයි” කියමින් ලලියා නැගිට ගොස් වෙනත් තැනකින් වාඩි විය. තවත් කෙනෙක් අඩක් හිස්කල බොතලයක් මගේ අතට ලැබුන අතර එය සම්පූර්ණයෙන්ම හිස් කර මද වෙලාවකින් මමත් නිහඬවිය.
පැණි බෝතල් 1, 1/2 ක් ශරීරගත වීමත් සමඟ ලද මත් ගතිය වෙනත් ඕනෑම හැගීමක් මෙන්ම අකුරු කිරීම දුෂ්කරය. මට දැනුන ආකාරයට සිරුරේ සියළු අවයව පාලනයට මොළයෙන් මෙන්ම සිතුවිලි වලින්ද අපි නොදැනම බොහෝ වෑයමක් සිදු කරයි. අත ඔසවන්නට සිතුනොත් අත එසෙව්වාට එය කිරීම සදහා සිතින් මොළයට විධානයක් නිකුත් කොට එය ක්රියාවක් බවට පත් කිරීම දක්වා අපි සිතින් මහා බරක් උසුලයි. පියවි සිහියේදී සිතින් අපි දරන පීඩනය අපිට නොදැනේ. නමුත් පැණියත් සමග සිතේ එම බර සැහැල්ලුවන අයුරක් දැනෙන්නට විය. පියවියේදී එක් මාතෘකාව ගැන පැය නොව දවස් ගනනක් සිතිය හැකි උවත් දැන් එසේ නැත. උපරිම කාල පරාසය තප්පර 7ත් අවමය තුනක් තුලදීත් සිතුවිලි එක්නෙකට පැන පැන ගමන් කරයි. නැවත මුල් සිතුවිල්ලටම එයි.
ඇගිල්ල දෙස බැලූවිට එක් නිමේෂයකින් හමත් මසුත් නහරත් ඒ තුල දුවන රුධිරයත් අස්ථියත් ඇටමිදුලුත් ඒ තුල වන මැරබොන්ද ගැන සිතින් දැක අවසානය. එයට උපරිම තප්පර 3ක් යන්නට ඇත ඒත් සමඟම කකුලේ සිටින මදුරුවා ශුන්ඩාවෙන් ලේ උරා බොනවා දැනෙන අතර නාලයක් දිගේ රුධිරය ගමන් කොට උගේ කුස පිරෙන අයුරු ඊලඟ තප්පර තුන ඇතුලත සිතේ මැවී අවසන්ය. මදුරුවා මරන්නට අත ඔසවන්නට සිතුවත් ක්රියාවක් සිදු නොවේ සිතේ විධාන වලට ශරීරය අවනත නැත. නමුත් වටයක් කැරකී කැරකී කැරකී ආයමත් ක්ෂණිකව මුල් සිතුවිල්ලක් ලගට සිත පැමිනේ… එනම් නැවත ඇගිල්ල ගැන සිතයි බලා සිටි බව එක්වරම කල්පනා වී වහාම අත පහල දමයි…
හිදගෙන සිටි ගලෙන් නැගිට පහතට වාඩිවී හේත්තු වීමට පැය භාගයකට වඩා ගතවිය. මෙම සියල්ල සදහා 15ක් සහභාගී වූ අතර එයින් එක් අයෙක් සිගරැට්ටුවක් පමණක් පානය කොට කිසිදු දෙයක් නොබී අප අතරම සිටියේ අාතල් ඕවර් ගොස් පිස්සු කෙලිය හොත් ආරක්ෂා කිරීමටය. වෙනත් දිනයකදී කියවා සියල්ලෝ සිනහ ගැන්වීමට සිදුවීම් බොහෝ ගනනක් හොද සිහියෙන් සිටින ඔහුට ලැබේ. අදාල පුද්ගලයාගේ නම කීමට හැකියාවක් නැත. අපි ඔහුට සමන් යයි අන්වර්ථ නාමයක් යොදමු.
වරින්වර ඔහු අපේ අතට සිගරට් එකක් හෝ අපි ඉල්ලන්නේ නම් බීඩියක් නැත්තම් වටලප්පන් ටිකක් බූන්දි ටිකක් බීම උගුරක් කංසා කූරක් වතුර බෝතලය ආදී දේ සපයන්නේ ඒවා ගන්නට නැගිට යන්නට හැදුවේ නම් එක්කෝ එකක් ගැනීමට පැයක් ගතවේ නැත්තම් බිම පෙරලී යාම සිදුවිය හැක. අපට ඇත්තේ බොහෝ වෙලාගෙන අත ඔසවා අදාල දේ පෙන්වා සිටීම හෝ ⁣”මේ…” කියා ඉල්ලා සිටීම පමණි. සියල්ලෝම නිහඬය. බලාගත් අත ඈත බලාගෙන අඩවන්වූ දෙනෙතින් කල්පනා සයුරේ ගිලී සිටී.
