ජොයෙල් මැකින්ටොෂ් මහත්මිය මගෙ දරුවන්ගෙ පාසලේ ගුරුතුමියක්. ඒ වගේම මගෙ පොඩි දුවගෙ National Spelling Bee පුහුණුකාරිණිය.
මේ කලාපෙ හැම වසරෙම තෝරණව , හැම රටකිංම spellings වලට දක්ෂතම ළමයෙක්. ඇමරිකාවෙ නං හැම ප්රාන්තෙකිංම තෝරණව.
ඒ ළමයි සේරගෙංම තේරෙණ ළමය තමයි ඒ වසරෙ Spelling Bee Champion වෙන්නෙ.
මේක ලේසි සෙල්ලමක් නෙමෙයි.
අවුරුද්දක් තිස්සෙම ළමයි , දෙමාපියො සහ ගුරුවරයා පුදුමාකාර කැපවීමක් කරණ තරඟයක්.
ඉංග්‍රීසි වචන තිස්දාහක පමණ spelling , ළමයෙක් කටපාඩමිං දැන ගන්න ඕන මේ තරඟය වෙනුවෙන්.
පාසල් මට්ටමින් , කලාප මට්ටමින් , දිස්ත්‍රික් මට්ටමින් තේරිලා අවසානයේ ජාතික මට්ටමට මගෙ පොඩි දුවත් ප්‍රාචි නමැති ඉංදියන් දැරියත් ගේන්න සමත් උනා මේ ගුරුතුමිය.
අවසන් මහා තරඟය පැය 4ක්.
සජීවීව විකාශනය කෙරෙණවා රටේ. තරඟකරුවො 50ක්. කවුරුත් ඒක නරඹනවා.
තරඟය තියෙන්නෙ සුප්‍රසිද්ධ ඇට්ලැන්ටිස් හෝටලයේ.
කැමති අයට මුදල් දීල යන්න පුලුවන් බලන්න. ක්වීන්ස් කොලේජ් එකෙං භාගෙයක්ම එදා හෝටලේ.
මංනං මුලු වෙලාවෙම බොබී ෆ්ලේගෙ මේසා ග්‍රිල් එකට වෙලා හිටිය , මට දුවව බලන්න බැරි නිසා.
මගෙ මළ ජෝගිය යංතංවත් දැක්ක නං ළමයත් නිකංම පැනික් වෙනව.
පැය තුනහමාරකට පස්සෙ ට්‍රෙන්ට් , ඒ කිව්වෙ මිස් මැකිංටොෂ් ගෙ පුතයි රෙජීෂුයි මාව හොයාගෙන කඩිමුඩියෙ ඇවිත් කිව්ව ඉක්මනට එන්න දැං අන්තිම තුන්දෙනා , බිනරි තාම ඉන්නව කියල.
නොයා පුලුවංද…
දුවල දුවල ඇතුලට යද්දිම ළමයත් මාව දැක්ක.
Spell කරමිං හිටියෙ ප්‍රාචි.
ඊලඟ වාරෙ බිනරිට.
මං බිම බලාගෙනම හිටිය.
ඒ වචනෙන් ඇය පැරදුනා. වචනෙ Classicist..!
මට කොහොමත් තරඟෙ ඉතිරි ටිකත් බලන්න ලැබුනෙ නෑ.
හයියෙං ඇඬුන ක්රිස්ටාව ඇදගෙන මායි , ඩාරියායි , ශැන්ඩියි , ග්වෙන්ඩලීනුයි එළියට ගියා.කොහොමත් හිතං හිටියෙ පස්සෙ ටී.වී.එකෙං බලන්නනෙ.
ප්‍රාචි දිනුවා. ජයග්‍රාහී වචනය හෝලී.Holy.
පුදුමෙ කියන්නෙ එදා තමයි හෝලි උත්සව දවසත්.
මොනව උනත් රටෙංම පළවෙනි තැන ක්වීන්ස් කොලේජ් එකටනෙ. මිස් මැකිංටොෂ්ගෙ අවුරුද්දක මහන්සිය මල්ඵල දැරුව. ඇය ළමයි දෙන්න දෑතට තුරුලු කරං සතුටු කඳුලු වැගිරෙව්ව.
ප්‍රාචි ලෝක තරඟෙට නිව් යෝක් ගියා. තරඟකරුවො 70 ගණනකින් ඇය 17.
බිනරිටත් තෑගි ගොඩක් ලැබුණ.
Mac Book එකක් i pad එකක් සහ ඕලැන්ඩෝහි ඩිස්නි ව’ල්ඩ් ටිකට් එකක්.
