අකරමන්‍ය ආදායම් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
+ නංගි මම ඔයා ඉන්න තැන හිටියනම් මම කරන දේ අහන්න කැමතිද
– කියන්න අයියාහ්
+ ඔයා රට එද්දි ගහක් යට ඉඳල නෙවේනෙ ආවෙ.ගෙයක් තිබ්බනෙ ඉන්න පුළුවන් මට්ටමේ.මම කරන්නෙ මුලින්ම පොඩි ගානක් ගෙදර මූලික වියදමට දෙනව
ඊට පස්සෙ වටේට රටට ලෝකෙට පේන්න,මහා විසාලෙට ගෙයක් හදාගන්නෙ නැතුව මම කරන්නෙ ආදායම් එන මාර්ග ටිකක් හදාගන්න එක.
උදාහරන කිව්වොත් පඩි කීපයක් එකතු කරල ඉඩමක් ගෙවන්න හරි අරගෙන කඩ කාමර කෑල්ලක් හදල රෙන්ට් එකට දෙනව.ඒකෙනුත් මට ආදායමක් එනව මාසෙට එතකොට.එක්කො බෝඩිම් කාමර කීපයක් හදනව
එක්කො වාහනයක් ලීස්කරල අරගෙන කම්පැනි එකකට දානව දුවන්න.එක්කො ඔය යන්තර සූත්තර ටිකක් අරගෙන රෙන්ට් එකට දෙනව.නැත්නම් බර වැඩ කරන ස්කැවේටර් වගේ එකක් අරගෙන ක්රමෙව්කට ඒක රෙන්ට් කරනව.හම්බෙන පඩිය වගේම ගානක් එතකොට අතට එනව.ඔයා ලංකාවට එද්දි හම්බ කරා වගේ දෙගුනයක් අරගෙන එනව.අන්න එදාට ගේ හදනව.ගේ ඉස්සරහ පුටුව උඩ කකුල් දෙක දාගෙන හිටියත් වැඩක් නොකර ඔයාට හැමදාම බැන්කු එකවුන්ට් එකට සල්ලි වැටෙනව
ඒකට කියන්නෙ pasive income කියල.සිංහලෙන් අකරමන්ය ආදායම් කියලත් කියනව.
නැත්නම් හැමදාම හරක් වගේ හම්බ කරනවකරනව බිල් ගෙවනව කනව බොනව එච්චරයි.බලද්දි ගහපු බෙරේකුත් නෑ.බෙරේ පලුවකුත් නෑ
ජීවිත කාලෙම බර අදිනව අදිනව කෙලවරකුත් නෑ
___________________________________
හැමදාම ජොබ් එකක් කරන්න බෑ.උඹ අනිවාර්යයෙන්ම ජීවිතේ විඳින්නත් ඕනි.හැබැයි ඒක තීරනය වෙන්නෙ පඩි පැකට් එකත් එක්ක.කොච්චර මැනේජ් කරන්න හැදුවත් වියදම් කරන්න හිතාගෙන ඉන්න ඒවට නෙවේ වියදම් කරන්න වෙන්නෙ අන්තිමට
අරම කතා කරේ රට ගෘහ සේවිකා ගිය,ඇත්තම කතා කරොත් අද්යාපන මට්ටම අඩු ලේයර් එකට.ඒ ලේයර් එකේ වගේම විවිධ මට්යම් වල උන් මේක කියවනව ඇති.ඉතින් උඹ ටිකක් ලොකු තැනක ලොකු පොසිශන් එකක ජොබ් එක කරත් උඹටත් වෙන්නෙ ඕකම තමා
පඩිය වැඩි වෙනව කියන්නෙ උඹ තවත් ලොකුවට වියදම වැඩි කරගන්න එක.වාහනයක් ලීස් කරල ගන්නව කියන්නෙම ඒක තව උගුලක්.අපි මෙහෙම බලමු
ඉතින් උඹටත් පුළුවන් ගන්න වාහනේ වියදමක් විතරක් නොවෙන්න ආදායමක් එන විදියට හැඩ ගහගන්න.උඹට පුළුවන් ඒකෙන් පික් මී ඌබර් වගේ ඒවගෙ ලියාපදිංචි වෙලා වැඩ කරන්න.උඹ වාහනේ පාවිච්චි නොකරන දවසට රෙන්ට් එකට දෙන්න.එතකොට අන්න ඒක පැසිව් ඉන්කම් එකක් වෙලා
තව උදාහරන ගත්තොත්
කොටස් වෙළඳපල
ඩ්රොප් ශිපින්
ඉන්වෙස්මන්ට්
affiliate marketing
මෙකී නොකී හැම එකක්ම පැසිව් ඉන්කම් එක කරගන්න පුළුවන්.එතකොට උඹට මුල් කාලෙ පඩිය ආයෝජනය කරන්න උනාට,ඒව වත්කම් වෙලා ඒවගෙ ප්රතිලාභ ගලාගෙන එනකොට ඩොලර් වෙලා නිකම්ම උඹේ ලයිෆ් එක උඩට ගිහිං
ඉතින් උඹ තීරනය කරපං.වගකීම් වැඩි කරගන්නවද ? වත්කම් වැඩි කරගන්නවද කියන එක.එහෙමත් නැත්නම් උඹට පුළුවන් කර්මය සහ කර්ම පලය කියල නිකම්ම නිකම් නිකමෙක් වගේ ජීවිතේ ඉස්සරහ පරාද වෙලා මැරිල යන්න
copyright thanks goes to ල සා page
උපුටා ගැනීම : නුවා-Nuwa

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!