මම පත්තර පිටුව දෙස බලන විට එහි වූ යුද්ධය ගැන ලිපියක් නෙත ගැටෙන වහාම මට යුදමය පරිසරයක් මැවී පෙනෙන්නට විය. ඒම සිතුවිල්ලත් තවත් සිතුවිලි දහසක් අතරත් සැරිසරන විට “රසික” නම් වැඩිමහළු මිතුරා නැගිට විත් මා අසලින් වාඩි විය. ඒ මොහොතේ පටන් ඔහුට යමක් අවශ්ය වූ සෑමවිටකම ඔහු අදාල පුද්ගලයාට කතා නොකොට මට ඇඟිල්ලෙන් අනී. මෙය මට මහා වාතයක් විය. ඉදහිට වන දෙයක් උවත් පැය භාගයක් පුරාවට තප්පර 10න් 10යට වෙන කරදරයක් ලෙස මට දැනෙන්නට විය. මන්ද කාලය ගැන සිතන්නටවත් බැරිය.
“රසික මේ ආතල් කඩන්න එපා අනින එක නවත්පන්
@%&ත මං මේ යුද්දෙක ඉන්නෙ යකෝ තෝ ඇගිල්ලෙන් අනින අනින පාර මට පේන්නෙ ඇගට මෝටාර් ආටි එනවා වගේ” මම බොහෝ වෑයම් කර සැරෙන් කීවෙමි. “සොරි සොරි බං” කී ඔහු ඉන් පසුව එය සිදුකලේ නැත. සැබවින්ම මට ඒ වෙලාවේ දැනුන හැගීමත් එයම විය. මන්ද වරක් දෙකක් ඔහු ඇගිල්ල මා දෙසට යොමු කරන විටම මම හිස පහත් කර පැත්තට වී මග හැරියේ ක්රියාදාම චිත්රපටයක ජෙට්ලි මෙන් වූ නිසාය.
වෙලාවක් ගතවනවා මතක නැත. බුළුගස් හෙවනත් උඩු වියනත් නිසා අහසක් නොපෙනේ. ඉදහිට මදුරුවෙකු දශ්ඨ කරත් වේදනාවක් නොදැනේ. එයත් සොදුරු බවක් දැනේ්.. මදකින් සංජීව අයියා නැගිට ලොකු සමපෝ්ෂ පැකට්ටුවම කඩා එයට සීනි ග්රෑම් 500ම දමා දියර මලපහ පදමට උකු ද්රාවනයක් සෑදීය. අද මෙන් කොරෝනා බියක් නොමැති කාලයේ සමපෝෂ භාජනය එකිනෙකා අතින් අතටමාරු වේ. එකෙකුගේ අතින් අනිකා අතට යන්නට බොහෝ වෙලාවක් ගතවේ. එතෙක් එහි රසය ගැන සිතමින් කෙල ගිල්ලත් කටේ කෙල සිදීගොස්ය. අතට ගන්නා සැනින් පලමු හැන්ද වහා කටට ඔබාගත්තත් ඉන්පසු එහි රසයක් ගැන හැගීමක් නැත. ඔහේ හපහපා සිටින්නේ තණකොළ වමාරා කන ගවයෙක් මෙනි.
“කොළුවා…”
“ම්…..”
“දැන් කොහෙද ඉන්නෙ..?”
“දැන් රසියා ගමනක් යනවා…”
“ලගට…?”
“නෑ……….දුරරර………ගමනක්”
“දුර….?”
“හ්ම්”
“කොහෙද..?”
“කාන්තාරෙ මචං…”
” බඩගිනි උනොත්…?”
“මේ තියෙන්නෙ බං කන්න..” කියා එතෙක් වම් අතේ මිට මොළවාගෙන සිටි බෝල කඩල ඇට කීපය පෙන්විය..
“එතකොට……
තිබහ ආවොත්..?”
“මේ තියෙන්නෙ බාං…” කියා දකුණු අතේ මිටමොළවා සිටි කැඩුනු බීඩි දෙකක් පෙන්වීය… මම තප්පර කිහිපයක් වරෙක කාන්තාරයේත් වරෙක අප්රිකාවේ ඝණ වනාන්තර වලත් සිතින් ඇවිද ගියෙමි.. සයුරේ පිහිනුවෙමි අහසේ පියඹා ගියෙමි… මරියානා ආගාදයේ කිමිදුනෙමි…. වියට්නාම් යුධ අගල් තුල බඩගෑවෙමි….