මම බහාමාස්හි ගණිත ගුරුවරියක්. හවස තුනහමාරේ සිට හය දක්වා මගෙ ගෙදර පංති පැවැත්වෙනවා.
මුදලටත් , නොමිලේත් එක එක වයස් වල ළමුන්ට මේ පංති තියනව. අවුරුදු 12 පුරා මෙහෙම හිටපු ශිෂ්‍යයො ගණන දාහක් විතර වෙන්න ඕනෙ.
2013 Spelling Bee ඉවර වෙලා ටික දොහකිං මිස් මැකිංටොෂ්ගෙං මට දුරකථන ඇමතුමක් එනව.
ඇයට ඕනලු ට්රෙන්ට්ව මා ගාවට එවන්න ගණං ඉගෙන ගන්න.
මං පුදුම වෙනව. ඇය ඉතාම දක්ෂ ගුරුතුමියක්.මොකටද මා ගාවට එවන්නෙ ඇගෙ පුතාව.
ඇය මාව හමුවෙලා කියනව ට්‍රෙන්ට් ඇය කියන දේ කොහෙත්ම නාහන බව. ඇයට තව කුඩා පුතෙක් ඉන්නව. සැමියා පුංචි පුතාට වයස මාස හයේදි කාරෙක හැප්පිලා මිය ගිහිං.
ට්රෙන්ට්ගෙ සේරම යාලුවො මා ගාවට පංති එන නිසා ඔහුත් එන්න ආසාවෙන් ඉන්න බව කියනව. අනික ඔහු මගෙ පොඩි දුවගෙ පංතියෙමයි.
ට්‍රෙන්ට් පීට ත් එක්ක එනව පහුවදා ඉඳං. ඔහුගෙ ගණිත දැණුම අඩු මට්ටමක තිබුණ නිසා ගොඩක් වැඩ කරන්න වෙනව ඔහුටත් මටත් දෙන්නටම.
මගෙ ළමයි සේරම විනෝදෙන් වැඩ කරණව වගේම සීමාව ඉක්මවා ගියොත් ටීචර් යකාට අඳින වග දන්න නිසා කවදාවත් ප්‍රශ්න ඇති වෙලත් නෑ.
ඉතිං ට්‍රෙන්ට් ආසාවෙන් වැඩ කරල D සාමාර්ථෙන් A වලට එනව , කාලයක් යද්දි.
හවස 5 ට බ්රේක් එකක් ඉල්ලන එක මේ ළමයිංගෙ පුරුද්දක්. කට්ටිය ආසම එළියට බැහැල දඟලන්න උනත් ට්‍රෙන්ට් ඉන්න දවසට කට්ටියම කරන්නෙ වාඩි වෙලා ඔහුගෙ නැටුම් නරඹන එක. ඔහුට පුලුවන් හරිම අලංකාරෙට ඇෆ්රිකන් නැටුම් නටන්න.ඔහු හිටිය ජංකනු නැටුම් කංඩායමකත්.
ජංකනු කියන්නෙ මෙහෙ සංස්කෘතික නැටුම් උත්සවයක්.
2015 නොවැම්බර් මාසෙ මගෙත් මහත්තයගෙත් දින තුනක පරතරය ඇති උපන්දින වලට මිස් මැකිංටොෂ් බ්ලූබෙරි චීස් කේක් සහ ගුවාවා ඩෆ් හදල ගෙනත් දෙනව.
10 වෙනිද ගේ ඇතුලට ඇවිත් ගොඩාක් වෙලා කථා කර කර ඉන්නව. ඇස් වල කඳුලු පුරවං ස්තුති කරණව ට්රෙන්ට්ව ගොඩ දාල දුන්නට.
තෑගිත් එක්ක අපිව බදාගෙන පිංතූරෙකුත් අරං හවස හතට අම්මයි පුතයි යනව.
11 වෙනිද හවස පහමාරට මගෙ පංතිය වෙලාවෙ මල්වෙඩි පුපුරණ සද්දෙයක් ඇහෙනව.
සෙනසුරාදට නං සාමාන්‍යයෙන් මල්වෙඩි සංදර්ශන තියෙනව ඇට්ලැන්ටිස් එකේ.
ඒත් මේ සතියෙ දවසක…!!!
අපි පංතිය කරගෙන ගියා.
සාමාන්‍යයෙන් හයහමාර , හත වෙද්දි සේරම ළමයි ගෙනියන්න එනව දෙමව්පියො.
අපිව කම්පනයෙන් මුසපත් කරවපු ඒ ආරංචිය ලැබුණා.
ආදරණීය මිස් මැකිංටොෂ් … ඇයව සාහසික පිරිසක් වාහනේ ඇතුලෙම වෙඩි තියල මරල.
