මේ සිද්ධිය වුණේ මගේ මුල් ම රාජකාරි ස්ථානයේ ඉන්න කාලේ..
ඒ දවස්වල අපිට පුහුණු සැසියක් සඳහා කොළඹට එන්න සිද්ධ වුණා..
ඒ ගමන සංවිධාන කටයුතු මට සෙට් වුණා කොහොම හරි.. පුහුණු සැසියක් කිව්වට එවකට බලය තිබූණු දේශපාලනඥයන් කිහිප දෙනෙක් සැසිය සමාරම්භක වැඩසටහනට එනවා කියලත් තිබ්බා කොළඹින් ආව ලියුමේ..
ඉතීං නවක නිලධාරි වෙච්චි අපිට අනිවා මේකට යන්න වෙනවා..
බස් එකක් හොයා ගන්න වැඩේ , කට්ටිය නගින තැන අහගෙන එවා සංවිධානය කරන එක වගේ එවා මං තමා කළේ..
දැන් ඔක්කොම හරි හෙට තමා ගමන යන්නේ.. යන ගාණ, එයාල බස් එකට ගන්න තැන් , කෑම ගන්නේ කොහෙන්ද, අරකද මේකද ඔක්කොම හරි.. ආයතන ප්රධානින් මට කතා කරලා තමා විස්තර අහන්නේත්, යන අයට මගේ නම්බර් එක දුන්නා කතා කරලා බස් එකට නගින ඒවා පරක්කු වෙනවා නම් ඒවා කියන්න..
වැඩ ඇරිලා ගෙදරත් ඇවිල්ලා ලිස්ට් එක ආයේ චෙක් කරලා බස් රියදුරු මහතාට කතා කරා ඉතිං එයා ගැනත් බලන්න එපැයි…
ඔය අතරේ මගේ පෙම්වතියටත් සැරින් සැරේ කතා කරා..එයාට අන්තිම කෝල් එක ගද්දි රෑ 10.30 පහු වෙලා…උදේන් යන්න ඕන නිසා මට නිදා ගන්න කියලා එයත් නිදා ගන්නවා කියලා call එක කට් කළා..
මං wash එකක් දාන් එනවත් එකකම call ekak..රෑ 11ට විතර ඇති number එක සේව් කරලත් නෑ.. මං අන්සර් කළා
” අයියේ මං ප්රෙග්නට්…”
කියලා කිව්වා මං හෙලෝ කියන්ත් කළින්..
මේ මොකක්ද වුණේ කියලා මං කරකවලා අත ඇරියා වගේ වුණා.. ආයේ ෆොන් එක දිහා බැලුවා…
” අනේ අයියේ මං ප්රෙග්නට්…දැන් තමා දැන ගත්තේ
තාම හස්බන්ඩ් දන්නෙත් නෑ..”
ආයේ කියපි…
මං හොල්මන්.. මොකක්ද මේ වෙන්නේ කියලා
මං ඇව්වා
“කාටද කතා කරන්න ඕන… මේ කතා කරන්නේ කවුද “
කියලා..
“මේ උචිත අයියා නේද.. අයියේ මං …..නංගි, මං ප්රෙග්නට් අයියේ..” කියලා ආයේ කියපි..
” අයියේ හෙට ගමනට ප්රෙග්නට් අය එන්න ඕන නෑ කිව්වා නේද”
කියල එයා ම අහපි..
එතකොට තමා මාරු වෙලා තිබ්බ උතුර දකුණ යථා තත්ත්වයට පත් වුණේ… මමත් යථා තත්ත්වයට පත් වුණේ…
පුහුණු සැසියට ප්රෙග්නට් අය නොගියට කමක් නෑ කියලා අර ලියුමේ තිබ්බා…. කවුද ඉතීං හිතන්නේ ඔය මහ රෑ මට ඔහොම කෝල් එයි කියලා..
උපුටා ගැනීම : Uchitha Palliyaguruge