දුම්වැටියක් දල්වා ගත්තත් පලමු උගුර හැර නැවත බොන්නට අමතක වී ඔහේ ඇවිලෙන දෙස බලා සිටියෙමි. එකම බීඩිය දහවරකට වඩා දැල්වුවෙමි. දුම්වැටි වැඩි ප්රමාණයක් නොගෙන බීඩි ගෙන ආවේ ඒවා දුම්ඉරීමෙන් තොරව මද වෙලාවක් සිටිවිට ඉඹේම නිවී යන නිසා බව මට කල්පනා විය. ඉතිං බීඩිය බොහෝ ප්රයෝජනවත් වැඩිය නැවත නැවත පත්තුකර භාවිතයට ගතහැක. වටලප්පම අවසන් වූ පසු බේසමේ පතුලේ පැණිය සෑම දෙනෙක්ටම අතින් අත යැවීය. හැන්ද බැගින් මිස කිසිවෙක් පොරකෑවේ නැත. සියල්ලම තනි කෙනෙක් කා දැමුවේ නැත.. ලෝකය සාමකාමීය අපි සියල්ලෝ එකමුතුය. පරිසරය නිහඬය…
වාද නැත භේද නැත. අපහාස කිරීම් බාධාකිරීම් නැත. බාහිර ලෝකයෙන් හැගීම් දැනීම් නැත. ඉංද්රියෝ සංවරය. සිතුවිලී නිවී ගොස්ය. වරෙක අවට සිසාරා තද මීදුමකින් මෙන් සුදු පැහැති වේ.. වරක සියළුම කොල රතු කහ තැඹිලි නිල් රන් රිදී නානා විධි වර්ණ රටාවන් ඇස් ඉදිරිපිට මැවී පෙනේ… සියල්ල අවසන ඝණ අදුරකින් වැසී යනු දැනේ. නැවත පියවි සිහියට එයි… නැවත වර්ණ රටා… අතපය තිබෙනවා මෙන් දැනෙන්නට ගනී.. බාහිර ලෝකයේ බර හුස්ම ගැනීමේ ශබ්දය ඇසේ… වෙලාව කීයද..?
බලන්න ඕනි සිතේ…
වැර වෑයමෙන් දුරකථනය ගෙන බැලූ විට හවස 2යි………………. පැය 7ක් ගතවී ඇත….
අඩියකට වැඩි මිස අඩු නැති ශුද්ධ කංසා සුරුට්ටුවක් ඔතනු ලැබේ. අඩියේම වූ වටලප්පන් පැණිය යා….න්තම් එහි ආලේප කරන්නේ වහා ඇවිලී නොයන්නටය.. ඕනෑ අයෙකුට ඇතිපදමක් අදින්නට ලබා දේ.. බොහෝ අය පියවි සිහියට අත පොවන මානයේ නිසා පෙර මෙන් දැවී යන්නට ඉඩක් නැත. එය අතට ලැබී අනෙකා අතට දී විනාඩියක් යන විට නැවත අර කලින් මෙන් සියල්ල සිදුවීමට ගනී…. සිදුවන්නේ අඩු වූ මත නැවත ලැබීමයි……. කංසා සුරුට්ටුව පසුපසින් අතට එන්නේ සැර දුම්කොළය සිහින්ව ලියා පත්තර තීරුවක හිරට එතූ හී…..නි කූරකි. එයින් උරා දුම් අදින්නට බොහෝ වීර්යයක් යෙදිය යුතුය නමුත් ඒ ධුම පපු කැව්තු කඩාගෙන යයි…
ඔයාකාරයෙන් කිහිප වරක් සිදුවේ… සෑම විටම බීම උගුරකින් තොලකට තෙමා ගනී දුම් උගුරක් පපුවට යවයි…. වරෙක චොකලට් කැබැල්ලක් අතට ආ විටඑයින් කැබැල්ලක් කටින්ම කඩාගෙන සෙමින් කට තුල දියවෙන අපූරුව සිතින් නිරීක්ෂණය කරයි….