අපේ ගේ පේන මානෙ විලේජ් රෝඩ් එකේ…ඒ වෙඩි සද්දෙ තමයි අපිට ඇහිල තියෙන්නෙ.
ට්‍රෙන්ට් කාරෙකේ ඉඳල. මුල් වෙඩි පහරවල් දෙක වදිනකොටම ඇය පුතාව දොරෙන් එළියට තල්ලු කරල කියල තියෙනව
” රන් ට්‍රෙන්ට් රා…න් ” කියල.
ඔහු ඒක නොකර ගල්වෙලා බලං ඉඳල තියෙනව.
එතකොට අර අම්ම…ඔව් ආදරණීය අම්ම ලේ පෙරෙණ අත් වලිං පුතාව තමංගෙ ඇඟට යට කරගෙන.
ඒ ඇඟට තමයි ඉතුරු වෙඩි පාරවල් වැදුනෙ.
පුතාට මුකුත්ම උනේ නෑ.
වෙඩි තියපු මැරයො පලා ගියාට පැයක් ඇතුලත පොලිසියෙන් අල්ල ගත්ත.
මේ සේරම ඇහිං දුටු අය හිටිය ඒ අවට.
මිස් මැකිංටොෂ්ගෙ කාරෙක විලේජ් රෝඩ් තාප්පෙත් කඩාගෙන ගිහිං හිර වෙලා තිබ්බ. පොලිසිය එද්දිත් තාමත් රෝද කරකැවෙමින් තිබුණෙ.
ඒ තාප්පෙ ගාව අවුරුද්දක් යනකං මල් පිරිල තිබුණ.
හැමදාම කවුරු හරි තියනව.
ඉස්කෝලෙං එතන කුරුසෙකුත් හයි කළා.
මගෙ පුංචි එකීගෙ හිත හදන්න මටත් ගොඩාක් දේවල් කරන්න උනා. ඒ කඳුලු එකතු කළා නං බාල්දියක් විතර.
ට්‍රෙන්ට් එක කඳුලක් හැලුවෙ නෑ.ඒ ගැන වචනයක් කථා කළෙත් නෑ.
16 වෙනිද ඔහු පංතියට ආවම ළමයිනුත් මාත් ගල් ගැහුන.
එදා මගෙ ලොකු දුවගෙ උපන්දිනේ..
ඇයත් මේ දුකිං මැරෙන්න වැටිල හිටියෙ.
දුව මිනසෝටා වල කොලේජ් ගිහිං ඇරලුවෙ අගොස්තුවේදී. ඇය තනියම ගෙවන පළවෙනි උපන්දිනේ.
ට්‍රෙන්ට් කිව්ව අපි විනුරිට කථා කරල හැපි බ’ත්ඩේ කියමු කියල. විඩීයෝ කෝල් එකක් අරං සිංදුව කියද්දි ට්‍රෙන්ට් ඇරෙන්න අනිත් ඔක්කොමඇඬුව , විනුරිත් ඇතුලුව.
මළගෙදරත් ට්‍රෙන්ට් ලස්සන ටක්සීඩෝ එකක් ඇඳල වයස 6 පුංචි මල්ලිගෙ අතිං අල්ලගෙන හරිම වගකීම් සහගත ලෙස හිටියා. මෙහෙ ඉතිං මළගෙවල් වලට මගුල් ගෙවල් වලටත් වඩා ජයට අඳිනව. මාසෙකට විතර පස්සෙ තමයි මළගේ පැවැත්වෙන්නෙත්.
ට්රෙන්ට එතකොට වයස 13.
මිස් මැකිංටොෂ් මිය යද්දි වයස 40.
මළ ගෙදරට පස්සෙ ට්‍රෙන්ට් පංතියට ආවෙ නෑ.ඉස්කෝලෙත් ආවෙ දෙකට දෙවාරෙ.
මගෙ සිසුවිය ජොලීස්ගෙ අම්මගෙ හොඳම යාලුව මිස් මැකිංටොෂ්ගෙ නංගි. අපි ගිහිං ඇයව හමු උනා.
මං කිව්ව මට සතයක්වත් එපා කොල්ලව පංතියට එවන්න කියල. ඉස්කෝලෙනුත් පොරොන්දු වෙලා තිබ්බ ළමයි දෙන්නටම විශ්ව විද්‍යාලෙ යනකල්ම නොමිලේ උගන්වන්න. අවුරුද්දකට ඩොල විසිපන්දාහක් විතර. කොච්චර දෙයක්ද ඒක.
ගොඩක් දවසට ජොලීස්ගෙ අම්ම ට්රෙන්ට්ව ගේනව.
බැරිනං මං ගිහිං එක්කං එනව.
