සුමනා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සත්ය කථාවක් ඇසුරිනි..
ස්ථානය : බාලිකා ළමා නිවාසය
මම : මිස් අර ගිය පාර A/L කරපු නංගි නිවාසෙන් ගියාද? අර මිස්ල මෙහෙම් class එහෙම අරිය නංගි…
ළමා නිවාසෙට ගිය විටෙකදී මට හදිස්සියේ ඇයව මතක් විය. නිවසේ A/L කරන්න හිටිය එකම ළමයා ඒ නංගි. දවසක් මම ළමා නිවාසෙට එනකොට ඒ නංගි හිටියේ class යන්න ලෑස්ති වෙලා. හරිම ලස්සන මලක් වගේ ගෑණු දරුවෙක්. ඉගන ගන්නත් දක්ෂ නිසා ඇයව නගරයේ උපකාරක පන්තියකටත් යවනවා විශේෂ අවසරයක් විශේෂ ආරක්ෂාවක් ඇතුව.
පාලිකාව : ආ ඒ දරුවා විභාගය හොදට පාස්. විශ්වවිද්යාලට තේරුණා. එයාලගේ අම්මා ඇවිත් එක්කගෙන ගියා. එයාගේ නංගිත් මෙහෙ හිටියේ. ඒ දරුවත් O/L වලට A 8 කම් ගත්තා. එයාලාගේ අම්මා campus එක ගාවින්ම ගෙයක් අරගෙන දරුවෝ දෙන්නවම එක්කගෙන ගියා. ඒ අම්මට දරුවොත් බලාගෙන රස්සාවක් කරගන්න බැරි කමට ගෑණු දරුවෝ දෙන්නගේ ආරක්ෂාවට නිවාසෙට දැම්මා මිසක් දරුවන්ව අතෑරියේ නෑ. හැම ඉරිදාම බලන්නත් ආවා. ලොකු ළමයා නම් දැන් campus යනකන් ටියුෂන් class කරනවලු. පොඩි දුව එහෙ ස්කොලේ යනවා A/L වලට.
මම : අනේ කොච්චර ලොකු දෙයක් නේද මිස්. මිස්ලටත් ගොඩක් සතුටු ඇති නේද? මටත් ගොඩක් සතුටුයි..
මම ඒ නංගිව දැක ඇත්තේද දවසක් හෝ දෙකක් පමණයි. ඒ අම්මාව කිසි දින දැක නැත. එත් නොදන්නා ඔවුන් ගැන මට ඇති වුනේ ලොකු සතුටක්.❤❤
##########################
ඇයත් ගැහැනියක්. අපි ඇයට සුමනා යයි කියමු . සුමනත් අපි වගේම ගැහැනියක්. නමුත් සුමනා ජීවිතේ කොතන හෝ වරද්ද ගන්න ඇති. බොහෝ දුරට නිච් පිරිමියකුට රැවටෙන්න ඇති. ගෑණු දරුවන් දෙදෙනෙක් එක්ක ඇය තුරුණු වියේදිම තනි වෙන්න ඇති. එහෙත් ඇය ජීවිතයෙන් පලා නොගියාය. හැර ගිය සැමියාට සාප කර කර නොයිදම කදුළු අතරින් නැගී හිටියාය. කාත් කවුරුත් නැතුව කෙල්ලෝම දෙන්නෙක් එක්ක තනි වුන අම්මෙක්.
“දරුවෝ රැකගෙන ගෙදර හිටියොත් උන්ට කන්න අදින්න දෙන්නේ කොහොමද?? හොදට උගන්නන්නේ කොහොමද?? නෑ එහෙම වුනොත් උනුත් මම වගේ දුක් විදී.”
“ උන්ට කන්ඩ හොයන්න, උන්ව දාලා රස්සාවකට ගියොත් උන්ව බලා ගන්නේ කව්ද? මල් වගේ කෙල්ලෝ දෙන්න. උන්ව ඇස දෙක වගේ රකින්න ඕනා”
ඒ අම්මා දෙලොකව තනි වෙන්න ඇති. එත් ඇය දරුවන් ගැන හිතා හරිම තීරණය ගත්තා. දරු දෙන්නව රජයේ පරිවාසය මගින් බාලිකා ළමා නිවාසයට බාර කෙරුනා.
“ලොකු දුවේ නංගිව බලාගෙන හොදට ඉදපන්. ඔයාලා වගේම යාලුවෝ එහෙ ඉදි. හොදට කන්න බොන්න ඉගන ගන්න හම්බ වෙනවා. හොදට ඉගන ගනින්. හොදින් ඉදපන්. අම්මාට මේ වෙලේ කරන්න පුළුවන් හොදම දේ මේකයි මගේ පුතේ. අම්මා එනවා හැම සතියෙම මගේ දුවලව බලන්න. අම්මා ආදරේට මේ සේරම කරන්නේ” අම්මා කලින් දවසේ දරුවන්ගේ හිස ඉබලා ඔවුන්ගේ හිත හදන්න ඇති.
දරුවෝ නිවාසෙට භාර දීලා ගෙදර ගිහින් හුල්ලන්න ඇති. කමක් නෑ,
“ උන් හොදට ඉන්නවා. ලොකු මිස් හරි කරුණාවන්තයි. ළමයින්ට හරි ආදරෙයි. උන් මේ අපායේ ඉන්නවට වඩා එහෙ හොදයි.” අම්මා හිත හදා ගන්න ඇති.
එකම වයසේ දරුවෝ එක්ක හොදට කල ඇදල කොල්ලෝ දෙන්න ලස්සනට ලොකු වෙන විදිය දැකල අම්මා සතුටු වෙන්න ඇති. නිවාසෙ පිලිවලකට ජීවිතේට හුරු වෙන විදිය සතුටින් බලන් ඉන්න ඇති.” ඔව් අනිවාර්යෙන්ම ඇය ගොඩක් ඉවසන්න ඇති.
සුමනා සතියේ දවස් 6 කම ගාමන්ට් එකේ මැෂිම පාගලා හොයන හැම සතයම ඉතුරු කරන්න ඇති. අමන පිරිමින්ගේ ඉගි බිගි රවා බලන්න ඇති. ඉරිදා දවස දරුවෝ බලන්න වෙන් කරන්න ඇති.
ලොකු දුව සරසවි වරම් දිනන දවස ඇය සතුටු කදුළු වගුරුවන්න ඇති. පොඩි දුව A 9 ගත්තම අම්මෙක්ට ඇති වන සතුට ඇයත් විදින්න ඇති.
“දැන් කාලේ හරි ඉතුරු කරපු සල්ලි වලින් අපිටම කියලා ගෙයක් අරන් දරුවෝ දෙන්නව මගේ ලගට ගන්න” ඇය හරිම කාලේ දරුවන් තමන් ලගට ගන්න ඇති.
ඇගේ කැප කිරීම් වල ප්රතිඵල අද සුමනාට ලැබී ඇත. සුමනාට අද ලෝකෙට ඇහෙන්න හිනා වෙන්න අවසර තියනවා නේද?
❤❤ සුමනා වගේ , ඇගේ දියණියන් දෙදෙනා වගේ සුවහසක් දිරිය කාන්තාවන්ට උපහාරයක් වේවා… ❤❤
උපුටා ගැනීම :  Rivindu Udani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!