නමක් ගමක් දන්නේ නැති තවත් අලියෙක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔහෙලා දන්නවනේ ඇතිනේ මට ඒ කාලේ ඉදංම තිබ්බේ අලිත් එක්ක පුදුම ආත්මීය බැදීමක් කියලා. සුජිව ප්රසන්න ආරච්චිගේ කතාවල හදන හාල් මැස්සෝ බැදුමයි, ගිනිකූරු ගානට ලියලා හදන කැරට් සම්බෝලෙයි, කූනිස්සො බැදුමයි, තෙල් දාපු කංකුනුයි වගේ මගේ කතාවලත් ආයි කොනක හරි අලියෙක් ගැවිලා ඉන්නවා. ආං ඒ වගේ මේ කතාවෙත් අලියෙක් ඉන්නෝ.
මේ කියන කාලේ මං හිටියේ කුමන අනුකණ්ඩේ කුමන තිබ්බේ අර කලිං කතාවේ ඔකද කෑම්ප් එකෙනුත් කිලෝමීටර් 19ක් වගේ ඇතුලේ. යංතමට ට්රැක්ටර් එකක් විතරයි ඒරියා එකට එන්න පුලුවං.ලයිට් නැ ජෙනිය තමා තිබ්බේ එකත් උදේට පැයයි රෑට පැයයි ඒ දාන්නෙත් රේඩියෝ සෙට් වල බැට්රි චාර්ජ් කරගන්න. මොකද අපිට තිබ්බ එකම සන්නිවේදන මාද්ය තමා ඒක. මුලස්ථනෙට පණිවිඩයක් දෙන්න එහෙන් එන පණිවිඩයක් ගන්න හැම එකටම ඔච්චරයි. ආයි ඉතිං ෆෝන් සිග්නල් කියල නාමයක් නැ.සතියට දවසක් ඇර දවසක් මූලස්ථානයට යන ට්රැක්ටර්ෙකෙං තමා අපේ හැම අවස්යතාවක්ම ඉෂ්ට කොරගත්තේ.
ඕං ඉතිං අපෙත් ඉන්නවනේ හොද ඉංජිනේරු ඩයල් උං ඉතිං දන්න දේවල් අද කාලේ ඩිග්රී ගහපු එවුංවත් දන්නේ නෑ. ඕං ඔහොම ඩයල් එකක් හිටියා ඌ හොයාගත්තා ෆොන් කෝල් ගන්න සිග්නල් තියෙන පොට් එකක්. පොට් එක තමා තඩි කොහොඹ ගහක් හැබැයි රජෝ ගහේ හැම තැනකම සිග්නල් නෑ එකම එක ෆොට් එකක් තියෙයි සිග්නල් තියෙන ඒකත් ප්ලාස්ටික් බෝතලයක් කපලා ඇනයකින් ගහේ ගහලා තියෙන කප් එකක් වගේ එකක් ආං ඒකට දැම්මම තමා සිග්නල් එන්නේ.එකට ෆෝන් එක දාලා හෙඩ් සෙට් ගහලා තමා කෝල් ගන්නේ.
මාත් ඉතිං ඔතනට ගිහිං හැමදාම අම්මටයි ප්රියමභිකාවටයි කෝල් ගන්නවා. අපේ කොල්ලෝ මොකෙක් හරි හැම වෙලේම ඕකේ ඉන්නවා ඉතිං කෝල් එකක් ගන්න ඇපොයිමන්ට් එකක් ගන්නවා කියන්නේ ලේසී පාසු කටයුත්තක් නෙමේ. මං ඉතිං මගේ විදායක බලතල පාවිච්චි කරලා හැමදාම 5:30 වෙනකොට ගහට යනවා. මේ කියන දවසෙත් ඒ විදියටම උනා අම්මට කතා කරලා ප්රියම්භිකාව එක්ක පැය භාහයක් විතර කෝල් එකේ හිටියා. ඒකත් ඉවරවෙලා කරුවල වැටීගෙන එනකොට ගහෙං බහින්න සෙට් වෙනකොට පොඩි සද්දයක් ඇවිත් පහල බැලුවා.බැලින්නං අලියෙක් ගහේ අත්තක පිට අතුල්ල අතුල්ල ස්වයංවින්දනයක යෙදෙනවා කියහංකෝ. ගහේ පිට අතුල්ලනවා කියංනේ උංට වෙනම ආතල් එකක්.
බලං හිටියා හිටියා පැයක් ගියා මූ නෙමෙ යන්නේ ඌ ෆුල් ආතල් එකේ ටිකක් අතුල්ලනවා ආයි ඉන්නව ආයි අතුල්ලනවා. කණ්ඩුල සීන් එකෙ වගේ කාට කියලා කෝල් කරන්නද? මට සිග්නල් තිබ්බට කෑම්ප් එකට සිග්නල් නෑනේ. අංතිමට 9ත් උනා මූ යන්නෙත් නෑ ගහෙන් බහින්නත් බැ. පස්සේ රෑ කෑම මේසෙට දාලා පැයක් ගිහිල්ලත් මං කාල නැති නිසා බඩියා හිතලා මං නිදි කියලා ඇහැරවන්න රූම් එකට යනකොට මං නෑලූ.මූ ඊට පස්සෙ කෑම්ප් එක පුරා හොයලා සාජන් මේජර්ට කියලා මාව හොයං එනකොට වෙලාව 10:30යි. යන්තං සොට් දෙකක් උඩට තියලා අරූව බය කරලා මං ගහෙං බැස්සා. බඩියා හෙව්වේ නැත්තම් මං තාම ගහේ.
උපුටා ගැනීම: Anushka Mudalige

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!