ට්‍රෙන්ට් ආෆ්ටස්කූල් ප්‍රැක්ටිස් හිටපු දාට මට කථා කරල කියනව ආච්චිගෙ ගෙදරිං බස්සන්න කියල.
මට ගොඩාක් අය කිව්ව යන්න එපා , මාත් අනතුරේ වැටෙන වැඩක් කියල. මිස් මැකිංටොෂ්ව මැරුවෙ මිණිමැරුමකට ඇසිං දුටු සාක්කියක් දෙන්න නියමිත වෙලා තිබිල. නඩුවට කලිං දවසෙයි ඒක උනේ. ට්‍රෙන්ට් එතන හිටපු නිසා ඔහුත් ටාගට් එකක් කියල ගොඩාක් දෙනා මට කිව්ව ඔය වැඩෙං මග අරින්න බලන්න කියල .
ඒත් මං එහෙම කළේ නෑ.
මට පාරෙ මැරෙන්න උනා නං … විනුරි වයි , බිනරි වයි කවුරු
හරි බලනවට නේද මං කැමති !
ට්‍රෙන්ට් ගෙට ගොඩ වෙන්නෙ
” මිස් විමා අයිම් හංග්රි “
කියාගෙන.
මං මිසිස් විමලරත්න හංද මෙහෙ අය ඒක කෙටි කරල කියන්නෙ “මිස් විමා… ” කියල.
පළවෙනි දවසෙ මං කේක් කෑල්ලක් දුන්නම කොල්ල මට පුදුමාකාර බැල්මක් දාල කිව්ව
” මිස් විමා … අයි නීඩ් සම් රියල් ෆූඩ් “
කියල. ඔය පැණිරහ ජාති නෙමෙයි … මට බඩ කට පිරෙන්න දෙයක් දෙන්න කියලයි ඉල්ලුවෙ.
මං ටක් ගාල වෙන්ඩීස් එකක් ගෙනත් දුන්න අපෙ මෙලිස්සට කියල.
එදා ඉඳං මං හැමදාම කොල්ලට බත් උයල මස්මාලු හරි ඉස්සො හරි එක්ක මිශ්‍ර එළවළු සහ අල කන්න දීලයි ගණං පාඩම පටං ගත්තෙ.
අම්ම ඉන්න කාලෙ නිතරම අතේ ඩොල පණහෙ ඒව ගැවසිච්ච කොල්ලනෙ.
දැං ආච්චිගෙ බාරෙට වැටිච්ච අල්ල පනල්ලෙ ඒ අසරණ අහිංසක මනුස්සයට කොහෙද එහෙම දෙන්න සල්ලි
.
අපරාධෙ කියන්න බෑ මගෙ අනිත් ගෝලයො වෙච්ච ගැරත් , පීට , කෝරි , වෝල්ට එහෙම නිතරම ට්රෙන්ට්ව තනි නොකර ඉන්න වග බලා ගත්ත.
කාලය ගත උනා.
ට්‍රෙන්ට් මැකිංටොෂ් අවසන් පාසල් විභාගය ඉවර කළා සේරම A සාමාර්ථ සමග.
බහාමාස් රජයෙන් දෙන ශිෂ්‍යත්වයක් සමග ලොස් ඇන්ජලීස් වල විශ්ව විද්යාලෙකට ඇතුල් උනා අගෝස්තුවෙ. ඔන්ලයින් තමයි අධ්‍යාපනය. ඔහුට එන්න බෑ එහෙං මේ වෙලාවෙ.
ඔහු ඊයෙ අන්තර්ජාලයට විඩියෝවක් නිකුත් කරල. මටත් එවල ඒක.
අවුරුදු 5කට පස්සෙ පුතෙක් කථා කරණව අම්ම වෙනුවෙන්.
කඳුලක් දිලිහෙනව ඇස් වල.
මට බහාමාස් එන්න බෑ මේ අවස්ථාවෙ කෝවිඩ් නිසා.
මගෙ අම්ම නැති වෙලා අවුරුදු 5ක් පිරෙණව.
ඇයට ආදරේ කරණ හැමෝගෙන්ම මම ආදරෙන් ඉල්ලන්නෙ.
පුලුවන් නම්
එතනට ගිහිල්ල ඇය වෙනුවෙන් මලක් තියන්න.
පොඩි ටෙඩි බෙයා කෙනෙක් හරි කමක් නෑ.
යන්න හැකියාවක් නැත්නම් ඇය වෙනුවෙන් යාඤ්ඤාවක් හරි කරන්න.
ඕගොල්ලන්ට ගොඩාක් පිං.!
—————————
කරන්නම් ට්‍රෙන්ට් …!