SpaceX වල අලුත් වැඩ? (විද්යා හා තාක්ෂණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
SpaceX යනු මේ වන විට ඉතාමත් සාර්ථක තත්වයේ ඇති පෞද්ගලික අභ්යවකාශ ආයතනයක්. එහි සාර්ථකත්වය ගැන කියනවා නම් මෙම අවස්ථාවේ පවා, එය සතු අභ්යවකාශ යානා දෙකක් අන්තර්ජාතික අභ්යවකාශ මධ්යස්ථානය හා සම්බන්ධවයි පවතින්නේ.
එයින් එක් යානයක් පසුගිය මාසයේදී අභ්යවකාශගාමී තිදෙනෙකු රැගෙන පෘථිවියෙන් පිටත්ව ගිය අතර අනෙක් යානය වන්නේ මෙම මස මුල අන්තර්ජාතික අභ්යවකාශ මධ්යස්ථානයට සැපයුම් රැගෙන ගිය වෙනත් SpaceX යානයකි (Supplies Ship).
චන්ද්රයා සහ අඟහරු වෙත මිනිසුන් රැගෙන යාම සඳහා මෙම අවස්ථාවේ දී SpaceX ආයතනය තවත් අභ්යවකාශ යානාවක් අත්හදා බලමින් සිටිනවා. එය නම් කර ඇත්තේ “Starship” ලෙසයි.
මෙම නව යානයේ පරීක්ශණ පියාසැරියක් (Test flight) ඊයේ (09/12/2020) සිදුකර තිබෙනවා. එහිදී මීටර් 50ක් පමණ උස මීටර් 9 ක විශ්කම්භයක් ඇති අභ්යවකාශ යානාවක් පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 12.5 ක් පමණ උසකට පියාසර කරනු ලැබුවා.
බලාපොරොත්තු වූ ආකාරයටම ඉහළට ගමන් කළ මෙම අභ්යවකාශ යානය නැවතත් පෘතුවියට පැමිනීමේදී අනපේක්ෂිත ලෙස පෘථිවිය හා ගැටී ගිනි ගෙන විනාශ වූවා. නමුත් මෙම පරීක්ෂණය සිදු කළ කණ්ඩායම ප්රකාශ කරන්නේ මෙලෙස පැමිණීමේදී යානය පෘථිවිය හා ගැටීම පවා ඔවුන් බලාපොරොත්තු වූ බවත් අනාගත පරීක්ෂණ සඳහා අවශ්ය වන දත්තයන් සියල්ල ම වාගේ ඔවුන් මෙහිදී ලබා ගත් බවත්ය.
මෙම පර්යේෂණ කණ්ඩායම් සහ SpaceX ආයතනයේ නිර්මාතෘ Elon Musk ගේ අදහස වන්නේ තවත් වසර හයකින් පමණක් අඟහරු කරා මිනිසුන් රැගෙන යා හැකි බවයි.
මූලාශ්‍රය :  Salinda Srinath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!