කෙමෙන් කෙමෙන් පියවි සිහියට පත්වේ………. නැවත ඕනෑ වූ විට අතපය හොදින් වැඩ කරයි… හා දැන් නැගිටින්නටත් පුළුවන්ය.. බොහෝ වෙලා ගත නොවේ… ඉදින් සියල්ලෝ නැගිට ඉටිකොල හකුලා පලාතම අස්පස් කොට බීඩිකොට සුරුට්ටුකොට සිගරට්ෆිල්ටර් අහුලා දමා ශොපින් බෑග් ආදී සියලුම ඉවතලන නොදිරන දෑ එක තැනකට දමා කුඩා ගිනිගොඩක් අව්ලුවා පුළුස්සා දමයි. ඒ වනවිටත් යම් තරමක මත් ගතියෙන් නුවර එළියේ සිසිල් බවයි විටෙකදි හද මඩලල… ආතල් එකේ සිටින රසිකයා ගිනි තපී.. කාන්තාර සිතුවිල්ලේ සිටි මා ගිනිසැර උහුලනු බැරිව ඈතට වී ඉදගන්නා ගලක් උඩට නගී…. වෙලාව 5.30 පමණ වන්නට ඇත. හවස රාස්සිගේ අව්ව වැටෙන හෝරාවේ අපි එතැන නැටූ නාඩගම හෙලිවන්නට කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට හිමින් සීරුවේ පල්ලම් බැස කැලණි ගඟ දෙසට නිසොල්මන් ලැසි ගමනේ යැවෙයි…. යනවා නොව යැවෙයි. පින්ඩපාතේ වඩිනවා මෙන් පෝලිමේ සංවර ගමන් ලතාවක් එහි වේ.. ඇතමෙකුගේ කල්පනා භරිත මුහුනු බිමට නැමී ඇත. ඇතමෙක් තරු ඇතිද කුරුල්ලන් ඉගිලේද අහස බලාගෙන ගමනේ යා… ඇතමෙක් අනෙකා සමඟ දොඩමළු වේ…
රාත්රී අඳුර දැඩිවන තෙක් දියඹුන් ජල ක්රීඩාවේ යෙදේ. නමුත් ආරක්ෂාවට සිටින පුද්ගලයා යමෙක් දුර පීනන්නට හදන විට.
“ඒයි මේ මෙහෙ වර පිස්සු කෙලින් නැතුව” කියා ගානට බැලන්ස් කරයි. මත් ගතිය නැත්තටම නැතිවී ඇස් රතුවී ඇසේ දැල්ල බැදෙන තෙක් නා කියා ගන්නා අපි සියල්ලෝ සතුටින් විසිර යයි………..
දවස පුරාම කුසට අහරක් නැති බැවින් නිවසට ගිය වහා “හප්පා පුදුම මහන්සී මාර විදිහට දැන් වැඩ අප්පා කෝ කාල නිදාගන්න ඕන” කියා කොත ගසා බත් පිගානක් දෙකක් එක හුස්මට ගිලදමා ඇදට පනී… මතකය එපමණයි……………………………………
පසුදින මුත්රා දැවිල්ලට තැඹිලි ගෙඩියක් වටී. ඇස් හරිනවිට කබ ගුලි කීපයක් වන අතර දෑසින් ගින්දර පිටවන තරමට ඌෂ්නයක් දැනේ. පහලොස් දෙනෙකු සහභාගී වී එකෙකුගෙන් දහසක අනුග්රහය යටතේ පවත්වන පැණි සාදය සාර්ථකව නිම වේ… මම එම රැකියා ස්ථානයෙන් ඉවත්වන තෙක්ම මාස 4කට වරක් බැගින් වසරකට තුන් වරක් මෙය ඉතාම සංවිධානාත්මකව කිසිදු අතුරු ආන්තරාවක් නැතිව සිදුකරගෙන යන ලදි…
ෆාමසිවලින් මිලදීගත් ආකාරයත් කොරෙක්ස් D නැතිවූ කල කොරෙක්ස් අයන් එකත් පසුව චෙරිකොෆ් බ්රොන්ගොඩෙක්ස් ආදී නානා වර්ගත් භාවිත කල ආකාරයත් මෙයට වඩා වෙනස් වෙනස් අත්දැකීම් ලද ආකාරයත් පසුව ලිපියක ලියමි…
අවසන….. “මත” යනු බොළද මුලාවකි… වසර ගනනාවක බොහෝ අත්දැකීම් මත ලියමි. ඇති දෙයක් නැත. සුළු මොහොතක ආශ්වාදය ශරීරයට බොහෝ හානි සිදුකරයි. හොදින් අත්හදා බැලූ නමුත් හොදින් විස්තර කල හැකි අයෙකුගෙන් ලබාගන්නා තොරතුරු පමණක් “මත” යන කාරනය කුමන ස්වරූපයක් දැයි වටහා ගැනීමට හොදටම ප්රමාණවත්ය….. මේ ලිව්වේ ඉතාමත්ම කෙටියෙන් සහ මතකයේ ඇති දෑ ටිකක් පමණි. මීට වඩා බොහෝ දෑ පියවි සිහියෙන් සිටි පුද්ගලයා දකින්නට ඇති බවට සැක නැත..
ධම්මික පැණිය කෙසේ දැයි මා නොදනී 😂😂😂
– දහම් හෝ කොළුවා –
උපුටා ගැනීම : Daham Kalyana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!